Triple Threat (2019) Sinhala Subtitle

Published March 26th, 2019 by

ආයුබෝවන් සියලු දෙනාටම අද ඔයාලට අරගෙන ආවේ අලුත්ම අලුත් නියම ෆිල්ම් එකක් ඒ තමයි Triple Threat මේක ඔයාලට ඉක්මනටම අරගෙන එන්න ඕනිකම තිබුනා හැබයි කරන්ටෙක නිතර නිතර කපන හින්දා ටිකක් පරක්කු වුනා. හරි කොහොම හරි ඔන්න ඉතින් අරගෙන ආවා මං පොඩි විස්සතරයක් කරන්නම් අපි හැමෝම දන්නවනෙ Tony Jaa එහෙම නැත්තං හරියටම දන්නෙ Ong Bak කිව්වම තමා

මතක ඇතිනෙ අපි ඒ දවස්වල ආසාවෙන් බැලුවේ මෙයාගේ ඒ ෆිල්ම් බලලා තමයි මමනං ගහගන්නත් ගිහින් තියෙනවා ඒවා බලලා ?? ඒ තරම් ගැම්මක් තියෙනවා ඒ ෆිල්ම්වල හැබැයි Tony Jaa දැන් ටිකක් එයාගෙ සටන් විලාශය වෙනස් කරලා තුවක්කුවලට බැහැලා කියලා තමා මට නම් පේන්නෙ ඉතින් මේ කතාවේ මෙයා තමා ප්‍රධාන නලුවා එතකොට මේකේ ඉන්න අනිත් චරිතත් ටිකක් ලොකු චරිත අපි පොඩ්ඩක් එයාලා ගැනත් කතා කරමුකො.

Scott Adkins

මෙයත් නම කිව්වම දන්නෙ නැතුව ඇති මෙයාත් සුපිරි වැඩ්ඩෙක් තමා ඒ වගේම මෙයාට ටොනිජට වගේම ඇත්ත ජිවිතේත හොදට සටන් පුලුවන් එහෙනම් මෙයා කවුද කියලා අපි බලමුකො

Ninja: Shadow of a Tear

මම නම් මෙයාව ඉස්සෙල්ම දැක්කෙ මේ නින්ජා ෆිල්ම් එකේදි ඔයාලා තවත් දන්නවා ඇති. මෑත කාලයේදි අහන්න ලැබුනු Boyka කියන නම හැමෝම අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා.

Boyka: Undisputed ෆිල්ම් එක හැමෝම බලලා ඇති කවුරැ හරි බලලා නැත්තනම් අනිවා අරන් බලන්න සුපිරිම ෆිල්ම් එකක් තමයි ඒකත් ඉතින් මෙයා ගැන තියෙන්නෙ මෙච්චරයි. අපි අනිත් අය ගැන පොඩ්ඩක් බලමු කවුද කියලා.

Blood and Bone
මේ තමයි michael jay white මෙයාත් සුපිරිම නලුවෙක් තමයි ඉතින් මෙයත් මේයාගේ මේ ෆිල්ම් එකත් හිට්වුන ෆිල්ම් එකක් ඒකත් ඔයාලට අරන් බලන්න කියලා මම ඔයාලට කියනවා ඒ වගේම තමයි මෙයා තව ඉන්න ෆිල්ම් එකක් තමයි අපි කවුරැත් දන්න බැට් මෑන් ෆිල්ම් එක ඒ වගේ සුපිරි ෆිල්ම්වල ඉන්න සෙට් එකත් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නෙ.

Tiger Hu Chen නම කිව්ව පලියට නම් ඉතින් මෙයාවත් දන්නෙ නැ බලන් ගියහම අපි නමින්
කවුරැවත් දන්නෙ නැ හරි එහෙනම් ඉක්මනටම මෙයා ගැනත් කියන්නම් මෙයාත් ප්‍රධාන චරිත කෙනෙක් තමා ඒ වගේම මෙයාටත් හොදට සටන් කරන්න පුලුවන් මෙයා ඉන්න ෆිල්ම් එකක් ගත්තොත් අපි එැමෝම දන්න

Man of Tai Chi
දැන් නම් ඉතින් දන්නවා ඇතිනෙ කවුද කියලා මේකත් ඒ කාලේ සුපිරි හිට් එකක් තමයි මේක එහෙම බලල නැත්නම් ඉතින් වැඩක් නැ ආයේ ෆිල්ම් බලලා.

ඉතින් චරිත ගැන නම් ඔච්චරයි කියන්න තියෙන්නෙ කතාව ගැන පොඩ්ඩක් කිවුවොත්…

ටියාන් ෂියො සි්‍යෑන් කියන්නෙ චිනයේ ප්‍රධාන කෙනෙක් ඉතින් මෙයාගේ තාත්තා මිනිස්සුන්ට හුගක් උදව් කරපු කෙනෙක් ඒ නිසා මෙයත් අසරන අයට උදව් කරනවා ඒ වගේම ඒ රටේ අපරාධ
අඩු කරන්න මෙයා වැඩ කරනවා ඒ අස්සෙදි තමයි මෙයාව මරන්න කල්ලියක් ඇවිත් පායු මෙකේ ප්‍රධාන චරිතෙ එක්ක එහෙම සෙට් වෙන්නෙ පායු කියන්නෙ හිටපු සොල්දාදුවෙක් එයයි එයාගේ යාලුවයි සල්ලි වලට ගහගන්න තැනක තමා ඉන්නෙ මෙයාලා අර මුලින් කිවුව කල්ලිය රවට්ටලා මෙයාලව කුලියට අරන් පස්සෙ මෙයාලව මැරෙන්න දාලා එනවා ඊට පස්සෙ තව හුගක් සිද්දි වෙනවා ඒ සේරම කිවුවොත් ඔයාලට ෆිල්ම් එක බලන්න වෙන්නෙ නැනේ ඒ හින්දා කතාව ඉස්සරහට ඔයාලම බලන්න මොකද වෙන්නෙ කියලා.

මේකෙ අනිත් විස්තර ගත්තොත් කියන්න තියෙන්නෙ මේකේ Imdb අගය – 6/ 10 ක් වගේ ප්‍රමානයක් අරන් තියෙනවා මේකේ අධ්‍යක්ෂක වරයා තමයි – Jesse V. Johnson ඉතින් තව කියන්න දෙයක් නැනේ එහෙනම් අදට මේ ඇති කියලා හිතනවා එහෙනම් තවත් අලුත් ෆිල්ම් එකකින් ඔයාලා හම්බෙන්න එන්නම් ඒ වගේම කියන්න ඕනි ඔයාලා බලපු සුපිරි ෆිල්ම් තියෙනවම් සබ් ඇවිත් නැති ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න…

එහෙනම් හැමෝටම ජය වේවා
බුදුසරණයි……

US
Download

Triple Threat (2019) Sinhala Subtitle

Download: 5038

File size : 56.64 KB

Chathura Madusanka

TV EPISODES : 0
MOVIES : 6
7.8
0%
0%

Comments: 10

  • පසිදු සාරංග

    සබ් එකට ස්තුතියි සහෝ සුපිරි කතාවක්…

    2019-03-26 at 7:59 am
    Reply
  • Silent$

    Pattaaaaaaaaa….

    2019-03-26 at 9:17 am
    Reply
  • Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2019-03-26 at 11:04 am
    Reply
  • Thamod Godakanda

    elama thanks sub ekata

    2019-03-26 at 2:24 pm
    Reply
  • Hashan Priyadarshana

    Thank you bro sub ekata.. Puluwan nam Scott Adkinsge Abduction (2019) film ekatath sub denawada broo..?
    Jaya wewa!

    2019-03-26 at 6:21 pm
    Reply
  • Darshana sampath sandaruwan

    Supiri bro

    2019-03-27 at 5:19 am
    Reply
  • vajira

    Supiri film ekak thanx mekata sub eka dunnata,

    2019-03-29 at 3:13 am
    Reply
  • Namal Ekanayake

    Ela bro thanks

    2019-04-01 at 5:08 pm
    Reply
  • Gihan

    Thnks boro

    2019-04-04 at 10:23 pm
    Reply
  • Milinda priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

    2019-08-07 at 8:53 pm
    Reply

Leave a Reply to Darshana sampath sandaruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip