• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Sudden Death (1995) Sinhala Subtitle

Sudden Death (1995) Sinhala Subtitle

2021/06/13 at 6:57 pm
Rasika Samanjith
ක්‍රීඩාංගණය රත් කල භීෂණය

                         ඉතින් subz.lk සමඟ නිබඳවම අත් වැල් බැඳගෙන සිටින රසිකයන් කීප දෙනෙකුගේ ඉල්ලීමක් ඉටු කරන්නයි අද සූදානම් වෙන්නෙ. සුපිරි සටන් නලු Jean Claude Van Damme ගේ තවත් පරණ සිනමා සිත්තමක්. ඒ තමයි 1995 දෙසැම්බර් 22 ඇමෙරිකාවේදී මුලින්ම තිරගත කිරීම ආරම්භ කල Sudden Death. විනාඩි 110 ක ධාවන කාලයක් සහිතයි. Action, Crime, Thriler  යන කාණ්ඩ වලට අයිති වෙනවා. මේකෙ රීමේක් එකක් තමයි Michael Jai White රඟපෑ 2020 වසරේ නිකුත්වූ Welcome to Sudden Death චිත්‍රපටය. IMDb අගය 5.8/10 ක්ද, Rotten Tomatoes අගය 50% ක්ද, Google සැරිසරන්නන්ගේ කැමැත්ත 85% ක්ද ලබාගෙන තියෙනවා. අධ්‍යක්ෂනය Peter Hyams. 1994 වසරේ Timecop චිත්‍රපටයෙන් පසු Van Damme - Hyams දෙන්නා නැවතත් එකට එකතුවෙන්නෙ මේ චිත්‍රපටයෙන්. මෙහි එන Pittsburgh Penguins අයිස් හොකී කණ්ඩායමේ එකල අයිතිකරු වූ Howard Baldwin තමයි මේ චිත්‍රපටය පිටුපස සිටින දැවැන්තයා. මෙහි සම නිෂ්පාදනයත් ඔහු වන අතර, චිත්‍රපටයේ කතාවත් ඔහුගේ බිරිඳ වන Karen Elise Baldwin විසින්.  Jean-Claude Van Damme (ඩැරන් මැකෝඩ්) සමග Powers Boothe (ආක්‍රමණික නායකයා), Raymond J. Barry (උප ජනාධිපති), Whittni Wright (එමිලි), Ross Malinger (ටයිලර්) සහ Dorian Harewood (හෝල්මාක්) රංගනයෙන් දායක වෙනවා. ආරම්භක සති අන්තයේදී ඇමෙරිකාවේ පමණක් ඩොලර් 4,782,445 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් අතර ඇමරිකා සමස්ත ආදායම ඩොලර් 20,350,171 ක් විය. ඇ.ඩො.මිලියන 35 ක වියදමකින් නිමකල Sudden Death, විදේශයන්හි වඩාත් සාර්ථක වෙමින් තම ගමන් අවසන් කලේ සමස්ත ආදායම ඇ.ඩො.මිලියන 64.4 ක් තම ගිණුමට බැර කර ගනිමිනි. එහි වීඩියෝ පටය ලොව පුරා අලෙවියෙන්ද මිලියන 50 කට ආසන්න ලාබයක් ලබාගන්නට සමත්වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ කතා පසුබිම වන්නේ 1995 වසරේ "Stanley Cup" අයිස් හොකී තරගාවලියේ අවසන් මහා තරගය වන, Pittsburgh Penguins සහ Chicago Blackhawks අතර පෙනිසිල්වේනියාවේ Pittsburgh Civic Arena හී පැවැත්වූ අයිස් හොකී තරගයයි. ( මෙය 1992 වසරේ පැවති සැබෑ Stanley Cup Finals තරගය යලි නිර්මාණය කිරීමක් ). හිටපු ගිනි නිවන භටයෙක් වන ඩැරන් මැකෝඩ් ( වෑන් ඩෑම් ) තමයි, සිවික් ක්‍රීඩාංගණයට යොදවා ඇති ගිනි නිවන ඒකකය බාරව වැඩ කරන්නෙ. අවුරුදු 2 කට පෙර ගිනි නිවීම් සිද්ධියකදී කුඩා ගැහැණු ළමයෙකු බේරාගැනීමට නොහැකි වීම නිසා, යම් මානසික ආබාධයක් නිසා ඉදිරි පෙළ කටයුතු වලින් ඉවත් කරනවා. අවසන් තරගය නැරඹීම සඳහා තම දරුවන් වන එමිලි සහ ටයිලර් දෙන්නවත් ඔහු එක්ක එනවා. මේ අවස්ථාවට සහභාගි වන ඇමරිකා උප ජනාධිපති ඇතුලු පිරිසක් යම් සංවිධානාත්මක කල්ලියක් විසින් රහසේම ප්‍රාණ ඇපයට ගන්නවා. ඔවුන් මුලු ක්‍රීඩාංගණයම බිමට සමතලා වෙන පරිදි බෝම්බත් අටවල තියෙන්නෙ. ඔවුන්ගෙ ඉල්ලීම විදේශ බැංකුවල තැන්පත් කර ඇති ඇමරිකන් රජයේ අති විශාල මුදලක්. ආරක්ෂක අංශ ගන්නා සෑම පියවරක්ම ජීවිත හානි වලින් අවසන් වෙනවා. තම කුඩා දියනිය එමිලි, ප්‍රාණ ඇපකාරියක් බවට පත්වීමත් සමඟ මේ ගැටුමට මැකෝඩුත් සම්බන්ධ වෙනවා. මේ කිසිත් නොදැන දහස් සංඛ්‍යාත නරඹන්නන් පිරිසක් මැද තරගය ක්‍රියාත්මක වෙනවා. ආරක්ෂක අංශ කර කියාගන්න දෙයක් නැතිව සිටින තත්ත්වයක් තුල, තම දියනිය ඇතුලු සියලු දෙනාම වෙනුවෙන් යමක් කරන්නට වෙන්නේ තමාටම බව මැකෝඩ්ට වැටහෙනවා. මෙහි අවසන් දර්ශනයේ එන හෙලිකොප්ටරය සිවික් ක්‍රීඩාංගණය තුලට කඩා වැටෙන දර්ශනය රූගත කිරීමේදී කැමරා නමයක් භාවිතා කර ඇති අතර හෙලිකොප්ටරය උස් පහත් කිරීම සඳහා අඩි 400 ක ක්‍රේන් එකක් යොදාගෙන ඇත. කීප වාරයක් රූගත කිරීමට සිදුවී ඇති අතර හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා "ඉමර්ජන්සි වෙහිකල්ස්" සිය ගනනක් ස්ටෑන්ඩ්බයි තබා තිබූ බවයි කියවෙන්නෙ.

හොකී ක්‍රීඩාව පැවැත්වෙන්නේ නිශ්චිත කාල සීමාවන් තුනක් යටතේ. ඒ කාලසීමා තුන අවසානයේ දෙපිලම සම ලකුනු ලබාගත්තොත් අමතර කාල සීමාවක් ලබාදෙනවා. ඒ අමතර කාලය හඳුන්වන නම තමයි "sudden death overtime". ඒ වගේම කියන්න ඕනෙ පහසුව තකා, 'කාල සීමාව' නැත්නම් 'කාල පරිච්ඡේදය' කියන එකට "වටය" කියල තමයි භාවිතා කරල තියෙන්නෙ. මේ චිත්‍රපටයේ කිසිම අසභ්‍ය දර්ශනයක් හෝ අසභ්‍ය වචනයක් ඇතුලත් නැති බවත් විශේෂයෙන් මතක් කරනවා.

ජය වේවා.

QUALITY - 480p-400MB / 720p-945MB / 1080p-1.7GB

♣♣  BRRip 480p / 720p / 1080p  ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1289

Download Links:

480P පිටපත 400 MB (Direct)
720P පිටපත 945 MB (Direct)
720P පිටපත 945 MB (Torrent)
1080P පිටපත 1.7 GB (Torrent)
Sudden Death
  • 720p (bluray)
    945.57 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.77 GB
    Download Torrent
  • 2160p (bluray)
    4.94 GB
    Download Torrent
Profile
171
Movies
0
Tv episodes
171
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Supun Kaushalya Unregistered User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-06-14 at 12:35 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      ස්තූතියි මල්ලි කමෙන්ට් එකට.

      2021-06-14 at 10:08 am
  • Chaminda Lakruwan Unregistered User
    Android 8.1Chrome 90

    බොහොම ස්තූති සහෝ සබ් එකට වැන් ඩෑම් ගේ ෆිල්ම් එකක් ඉතින් කොහොම අතහරින්නද මේ වගේ පරණ ෆිල්ම් වලට සබ් දෙන්න

    2021-06-14 at 12:43 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      වෑන් ඩෑම් කිව්වොත් ආයෙ මොනාද නේද?

      2021-06-14 at 10:10 am
  • CHATHUSHKA NIRMAL User
    Android 6Chrome 88

    SUB එකට Thanks ඇයි අයියේ ඔයා Chinese movies වලට sub දෙන ඒක නැවැත්තුවේ. අයියේ ඔයාම ටිකක් බලන්න මාස දෙකින් Chinese sub එකක් දාලා නෑ. ඔයා හැරෙන්නට වෙනත් කෙනෙක් මාස හතකින් Chinese sub එකක් දාලා නෑ. අපිට ආසාවට බලන්න Chinese movie එකක් නෑ. අයියේ ඔයාට පුළුවන් නම් ආයි Chinese movies වලට sub දෙන්න. පුළුවන්නම් ඊලග sub එක විදියට මේ movie එක දෙන්න Supercop 2 (Once a Cop) (1993) නැත්නම් ඔයාට පුළුවන් old chinese movie එකක් දෙන්න.Thank you. :pray:බුදු සරණයි දෙවි පිහිටය:pray:

    2021-06-14 at 3:08 am
    Reply
    • Kavindu Nethmina Unregistered User
      Android 6Chrome 88

      ඔව් මටත් බලන්න චයිනීස් ෆිල්ම් එකක් නැතුව ඉන්නේ මාස දෙකක් තිස්සේ. මම අන්තිමටම බැලුවේත් ඔයා දාපු Dragon Lord movie එක. එක නිසා ඔයාට පුළුවන් නම් ආයි චයිනීස් ෆිල්ම් දෙන්න පටන් ගන්න.
      මම ඔයාට සුබ පතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සඳහා. දෙවි පිහිටයි :rose:

      2021-06-14 at 3:33 am
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      එහෙම නවත්තලා නෑ මල්ලි. ඊලඟට චයිනීස් එකක් දෙන්නම්. super cop 2 කියන්නෙත් Michelle Yeoh ගෙ පට්ට ෆිල්ම් එකක් තමයි. හොඳ කොපියක් හොයාගෙන ඉස්සරහට ඒක දෙන්නම්.
      මගේ Dragon Lord බැලුවා කියල අහන්න ලැබීමත් සතුටක්. වෙලාවකට හිතුනා කට්ටිය පරණ ෆිල්ම් වලට, චයිනීස් ඒවට කැමති නැද්ද කියලා. දිරිමත් කලාට ඔය දෙන්නටම ස්තූතියි.

      2021-06-14 at 10:24 am
  • Shamal Manojan User
    Android 7Chrome 91

    උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ. සහෝ දුන්නු පරණ ෆිල්ම් එකක්වත් අත නොහැර බලලා තියනවා මං. දිගටම පරණ ෆිල්ම් වලට සබ් දෙන්න. ජැකී චෑන්, ජෙට් ලී, වෑන් ඩෑම්, ආර්නොල්ඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, චක් නොරිස් වගේ සුපිරි වීරයන් ගේ චිත්‍රපට වලටම සබ් දෙන්න.

    පුලුවන් නම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න සහෝ.

    Shaolin Temple – 1982
    Kids from Shaolin – 1984
    Black Eagle – 1988
    Street Fighter – 1994

    2021-06-14 at 4:44 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      හොඳම ෆිල්ම් හතරක්, ශාමල්. එක එක කරමු.

      2021-06-14 at 6:21 pm
  • සහන් සංදීප Unregistered User
    Android 8Chrome 89

    පරණ එකක් කරමු ඊළඟට .චක් නෝරිස්ගේ top dog ෆිල්ම් එකට සබ් එක දෙන්නකෝ.බොහොම ස්තුති …

    2021-06-14 at 9:27 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      මම නම් ඒක බලලත් නෑ. බලමු. කමෙන්ට් එකට ස්තූතියි.

      2021-06-14 at 10:28 pm
  • kavindu Unregistered User
    Windows 10Chrome 91

    thanks for the sub plz delta force 2 the colombian connection film ekata sub dennako

    2021-06-14 at 10:31 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      මන් හිතන්නෙ ඒකට වෙන සයිට් එකක දීලා තිබ්බා. පොඩ්ඩක් බලන්න.

      2021-06-14 at 11:51 pm
    • kavindu Unregistered User
      Windows 10Chrome 91

      e film ekata sub dila na plz sub dennako

      2021-06-16 at 11:25 pm
  • Rajitha Unregistered User
    Windows 7Chrome 91

    Thanks…..jayawewa…..!

    2021-06-15 at 6:43 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      same to U, Bro.

      2021-06-15 at 9:10 am
  • gihan Unregistered User
    Windows 7Chrome 91

    aiyya chuck norris movie wata sub denna puluwanada aiyyage hama movie sub niyami

    2021-06-15 at 8:55 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      අනිවාර්යයෙන් කරමු. කමෙන්ට් කලාට තුති.

      2021-06-15 at 10:52 pm
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7Opera 76

    තෑන්ක්ස් අයියේ සබ් එකට.:star_struck:
    Shaolin Temple එකේ සබ් එකත් ඉක්මනින් දෙන්න.

    2021-06-16 at 2:44 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      90% ක් ඉවරයි. හෙට පුලුවන්.

      2021-06-16 at 11:48 pm
    • prasad karunarathne User
      Android 10UC Browser 13.3

      සුපිරි වැඩක් මචන් මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ phone number එකක් ඕනේ

      2021-07-05 at 10:25 pm
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      rasikasamanjith@gmail.com ekata e-mail karanna.

      2021-07-06 at 12:23 am
  • ප්‍රබුද්ධ Unregistered User
    Android 9Chrome 91

    සුපිරි වැඩක් සබ් එකට ගොඩක් ස්තුතියි…වෑන් ඩෑම්ගේ හැම film එකක්ම වගේ මම බලල තියෙනවා…පුලුවන්නම් Arnold ගේ The 6th day හරි End of day. Film 2ට සබ් දෙන්න..

    2021-06-16 at 11:28 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      ස්තූතියි සහෝ දිරිගැන්වීමට. ආනෝල්ඩ්ගෙ පට්ට ෆිල්ම් දෙකක්. ටික කාලයක් දෙන්න. අනිවාරෙන් කරමු.

      2021-06-16 at 11:50 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms