The Vampire Diaries (2009) [S02 : E22] Sinhala Subtitle

/

ඔන්න එහෙනම් ගෙනාවා The Vampire Diaries කතා මාලාවේ දෙවැනි කතා සමයේ අන්තිම කොටස. හැමෝම නොයිවසිල්ලෙන් හිටියේ කියලා මම දන්නවා. අපි පොඩ්ඩක් මතක් කරගමු කලින් කොටසේ උන දේවල්. මතක ඇතිනේ ටයිලර් වුර්කයෙක් වෙලා මැටුයි කරෝලින්ගේ පස්සෙනුයි ආවා. එතැනදී මැට් ටයිලර්ට වෙඩි තිබ්බා. ඒක නම් එච්චරම ප්‍රශ්ණයක් උනේ නැහැ. ඒත් එක්කම දැන් ක්ලවුස් ශාපය බිදින්න හදන්නේ. එයා ඩේමන්ට දෙන දඩුවමක් විදිහට එයාගේ වැම්පයර් විදිහට පාවිච්චි කරන්නේ ජෙනාව. එතකොට වෙයාවුල්ෆ් විදිහට පාවිච්චි කරන්නේ ජුල්ස්ව. ජෙනාට මැරෙන්න දෙන්න බැරි හින්දා ස්ටෙෆනුයි, එලයිජයි, බෝනියි එකතු වෙලා සැලැස්මක් හදනවා. ඒ තමා ජෙනාගේ තැන ස්ටෙෆන් ගන්න. ස්ටෙෆන් ක්ලවුස් ලගට ගිහිං කියුවත් ජෙනා වෙනුවට එයාව ගන්න කියලා ක්ලවුස් ඒක ඇහුවේ නැහැ. ඒ වගේම ක්ලවුස් එතැනදී කියුවා ස්ටෙෆන් ගැන වෙනස් විදිහේ සැලැස්මක් තියෙනවා කියලා. කොහොම හරි දැන් ප්‍රශ්නේ උනේ එලේනගේ ඇගේ වැම්පයර් ලේ තියෙන නිසා එලේනා ආපහු ජීවිතේට එන්නේ වැම්පයර් කෙනෙක් විදිහට. ඒක වෙන්න දෙන්න බෑ. ඒකට විසදුමක් හොයලා දෙනවා ජෝන්. ජොනතන් ගිල්බට්ගේ ජර්නලයෙන්. ඒක මායාවක්. ඒ මායාවට ප්‍රාණවත් කෙනෙක් බන්දනය කරන්න ඕන. හැබැයි අනිත් කෙනා ජිවිතයට ආවම බන්දනය උන කෙනා මැරෙනවා. ජෝන් තීරණය කරා බන්දනය වෙන්න. ජෝන් ලග තියෙන මුද්ද නිසා එයාට ආපහු මරණයෙන් එන්න පුළුවන්. ඒත් එයා පරපු වරදවල් ගැන පසුතැවෙන හින්දද මංදා එයා මුද්ද ගලවලා දැම්මා. එයාට තව දුරටත් ජිවත් වෙන්න ඕන නෑ කියනවා වගේ. ඒ වගේම ජෝන් එලේනට ලියුමකුත් ලියලා තිබ්බා. ඒකට නම් ටිකක් දුක හිතෙනවා. කොහොමින් කොහොම හරි ක්ලවුස් ශාපය බින්දා. ජෙනා වගේම ජුල්ස් මැරුණා. ක්ලවුස් හයිබ්‍රිඩ් කෙනෙක් බවට පත් උනා. කට්ටිය කතා උන විදිහට අන්තිමට බෝනි ගිහිං මන්තරය මැතිරුවා. අන්තිමේට එතනට එලයිජා ආවා ක්ලවුස්ව මරණ්න. ඒත් ක්ලවුස් කියුවා එයාගේ පවුලේ අයගේ ශරීර තාමත් තියෙනවා කියලා.ඒ වගේම එලයිජව එතනට එක්කන් යන්නම් කියලා. ඒ නිසා එලයිජා ක්ලවුස්ව අරං එතනින් පැනලා ගියා. ක්ලවුස්ව මැරුවේ නැහැ. ඒ වගේම ඩේමන්ව් වෙයාවුල්ෆ් හපාකෑමකට ලක් වෙලා තියෙන්නේ. අන්තිමේට ඩේමන් ඒ ගැන කියනවා ස්ටෙෆන්ට. ඕක තමා කලින් කොටසේ සාරාංශය.

අද කොටසේ තමා ඉතුරු හරිය ඔක්කොම තියෙන්නේ. වෙයාවුල්ෆ් හපාකෑමට ලක් උනා ඩේමන් මැරෙයිද? නැත්තම් බෙහෙතක් හොයාගනීද? ක්ලවුස් කියුවා මතක ඇතිනේ ස්ටෙෆන් ගැන වෙනම සැලැස්මක් තියෙනවා කියලා. ඒ සැලැස්මවල් මොනාද? එතකොට ක්ලවුස් උන පොරොන්දුව එලයිජට ඉටු කරයිද? කැතරින්ට මොන වගේ ඉරණමක් අත්වෙයිද? ඒ වගේම ෂෙරිෆ් මොන වගේ තීරණයක් ගනීද කැරොලයින් ගැන? මේ ඔක්කොම දේවල් වලට අද කොටසකින්, ඒ කියන්නේ අවසාන කොටසින් උත්තර දැනගන්න පුළුවන්. අද කොටස විකාශය වෙලා තියෙන්නේ May 12, 2011 දින As I Lay Dying නමින්. ලබා ගෙන තියෙන IMDB අගය 9.1ක් තරම් වෙනවා.

එහෙනම් තුන්වෙනි සමය ඉක්මනට ගේන්න බැරි උනත් කොහොමහරි ගේන්න උත්සහා කරනවා. මොකද වැඩ රාජකාරි ගොඩක් මැද ඔයාලට මේ කතා මාලාව අරගෙන එන්නේ. අනික උපසිරැසිය උපරිම ගුණත්වයෙන් තියෙන්නේ ඕන නිසා උපසිරැසිය නිර්මාණය කරද්දී ටික කාලයක් ගත වෙනවා. එහෙනම් මම යනවා. ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් The Vampire Diaries කතා මාලාවේ දෙවැනි කතා සාමය මේ ආකාරයට නිමා කරනවා. එහෙනම් මම ගිහිං එන්නම්. තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය!

As I Lay Dying

Stefan’s attempt at preventing a tragedy leads to him paying a terrible personal price; Sheriff Forbes makes a fatal mistake; consequences of the sacrificial ritual threaten lives.

7.7
IMDB

Year : 2009–2017

Actors : paul wesley, ian somerhalder, kat graham, candice king

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.

2023-02-10 06:24 pm
ExPERT Subtitler

Movies

3

Tv Episodes

39

  • Download : 1692
  • File Size : 17.841KB
  • Sandun rps Unregister User
    Android 5.1Chrome 50

    Jayawewa saho. 3 weni ekath demu mewagema,

    2018-10-14 at 9:22 am
  • RMC Unregister User
    Windows 10Firefox 62

    thankss sahoo ela.. jayawewaa…..

    2018-10-15 at 12:52 pm
  • Gayan Unregister User
    Android 8Chrome 69

    Thanks brother,,, s3 ekatath oni 😇

    2018-10-15 at 6:23 pm
  • kasun Unregister User
    Windows 7Waterfox 56

    thanks saho mekata sub dunnata awrudu ganak balan hitiya, s3 ekatath denna plzzzzz

    2018-10-15 at 6:24 pm
  • Benja Unregister User
    Android 7Chrome 60

    Thanx for the sub bro 🔥🔥🔥

    2018-10-16 at 5:09 am
  • menaka_2 User
    Windows 7Chrome 69

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි 😃s3 ඉක්මනටම ඔනේ …👍👍

    2018-10-16 at 11:26 am
  • chathuni Unregister User
    Windows 7Chrome 43

    thank you soooooooooooooooo much!!!!!!!!!!!!!!!!

    2018-10-17 at 5:40 pm
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10Chrome 69

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට 🤩 සීසන් 3 න් හමුවෙමු!🤗

    2018-10-18 at 10:59 am
  • Hiran D Ruwanpathirana User
    Android 7.1Chrome 69

    සබට බොහොම ස්තුතියි. ඉක්මනට ඊලඟ සීසන් එකත් දෙමු. ජය වේවා

    2018-10-19 at 2:33 am
  • isuru Unregister User
    Windows 10Firefox 62

    sub ekata thanks , 😇 puluwannan ikmanatama s3 ekatath denna plzzzz

    2018-10-19 at 1:22 pm
  • desh Unregister User
    Windows 8.1Firefox 63

    bohoma pin me katawa terenna balanne oya nisa

    2018-11-28 at 9:03 pm
  • Hasitha Unregister User
    Android 7Chrome 70

    ස්තුති සීසන් 3ටත් සබ් ඉක්මනටම දෙන්න….

    2018-12-23 at 12:11 am
  • උපසිරසියට ස්තුතියි සහෝ…

    2019-01-02 at 2:53 pm
  • Priyanwada Unregister User
    Android 9Chrome 80

    Thanks for this

    2020-03-29 at 12:32 pm
  • Nuwandika Dilshan User
    Android 9Chrome 81

    Thanks bro 👍

    2020-05-19 at 10:26 am
  • DILSHANMASS Unregister User
    Windows 10Opera 72

    jaya wewaa.. thankzzz

    2020-11-07 at 1:37 am
  • Manilka perera Unregister User
    Android 8.1Chrome 84

    thanks bro sub ekata :thumbsup:

    2021-05-11 at 6:56 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *