Smurfs: The Lost Village (2017) Sinhala Subtitle

Published August 16th, 2017 by

 

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.ඔන්න එහෙනම් මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය ඔයාලා වෙනුවෙන් ගෙනාවා.ඉතින් ඊට කලින් ස්තූති කරන්න ඕන මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුබපැතුම් එක් කරපු හැමෝටම.ඒවගේම Subz LK සියළුම නිර්මාණකරුවන්ගේ උපසිරැසි නිර්මාණවලටත් මම සුබ පතනවා.තවද ඉදිරියට කරන වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා…

මම මේ අද ගෙනාපු උපසිරැසිය මීට කලින් දෙන්න තමයි හිතන් හිටියේ.ඒත් හිතුවට වඩා මේකේ සෑහෙන ලයින්ස් ගොඩක් තිබුණ හින්දා ඉවරකරන්න වැඩි කාලයක් ගතවුනා.ඒ කොහොමවුනත් අද මට ඔයාලට මේ උපසිරැසිය දෙන්න පුළුවන් වුනා.අද මොකක්ද මම ගෙනාපු සිනමා නිර්මාණය.එහෙනම් හැරෙමු චිත්‍රපටය පැත්තට…

අදත් සුපුරුදු පරිදි චිත්‍රපටය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.Animation චිත්‍රපටවලට ආස කරන අය වෙනුවෙන් අද මම සුපිරිම නිර්මාණයක් ගෙනාවා.ඔයාලා හැමෝම වගේ Smurfs කතා මාලාව බලලා ඇති කියලා හිතනවා.ඉතින් ඒ කතා මාලාවේ තවත් අළුත් කතාවක් තමයි මං ඔයාලට ගෙනාවේ.මේ කතා මාලාව අනිත් කතා මාලාවට වඩා වෙනස්.මොකද ඒක Animation එකක් නිසාම නෙමේ.මේකේ කතා තේමාව හරිම වෙනස්.ඒ ගැන ඉස්සරහට කියන්නම්…

මේක නම් කරලා තියෙන්නේ Smurfs: The Lost Village නමින්ය.2017 වර්ෂයේ තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය Kelly Asbury ගේ අධ්‍යක්ෂණයක්.Fantasy, Adventure ගණයට අයත් වන මේ සිනමා නිර්මාණයට IMDb 5.9ක අගයක් ලැබිලා තියෙනවා.විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේක Comedy ගණයටත් අයත් වෙනවා.මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1යි විනාඩි 31ක් ලෙස තමයි සඳහන් වෙන්නේ…

එහෙනම් කතාව මේකයි,

“ඔයාලා හැමෝම Smurf කලින් කතා ටික බලලා තියෙනවානම් දන්නවා ගාගමෙල් තමයි ස්මර්ෆෙට්ව නිර්මාණය කරන්නේ.ඒත් මේ කතාවේ මුලදීමත් ස්මර්ෆෙට් ගැන කතා වුනත් මේක එයා හා සම්බන්ධ දෙයක් නෙමෙයි.ඒ කියලා ස්මර්ෆෙට්ව මේ කතාවට සම්බන්ධ වෙන්නේ නැත්තේමත් නැහැ.මෙහෙමයි වෙන්නේ ස්මර්ෆෙට් ඇතුළු තව ස්මර්ෆ්ලා කිහිපදෙනෙක් යනවා සෙල්ලම් කරන්න කැලෑවට.ඒ හදිසියේම වගේ ස්මර්ෆෙට් තව අමුතු ස්මර්ෆ් කෙනෙක්ව දකිනවා.ඒ ස්මර්ෆ් ස්මර්ෆෙට්ව දැකලා බයවෙලා දුවනවා.එතකොට ස්මර්ෆෙට්ගේ යාළුවොත් එතනට එනවා.ස්මර්ෆෙට් මුළු සිද්දියම එයාලට කියනවා.ඔන්න ඔය වෙලේ ගාගමෙල්ගේ මෝඩ තකතීරු කුරුල්ලා ඇවිල්ලා ස්මර්ෆෙට්ව අල්ලගෙන යනවා.ඊට පස්සේ අනිත් ස්මර්ෆ්ලා කුරුල්ලා පස්සේ දුවනවා ස්මර්ෆෙට්ව බේරගන්න.ස්මර්ෆෙට් දැන් ඉන්නේ ගාගමෙල්ගේ තිප්පළේ.ඔන්න ඒ වෙලාවේ ගාගමෙල්ට දැනගන්න හම්බවෙනවා නැතිවුනු ස්මර්ෆ් ගම්මානයක් ගැන.ගාගමෙල්ට ඕන ඒ ගම්මානය හොයාගෙන ස්මර්ෆ්ලගේ බලය ලබාගන්න.ස්මර්ෆෙට්ටත් ඒ  ගැන දැනගන්න හම්බවෙනවා.ස්මර්ෆෙට්ගේ යාළුවෝ ටික ඇවිල්ලා ස්මර්ෆෙට්ව බේරගෙන එතනින් යනවා.ඊටපස්සේ ස්මර්ෆෙට් හිතනවා ඒ නැතිවුනු ස්මර්ෆ් ගම්මානය හොයාගෙන ඒ ස්මර්ෆ්ලට ගාගමෙල් ගැන අනතුරු අගවන්න.ඊටපස්සේ ස්මර්ෆෙට් මොකද කරන්නේ?”ඒ ගැන දැනගන්න ආසනම් චිත්‍රපටය බලන්න.මුළු කතාවම කියන්න බැහැනේ.එතකොට රසයක් නහැනේ.දැනටමත් කතාවේ භාගයක්ම වගේ කිව්වනේ.එහෙනම් චිත්‍රපටය රස විඳින්න කියලා ආරාධනා කරනවා.එහෙනම් තව චිත්‍රපටයක උපසිරැසියක් සමගින් හම්බවෙමු…ජයවේවා!!!

BluRay පිටපත් සඳහා ගැලපේ

US

Lahiru Sandaruwan

TV EPISODES : 12
MOVIES : 33
5.9
40%
40%

Comments: 5

  • Manoj Sachintha

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2017-08-17 at 8:27 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ.
    ජය වේවා!

    2017-08-17 at 9:14 am
    Reply
  • ලහිරු සදරුවන්

    සුබ පැතුම් එක් කරපු හැමදෙනාටම බොහොම ස්තූතියි.

    2017-08-17 at 12:49 pm
    Reply
  • Pathum Chamara

    සුපිරි මචන් දිගටම කරන් පලයන් කොල්ලො

    2017-08-18 at 11:53 am
    Reply
    • ලහිරු සඳරුවන්

      අනිවා😀😀😀

      2018-04-28 at 9:07 pm

Leave a Reply to Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip