Home Movies Survivor 2015 Sinhala Subtitle නව අවුරුද්දේ බේරීම

Survivor 2015 Sinhala Subtitle නව අවුරුද්දේ බේරීම

ඔන්න මන් අද SubZ LK  අඩවිය වෙනුවෙන් කරන සාර්ථක 4 වෙනි උපසිරැසි ගැන්වීම විදිහට සුපිරි ගනයේ ක්‍රියාදාම ඇතුලත් සිනමා පටයක් රැගෙන ආවා. මෙම සිනමා පටය නිල වශයෙන් නිකුත් කරන්නේ 2015 ජූනි 5 දිනයි.මෙය IMDb හි 5.6 ක අගයක් ලබාගෙන තියෙනවා. මෙම සිනමා පටය Action (ක්‍රියාදාම ) / Crime (අපරාධ) / Thriller (ත්‍රාසජනක) යන ඒවා ඔස්සේ වර්ග කල හැකි වනවා. මේවාට කැමති ඕනෑම කෙනෙකුට මෙම ෆිල්ම් එකත් බලන්න පුළුවන්. නොබැලුවොත් එය අඩුවක් වේවී.

මෙහි අධ්‍යක්ෂණය James McTeigue , පිටපත සහ තිර රචනය  Philip Shelby යන අයගේ වෙනවා.

තවද Pierce Brosnan , Milla Jovovich ,Paddy WallaceParker SawyersBashar Rahal යන ප්‍රවීණයින් මෙයට ප්‍රධාන රංගනයෙන්  දායක වෙනවා.

දැන් කතාව ගැන යමක් කියන්නයි සුදානම ,

කේට් ඇබට් කියන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වැඩ කරන නිලධාරිනියක්. මර්ඩොක්, ඇල්වින්, ප්‍රවේල්, රොබට්, සූ, ජොයිස්, රෝසෙන්බම් සහ නයෝමි කියන්නේ එයා එක්ක වීසා නිකුත් කරන වැඩ කරන කණ්ඩායම. බිල් තමයි ඔවුන්ගේ ජෙෂ්ඨයා වෙන්නේ. ත්‍රස්තවාදී කණ්ඩායමට අවශ්‍ය වෙලා තියෙනවා නව අවුරුදු උදාවන මොහොතේදී නිව්යෝක් නඟරයට ප්‍රහාරයක් එල්ල කරන්න. ඒ වෙනුවෙන් ඔවුන් බිල්ගේ පුතාව අල්ලාගෙන බිලී ට තර්ජනය කරමින් තානාපති කාර්යාලය හරහා ප්‍රයෝජන ලබා ගන්නවා. බිලී ගේ මේ ක්‍රියාකලාපය කේට් ඇබට් මුල ඉඳලම සැකයක් ඇති වෙනවා. පස්සේ ඝාතකයෙක් යොදාගෙන කේට්ව ඝාතනය කරන්න උත්සාහ කලත් වාසනාවට ඇය බේරෙනවා. එයාගේ යාළුවො ඔක්කොම ටික ඒ බෝම්බයට බිලිවෙනවා.

පස්සේ කේට් ව මේ දේවල් වලට පටලවනවා. ඇයට පැනලා යන්න වෙනවා. ඝාතකයා දිගින් දිගටම හඹා එනවා. තානාපතිතුමිය හිතන්නෙත් කේට් තමයි මේ ඔක්කොටොම  අනුබල දෙන්නේ කියලා සහ වැරදිකාරිය කියලා. අවසානයේදී කේට් නව අවුරුදු උදාව සතුටින් සමරන මිලියන ගණනක ජනතාවක් කෙසේ බේරා ගනීවිද? නැතිනම් කිනම් විනාශයක් වේවිද ? දැනගන්න බලන්නම වෙනවා.

මීට එහා දෙයක් කිව්වොත් කතාවේ කුතුහලය නැති වෙනවා.

ඉතින් තවත් මොනවා කියන්නද කතාව බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මාත් බැලුවා. පට්ටටම තිබ්බා. ඉතින්  තවත් මෙවැනි සුපිරිම ෆිල්ම් එකක් අරන් මන් එනවා.එතෙක් ඔබට ජය වේවා!!!

Total Subtitles :9 (Movies : 4 | Tv Episode : 5 )
Joined Date:2015-Oct-08

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් සමීර ඉඳුනිල් කල උපසිරැසි නිර්මාණයකි

subzlk web

මේවත් බලන්න

Knight Rider 1982 [S01 E01-E03] Sinhala Subtitle

සියලු දෙනාටම සුබ දවසක් කියලා නැවතත් ඔයාලා අතරට නැවතත් කතා මාලාවේ තුන්වෙනි කොටසත් සමගින්.මුලින්ම කියන්න …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න:මේ ලිපිය කියවන්න


5 comments

  1. නියමයි මචන්. ජය!!!

  2. අනේ සහෝ අපිට once upon a time එකට සබ් දාලා දෙන්නකෝ…

  3. ෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා….!
    ජයවේවා……
    බුදු සරණයි.. !!! ෴

  4. bro ko movie eka down karana link eka ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *