The Girl in the Fog (2017) Sinhala Subtitle

Published July 5th, 2019 by

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. කාලෙකින් විදේශ භාෂා චිත්‍රපටයකට උපසිරැසි කලෙත් නැති නිසා මම කල්පනා කලා මම පහුගිය දවසක නරඹපු වගේම අවසානය තෙක් නරඹන්නා කුතුහලයෙන් චිත්‍රපටයට ඇද තබාගන්න සමත් ඉතාලි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්න. ගොඩක් අය කැමතියිනෙ අපරාධ, අභිරහස් වර්ගයන්ට අයත් චිත්‍රපට බලන්න. මේ චිත්‍රපටයත් අපරාධ, අභිරහස්, ත්‍රාසජනක යන තෙවර්ගයට අයත් එකක්. මෙහි ඉතාලි නාමය La ragazza nella nebbia වන අතර ඉංග්‍රීසි බසින් The Girl in the Fog (2017) නමින් තමයි නම් කරල තියෙන්නෙ. මෙය ඉතාලි ජාතික නවකතාකරු සහ තිරපිටපත් රචක ඩොනාටෝ කැරිචිගේ මේ නමින්ම යුත් නවකතාවක් ඇසුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාත් ඔහු වන අතර මේ ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. මෙය සම්මාන 10කට නිර්දේශව එයින් 3ක් තමන් සතු කරගන්නත් සමත් වුණ නිර්මාණයක් බව කියන්න ඕනෙ. රේටින් පැත්තෙන් ගත්තොත් IMDB වෙතින් 6.8ක අගයක්ද, ගූගල් පරිශීලක ප්‍රසාදය 86%ක්ද ලබා තිබෙනවා.රංගනයෙන් දායක වෙන පිරිස ගත්තොත් ප්‍රංශ ජාතික නළු ජීන් රෙනෝ ( වෛද්‍ය ෆ්ලෝරස්), ටෝනි සර්විලෝ ( වෝගල්), ඇලෙසියෝ බෝනි ( ලොරෙස් මාටිනි), ගැලෂියා රැන්සි ( ස්ටෙලා හොනර්), මිකෙලා සෙචොන් ( මයර්), ලුක්‍රෙෂියා ගිඩොන් ( ක්ලෙයා) වගේ පිරිසක්. එහෙමනම් අපි දැන් යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

කලක් සංචාරක ආකර්ශණය දිනා සිට පසුව ලෝකයෙන් හුදෙකලාව තිබෙන ඇවෙෂෝ නම් කඳුකර නගරයක සිදුවන සිදුවීමක් වටා තමයි මේ කතාව දිවෙන්නෙ. දැඩි ආගමික භක්තික පවුලක දියණියක වන ඇනා ලූ නම් 16 වියැති තරුණියක් හිටි හැටියේම අතුරුදන්වනවා. මේ සම්බන්ධව විමර්ශණය කරන ඇවෙෂෝ පොලිස් නිලධාරීන්ගේ සහයට පරීක්ෂකවරු දෙදෙනෙක් පැමිණෙනවා, ඒ අතරින් ප්‍රධාන පරීක්ෂකවරයා වෝගල් නැමැත්තෙක් වන අතර ඔහු ඊට පෙරද එවන් සිදුවීමක් සම්බන්ධව විමර්ශණය කල අයෙක් වන අතර, එහිදී ඔහු අනුගමනය කල හිතුවක්කාරී සහ අසම්මත ක්‍රම විධි හේතුවෙන් දැඩි ආන්දෝලනයකටද ලක්වූවෙක්. මෙම සිදුවීමෙදිත් ඔහුගේ එම ක්‍රමවල කිසිදු වෙනසක් නෑ. ඔය තමයි සරලවම කතාව..හැබැයි මේක දිවයන්නෙ පසුකාලයක වෝගල් විසින් එම විමර්ශණය සිදුවූ ආකාරය පිළිබඳව මනෝවෛද්‍යවරයෙකු ඉදිරියේ පැහැදිලි කිරීමක් කරන ආකාරයට..විටින් විට අතීතයට යන්නත් නැවත වර්තමානයට එන්නත් තමයි තියෙන්නෙ. එහෙනම් නරඹලම බලන්න පැය දෙකයි මිනිත්තු අටක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය නැරඹීමට වැය කල කාලය අපතේ යාමක් ලෙස හිතෙන එකක් නෑ කිසිම විදියකින්. මම ගිහින් එන්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින්.

US

Download Links:

Download Direct පිටපත Download Torrent පිටපත
Download

The Girl in the Fog (2017) Sinhala Subtitle

Download: 1462

File size : 37.94 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
6.8
75%
0%

Comments: 11

  • Prabodha

    Sthuthi sub ekata…….

    2019-07-06 at 7:05 am
    Reply
  • Hashan M. Priyadarshana

    තැන්ක් යූ බ්‍රෝ සබ් එකට…
    ජය වේවා.!

    2019-07-06 at 7:12 am
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    The Wolf’s Call (Le chant du loup) (2019)

    2019-07-06 at 9:59 am
    Reply
    • Hasitha Prasad

      The wolf’s call එකට සබ් දෙන්නම්, Kantha.

      2019-07-07 at 11:31 pm
  • Isuru

    Thanks for the sub

    2019-07-06 at 12:29 pm
    Reply
  • Madusha

    ස්තූතියි සබ් එකට සහෝ

    2019-07-08 at 9:15 am
    Reply
  • upul

    ස්තූතියි සබ් එකට

    2019-07-09 at 10:43 pm
    Reply
  • upul

    Thanks for the sub

    2019-07-09 at 10:47 pm
    Reply
  • dilum

    niymai broo

    2019-08-17 at 11:45 pm
    Reply
  • dilum

    hoda nirmanyak jaya

    2019-08-17 at 11:46 pm
    Reply
  • Saranga J. Liyanagama

    ස්තූතියි සබ් එකට…

    2020-04-09 at 10:25 am
    Reply

Leave a Reply to Kantha_DLA Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip