The Tick [S01 : E01] Sinhala Subtitle

Published December 9th, 2017 by

සුබ දවසක් වේවා අපේ Subz LK රසිකයින්ට.ඔන්න එහෙනම් තවත් ටීවී සීරිස් එකකට උපසිරැසි ගේන්න පටන් ගත්තා.ඇත්තෙන්ම කිව්වොත් ආයිමත් සීරිස් එකකට සබ් කරන්න මගේ වැඩි කැමැත්තක් තිබුනේ නෑ.ඒත් මං මේ සීරිස් එකට සබ් දෙන්නේ හේතු දෙකක් උඩ.එක තමා පලමු සමය විදියට මේ සීරිස් එකේ විකාශය වෙලා තියෙන්නේ කොටස් 6ක් වීම.එතකොට දෙවෙනි හේතුව තමා මේකේ රේටින්.මේකේ IMDB අගය 7.4/10 වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා.ඔන්න ඔය හේතු නිසා තමයි මං මේ සීරිස් එකට සිංහල සබ් දෙන්න තීරණය කලේ.

මේ ටීවී සීරීස් එකේ නම තමා ‘ද ටික්’ (The tick).2016 හා 2017 වසර වල තමා මේක විකාශය කරලා තියෙන්නේ.ක්‍රියාදාම හා හාස්‍ය යන මාතෘකාව ඔස්සේ නිර්මාණය කරලා තියෙන මේ සීරිස් එකත් සුපිරී වීරයෝ සම්බන්ධ කතාවක්.සාමාන්‍යයෙන් සුපිරි වීරයෝ කිව්වාම අපිට මතක්වෙන්නේ මාවල් හා ඩී.සී කියන ආයතන.හැබැයි මේ සීරිස් එක අයිති මේ කාටවත් නෙවේ.මේක නිර්මාණය කරලා තියෙන්නේ ඇමරිකාවේ Amazonආයතනය.ඉතින් මේකෙදි අපිට හමුවෙන වීරයා තමා ටික් කියන්නේ.ඉංග්‍රීසි වලින් ටික් කියන්නේ ඔය කිනිතුල්ලෙක් වගේ පොඩි සතෙකුටනේ.ඉතින් නමේ හැටියටම අදාල චරිතයත් නිර්මාණය කරලා තියෙනවා.ඉතින් තවත් පොඩි විස්තර ටිකක් බලමු.

  • නිෂ්පාදනය – Ben Edlund
  • නළු නිලියන් – Peter Serafinowicz,Griffin Newman,Valorie Curry…
  • වර්ගීකරණය – Action & Comedy

පලවෙනි කොටසින්,

පලවෙනි කොටස ගැන කිව්වොත්, මාත් තවම බලලා තියෙන්නේ එක එපියක් විතරයි.මේ කතාවෙ හම්බවෙන සතුරා තමා ටෙරර් කියන මනුෂ්‍යයෙක් නොවන කෙනා.මේ නඟරේ හිටපු හොඳම වීරයා තමයි සුපීරියන් කියන්නේ.සුපිරියන් අවුරුදු 10ක් එක දිගට ටෙරර් එක්ක සටන් කරලා තියෙනවා.කොහොම හරි අවසන් සටනින් පස්සේ ටෙරර් ගැන ආරංචියක් නෑ.හැමෝම හිතාගෙන ඉන්නේ ටෙරර් මැරුණා කියලා.ඒත් ඒක එහෙම නෙවේ.ටෙරර් ආයිමත් හිමීට එයාගේ නරක වැඩ පටන් අරන්.මේ කතාවේ එන තවත් චරිතයක් තමයි ආතර් කියන්නේ.ආතර් පොඩි කාලෙදි ටෙරර් අතින් ආතර්ගේ තාත්තා මැරෙනවා.ඉතින් ඒකෙන් ගොඩක් ටෙරර් එක්ක තරහින් ඉන්න ආතර් උත්සහ කරන්නේ ටෙරර් තවමත් ජීවතුන් අතර කියල ඔප්පු කරන්න.ඒ හින්දා ආතර් ටෙරර්ගේ රහස් වැඩ ගැන ඔත්තු බලන්න යනවා.ඒ වෙලාවෙදී තමයි ආතර්ට මේ කතාවේ වීරයා වන ටික්ව හමුවෙන්නේ.ඉතින් ටික්, ආතර් දෙන්නා හොඳ කණ්ඩායමක් වෙනවා.ඔන්න ඔය විදියට තමයි පලමු කොටසින් සිද්ධවෙන්නේ.මං මෙහෙම කිව්වට මුකුත් නොතේරෙයි.ඒ හින්දා අනිවාර්යෙන්ම මේක බලන්න.කතාව ගැන දල අදහසක් විතරයි මම ඒ දුන්නේ.ඉතින් ඉතුරු කොටස් 5ටත් ඉක්මනින්ම සබ් එක ගේන්නම්.ඔයාලම බලලා තීරණය කරන්න.එහෙනම් මං ගියා.ඊලඟ එපියෙන් හමුවෙමු…ජය!!!

Spoiler Warning : In a world where superheroes and villains have been real for decades, Arthur, an unassuming accountant with no superpowers, becomes embroiled in the middle of the battle between good and evil. When he realizes that his city is owned by a global supervillain who was long thought to be dead, he struggles to uncover the conspiracy. As he becomes obsessed with the conspiracy, most people think he’s crazy. One person who believes Arthur is a mysterious new ally, The Tick, who is a bizarre blue superhero who may just be a figment of Arthur’s imagination.

US
Download

The Tick [S01 : E01] Sinhala Subtitle

Download: 1255

File size : 27.45 KB

ලක්ෂාන් සමීර

TV EPISODES : 43
MOVIES : 11
7.4
95%
72%

Comments: 19

  • Suminda Lakshan

    උපසිරැසියට තුති සහෝ..සීසන් එක ඉවර වෙනකම්ම උපසිරැසි ගේමු..ඔබට ජය…?

    2017-12-09 at 3:43 pm
    Reply
  • darshana

    macho sub ake hd ripda web ripda kiyala danna puluwand thnks machan

    2017-12-09 at 3:52 pm
    Reply
    • Lakshan Sameera

      web rip!hd rip walata anit eka hariyai…

      2017-12-10 at 5:30 am
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-09 at 4:33 pm
    Reply
  • Lakaa

    Digatama karamu

    2017-12-09 at 6:59 pm
    Reply
  • Indika Priyashantha

    නියමයි සහෝ දිගටම සබ් දෙමු…….!!!

    2017-12-09 at 8:32 pm
    Reply
    • nadeesha pathiraja

      thanks bro. digatama karanna

      2017-12-09 at 9:34 pm
  • Shashika Akalanka

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-12-10 at 12:45 am
    Reply
  • Amila

    සබ් එකේ Timing ඔක්කොම බුල් නෙ බන්. දැන් ඉතින් මගේ පතුරු යවන්නෙ නැතුව Next එකෙ ඉදලවත් හරියට දීපන්. මදැයි නිවාඩු දවසෙ TV සීරියස් එකක් බලන්න ගත්ත, රු.5.00 කෑවා 🙂

    2017-12-10 at 10:06 am
    Reply
    • Sudesh

      වීඩියෝ රිප් එක සබ් එකට මැච් වෙන්නෙ නැතිව ඇති. වෙන වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරල බලන්න.

      2017-12-11 at 5:44 pm
    • Lakshan Sameera

      දීලා තියෙන කොපිය බාගන්න…
      නැත්නම් today සයිට් එකෙන් බාගන්න…
      ඔය දෙකටම ගැලපෙනවා…
      ජය!!
      😉

      2017-12-15 at 6:07 am
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඕකේ තව එපි 6ක් එන්න තියෙනවා season 1 එකේ.

    2017-12-10 at 10:55 am
    Reply
  • john

    niyamai kollo

    2017-12-10 at 3:54 pm
    Reply
  • Sudesh

    සබ් එකට ස්තූතියි සහෝ. ඉක්මනටම සීරීස් එක කම්ප්ලීට් කරමු…

    2017-12-11 at 5:45 pm
    Reply
  • එරංග

    නියමයි මල්ලිය. දිගටම වැඩේ කරගෙන යමු

    2017-12-11 at 10:08 pm
    Reply
  • D'O'N

    උපසිරැසියට බොහොම ස්තුතී!
    තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
    ජය වේවා!!! 🙂

    2017-12-15 at 12:40 am
    Reply
  • Lakshan Sameera

    මේ දාලා තියෙන හැම කොමෙන්ට් එකකටම රිප්ලයි කරන්න බැරිවුනාට සමාවෙන්න ඕනි…
    ඒත් පොදුවේ කමෙන්ට් කරපු,ඩවුන්ලෝඩ් කරපු හැමෝටම බොහොම ස්තූතියි….
    ජය!!!
    🙂 🙂 😉

    2017-12-15 at 6:05 am
    Reply
  • Thilina

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…. දිගටම අපිට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

    2017-12-25 at 9:34 am
    Reply
  • sunera sc

    patta bro .
    digatama demu

    2019-01-11 at 4:02 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip