The Magicians [S01 : E09] Sinhala Subtitle

Published May 28th, 2017 by

ඔන්න සෑහෙන දවසකට පස්සෙ The Magicians කතාවෙ 9 වන කොටස ගේන්න පුළුවන් වුණා.කට්ටිය මට සමාවෙන්න ඕනෙ ප්‍රමාදයට.ප්‍රමාදත් වුණ එකේ ගිය කොටස ටිකක් මතක් කරලම ඉන්නම්…

මායාකොව්ස්කිගෙන් ඉගෙනගන්න ගිය අපේ යාළුවො ටික ආපහු බ්‍රේක්බිල්ස්වලට ආවා.ඒ වුණාට ආවෙ එක්කෙනෙක් අඩුවෙන්, ඒ තමයි කේඩි.ක්වින්ටන්, ඇලිස් සහ පෙනී විතරයි ආපහු ආවෙ.දකුණු බ්‍රේක්බිල්ස්වලදි තමන් අතර වුණ දේවල් නිසාම ඇලිස් සහ ක්වින්ටන් ටිකක් දුරස් වුණා.එලියට්ට හම්බවුණ අලුත් යාළුව මයික් ඇත්තටම යාළුවෙක් නෙමෙයි කියලත් ගිය කොටසෙ මුලදිම  පැහැදිළි වුණානෙ.ජූලියා තමන්ගේ සහෝදරියගෙ මගපෙන්වීම යටතෙ පුනුරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුලත් වුණා.එහේදි එයාට රිචඩ් කියල දේවගැතිවරයෙක්ගෙ උදවු ලැබෙනව.ඔය අතරෙ මයික් විසින් ක්වින්ටන්ට වර්ගෝ තලය නම් පිහියකින් අනින්න හැදුව.පෙනීගෙ මැදිහත්වීමෙන් ක්වින්ටන් බේරුණත් මයික්ගේ ඒ පිහිපහර පෙනීට වදිනවා.ඒ තුවාලවලින් වැල්රෝස වැලක් වැවෙන්න ගත්තා.අන්තිමේ බලද්දි ඒ පිහිය ෆිලොරිවල එකක්.ඒ විතරක් නෙමෙයි ජේන්චැට්වින්ටත් ඒ පිහියෙන්ම ඇනල තියන බවත් දැනගන්න ලැබෙනව.ක්වින්ටන්ගෙ උදවුවෙන් පෙනීගෙ ජීවිතේ බේරෙනව.පැනයාමේදී අසුවෙන මයික්ව කුලපති ෆොග් විසින් කාමරයක හිරකරල තියනව.මයික්ගෙ ප්‍රශ්ණය විසඳන්න කියල ෆොග් විසින් එලිසාව යැවුවත් එතෙන්දි ඇය මයික්ගේ පහරදීමකින් මියයනව, ඒ විතරක් නෙමෙයි සැබෑ ජේන් චැට්වින් ඇය බවත් අපිට දැනගන්න ලැබුනෙ එතනින්.එයින් පස්සෙ පැනල යන්න උත්සාහ කරන මයික්ව, එලියට් විසින් සහටම නවත්තල දානව.එතනිනුයි කතාව අවසන් වුණේ…

අද කොටස නම් වෙන්නෙ The Writing Room (ලියන කාමරය) කියල.විකාශය වූ දිනය විදියට සටහන් වෙන්නෙ 2016 මාර්තු 14.අද කොටසෙදි ඕගොල්ලන්ට  රිචඩ්ගේ මගපෙන්වීම යටතෙ ජූලියා විසින් කරන වික්‍රමයක් සහ ෆිලොරි හයවන පොතේ රචකයා ගැනත්, තව චැට්වින් සහෝදරයින්ගේ ජීවිතයේ එක් කණගාටුදායක කොටසක් ගැනත් දැනගත්තහැකි.  එහෙනම් මම ගිහින් එන්නම්.ඊලඟ කොටසින් හමුවෙමු…

Spoiler Warning : Quentin, Alice, Eliot, and Penny travel to England in search of a missing magic button; Julia searches for real meaning in her magic…

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.5
0%
65%

Comments: 9

  • Damith asanka

    Download krnne kohomda bn

    2017-05-29 at 11:01 am
    Reply
  • Damith asanka

    Mewa download krnna bene bn…help ekk dennko

    2017-05-29 at 11:05 am
    Reply
  • ප්‍රදීප් මැක්ස්

    සුපිරි… අනිත් එපි
    ටිකත් ඉක්මනට දෙමු…
    ජය….!

    2017-05-29 at 2:56 pm
    Reply
  • kavisha

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!

    2017-05-31 at 11:47 am
    Reply
  • mayura

    next epi eke sub eka thama nedda bn a

    2017-06-06 at 1:45 pm
    Reply
  • aselaravin

    බොහොම ස්තුතියි 09 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …

    2017-06-18 at 6:00 pm
    Reply
  • ishan

    Thnx bro sub ekata❤

    2018-07-22 at 4:20 pm
    Reply
  • kusal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!

    2018-11-01 at 1:04 pm
    Reply

Leave a Reply to ප්‍රදීප් මැක්ස් Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip