Taxi 5 (2018) Sinhala Subtitle

/

   ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ සූදානම් වෙන්නෙ අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි. මේ තමයි TAXI 5 චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. නම් කිව්වගමන් හැමෝම දන්නවා මේක පිළිවෙලින් 1998, 2000, 2003 සහ 2007 වසරවල නිකුත්වුණ චිත්‍රපට මාලාවක පස්වැනි චිත්‍රපටය බව. ඒ වගේම සිව්වැනි චිත්‍රපටයෙන් වසර 11කට පසුවයි පස්වැන්න නිකුත්වෙන්නෙ. Luc Besson,Franck Gastambide, Stéphane  Kazandjian තිදෙනාගේ තිර රචනයෙන් Franck Gastambideගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නෙත් ඔහුමයි. කෙසේවෙතත් මුල් නිර්මාණ හතර තරම් සාර්ථකත්වයක් අත්කරගන්නනම් මෙය සමත් වෙලා නෑ. Imdb අගය 4.9ක් තමයි දැනට තියෙන්නෙ. ගූගල් පරිශීලක ප්‍රසාදයනම් 82%ක් ලබා තිබෙනවා මේ වනවිට.රංගනයෙන් දායක වෙන්නෙ Franck Gastambide (සිල්වේන් මැරොට්) ,Malik Bentalha (එඩී මැල්කොෆ්) , Bernard Farcy( ගිබර්ට්) ,Sabrina Ouazani (සාමියා) ,Sand Van Roy ( සැන්ඩි), Monsieur Poulpe(මෙනාඩ්) ,Anouar Toubali( මිචෙල්) ,  Edouard Montoute (ඇලන් ට්‍රේසර්) වගෙ නළු නිළියන් පිරිසක්. කතාව මෙන්න මෙහෙමයි…

සිල්වේන් මැරොට් කියන්නෙ පැරීසියෙ පොලිස් නිලධාරියෙක්. ඔහුට තියන ලොකුම හීනෙ
ප්‍රංශ පොලිස් විශේෂ කාර්ය බලකායට (RAID)උසස්වීමක් ලබාගන්න එක. ඒ අරමුණින් වැඩ කර කර ඉන්න සිල්වේන් පොඩි පටලැවිල්ලක් කරගෙන විශේෂ බලකා කෙසේ වෙතත් මාසෙයිල් නගරෙ නාගරික පොලිසියට මාරුකරල යවන තැනට වැඩ සිද්ධ කරගන්නවා. පරණ තැන වේගවත් පොලිස්වාහනත් එක්ක ඔට්ටු වුණ සිල්වේන්ට අලුත් තැනදි ලැබෙන්නෙ තමන් බලාපොරොත්තු වුණ මට්ටමේ වාහන නෙමෙයි. ඔය අතරෙ ඉතාලි අපරාධ කල්ලියක් මාසෙයිල් නගරය තුල මංකොල්ලයකට සූදානම් වෙනවා. හැබැයි පොඩි ප්‍රශ්ණයක් තියනවා, ඒ තමයි මේ කල්ලිය මංකොල්ල කාල පලායන්නෙ වේගවත් ෆෙරාරි  මෝටර්රථවලින්, ඉතිං මාසෙයිල් පොලිසියෙ වාහනවලින් මේ වැඩේ කරන්න බැරි බව සිල්වේන්ට තේරෙනව. ඔය අතරෙදි තමයි සිල්වේන්ට දැනගන්න ලැබෙන්නෙ මාසෙයිල්වල පුරාවෘත්තයක් වගේ වෙන ටැක්සිය ගැන. එතනින් එහාට ඕගොල්ලන්ට බාරයි.. මුල් නිර්මාණ හතර බලල තියන අය දන්නවනෙ මොකද්ද මේ ටැක්සිය කියල. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම.

* චිත්‍රපටය බලන අයට මෙන්න Va bene…
https://www.youtube.com/watch?v=ZMwbswoUdP8

5.3
IMDB

Year : 2018

Actors : Franck Gastambide, Malik Bentalha, Bernard Farcy, Salvatore Esposito

A police officer who's transfered in the police of Marseille gets assigned to take down a group of Italian robbers who drive the powerfull Ferrari's with the older niece of Daniel, a terrible driver who gets the legendary white taxi.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 9039
  • File Size : 45.264KB
  • Sub Update :2021-01-08
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-08-19 at 5:25 pm
  • නියමයි හසිත සහෝ…ස්තූතියි උපසිරැසියට…ජය!!!!

    2018-08-19 at 6:22 pm
  • Isuru Unregister User
    Android 8Chrome 68

    Thanks for sub puluwannam cure 1997 Japanese movie eka denna

    2018-08-19 at 8:49 pm
  • අයියේ the magicians season 3 එකේ අන්තිම episode එකට sub එක දෙන්න පුලුවන්ද?

    2018-08-20 at 11:40 am
  • Hashan Nethupriya Unregister User
    Android 8Chrome 68

    Thanxxcxxx

    2018-08-22 at 9:09 am
  • හිරාන් ශාරංග Unregister User
    Android 7Samsung Browser 7.2

    ⁣ගොඩක් ස්තුතියි සහෝ.. මමත් පිලුමයි උපසිරැසියයි ගත්තා.තෙරුවන් සරණයි…!

    2018-08-29 at 7:54 pm
  • CrZy Shan User
    Windows 7Chrome 68

    Thanks for sub

    2018-09-07 at 11:31 pm
  • Tharanga kulasekara Unregister User
    Android 5.1Chrome 50

    Thnx mchn

    2019-01-11 at 1:30 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *