The Meg (2018) Sinhala Subtitle

Published September 24th, 2018 by

 

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. කලින් උපසිරැසියෙදි පොරොන්දු වුණ විදියටම මේ එන්නෙ ජේසන් ස්ටැතම් රඟන The Meg (2018) චිත්‍රපටයෙ උපසිරැසියත් අරගෙනයි. මේක ඇත්තටම අපේ හිතවතෙක්ගෙ ඉල්ලීමක්, නම පළ කරන්න එපාමයි කියල ඉල්ලීමක් කල නිසා මම එහෙම නොකර ඉන්නම්. ලේඛක ස්ටීව් ඇල්ටන් විසින් 1997 වසරේ පලකල Meg: A Novel of Deep Terror නම් නවකතාව ඇසුරින් නිර්මාණය වුණ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ජොන් ටර්ටල්ටබ්ගෙන්. මෙය මේ වනවිට ලබා ඇති Imdb අගය 6ක් වන අතර Rotten Tomatos වෙතින් ලබා ඇති අගය 46%ක්, ඒ වගේම ගූගල් පරිශීලකයන් 90%කගේ ප්‍රසාදයත් ලබා තිබෙනවා. ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ ක්‍රියාදාම චරිතවලට නම් දරපු ජේසන් ස්ටැතම්. ඊට අමතරව බින්ග්බින් ලී, රේන් විල්සන්, ක්ලිෆ් කර්ටිස්, වින්ස්ටන් චාඕ, රූබි රෝස් වගේ පිරිසක්. හරි දැන් අපි යමු චිත්‍රපටයෙ කතාව පැත්තට…

ජොනාස් ටේලර් කියන්නෙ පළපුරුදු කිමිදුම්කරුවෙක්, ඒ වගේම දියයට මුදාගැනීම් මෙහෙයුම්වල අති දක්ෂයෙක්. ටිකක් මුරණ්ඩු චරිතයක්. කොහොමහරි දවසක් ඔහු කරන මෙහෙයුමකදී නොසිතූ තර්ජනයකට මුහුණ දෙන ඔහුට සිදුවෙනවා බේරාගත් පිරිසගේ සහ තමන්ගේ ආරක්ෂාව තකා කීපදෙනෙක් අත්හැර දමා එන්න. කිව්වට කිසි කෙනෙක් පිළිනොගන්න ඒ සිදුවීමෙන් නොසෑහෙන්න චෝදනා ලබන ඔහු කිමිදුම් අත්ඇරල දාල දැන් ඉන්නෙ තායිලන්තෙ. එහෙම ඉන්න ඔහුට දවසක ආයිත් අර වගේම මෙහෙයුමකට ආරාධනා ලැබෙනවා. ජීවිතේට ආයිත් මුහුදු නොයන්න හිතාහිටියට එක හේතුවක් හින්ද ජොනාස්ට මේ ගමන යන්නම වෙනවා..ඒ ගිහිල්ල හැප්පෙන්න වෙන්නෙත් අර කලින් කිව්ව නොසිතූ තර්ජණය එක්කමයි.. හරි ඒ ඇතිනේ, කොහොමහරි මේකත් CGI වලින් වැහුණු කතාව පැත්තෙන් සෑහෙන හිස්තැන් තියන ෆිල්ම් එකක්. කැමති අය බලන්න මම ගිහින් එන්නම්. හමුවෙමු How It Ends (2018) චිත්‍රපටයේ උපසිරැසියත් සමග.

උපසිරැසි ගොණුව තුලWEB-DL සහ BLURAY පිටපත් ද්විත්වයටම උපසිරැසි අන්තර්ගත කර ඇත. ඩවුන්ලෝඩ් ලින්ක්හි ඉහලින් ඇති ලින්ක් එක WEB-DL පිටපත සඳහාවන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ.

නිකමට වගේ මේකත් බලන්න, මේ තමයි මේ කාලෙ හොලිවුඩ් නිර්මාණ තුල තුල චීනය වැඩි වැඩියෙන් පේන්න ඉන්න හේතුව.How China is changing Hollywood

විශේෂ :-

  • මේ චිත්‍රපටයෙදි ජේසන් ස්ටැතම්ට වැඩිහරියක්ම තියෙන්නෙ වතුරත් එක්ක ගැටෙන්න. ඇත්තටම ඔහු සැබෑ ජීවිතයෙදිත් පිහිනුම් ශූරයෙක්. 1990 වසරේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී එංගලන්තය නියෝජනය කරන්නට පවා ඔහු වරම් ලබා තිබෙනවා. මේ තියෙන්නෙ එහි කෙටි වීඩියෝවක්.
  • නවකතාවේදීනම් මෙහි එන මෙග්ලඩොන් මෝරා තනි සුදු, දිළිසෙන සතෙක්ලු. නමුත් CGI කිරීමේදි එම වර්ණයන්ගෙන් තාත්වික පෙනුමක් ගැනීමට නොහැකි නිසාලු වර්ණය වෙනස් කරල තියෙන්නෙ. ඒ වගේම නවකතාවෙදි මේ සත්වයා අලෝකයට සංවේදී සතෙක්ලු, ඒ නිසාම පහරදෙන්නෙ රාත්‍රියට විතරලු, හැබැයි චිත්‍රපටයෙදි ඒක වෙනස්.

US

Download Links:

Download Direct 720P පිටපත Download Direct 720P පිටපත
Download

The Meg (2018) Sinhala Subtitle

Download: 12734

File size : 73.94 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
6.1
46%
46%

Comments: 16

  • Silent$

    Pattaaaaaa…..thnxxxxxxxxxxxxxxx

    2018-09-25 at 8:57 am
    Reply
  • Mithun

    මේකටත් සිංහල උපසිරස දැම්මට බොහොම ස්තුතියි හසිත සහෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සෑහෙන කාලෙකින් Jason Statham ලොක්කගෙ මුවී එකක් ආවේ … මෙකත් පට්ට අසාවෙන් බලතහැකි දැම් ඉතින් WEB එනකල් ඉන්න ඔනේ Thanks lot❤️

    2018-09-25 at 9:25 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    2018-09-25 at 11:31 am
    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-09-25 at 1:24 pm
    Reply
  • Sandun rps

    Elama hasitha saho.. digatama demu…

    2018-09-25 at 8:15 pm
    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි ෆිල්ම් එක වගේම විස්තරයත් සුපිරියටම දීලා තියෙනවා.

    2018-09-26 at 1:41 pm
    Reply
  • Dilan

    The First Purge එකේ Sub එක දීපන්කෝ

    2018-09-26 at 7:39 pm
    Reply
  • sajith kumara

    thanks

    2018-10-03 at 8:56 am
    Reply
  • Kavisha Methruwan

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!

    2018-10-09 at 1:21 am
    Reply
  • Mithun

    Please WEB-DL UPDATED ……… MKACAGE 😍

    2018-10-30 at 12:18 pm
    Reply
  • Mithun

    SABTITEL එක සුපිරි ….ප්‍රදේශ ,ස්තාන, හැමදෙයක්ම වචන සිංහල පරිවර්තන කරල තියෙන්නේ ඔයාගෙ හැමසබ් එකක්ම.. ෆිල්ම් එක සුපිරි එකට සෙට් වෙනව එ හින්ද … ඔන්න සබ් එක sync කරම්ම ඩව්න්ලොර්ඩ් කරම් බලන්න ගත්තෙ සුපිරි ………. thx bro 😍💖

    2018-10-30 at 10:04 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      මම මේ සබ් එක සින්ක් කරන ගමන්, මිතුන්, තාම බැලුවෙ නැත්තං පොඩ්ඩක් ඉන්න. තව පොඩ්ඩකින් අප්ලෝඩ් කරනව මම.

      2018-10-31 at 12:10 am
    • හසිත ප්‍රසාද්

      WEB-DL Updated 😉

      2018-10-31 at 1:22 am
  • Mithun

    Bluray Awaa

    2018-11-06 at 12:20 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      Updated.Thank you very much for informing me.👍

      2018-11-07 at 3:46 am
  • Subhash

    Thanks Bro. Jayaweva !!

    2019-01-06 at 8:40 pm
    Reply

Leave a Reply to Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip