Tridev (1989) Sinhala Subtitle

/
වීර තුන් කට්ටුවේ සටන

                           අතිශය ජනප්‍රිය වුනු KGF : CHAPTER 1චිත්‍රපටයේ Mouni Roy ගේ නර්තනයෙන් ( Mouni Roy කිව්වම නම් ගොඩක් අය හඳුනගන්න එකක් නෑ. ප්‍රේම දඩයමේ ශිවන්‍යා කිව්වොත් නම් මතක් වෙයි. ) සහ Neha Kakkar ගේ ගායනයෙන් හැඩවුනු, "ගලී ගලී මේන් පිර්තා හේ" ගීතය ඔයාලට මතක ඇති. යූ ටියුබ් එකේ මිලියන ගානක් නරඹපු ඒ ගීතය පරණ ෆිල්ම් එකක තිබ්බ ගීතයක රීමේක් එකක්. ඒ වගේ මියුරු ගීත ගොන්නකින් සමන්විත වුනු ඒ චිත්‍රපටය සටන්, නැටුම්, ගැයුම් වැයුම් වලින් පිරුණු බ්ලොක්බස්ටර් ෆිල්ම් එකක්. ඒ තමයි Tridev. මුලින්ම තිරගතවුනේ 1989 ජූලි 07 දිනයි. Action, Crime, Drama, Thriller යන ශානරයන්ට අයත්වුනු මේ රසාලිප්ත නිර්මාණයේ ධාවන  කාලය පැය 2 විනාඩි 39 යි. වාණිජමය අතින් අතිශය සාර්ථක වුනු "ත්‍රිදේව්" ඉ.රු. කෝටි 17 ක ( 2023 වසර හා සංසන්දනය කරනකොට කෝටි 182 ක ) බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත්තා පමණක් නොව 1989 වසරේ ඉහළම ආදායම් වාර්තාකල චිත්‍රපට අතරේ තුන්වන ස්ථානයට පත්වෙන්නත් සමත්වුනා. එය පරාද වුනේ සල්මන් කාන්ගේ Maine Pyar Kiya සහ අනිල් කපූර් හා ජැකී ශ්‍රොෆ් රඟපෑ Ram Lakhan ටයි. ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ සම්මාන හයකට නිර්දේශ වී ඉන් දෙකක් දිනාගන්නත් සමත්වුනා. අධ්‍යක්ෂනය කලේ Rajiv Rai. Naseeruddin Shah (ජේ), Sunny Deol (කරන්), Jackie Shroff රවී), Madhuri Dixit (දිව්‍යා), Sangeeta Bijlani (නටාශා), Sonam (රේණු), Anupam Kher (කමිෂනර් මාතුර්) සහ Amrish Puri (බයිරව් සිං / භූජන්) යන හින්දි සිනමාවේ දැවැන්තයන් රැසක් රංගනයෙන් එකතුවුනා. මෙය පසුකාලීනව 'Nakshatra Poratam' නමින් තෙලුගු සිනමාවටද නැගුනා.                  චිත්‍රපටය ලැබූ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් හේතු වුනා. එකක් සුපිරි තරු තුනකගේ  එකතුව. සනී, නසරුදීන් සහ ජැකී. අනෙක සංගීතය. Kalyanji-Anandji සහ Viju Shah ගේ සංගීතයෙන් හැඩවුනු අතිශය ජනප්‍රිය ගීත රැසක් මෙහි අඩංගු වුනා. ඒ ඔක්කොම සුපර් හිට් ගීත. සියලුම ගීත රචනා කලේ Anand Bakshi.

1. "Main Teri Mohabbat Main"  - Mohammed Aziz & Sadhana Sargam 2. "Tirchi Topiwale"                       - Amit Kumar & Sapna Mukherjee 3. "Gali Gali Mein Phirta Hai"   - Manhar Udhas & Alka Yagnik 4. "Gajar Ne Kiya Hai Ishara"    - Alka Yagnik, Sadhana Sargam & Sapna Mukherjee 5. "Raat Bhar Jaam Se"                - Alisha Chinoy 6. "Tirchi Topiwale (Part 2)"     - Amit Kumar & Sapna Mukherjee

භූජන්, එහෙම නැත්නම් බයිරව් සිං කියන්නෙ දරුණු අපරාධකල්ලි නායකයෙක්. විශාල අපරාධ සංවිධානයක් ඔහු සතුයි. කරන් කියන්නෙ තරුණ පොලිස් පරීක්ෂකවරයෙක්. බොරු වරදකට හසුකර භූජන් ඔහුව ඈත පළාතකට මාරු කර යවන අතර පසුව ඔහුව එහිදී ගිනි තබා මරා දමන්න උත්සාහ කරනවා. මුලු ලෝකයම ඔහු මියගියා කියල හිතුවත් කරන් දිවි ගලවාගන්නවා. එම ගමේ තරුණයෙක් වන ජේ නගරයට එන්නේ, අවුරුදු 20 කට පෙර, ඔහු කුඩා කාලයේදී, තම පියා ඝාතනය කල බයිරව් සිං හොයාගෙන. රවී කියන්නෙ පොලිස් කමිෂනර්ගෙ පුතා. කමිෂනර්ගෙ දුවව භූජන් විසින් පැහැරගන්නා අතර ඇයව බේරගන්න, භූජන්ගේ පුතාට හිරෙන් පැනල යන්න රවී උදව් කරනවා. ඒ නිසා පොලිසිය හොයන අපරාධකාරයෙක් වන රවී, භූජන්ව විනාශ කරන්න හිතේ තියාගෙන ඒ කල්ලියට එකතුවෙනවා. අන්තිමේදී භූජන්ගේ විනාශය වෙනුවෙන් කරන්, ජේ, රවී යන තුන් කට්ටුව එකට අත්වැල් බැඳ ගන්නවා. ඔවුන්ගේ යුද්ධයයි "ත්‍රිදේව්". මේ රසාලිප්ත සලරුව රස විඳින්න කියල ආරාධනා කරමින් නවතින්නම්.

ජය වේවා.

QUALITY // 480p - 430mb // 720p - 1.4gb

SUB FORMAT // SRT

♣♣ WEBRip / 480p / 720p ♣♣

6.5
IMDB

Year : 1989

Actors : Sunny Deol,Naseeruddin Shah,Jackie Shroff

2023-03-19 05:51 pm
Admin

Movies

131

Tv Episodes

0

  • WEBRip
  • Download : 110
  • File Size : 141.918KB
  • Isuru Unregister User
    Android 10Chrome 127

    Puluwannam sunny deol ge damini film ekatath sub denna

    2024-08-07 at 12:39 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *