Thor: Ragnarok (2017) Sinhala Subtitle

Published January 27th, 2018 by

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් සියලුම දෙනාට.අපේ කවීෂ සහෝදරයගේ ඉල්ලීමක් අනුව අද මේ අරගෙන එන්නෙ මාවල් කොමික්ස් රසිකයන් බොහොම සැදීපැහැදී බලාසිටි චිත්‍රපටයක උපසිරසියත් අරගෙන.මුලින්ම කවීෂට ස්තූතිය පිරිනමන ගමන්ම එහෙනම් අපි යමු කතාබහට.මේ තමයි බොහෝ ඈත අතීතයක් ඇති  මාවල් කොමික්ස් විශ්වයෙන් බිහිවී පසුගිය වසරේ අප හමුවට ආ Thor :Ragnarok (2017).Dc රසිකයන් බොහෝ බලාපොරොත්තු තබා සිටි Justice league චිත්‍රපටය  සිතූතරම් සාර්ථක නොවුණත්, Thor ඇතුළු මාවල් වීරයොනම් ඉතා ඉහළ සාර්ථකත්වයක් ලබාගත්තා.ජනප්‍රිය නවසීලන්ත සිනමා අධ්‍යක්ෂක ටයිකා වයිටිටිගේ දායකත්වයෙන් අධ්‍යක්ෂණය වූ තෝර් රැග්නරොක් චිත්‍රපටය සම්මාන 16කට නිර්දේශ වී එයින් දෙකක් දිනාගන්නත් සමත් වුණා.ඒ විතරක් නෙමෙයි IMDB අගය 8.1ක් ලබා එහි හොඳම චිත්‍රපට 250 නාමාවලියේ 237වන ස්ථානයත් තමන් සතු කරගන්න සමත්කම් දක්වා තිබෙන අතර Rotten Tomatos වෙතින් 92%ක තරමේ විශාල අගයක් ලබා ගෙන ගූගල් පරිශීලකයන් 93%කගේ ප්‍රසාදයත් ලබාගත්තා.රංගනයන් ගැන කතාකලොත්  සුපුරුදු පරිදිම තෝර්ගේ චරිතයට මෙවරත් පණපොවන්නේ ක්‍රිස් හෙම්ස්වර්ත්, ලෝකි විදියට ටොම් හිඩ්ල්ස්ටන්, ඔඩින් ලෙස සර් ඇන්තනි හොප්කින්ස්, හයිම්ඩෙල් ලෙස ඉඩ්‍රිස් එල්බාත් ඊට අමතරව මාක් රෆෙලෝ (හල්ක්/බෲස් බැනර්), කේට් බ්ලැන්චෙට් (හෙලා), ටෙසා තොම්ප්සන් (ස්ක්‍රැපර් 142), ජෙෆ් ගෝල්ඩ්බ්ලම් (මහාස්වාමීන්) වගේ රංගන ශිල්පිශිල්පිනියන් පිරිසක් තමයි මෙයට රංගන දායකත්වය ලබාදෙන්නෙ.

දැන් යන්න තියෙන්නෙ චිත්‍රපටයේ කතාව පැත්තට වුණත් ඊට කලින් අපි කතා කරමු  2015 වසරේ තිරගත වුණ ඇවෙන්ජර්ස්: ඒජ් ඔෆ් අල්ට්‍රෝන් ගැන.නැගෙනහිර යුරෝපීය රටක් වන සොකෝවියාවෙ හයිඩ්‍රා ත්‍රස්ත සංවිධාන පරිශ්‍රය සාර්ථකව වටලන තෝර්, අයන්මෑන් (ටෝනි ස්ටාක්), කැප්ටන් ඇමරිකා (ස්ටීව් රොජර්ස්), හල්ක් (බෲස් බැනර්), බ්ලැක් විඩෝ (නතාෂා රොමනොව්) ඇතුළු ඇවෙන්ජර්ස් කණ්ඩායම ආපසු  එනවා.ඉන්පස්සෙ ටෝනි ස්ටාකුයි  බෲස් බැනරුයි දෙන්න එකතුවෙලා ලෝකයේ සහ මනුෂ්‍ය සංහතියේ  ආරක්ෂාව වෙනුවෙන් අල්ට්‍රෝන් පද්ධතිය නිර්මාණය කරනවා.නමුත් මනුෂ්‍යයාව අල්ට්‍රෝන් දකින්නේ තර්ජණයක් විදියටයි.ඉතින් මනුෂ්‍ය සංහතිය සහ අපේ මේ වීරයන් කණ්ඩායම විනාශ කරන්න උත්සාහ කරන අල්ට්‍රෝන්ලට විරුද්ධ සටන තමයි ඒජ් ඔෆ් අල්ට්‍රෝන්වලදි අපි දැක්කෙ.එයත් සාර්ථක කරගන්න ඔවුන් අතරින් තෝර් ආපසු ඇස්ගාඩය වෙත යනවා.තම හල්ක්භාවය නිසා නතාෂාට (බ්ලැක්විඩෝ)  කරදරයක් වෙනවා දකින්නට ඇති අකමැත්ත නිසා බෲස් බැනර්  ක්වින්ජෙට් යානයක නැගිලා යන්න යනවා.මම ඒ කිව්වෙ ඉතාම කෙටියෙන් කොමික්ස් රසිකයන් ඉතින් මට වඩා හොඳට දන්නව ඇතිනෙ  කතාව.කොහොමවුණත්  සුපුරුදු විදියටම CallBacks සහ Easter eggs ගොඩක් Ragnarok වලදි දකින්න පුළුවන් වෙයි.ඔක්කොම කියන්න ගියොත් ස්පොයිල් වෙන්න ඉඩ තියන නිසා එකක් දෙකක් විතරක් කියන්නම්.මතකද පලමු ඇවෙන්ජර්ස් චිත්‍රපටයෙදි ටෝනි ස්ටාක්, තෝර්ගෙ පිටට තට්ටුවක් එහෙම දාල දීපු අන්වර්ථ නම?ඒ තමයි “පොයින්ට් බ්‍රේක් ” ඒකට හේතුව පොයින්ට් බ්‍රේක් (1991) චිත්‍රපටයේ බෝධිගේ චරිතය රඟපෑව පැට්‍රික් ස්වේස්ගෙ කොණ්ඩයත් තෝර්ගෙ කොණ්ඩයත් සමාන වීම.මේ විහිළුවට කිව්ව නම තෝර්ට ඕනෙවෙනව Ragnarok වලදි.තව මතකද හල්ක්ව සන්සුන් කරන්න බ්ලැක් විඩෝ පාවිච්චි කරන නැලවිලි වාක්‍යය “ඉර බැහැගෙන යනවා”ඒකත් සෑහෙන්න පාවිච්චි වෙනව Ragnarok තුලදි.ඊට අමතරව මේ චිත්‍රපටය තුලදී තෝර් චරිතය වඩාත් හාස්‍යමය පැත්තට නැඹුරු කරන්න මාවල්ල වග බලාගෙන තියනව.ඒ විතරක් නෙමෙයි ටෝනි ස්ටාක්ටත් ඇතිවෙන්නම දීල තියනවා.ඔය කිව්ව මදෑ නේද?දැන් අපි යමු Ragnarok පැත්තට.

නෝස්මන් මිත්‍යා කථාවන්ට අනුව Ragnarok වචනයේ තේරුම “දෙවියන්ගේ ඉරණම”ලු.මේක අනාවැකියක් විදියටයි කියවෙන්නෙ.ඔන්න 2015දි පෘතුවියෙන්ඇස්ගාය බලා පිටත්වුණ තෝර්ගෙ ගමනට මගදි බාධාවක් වෙලා (එයාට විතරක් නෙමෙයි හැබැයි).තෝර් දැන් ඉන්නෙ සිරභාරයේ. එතනින් කොහොමහරි මිදිලා ආපසු ඇස්ගාඩයට යන තෝර්ට එතනින් පස්සෙ මුහුණ දෙන්න වෙන්නෙ මේ අනාවැකියෙ ප්‍රශ්ණෙට.මම ඊට වඩා දෙයක් කියන්නෙ නෑ, ඉතිරිය ඕගොල්ලන්ට බාරයි.එහෙනම් මම ගියා.තවත් උපසිරැසියකින් හමුවෙමු

විශේෂ :-

  • මිඩ් ක්‍රෙඩිට් දර්ශණයක් සහ පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයක් වශයෙන් ක්‍රෙඩිට් දර්ශන දෙකක් ඇතුලත් චිත්‍රපටය තුල.
  • මේකෙ අපේ හිත වැඩියෙන්ම ඇදෙන ගීතය. ලෙඩ් සෙප්ලින්ලගේ Immigrant Song.මේ අයගෙ ගීත චිත්‍රපට සඳහා ලබාදෙන්නෙ ඉතාම අඩුවෙන් නිසා මේක විශේෂ අවස්ථාවක්.ඕනෙ අයට මෙන්න ඒක.
  • ඩොක්ට ස්ට්‍රේන්ජ් බලපු අයට මතක ඇති එහි ක්‍රෙඩිට් දර්ශනයක තෝර් ඉන්නවා.ඒ ඇයි කියල බලාගන්න පුළුවන් මේ චිත්‍රපටයෙන්.
  • මාවල් සිනමා විශ්වයේ පළමු වතාවට මෙවර හල්ක්ට හඬ කවන්නේ Lou Ferrigno වෙනුවට Mark Ruffeloයි.
  • කේට් බ්ලැන්චෙට් විසින් හෙලාගෙ චරිතය බාර අරගෙන තියෙන්නෙ තියෙන්නෙ මාවල් කොමික්ස් රසිකයන් වන ඇගේ දරුවන්ගේ ඉල්ලීම මතයි. මේ චරිතය වෙනුවෙන්ම ඇය ඇෆ්රෝ-බ්‍රසීලියන් නම් ආත්මාරක්ෂක සටන් කලාවක් හැදෑරූ බවත් සඳහන්.
  • හැබැයි ජේන් ෆොස්ටර්ට පණ පෙවූ නැතලි පෝර්ට්මන් මෙවර චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ නෑ. ඒ වගේම  මින් ඉදිරියට කිසිදු මාවල් චරිතයකට දායක වන්නට තමන්ගේ අදහසක් නැති බවටත් ඇය ප්‍රකාශ කරලලු.
  • කෝග්ගේ චරිතයට හඬ දායකත්වය ලබා දීල තියෙන්නෙ අධ්‍යක්ෂක ටයිකා වයිටිටි විසින්මයි.මේ වගේ තව විස්තර රාශියක් තියනවා IMDB අඩවියේ.

Imprisoned on the other side of the universe, the mighty Thor finds himself in a deadly gladiatorial contest that pits him against the Hulk, his former ally and fellow Avenger. Thor’s quest for survival leads him in a race against time to prevent the all-powerful Hela from destroying his home world and the Asgardian civilization.

US
Download

Thor: Ragnarok (2017) Sinhala Subtitle

Download: 15559

File size : 52.43 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.1
93%
74%

Comments: 28

  • Kavisha Methruwan

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2018-01-27 at 10:18 am
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොමත්ම ස්තූතියි, කවීෂ 🙂
      (කවීෂනං ඉතින් Die hard DC නෙ)

      2018-01-28 at 1:01 am
    • Kavisha Methruwan

      ඔව්.හැබැයි මේ දවස් වල නම් ලැජ්ජාව වහගන්න ක්‍රමයක් නැතුව ඉන්නේ.Aqua man එකෙන්වත් ගොඩ යන්න බලන්න ඕන!

      2018-01-28 at 9:27 am
    • හසිත ප්‍රසාද්

      ඔව්නේ, බලමුකො Jason Mamoaගෙන් වැඩක් ගනීද කියල. ඩිරෙක්ටර් වැඩේ
      බාරදීල තියෙන්නෙ James Wan ටලුනෙ.

      2018-01-29 at 12:35 am
    • දමිත් ප්‍රියංකර

      ගොඩ යන්න බැහැ ..dc අයට …hik hik

      2018-02-03 at 3:03 pm
  • Suminda Lakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..☺️ඔබට ජය..?

    2018-01-27 at 10:38 am
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි, සුමින්ද 🙂

      2018-01-28 at 1:01 am
  • එරංග

    නියමයි සහෝදරයා.. ලිපිය කියෙව්ව. බ්ලූරේ එක එනකං ඉන්නව ෆිලුම බලන්න.. ජය වේවා.

    2018-01-27 at 10:42 am
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි, එරංග 🙂 බ්ලූරේ ආවම අප්ඩේට් එකක් දෙන්නම්. ( මේ ප්‍රින්ට් එකත් හොඳයි Web-Dl නිසා)

      2018-01-28 at 1:02 am
  • silentS

    Thnxxxxxxxxxxxxxxxx

    2018-01-27 at 10:54 am
    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-01-27 at 12:04 pm
    Reply
  • geeganagamage

    බොහෝම ස්තුතියි කියනවා අපිට බලන්න මේ වගේ සුපිරි ෆිල්ම් අරගෙන එනවට . ඒ වගේම Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

    2018-01-27 at 12:16 pm
    Reply
  • දමිත්

    චිත්‍රපටයට වඩා ලිපිය නම් සුසිරියටම ලියලා තියෙනවා හසිත සහෝ.
    පට්ට සවිස්තරාත්මක ලිපියක්.
    බොහොම ස්තුතියි උපසිරැසියට සහ මහන්සියට.
    ජයෙන් ජය.

    2018-01-27 at 1:12 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      ලිපිය හොඳින් ලියවෙලානම් ඒකෙ ස්තූතිය යන්න ඕනෙත් Subzlk ටම තමයි. මුල්කාලෙ සබ්වලට මම ලියල තියන ලිපි බැලුවොත් ඔයාටම තේරෙයි වැඩේ ? (පාසල්කාලෙත් එසේමයි) . බොහොම ස්තූතියි දමිත් ප්‍රතිචාරයට ? ?

      2018-01-28 at 1:08 am
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2018-01-27 at 3:43 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි, මධූෂ 🙂

      2018-01-28 at 1:08 am
  • Pasindu Amarasinghe

    ලිපියට බොහොමත්ම ස්තූතියි හසිත සහෝ??
    ඔබට ජය???
    මොකද එහෙම කිව්වෙ සබ් එකට වඩා වටින්නෙ ඔයාගෙ ලිපියයි??

    2018-01-27 at 5:22 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      ආහ්…බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂 ලිපි ලිවිල්ල හදාගත්තෙම Subzlk වලට ලිපි ලියලමයි, මගෙ මුල්කාලෙ ලිපි බැලුවොත් තේරෙයි වැඩේ ? .

      2018-01-28 at 1:11 am
  • Lakshan Sameera

    නියමයි හසිත සහෝ!
    සබ් එක වගේම පෝස්ට් එකත්…!
    බලාගෙන හිටියේ කවුරු මේක කරයිද කියලා….එල එල!
    ජය!
    ???

    2018-01-28 at 5:40 am
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි, ලක්ෂාන් 🙂

      2018-01-29 at 12:28 am
  • Sam fisher

    team up වෙන නැත්නම් කල්ලි ගැහිල වැඩෙ දෙන මුවිස් මාවල්ල ඇවෙන්ජස් ගෙනල්ල super hit කරාට dc
    ලනම් තාම බඩගාන වයසෙ ඉන්නෙ.මාවල් Tv show,movie බලනකොට තෙරෙන දෙයක්තමා කතාවwell writen,හරිම smart(දෙබස් ඇතුලු අනිත් හැමදෙම arrow,flash බලන්න තනිකර පවුල් ප්‍රශ්න,හින්දි කතාවලවත් නැති විදිහට සහ තවත් මදි නොකියන්නbullshit විතරයි)avenger ඇතුලු ආව හැම මාවල්මුවි බලන අයට පෙන්නෙ හිරොලටික දෙන වැඩටික පෙන්නැ පුටුවල ඉදන් වැඩදුන්න ලොකුඋන්දල ටික,එ අයගේ සාර්තක team up එක(imdb 250 ඇතුලට ගෙන්න තරම්,එකක්නම් කමන්නැ දැන්2 කයි dc ල ?????????)මාවල් සෙට් එකෙ හැකියාව තමා එ මුවිවලින් අපිට පෙන්නෙ.ස්තුති සහො සුපිරි film එකට

    2018-01-28 at 4:16 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      කාලෙකින් දැක්කෙ, Amigo. කොහොමද ඉතිං, සෑම්? Flash නං බලලම නෑ, Arrow හරිනං ඉවර කරන්නයි තිබුණෙ සීසන් 2න්. 3වෙනි සීසන් එකේ බාගයක් බලල මං අතෑරලම දැම්ම ( පවුලෙ ප්‍රශ්ණයි මැරෙන ආයි ආයි උපදිනවයි ඉවරයක් නෑනෙ). Dc දැන් උඩට ගන්නනං නෝලන් මහත්තය වගේ හරියන කෙනෙකුට දෙන්න වෙනව එකක් ආයිත් ❤️The Dark Knight Trilogy ❤️

      2018-01-29 at 12:27 am
  • mithun

    Roman J. Israel, Esq.
    2017 ‧ Crime film/Thriller
    මෙකටත් සබ් එකක් දෙනවද සහෝ

    2018-01-28 at 4:40 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      අ… හොඳ ෆිල්ම් එකක් වගේ නේද? දෙන්න බලන්නම් මිතුන් 🙂

      2018-01-29 at 12:13 am
  • Dushan

    Thanks….Niyamai….Jaya wewa !!!

    2018-01-29 at 10:51 am
    Reply
  • PraveenKF

    thanks.. patta

    2018-02-19 at 7:49 am
    Reply
  • ලක්ෂාන්

    Subtitles nam subz.lk eke හසිත ප්‍රසාද් තමා. Tnanks and Good LUCK

    2018-12-16 at 6:51 am
    Reply
  • udayanga

    Thanks.. jaya wewa !!!

    2019-03-04 at 9:08 am
    Reply

Leave a Reply to mithun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip