The Umbrella Academy (2019) [S01 : E10] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලාවෙ පලමු කතාසමයේ අවසන් කොටස අරගෙනයි. නමවන කොටස එක්කම මේ කොටසත් අරගෙන එන්න පුළුවන් වුණා කොහොමහරි. මේ කොටස නම් වෙන්නෙ The White Violin කියලයි. මේ කොටසට හිමි Imdb අගය 8.9ක්. බොහොමයක් සිදුවීම් සිදුවුණු පසුගිය කොටසෙදී අපි මෙතෙක් හිතාහිටපු එක දෙයක් වෙනස්වුණා, මොකද අපි හිතාහිටියෙ ලෝක විනාශෙට වගකිවයුත්තා ලෙනාඩ් වෙයි කියලයි. නමුත් ඒ අදහස වෙනස් කරගෙන තමයි අද මේ පලමු කතාසමයෙ අවසන් කොටස නරඹන්න පටන්ගන්න තියෙන්නෙ. වෙනදා වගේම මම මේ කොටස ගැනත් කිසිම දෙයක් සඳහන් කරන්න යන්නෙ නෑ. ඒ සියල්ල නරඹන ඔබට බාරයි. මේ දක්වා කොටස් 9 නැරඹුවානම් ඔබ දකින්න ඇති මේ කතාමාලාව අනෙකුත් බොහෝ කාලතරණ සිද්ධාන්තය පදනම් කරගත් නිර්මාණවලින් ටිකක් පිට පැනපු එකක්. ඒ නිසාම වෙන්න ඇති මේක බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙන්නෙත්. ඒ වගේම ඔබ දකින්න ඇති නූතන කාලයක දිවෙන කතාවක් වුණත් මෙහි කිසිම තැනක අපි නවීන තාක්ෂණික උපකරණ එහෙම දැක්කෙ නෑ, උදාහරණෙකට ජංගම දුරකථන, පරිගණක, අන්තර්ජාල භාවිතයක් එහෙම අපි දැක්කෙම නෑ මේ කතාමාලාව තුල. නූතන කාලයක කියල මම කියන්න හේතුව කතාමාලාවෙ ආරම්භයෙදිම අපි දකිනවා අම්බ්‍රෙල්ලා ඇකඩමියෙ සාමාජිකයන් උපදින්නෙ 1989 වසරෙ. දල වශයෙන් ගණන් හදල බැලුවම මේකෙ ලෝක විනාශය සිදුවන කාල සීමාව 2018 හෝ 2019. එහෙමනම් අර කලින් කිව්ව දේවල් කතාව ඇතුලෙ තියෙන්න ඕනෙ. ඒ වුණත් මේකෙ පරිසරය ගොඩක්ම සමාන 1990 දශකයට. අනිත් අතට ගත්තම මෙහි එන ග්‍රේස් නොහොත් අම්මා චරිතයත් මනුෂ්‍යයෙකුට අතිශයින්ම සමාන රොබෝවරියක්.ඒක එහෙම වෙද්දි, ඔබට මතක ඇති ඇලිසන් ලෙනාඩ් පීබොඩි ගැන තොරතුරු හොයන්නෙ පුස්තකාලයකට ගිහින්, ඒ microfiche reader යන්ත්‍රයක ආධාරයෙන්. රථවාහනත් ගොඩක් ඒවා 80 දශකයේ අගභාගයේ. ඒ වගේම මුල් කොටස් කීපය තුල අපි දැක්කා CCTV දර්ශණ ගබඩා කරන්න යොදාගෙන තිබුණෙත් VHS පට. තව මේ වගේ ගොඩක් නොගැලපීම් හොයාගන්න පුළුවන් හොයල බැලුවොත්. කොහොමහරි මේ වගේ නොගැලපීම් නිසා මේ කතාව සමාන්තර විශ්වයක සිදුවන දෙයක් කියල තමයි දැනට අනුමාන කරන්න වෙන්නෙ. එහෙනම් පලමු කතාසමයෙ අවසන් කොටස නරඹන්න ඔබට ආරාධනා කරමින් මම නවතින්නම්.මෙහි දෙවන කතාසමයකුත් එන බවටයි කියවෙන්නෙ. කතාමාලාවේ අවසානය තෙක් ඉවසීමෙන් Subzlk හා රැඳී සිටි ඔබ සැමටත් මෙහි උපසිරැසි කිරීම මා හට බාරදුන් අපේ දමිත් සහෝදරයාටත් ස්තූති කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා.

උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.

8.1
IMDB

Year : 2019

Actors : Ellen Page, Tom Hopper, David Castañeda, Emmy Raver-Lampman

A disbanded group of superheroes reunites after their adoptive father, who trained them to save the world, dies.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 2583
  • File Size : 15.728KB
  • කතා මාලාවේ පලවෙනි කතා සමය දිගටම ලබා දීම ගැන සතුටු වෙනවා.sub ටික නම් ආයේ පංකාදු පහයි.දිගටම මේ වගේ sub දෙන්න කියලා ඉල්ලනවා ඒ වගේම ඒකට ශක්තිය ලැබේවා කියලා සහ පවුලේ හැමෝටම බුදුසරණයි.ඒ වගේම sub එකට ගොඩක් ස්තුතියි අයියේ.

    2019-05-28 at 8:24 am
  • පසිදු සාරංග
    Windows 7Chrome 74

    කතාවට ස්තුතියි සහෝ කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරි කතාවක්…thanks for the subs

    2019-05-28 at 9:21 am
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks …………….good luck ………………..how to get with murder tv series ekath sub denna ………………..

    2019-05-28 at 10:26 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 74

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    Season 2 එකක් අවොත් එකටත් සබ් අරන් එමු….
    පුලුවන්නම් මේකේ නැවතිච්ච TV Series වලට සබ් අරන් එමු…

    2019-05-28 at 6:15 pm
  • Madusha Unregister User
    Windows 10Opera 60

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    2019-05-30 at 4:16 pm
  • prasa Unregister User
    Windows 10Chrome 74

    supiri kathawa

    2019-05-31 at 11:20 am
    • Mithun Unregister User
      Android 8Chrome 73

      කාලෙකින් හොද ඇක්ටින් මුවි එකක් සෙට් උන් නැ Avengement 2019 ඔකට පුලුවන් නම් සබ් කරල දෙන්න හොද රෙට් එකකුත් තියෙනවා සහෝ.. හොද ඇක්ටින් පොරක් ඉන්නෙ

      2019-05-31 at 9:56 pm
  • prasa Unregister User
    Windows 10Chrome 74

    sub walata thank

    2019-05-31 at 11:21 am
  • Mithun Unregister User
    Android 8Chrome 73

    13 Reasons Why බැලුව වගේ මෙකත් බලනව අනිවාර්යයෙන්ම කාලය ලැබුන විගස අරම්.හසිත කතාවක් ගෙනාව කියන්නෙ අයේ අහන්න දෙයක් නැ බොහොම ස්තුතියි

    2019-06-01 at 11:13 am
  • Damindu Sulakkhana Unregister User
    Windows 10Opera 58

    sub walata thanks.
    season 2 eketh sub thka awama denna
    jaya wewa!!!

    2019-06-01 at 4:02 pm
  • shehan p Unregister User
    Android 6UC Browser 11.5

    bro plunam Knightfall eki Grimm ekati sub denna Eka loku udwk.tv shows patan gathata ewa maga nathra wenwa.ehma karnna epa kiynna bro.subzlk eke adminlata kiynna maga nathra karapu tv shows ewara karnna kiyla.ehma karnne nathi unama subzlk eke kolitiya bahinawa.meka mage adhask withra newi godk perisakge adhask.meka oyta newi kiynne subzlk eke adminla set ekta.enisha pluwan ikmanta ewa ewara karnna.me comment ekta admin lagen replay ekk ona.
    Sub ekta oyta thanks bro.

    2019-06-06 at 11:43 am
  • navidu bimsara atulugama Unregister User
    Windows 10Edge 84

    meke season 2 ekata th sub dennako:grinning:

    2020-08-01 at 11:21 pm
    • Ayan Unregister User
      Android 8.1Chrome 81

      Season 2 awit tiyene…. Sub denwda subz. Lk

      2020-08-03 at 10:27 pm
  • Navidu bimsara Unregister User
    iOS 12.1Safari Mobile 12

    meke season 2 ekatath sub dennako

    2020-08-12 at 11:52 am
  • Duhara Jayamal Unregister User
    Android 8Chrome 78

    season 2 ekatath sub dennako…

    2020-08-19 at 2:46 pm
  • Priyanwada Unregister User
    Android 10Chrome 84

    thnks a lot. season 2th dnnkooo

    2020-08-25 at 11:23 am
  • Asith priyamal Dewage Unregister User
    Android 8.1Chrome 84

    season 2 sub eka denna nadda

    2020-08-25 at 10:18 pm
  • Ishan Unregister User
    Android 10Chrome 83

    Season 2 ekata sub denna

    2020-10-03 at 8:37 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *