Timecop (1994) Sinhala Subtitle
අපරාධකරුවන් සොයා අතීතයට
"අවුරුදු දහයකට පෙර ඔහුගේ බිරිඳ ඝාතනය කරන ලදි. නමුත් ඇය බේරාගැනීමේ අවස්ථාව තාමත් ඔහුට ඇත. එවැනි කතා තේමාවක් රැගත් අපූරුතම සිනමා පටයක් තමයි මෙවර ඔයාලා වෙත අරගෙන ආවේ. ඒ තමයි සුපිරි සටන් නලු Jean Claude Van Damme ගේ TIMECOP. 1994 සැප්තැම්බර් 16 දින ඇමරිකාව දෙවනත් කරමින් ප්‍රදර්ශනය ඇරැඹූ "ටයිම්කොප්" තම ගමන අවසන් කලේ, එදා මෙදා තුර වෑන් ඩෑම් ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපට අතරේ ඉහලම ආදායම් වාර්තාව පිහිටවූ සිනමා පටය හැටියට අභිෂේක ලබමින්. ඒ වගේම බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො.මිලියන 100 ඉක්මවූ ඔහුගේ දෙවන චිත්‍රපටය බවට පත්වෙමින්. සිනමාශාලා 2228 ක එකවර ප්‍රදර්ශනය ඇරැඹූ "ටයිම්කොප්" ආරම්භයේදීම අංක එක බවට පත්වෙමින් පලමු සතිය තුල ඇ.ඩො. 12,064,625 ක වාර්තාගත ආදායමක් උපයාගත් අතර එය එක් සිනමාශාලාවක සාමාන්‍ය ඇ.ඩො. 5415 ක් ලෙස සටහන් විය. නැවතත් අංක එකේ ස්ථානයට පත්වෙමින් දෙවන සතියේදී ඇ.ඩො. 8,176,615 ආදායමක් වාර්තා කල අතර ඒ අනුව ඇමරිකාව තුල ඇ.ඩො.මිලියන 45 ක්ද, ඇමරිකාවෙන් පිටත ඇ.ඩො.මිලියන 57 ක්ද උපයා ගනිමින් සමස්ත බොක්ස් ඔෆීස් ආදායම ලෙස ඇ.ඩො.මිලියන 101.6 ක් තම ගිණුමට බැරකර ගැනීමට සමත්වුනා. මේ ෆිල්ම් එකේ වෑන් ඩෑම්ගෙ රඟපෑමද, ඔහුගේ හොඳම රඟපෑම ලෙස විචාරකයන්ගේ පැසසුමට ලක්වුනා. ඇමරිකාවේ නිව් යෝක් නගරය මූලික කරගෙන පළවන මාසික සඟරාවක් වන "Entertainment Weekly" හී 2010 නොවැම්බර් කලාපයේ "Underrated Films" ලිස්ට් එකටද "ටයිම්කොප්" ඇතුලත් වූ අතර ඒ හුදෙක්ම වෑන් ඩෑම්ගේ රංගනය නිසාම විය. මේක Action, Crime, Sci-fi වර්ග වලට වැටෙන American ෆිල්ම් එකක්.
Cast Van Damme - මැක්ස් වෝකර් Mia Sara - මෙලිසා වෝකර් Ron Silver - සෙනෙටර් මැකෝම්බ් Bruce McGill - ඉයුජේන් මටුසැක් Gloria Reuben - සාරා ෆීල්ඩින් "ටයිම්කොප්" එල්ඩී තැටි (Laser Disc) මාධ්‍යයෙන් 1995 පෙබරවාරි 28 දින මුලින්ම නිකුත්වූ අතර 1998 වර්ෂයේදී DVD මාධ්‍යයෙන් නිකුත්විය. 2010 වසර වනවිට එහි අයිතිය Largo successor InterMedia අතටද, බෙදාහැරීම Warner Home Video අතටද පත්ව තිබූ අතර, "වෝනර් හෝම් වීඩියෝ" වෙතින් මෙහි බ්ලූරේ තැටිය 2010 සැප්තැම්බර් 14 දින නිකුත් විය. එය 2:35:1 පුලුල්තිර සහ ධාවන කාලය විනාඩි 98 ක්වූ "Uncut Version" එකක් විය. ඔබ වෙත අපි ලබා දෙන්නේ එම පිටපතයි. මේක Time Travel, නැත්නම් කාල තරණය පිළිබඳ කතාවක්. කාල වකවානු ගණනාවක් එහාට මෙහාට ගමන් කරන අතර ප්‍රධාන පසුබිම වන්නේ 2004 වර්ෂයයි. කාල තරණය කිරීම මුදල් ඉපයීමේ සාර්ථකම මාර්ගයක් වටහා ගන්නා ඇමරිකන් රජය එය ඒ සඳහා රහසිගතව පාවිච්චි කරනවා. එය නියාමනය කිරීම සඳහා T.E.C. නමින් ආයතනයක්ද පිහිටුවා තියෙනවා. එහි ප්‍රධානියා ඉයුජේන් මටූසැක්. අතීතය වෙනස් කිරීම මගින් ලෝකයට ඉතා අනතුරුදායක ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය විය හැකි බැවින්, මෙම ආපසු ගමන් කිරීම් වලදී අතීතය වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. එසේ වෙනස් කිරීම හෝ වෙනස් කිරීමට තැත් කිරීම නව නීති අනුව මරණීය දඬුවම ලැබෙන වරදක්. එවැනි ක්‍රියා නැවැත්වීමට සහ ඔවුන් සොයා අත් අඩංගුවට ගෙන රැගෙන ඒමට සිටින පොලිස් කණ්ඩායමේ සාමාජිකයෙක් තමයි, ඒජන්ට් මැක්ස් වෝකර්. දක්ෂ අවංක, ඉතා හොඳ මෙහෙයුම් අතීතයක් ඇති නිලධාරියෙක්. ඔහුගේ අලුත්ම මෙහෙයුම තමයි අතීතයට ගොස් නීති විරෝධී ලෙස මුදල් උපයන, මැක්ස්ගේම සහකාරයා වන ඇට්වුඩ් රැගෙන ඒම. ඇට්වුඩ් ඉත්තෙක්. ඔහුගේ පවුල මරන බවට තර්ජනය කරමින් ඔහුව ඒ ක්‍රියාවේ යොදවන කෙනා අත් අඩංගුවට ගැනීමයි මැක්ස්ගේ අරමුණ. ඇට්වුඩ් ඔහුගේ නම කියනවා. ඔහු පොඩි පහේ පුද්ගලයෙක් නොවේ. ඒ වනවිටත් ඇමරිකාවේ ජනාධිපතිවරණයට තරඟ කරමින්, ඉදිරියෙන්ම සිටින සෙනෙට් සභික ඇරන් මැකෝම්බ්. ඔවුන්ට හැප්පෙන්නට සිදුවන්නේ අනාගත ලෝකයේ බලවත්ම පුද්ගලයා සමඟ බව දැනගන්නා, මටූසැක්ද ඒකට අදි මදි කරනවා. මේ කාල තරණය මුලින්ම සොයාගන්නේ මීට අවුරුදු 10 කට කලින්. ඒ කියන්නෙ 1994 වසරේදී. එතකොට මැක්ස් සාමාන්‍ය පොලිස් නිළධාරියෙක්. T.E.C එක සඳහා ඔහුව තෝරාගත් දින රත්‍රිය ඔහුගේ ජීවිතයේ අවාසනාවන්තම රාත්‍රියයි. ඒ රාත්‍රියේ මැක්ස්ගේ පවුලට, නොහඳුනන කණ්ඩායමකින් ප්‍රහාරයක් එල්ල වෙනවා. නිවස සම්පූර්ණයෙන්ම පුපුරුවා හරිනවා. මැක්ස්ගේ ආදරණීය බිරිඳ, මෙලිසාත් ජීවිතක්ෂයට පත්වෙනවා. වෙඩි වැදුනත් මැක්ස්ට ජීවත්වෙන්න වාසනාව ලැබෙනවා. වසර 10 ක් ගතවී ඇතත් මෙලිසාව බේරාගැනීමේ අවස්ථාවක් තාමත් මැක්ස්ට තියෙනවා. නමුත් ඔහුට ඒකට අවසර නෑ. ඔහුට මෙලිසා බේරාගත හැකිවේද? ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කලේ කවුද? ඇයි? මැකෝම්බ්ව නීතිය ඉදිරියට ගේන්න හැකිවේද? එහිදී ඔහුට මොන මොන දේ වලට මුහුණ දෙන්න සිදු වේවිද? උත්තරය = "ටයිම්කොප්". ජය වේවා.
♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣
ඔබටත් ඉඩක්... ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.
5.9
IMDB
IMDB
Year : 1994
Actors : Jean-Claude Van Damme,Mia Sara,Ron Silver,Bruce McGill
Directed by Peter Hyams. With Jean-Claude Van Damme, Mia Sara, Ron Silver, Bruce McGill. Max Walker, an officer for a security agency that regulates time travel, must fend for his life against a shady politician who's intent on changing the past to control the future.
2024-11-17 01:19 pm
SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 717
- File Size : 2.946MB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Download Links:
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2024-11-16
Updated : 2024-11-15
Updated : 2024-11-15
Updated : 2024-11-11
Updated : 2024-11-11
Updated : 2024-11-10
Updated : 2024-11-08
Updated : 2024-11-07
Updated : 2024-11-04
Updated : 2024-11-01
Updated : 2024-10-28
Updated : 2024-10-28
Android 8.1Chrome 86
ගොඩක් ස්තූති සබ් එකට
මේ ෆිල්ම් එකට සබ් දෙනකම් බලන් හිටියේ
මේ වගේ පරන ෆිල්ම් වලට සබ් දෙන්න
Windows 10Chrome 87
Aniwaaren. Thanx Bro.
Windows 10Chrome 87
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් මේ චිත්‍රපටි ටිකටත් සබ් දෙන්න පුලුවනි නම්.
Once Upon Time in China – 1991
Once Upon Time in China 2 – 1992
Once Upon Time in China 3 – 1992
Once Upon Time in China and America – 1997
Swodsman 2 – 1992
The Bodyguard from Beijing – 1994
Street Fighter – 1994
Windows 10Chrome 87
full try karannam. Thanx.
Android 9Chrome 87
Thanks jayawewa……!
Windows 10Chrome 87
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Android 8.1Chrome 87
Thank you very much :raised_hands:
Windows 7Firefox 83
hiiiiiiiiiiiii
Android 9Chrome 80
තෑන්ක්ස් සහෝ