The Boys (2020) [S02 : E06] Sinhala Subtitle

/

දොරවල් ඇරුනනේ… (18+)

 

ඔන්න එහෙනම් සුපිරිම එහෙම නැත්නම් මාස්ටර්පීස් කතාමාලවක කොටසකට සිංහල උපසිරැසියක් ගේන්න මටත් අවස්ථාවක් හම්බුනා. ඉතින් මේ බෝයිස් කතාමාලාව තාමත් නරඹලා නැත්නම් ඔයා ටීවි සිරීස් පිස්සෙක් කියල නම් හිතන්න එපා.

අද කොටසේ IMDB අගය 9.1යි. අපේ සුපිරි වීරයන් දඩයම් කරන කොල්ලෝ කණ්ඩායමට අන්තිමේදී ස්ටාර්ලයිට් එකතු වෙනවා. දෙපැත්තටම කකුල තියන් හිටියට සෙවන් එක දාලා යන්න තීරණය කරනවා.

හෝම්ලෑන්ඩර් සහ ලිබර්ටි/ස්ටෝර්ම්ෆ්‍රොන්ට් එකතු වෙලා වෙනම ගේමක් ගහනවා.

ඒවගේම ෆ්‍රෙන්චි කොහොමද මේ කොල්ලෝ කණ්ඩායමට සෙට් වෙන්නේ කියලා අතීත කතාවකුත් අද දකින්න පුලුවන්.

ඊටපස්සේ කෝමහරි සේජ් ගෲව් මානසික රෝහලට කොල්ලෝ ටික යනවා වෙන්නේ මොකද්ද කියලා දැනගන්න. සුපිරිම සිද්දි ටිකක් වෙන්නේ. කිව්වොත් ඉතින් වැඩක් නෑනේ. ආ ඒවගේමයි එතන්දී පරණ යාළුවෙක්වත් හම්බවෙනවා. ඒ යාළුවා අර එෆ් බී අයි ලොක්කිට තමා ගොඩක් සම්බන්ධ. මැඩම් මැලොරිට ඔය සුපිරි වීරයන් නිසා පුදුම කරදරයකට මුහුණ දීලා තියෙන්නේ. ඒකත් බලාගන්න පුලුවන්.

ඒවගේම පල්ලියයි A-ට්‍රේන් සහ ඩීප් අතර වැඩේත් නියමෙට යනවා. දෙන්නම ආපහු සෙවන් එකට රිංගගන්නයි බලන්නේ.

ඒවගේම මතක ඇතිනේ අර කලින් කොටසක හෝම්ලෑන්ඩර් සහ මේව් රැජින ප්ලේන් කඩන් වැටෙන්න අරිනවා බේරන්නේ නැතුව. අන්න එතන සාක්ෂියකුත් එළියට එනවා.

ගොඩක් කිව්වා විස්තර එහෙනම් අරන් බලන්න.

8.7
IMDB

Year : 2019

Actors : Karl Urban,Jack Quaid,Antony Starr,Erin Moriarty

Created by Eric Kripke. With Karl Urban, Jack Quaid, Antony Starr, Erin Moriarty. A group of vigilantes sets out to take down corrupt superheroes who abuse their superpowers.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 2425
  • File Size : 27.515KB
  • සබට ගොඩක් ස්තුතියි සහෝ

    2020-10-26 at 11:16 pm
  • sachintha Unregister User
    Android 10UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-27 at 3:49 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *