The Mortuary Collection (2019) Sinhala Subtitle

හොල්මන් කතා එකතුව
 

මාගේ 50 වෙනි සිංහල උපසිරැසිය …මම කොහෙන්ද පටන් ගන්නේ ? මෙහෙම පටන් ගමුකො ..මම 2015 දී මට call එකක් එනවා …”දමිත් Navigation bar හදලා ඕන කියලා ” කියලා ..මෙහෙම කිව්වේ යොහාන් කියලා මාගේ යාලුවෙක් ..ඉතින් මේක එයාට කිව්වේ ..ඔයාලා දන්න පසිදු(හොද gamer .) කෙනෙක් …පසිඳුට ඕන වෙලා තිබ්බේ blog site එකක උඩින් තියෙන menu එක ..එත් පශ්නේ වුනේ sub එකත් එක්ක DOWNLOAD LINKS දෙන්න ගියාම ..සබ් එක විතරක් මදි නේ එකට ආදාල වීඩියෝ එකත් දෙන්න ඕන නේ ..අන්න එතැනදී තමයි ප්‍රශ්නය වෙන්නේ ..! මොකද ? බුද්දිමය දේපල පනත යටතේ එහෙම දෙන්න බැහැ (මේ ගැන විස්තරයක් ඉදිරියේදී ලබා දෙන්නම් ).අනික blog වල DOWNLOAD LINKS දීලා වැරදිලා හරි complain එකක් ආවොත්.සයිට් එක පිටින් එයාලා delete කරනවා .ඒ ප්‍රශ්නේ මම කිව්වා ම ..මම කිව්වේ වෙනම host කරලා සයිට් එකක් කරන එක තමයි හොදම දේ කියලා ..සයිට් එක පටන් ගන්න කොටම ඒ බය මට තිබ්බා . දැනගෙන හිටියා කොයි වෙලේ හරි සයිට් එක නැති වෙනවා කියලා එහෙම දීපු ගොඩාක් ප්‍රසිද්ධ සයිට් වහලා දැම්මා ..(උදාහරණයක් විදියට : openload ,tamilrockers )
එතින් මම දවස් 2ක් නැත්නම් 3 කින් සයිට් එක යොහාන් හරහා පසිදුට භාර දුන්නා ..ඊට පස්සේ මාගේ වැඩේ ඉවරයි .එතින් මම හිටියේ නැහැ ..එත් සයිට් එක වැඩි දවසක් තිබ්බේ නැහැ..එකට හේතුව වුනේ සයිට් එකට එන ප්‍රමානය වැඩි වෙලා .සයිට් එක නැති වෙන එක ..ඔයාලා ඕනෑම සයිට් එකට ගියාම හිටපු ගමන් 503 internal server error කියලා පෙන්වන්නේ එක ..එක හරි නම් reset වෙලා ආපහු සයිට් එක පෙන්වන්න ඕන ..
එත් අපේ ලංකාවේ ගොඩාක් වෙබ් හොස්ටින් කරන සයිට් එහෙම වුනාම සයිට් එක suspend කරනවා ..ඒ තරම් හොදයි එයාලා ..එත් එකට දෝෂාරෝපණය ආවේ මට ..ඒ සයිට් එක hack වෙලා කියලා …එත් ඇත්තට වුනේ අරක .මේ වෙනකොට මම හිටියේ මගේ ජිවිතයේ අදුරුම කාලයක .එතින් මේ ගැන හොයන්න මට වෙලාවක් තිබ්බේ නැහැ .. එක සයිට් එක වැහුනා .එකෙන් පස්සේ අපේ ඉන්න ගොඩක් සබ් කරපු අය නැති වුනා ..අදටත් 2015 දී කරපු ගොඩාක් tv show බාගෙට ඉතුරු වෙලා තියෙන්නේ ඒ හේතුව නිසා …ඊට පස්සේ ඔයාලා දන්න කවිශ ආපහු සයිට් එක hosting කොම්පැනි එක එක්ක කතා කරලා වැඩ පටන් ගන්නවා ..ඉතුරු වෙලා හිටපු අයත් එක්ක ..එතකොට මම දැක්කේ හරියට අර ලෙන් අම්මා තමන්ගේ පැටියා බේර ගන්න ..අර තමන්ගේ වලිගයෙන් මුහුද ඉහින්න හදනවා වගේ වැඩක් ..අර කලින් ප්‍රශ්නය වගේම වෙන වෙන තාක්ෂණික ගැටළු ගොඩක් ආවා …එත් මේ අවස්ථාවේ subz.lk වෙනුවෙන් මම හිටියා ..කොහොමහරි වෙන hosting එකකින් වෙන එකට ..මෙහෙම මාරු වෙන්න වුනා ..මට මතක නැහැ කොච්චරද කියන්න ..ඒ තරමට මාරු වුනා ..පස්සේ stable තත්වයට ගෙන ආවා .

විශේෂ සිදුවීමක් කියන්නම් මම ....

ඒ දවස් වල(2016) අපේ  අලුතින් සබ් කරන්න ආපු කෙනෙක් කිව්වා ..අර ප්‍රසිද්ධ සබ් දෙන සයිට් එක ! ෆිල්ම් වලට
සබ් ලයින් හද හද පාවා දෙන්න පුළුවන් ..අපි කවුද කියලා ?..එහෙම කිව්වාම තමා මම කිව්වේ එයාලාට පුළුවන් නම් අනිවා අපිටත් පුළුවන් කියලා ..
ඊට පස්සේ මම

  1. Force 2
  2. Kaabil
  3. Naam Shabana
  4. Badrinath Ki Dulhania
  5. Nenjirukkum Varai

වාගේ ෆිල්ම් සේරමට සබ් කරේ ටයිම් ලයින් හද හද ඒ කියන දෙබස් හැකි තාක් දුරට සිංහලයට හරවලා …මම programmer කෙනෙක් ..සබ් හදන කෙනෙක් නෙවෙයි ..එත් මාත් කරා කියන්නේ ..එච්චර ආමාරු දෙයක් නෙවෙයි ..ආසාව විතරයි ඕන ..

ඊට පස්සේ ආව මට කිව්වා ..කලින් තිබ්බ theme එක අර ප්‍රසිද්ධ වෙබ් අඩවියේ theme එකක් කියලා දෝෂා රෝපණයක් ආවා .මම එකත් හැදුවා .. අපිටම අනන්‍ය වූ theme එකක් subzlk එකට හදපු එක ..

කොහොමහරි පසිඳුගේ හීනයක් වෙලා තිබ්බ සිංහල උපසිරසි දෙන මේ SUBZ.lk වෙබ් අඩවිය මාගේ මේ විදියට මගේ අතින් නිම වුනා ..

  • Hasitha Prasad
  • K.A Raveen
  • Mihira Madushanka
  • ඉෂි ද සිල්වා
  • Hansani Rupasingha
  • Rasika Samanjith
  • ගයාන් චන්දන 
  • වගේම අනිත් උපසිරැසි කරපු හැම කෙනෙක් ම (නම් 100 කට වඩා තියෙනවා )

ඔයාලා කණ්ඩායම මාගේ ආඩම්බරයි …ආදරෙයි 33000ක්ම 

The Mortuary Collection (2019)

ඔයාලා සමහර විට darna mana hai හින්දි චිත්‍රපටය බලලා ඇති ..ඒ වාගේම තමයි මේ කතාවක් ..එක කතාවකට වඩා තියෙනවා ..ප්‍රධාන කතාව ඇතුලේ එකිනෙකට වෙනස් හොල්මන් කතා 3 කම ..බලලාම කියන්නකෝ ..එහෙනම් කතාව කොහොමද කියලා …

6.5
IMDB

Year : 2019

Actors : Tristan Byon,Eden Campbell,Hannah R. Loyd,Clancy Brown

Directed by Ryan Spindell. With Tristan Byon, Eden Campbell, Hannah R. Loyd, Clancy Brown. An eccentric mortician recounts several macabre and phantasmagorical tales that he's encountered in his distinguished career.

2024-07-15 07:55 am
System Admin

Movies

18

Tv Episodes

59

  • Download : 1062
  • File Size : 25.435KB
  • Hasitha Prasad Super Mod
    Windows 10Firefox 85

    :clap::clap::thumbsup:උපසිරැසි අර්ධ ශතකයට උණුසුම්ම උණුසුම් සුභ පැතුම්, දමිත්. දමිත්ගෙත් අනිත් හැම ඇඩ්මින් කෙනෙක්ගෙමත් මහන්සිය නිහතමානී ලෙස කෙටි පරිච්ඡේද තුනකට පමණ ලඝු කර තිබුණත්, ඒ පරිච්ඡේද තුනෙන් දැනගන්න පුළුවන් ඒ මහා මහන්සියෙ නොකියපු කතා කොයිතරම් තව ඇත්ද කියන එක. අඩවියෙන් සේවය ලබාගන්නා අයටත් උපසිරැසිකරුවන් වන අපටත් හැකිතරම් පහසුවන ආකාරයට විවිධ අංගෝපාංග එක්කරමින් නවතම පහසුකම් ලබාදෙන්නට ඔබ කොතරම් වෙහෙසක් දරනවා ඇත්ද යන්න සිතාගන්නටත් අපහසුයි.මම සබ්ස්.එල් කේ අඩවියට සම්බන්ධ වෙන්නෙ 2016 වසරෙදි, ඒ වෙනකොට මම විනෝදයට උපසිරැසි කරල Subscene අඩවියට අප්ලෝඩ් කර කර හිටිය කෙනෙක්, Subz.lk ගැන අහම්බෙන් දැනගන්න ලැබිල නිකමට වගේ දමිත්ට ඊ-මේල් එකක් දැම්මා සම්බන්ධ වෙන්න පුළුවන්ද කියල දැනගන්න. ඊට කලිනුත් එක්තරා සුප්‍රසිද්ධ සිංහල උපසිරැසි අඩවියකට ඊ-මේල් පණිවිඩයක් යොමු කලත් ඊට අවම වශයෙන් පිලිතුරක්වත් නොලැබුණු නිසා මගෙ ඒතරම් විශ්වාසයක් තිබුණෙ නෑ මේ ඊ-මේල් පණිවිඩයට පිළිතුරක් ලැබේවි කියල. ඒත් නොහිතපු විදියට දිනයක් හෝ දෙකක් ඇතුලත මට දමිත්ගෙන් පිළිතුරු ඊ-මේල් එකක් ආවා මම ඒ වෙනකොට කරල තිබුණ උපසිරැසි ඒ ඒවාට වෙන වෙනම ලිපියකුත් සමග එවන්න කියල. මම මේ ටික ලිව්වෙ එයට ස්තූති කිරීමක් ලෙස මෙන්ම දමිත්ගෙ මේ කාර්යයට තියන කැපවීමට උදාහරණයක් දක්වන්නයි. හිතවත් දමිත්, ඉදිරි උපසිරැසි කඩයිම්ද ඇතුළුව ඔබේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. :slight_smile:

    2021-02-18 at 10:35 pm
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 88

      සයිට් එකේ වැදගත්ම කෙනා ඔයා …මම ගොඩාක් බය වුනා ..ඔයා ඇත්තටම අපිට නැති වේවි කියලා ..සයිට් නම් මට ඕන තරම් හදන්න පුළුවන් ..එත් ඔයා වගේ අය …!! තැන්ක්ස් හසිත !!

      2021-02-21 at 7:34 pm
  • K.A Raveen Super Mod
    Windows 10Chrome 88

    අම්මෝ, මන් කඩයිමක් පහු කරාටත් වඩා පුදුම සතුටක් දැනෙනවා දමිත් අයියගේ මේ කඩඉම දැක්කම. මේ ලිපිය දැක්කම තමා මන් දැනගත්තේ සයිට් එක කොච්චර කට්ටක් කාගෙන ඉස්සරහට ඇවිත්ද කියලා. මම නම් මේ සිද්දි වෙන කාලේ හිටියෙත් නෑ. හැබැයි සයිට් එකට දැන් ගේන මොඩිෆිකේෂන් දැක්කම පේනවා ඒකාලේ කාපු කට්ට. අපි සයිට් එකක් විදියට අපේම ගමනක් යනවා. ඒක මේකේ ඉන්න උපසිරැසිකරුවන් පවා දන්නවා. ඉදිරියටත් ඒ ගමන යමු. තවත් කඩඉමකදී හමුවෙමු අයියේ.

    2021-02-19 at 12:55 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 88

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-02-19 at 7:39 am
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 88

      හැමදාම අපිත් එක්ක හිටපු ..කාන්ත ..ඔබටත් බොහොම ඉස්තුතියි

      2021-02-21 at 7:36 pm
  • Gayan Chandana Admin
    Android 4.4Chrome 81

    Hey (ombudsman :wink:),සුබ පැතුම් සහෝ !❤:blush:❤

    2021-02-19 at 9:14 am
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 88

      තැන්ක්ස් බ්‍රෝ (astronaut)// බලාගෙන මාර්ස් වලින් අරගෙන යාවි

      2021-02-21 at 7:41 pm
  • Supun Kaushalya Unregister User
    Android 9Chrome 80

    තෑන්ක්ස් සහෝ සබ් එකට…. සුබ පැතුම් 50වෙනි සබ් එකට

    2021-02-19 at 9:47 am
  • 50 වෙනි උපසිරසියට මගෙන් සුබ පැතුම් සහෝදරයා. හැමදාම වගේ සයිට් එක හදලා උපරිම උත්සාහයෙන් මේ දේවල් කරගෙන යන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනේ. ඒ වගේම දිගටම මේ වැඩේ කරගෙන යන්න ඔයාට සුබ පතනවා. ජීවිතයේ අනිත් හැම වැඩ කටයුත්තක්ම සාර්ථක කර ගන්න ඔයාට හැකි වේවා! ඒ වගේම ඉදිරි කඩයිම් වලටත් ඔයාට යන්න ශක්තිය ලැබේවා! මේ සයිට් එක හදන්න වුනු මහන්සියට බොහෝ ස්තුතියි.

    2021-02-19 at 4:06 pm
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 88

      ඔයාගෙත් ඉදිරි අධ්‍යාපන කටයුතු වලට මාගෙන් උණුසුම් විදියට පාර්ථනා කරනවා !!!

      2021-02-21 at 7:38 pm
  • Inuka Wijerathna New Subtitler
    Windows 10Chrome 88

    ජය වේවා

    2021-02-19 at 6:51 pm
  • Nimansa Bandara Junior Subtitler
    Windows 10Chrome 88

    රන් ජුබිලියට සුභ පැතුම් අයියේ🥳

    2021-02-20 at 3:32 pm
  • Hansani Rupasingha Moderator
    Windows 10Chrome 88

    50 වෙනි උපසිරැස කරණයට සුභ පැතුම් ඇඩ්මින් අයියේ! ඒ වගේම මේ සබ්ටයිටල් සයිට් එක මෙච්චරැ ඉදිරියට අරන් ආව එකටත් බොහොම ස්තුතියි..

    2021-03-03 at 8:12 pm
  • Anushka Sanjuna User
    Android 10Huawei Browser 11

    උඹල හැමෝගෙම මහන්සිය හින්ද තමයි බං ලස්සන ෆිල්ම් එකක් ටීවී සෙරීස් එකක් බලන්නෙ.. හැමෝටම ගොඩක් ස්තූතියි..

    2021-03-22 at 12:00 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *