The Vampire Diaries (2009) [S01 : E22 ] Sinhala Subtitle

Published March 6th, 2018 by

එහෙනම් ආයුබෝවන් වැම්පයර් ඩයරීස් රසිකයන් සියලුම දෙනාට. ඔන්න අද ඔයගොල්ලො හමුවට එන්නෙ පළමු සීසන් එකේ 22වන එහෙමත් නැත්නම් අවසාන කොටස සමගයි. මුලින්ම කියන්න ඕනෙ මම දන්නවා අපේ ඇඩ්මින් මණ්ඩලය විසින් මට මේ සීරීස් එක බාරදෙද්දිත් අපේ ගොඩක් අය මේ පළමු සීසන් එක බලල තිබුණ බව. ලැබුණ සීමිත ප්‍රතිචාර අතරෙනුත් ගොඩක්ම අය ඉල්ලල තිබුණෙ දෙවෙනි සීසන් එකේ ඉඳන් උපසිරැසි දෙන්න කියලයි. ඒ වුණත් පළමු සීසන් එකට උපසිරැසි දීම 8වන කොටසෙන් නැවතිලා තිබුණ නිසා, අපිට අවශ්‍යවුණේ ඒ අඩුවත් සම්පූර්ණ කරල පිළිවෙලකට කතාමාලාවට උපසිරැසි දෙන්නයි. එතකොටනෙ අලුතෙන් බලන අයටත් අසාධාරණයක් නොවී කතාමාලාව බලන්න පුළුවන්. ඉතිං ඕගොල්ලො හැමෝම වගේ බොහොම ඉවසීමෙන් හිටියා පළමු සීසන් එක ඉවරවෙනතුරු. ඒකට මම Subzlk වෙනුවෙන් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අදහස් දක්වපු නොදක්වපු හැමකෙනෙක්ටමත් බොහොම ස්තූතියි.රැඳී ඉන්න කතාමාලාවත් එක්කම, දෙවන කතාසමයත් අරන් ලඟදීම ඕගොල්ලො හමුවට එන්න තමයි බලාපොරොත්තුව. එහෙනම් අපි කතාව පැත්තට..
මේ කොටස නම් වෙන්නෙ Founder’s Day කියලයි. 2010 වසරේ මැයි 13 වන දින විකාශය වූ මේ කොටසට ලැබී ඇති Imdb අගය 9.2ක්. මතකනෙ පසුගිය කොටස..
අලාරික් සෝල්ට්ස්මන්ගෙ බිරිඳ වන ඉසබෙල් ආවා මිස්ටික්ෆෝල්ස්වලට. ඇයගෙ අරමුණ
වුණේ එලේනගෙ මාමා වන ජෝන් ගිල්බර්ට් හරහා ජොනතන් ගිල්බර්ට්ගේ නව නිර්මාණය තමන් සතු කර ගන්න එක. මතකයිනෙ ඒක වැම්පයරයො විනාශ කරන්නම  හදපු ආයුධයක් බව. කොහොමහරි ජෝන් හරහා මේක ලබාගන්න බැරි බව වටහාගත්ත ඉසබෙල් ඊලඟට මේ උපකරණෙ ඉල්ලල තර්ජණය කරන්නෙ එලේනට. තැනට සුදුසු නුවණ පාවිච්චි කල එලේනා, බොනී ලවා ඒ උපකරණෙ බල බිඳලයි ඉසබෙල් අතට දෙන්නෙ. කොහොමහරි යමින් ගමන් ඉසබෙල් කියන කතාවක් නිසා ස්ටෙෆන්-ඩේමන් දෙන්න අතරෙ පොඩි ප්‍රශ්ණයකුත් ඇතිවුණා අන්තිමේදි. ඔන්න ඔය විදියටයි ගිය කොටස අවසන් වුණේ..අද එතැන් සිට.. එහෙනම් මම ගිහින් එන්නම් , හමුවෙමු දෙවන කතා සමයෙන්.

 

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.8
86%
57%

Comments: 10

  • Dhanuja

    2 wen eka ikmanata senna

    2018-03-06 at 8:21 pm
    Reply
  • Dhanuja

    Deweni eka ikmanata Denna

    2018-03-06 at 8:22 pm
    Reply
  • gihan

    tnx saho sub ekta.season 2th ikmnatama complete karamu.

    2018-03-07 at 7:42 pm
    Reply
  • shaminda

    thanks mchn,digtma sub tika denna

    2018-03-09 at 12:37 am
    Reply
  • ishan

    elama machan s2 ekath karamu

    2018-03-09 at 11:33 am
    Reply
  • Pasindu

    Pattai sahoo deweni season ektath sub denna

    2018-03-12 at 1:37 pm
    Reply
  • Lahiru Rasadun

    ජයවේවා දිගටම sub දෙමු

    2018-03-14 at 9:59 pm
    Reply
  • Lakshan Sameera

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

    2018-03-30 at 6:03 pm
    Reply
  • Sumudu Nuwan

    thanks…………………..

    2018-08-18 at 7:11 am
    Reply
  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝදරයා…

    2018-12-22 at 7:26 am
    Reply

Leave a Reply to Dhanuja Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip