Tides (2021) Sinhala Subtitle

Published July 8th, 2021 by

බොහෝ දෙනා වෙනුවෙන්

 

                       හැමෝටම ආයුබෝවන් කියනවා. තවත් නවතම සිනමා පටයක් අරගෙනයි අද subz.lk එකට ගොඩ වැදුනේ. මේක ජර්මන්-ස්විස්ටර්ලන්ත චිත්‍රපටයක්. භාෂාව ඉංග්‍රීසි. නම තමයි Tides. මේක The Colony කියලත් හැඳින්වෙනවා. පසුගිය 2021 මාර්තු 01 දින බර්ලිනයේ පැවති 71st Berlin International Film Festival එකේදි තමයි මුල් වරට එලිදක්වලා තියෙන්නෙ. ඒකත් ඔන් ලයින් හරහා. මුල් වරට තිරගත කිරීමක් 2021 අගෝස්තු 05 නවසීලන්තයේදී වෙන බවක් තමයි ආරංචියට තියෙන්නෙ. 5.6/10 ක IMDb අගයක් ලබාගෙන තිබෙන අතර Mystery, Sci-fi, Thriller යන කාණ්ඩ වලට අයත් වෙනවා. Nora Arnezeder (ලුයිස් බ්ලේක්), Iain Glen (ගිබ්සන්), Sarah-Sofie Boussnina (නාර්වික්) සහ Joel Basman (පාලිං) යන ශීල්පීන් ප්‍රධාන චරිත වලට දායක වෙනවා. ධාවන කාලය විනාඩි 104 යි.
කතාව ගැන කියනවනම් මේක විද්‍යා ප්‍රබන්ධ කතාවක්. නුදුරු අනාගතයේදී කාලගුණික විපර්යාස, වසංගත හා යුද්ධ නිසා ලෝකය ජීවත්වීමට සුදුසු නැති තත්ත්වයට පත්වෙලා මිනිසුන් මැරෙන්න පටන්ගන්නවා. පාලකයන් ඇතුලු ඉහළ තලවල අය පෘථිවිය අතහැරලා ගිහින් කෙප්ලර් 209 කියන ග්‍රහ ලෝකයේ පදිංචි වෙනවා. එහෙ වායුගෝලය ජීවයට සුදුසු නෑ. මිනිස්සු ජීවත් වෙන්නෙත් ජෛව ගෝල ඇතුලෙ. පරම්පරා දෙකකට පස්සෙ ඔවුන්ට පෘථිවියේ ජීවයක් පවතින බවට යම් සංඥාවක් ලැබෙනවා. ඒ වනවිට ඔවුන් වඳවී යාමේ තර්ජනයකට ලක්වෙලා ඉන්නෙ. මොකද ඔවුන්ගේ ප්‍රජනන ශක්තිය දුර්වල වීමෙන් තව දුරටත් ළමයි ඉපදීම නැවතී තිබෙන නිසා. ඉතින් නැවත පෘථිවියට ගොස් පදිංචි වීමට හැකියාවක් ඇත්දැයි සොයා බැලීමට යුලිසීස් 1 යානය පෘථිවියට එවනවා. ගොඩ බැහැලා ටික දවසකින් ඒක අතුරුදහන් වෙනවා. ඊට අවුරුදු ගානකට පස්සෙ යුලිසීස් 2 එවනවා. චිත්‍රපටය පටන් ගන්නෙ එතනින්. ඒ යානයේ එන එක් ගගනගාමියෙක් තමයි, ලොයිස් බ්ලේක්. ඇය ගොඩක්ම එන්නෙ යුලිසීස් 1 මෙහෙයුමට ආපු එයාගෙ තාත්තා හොයා ගන්නත් එක්ක. එයාල පෘථිවියට ගොඩ බැස්සාම, දිවි බේරාගැනීමට සමත්වෙලා ඉන්න කුඩ ජන කණ්ඩායමක් මෙයාලව අල්ලගෙන හිර කරනවා. ඒ අතරෙ තවත් මිනිස්සු කණ්ඩායමක් ඇවිත්, ඒ ජනයාට පහරදීලා, මරාදාලා ළමයින්ව පැහැරගෙන යනවා. නාර්වික් කියන්නෙ එහෙ තරුණ කාන්තාවක්. ඇයගේ කුඩා දියණියත් පැහැරගැනීමට ලක්වෙනවා. ඇයව බේරගෙන ඒමට නාර්වික් භයානක ගමනක් ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් තවත් කෙනෙක් ඇය සමග හිට ගන්නවා. ඒ තමයි ලොයිස් බ්ලේක්.
මේකෙ අසභ්‍ය දර්ශන නෑ කියල විශේෂයෙන්ම කියන්න ඕනෙ. ජය වේවා.

SUB FORMAT  –  SRT  &  IDX

♣♣  BRRip / 720p / 1080p  ♣♣

US

Download Links:

Download Torrent BRRip 720P පිටපත 960 MB Download Torrent BRRip 1080P පිටපත 1.9 GB Download Direct BRRip 720P පිටපත 960 MB uptobox
Download

Tides (2021) Sinhala Subtitle

Download: 1479

File size : 1.92 MB

Rasika Samanjith

TV EPISODES : 0
MOVIES : 124
5.6
43%
48%

Comments: 10

  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-07-09 at 6:54 am
    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    2021-07-09 at 8:01 am
    Reply
  • Inuka Wijerathna

    සබ් එකට ස්තූතියි
    නියම ෆිල්ම් එකක් වගේ බලන්නම ඕනි.

    2021-07-09 at 8:17 pm
    Reply
    • Rasika Samanjith

      ඔව් මල්ලි. වටිනා පණිවුඩයක් සමඟ.

      2021-07-13 at 1:54 pm
  • Tharindu Dananjaya

    Vampire diaries ඉතුරු ටික දෙන්නේ නැද්ද 😤😤😤

    2021-07-09 at 11:08 pm
    Reply
    • Rasika Samanjith

      ඒක කරපු අයව මන් දැනුවත් කරන්නම්. ඔයා ඇඩ්මින්ටත් ඉල්ලීමක් යවන්න.

      2021-07-13 at 1:57 pm
  • STR

    Sthuthiy saho… subtittle eka hoya hoya hitiye

    2021-07-10 at 9:50 pm
    Reply
    • Rasika Samanjith

      අහක බලන් නොගියට ස්තූතියි, සහෝ.

      2021-07-13 at 1:58 pm
  • Madusha

    බොහෝම ස්තූතියි සබ් එකට සහෝ

    2021-07-28 at 6:31 pm
    Reply

Leave a Reply to Tharindu Dananjaya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip