The Gifted (2017) [S01 : E10 ] Sinhala Subtitle

/

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් අතරමග නැවතුණ – The Gifted – කතා මාලාවේ 10වෙනි එපිය ගෙනාවා. ඇත්තටම මේ කතා මාලාව ඉවර වෙලා දැනට මාස කිහිපයකුත් ගතවෙලා. ඉතින් Web පිටපත් වලින් මේ කතා මාලාව බලන අයට සෑහෙන ලොකු අසාධාරණයක් වුණා. මොකද ඉතින් මේ කතා මාලාවේ අවසාන එපි ටිකට සබ් දෙන්න බැරිවුණා. ඉතින් කොච්චර පරක්කු වුණත්, අතරමග නවතන්නේ නැතුව මේ කතා මාලාවේ ඉතුරු එපි ටිකට සබ් දෙන්න තීරණය කළා. තව එපි දෙකකින් මේ කතා මාලාවේ පළවෙනි සමය අවසන් වෙනවා. ඒ කියන්නේ මේ කතා මාලාවේ මුළු එපි ගණන 13යි. නමුත් 12වෙනි එපියයි, 13වෙනි එපියයි එක කොටසක් විදිහට තමා හදලා තියෙන්නේ.

එහෙනම් අද ගෙනාව එපිය පැත්තට හැරෙමු.

කලින් කොටස කට්ටියම බැලුව නම්, කට්ටිය දන්නවා ඇති අන්තීමට ඇන්ඩිවයි, ලෝර්න්වයි ආරක්ෂිත සේවාවේ කට්ටිය අල්ලගන්නවා. ඒවගේම සෝනියාවයි, ක්ලේරිස්වත් අල්ලගන්නවා. ඉතින් ඇන්ඩිටයි, ලෝර්න්ටයි පිහිටලා තියෙන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න තමා ආරක්ෂිත සේවාවටත්, ට්‍රාස්ක් සමාගමටත් ඕන වෙලා තියෙන්නේ. එතනින් කලින් එපිය අවසන් වෙනවා.

අද කොටසේ රීඩුයි, කේට්ලිනුයි ඇතුළු විපරිතයෝ ටික කට්ටියවම ට්‍රාස්ක් සමාගමෙන් එළියට අරගන්න සූදානම් වෙනවා. ඉතින් නොයෙකුත් මතභේද හමුවේ රීඩුයි, කේට්ලිනුයි නියෝජිත ටර්නර්ව හම්බවෙන්න යනවා. ඒ ඇන්ඩිවයි, ලෝර්නුයි ඇතුළු අනිත් විපරිතයෝ කට්ටිය එළියට ගන්න පිළිසරණක් හොයාගෙන. ඒවගේම ට්‍රාස්ක් සමාගමේ පර්යේෂණයන් අතරතුර ඩොක්ටර් කැම්බල් සෝනියාට වෙඩි තියනවා. ඉතින් එතනින් එහාට වෙන දේවල් හිතාගන්නවත් බෑ. එස්මේ කියන්නේ කවුද කියලත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ කතා මාලාව අවසන් වෙනකම්ම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් දැනට මම නවතිනවා. ඉතුරු එපි දෙකත් හැකි ඉක්මනින් ගේනවා කියන බලාපොරොත්තුව ඇතුව දැනට මම නවතිනවා.

එතෙක් ඔබ සැමට බුදු සරණයි!!!

සියළුම Web පිටපත් සඳහා.

 

7.9
IMDB

Year : 2017

Actors : Hayley Lovitt, Stephen Moyer, Amy Acker, Sean Teale

In a world where mutated humans are treated with distrust and fear, an institute for mutants battles to achieve peaceful co-existence with humanity.

2022-08-06 04:36 pm
ExPERT Subtitler

Movies

33

Tv Episodes

12

  • Download : 1086
  • File Size : 28.493KB
  • Sub Update :2020-12-08
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 62

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??

    2018-02-11 at 3:29 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7Chrome 45

      තෑන්ක්ස් සුමින්ද සහෝ.???

      2018-02-11 at 4:59 pm
  • Madusha Unregister User
    Windows 10Opera 50

    බොහොම ස්තූතියි සහෝ

    2018-02-12 at 8:17 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7Chrome 45

      තෑන්ක්ස් මදූෂ සහෝ.???

      2018-02-12 at 10:03 pm
  • Sajith Anthony Unregister User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-02-13 at 12:22 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 6.1

      තෑන්ක්ස් සහෝ…🤣🤣🤣

      2018-04-28 at 8:51 pm
  • sahan_10 User
    Android 6UC Browser 11.4

    Thanks brother ❤️

    2018-09-10 at 9:48 am
  • kusal User
    Windows 10Opera 55

    බොහොම ස්තූතියි සහෝ..!!

    2018-09-27 at 7:07 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *