කොරියානු චිත්‍රපටවලට කැමති අයට ඔන්නකොරියානු චිත්‍රපටයක් ගෙනාවා. මෙය මේ වසරේ තිරගත වුන චිත්‍රපටයක් වගේම වසරේ හොඳම කොරියානු චිත්‍රපටය ලෙස සම්මානයකුත් දිනාගෙන තියනවා. අධ්‍යක්ෂණය Seong- hun -kim . IMDB අගය 6.9ක් ලබාගන්නටත් මෙම සිනමාපටය සමත්වී තිබෙනවා. දැන් යමු කතාව පැත්තට…
අපි ගමනක් යද්දි පාලම්, උමං මාර්ග වැනි විවිධාකාර ඉදිකිරීම් මතින් ගමන් කරනවා, ඒ ඒවා නිවැරදිව ගොඩනගා ඇතැයි කියන විශ්වාසය මත, ඒත් ඒක එහෙම නොවුනොත් ඒවා භාවිතා කරන අයට අත්වන ඉරණම අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.
ලී ජියොන් සූ කියන්නෙ කොරියානු කියා මෝටර්ස් සමාගමේ අලෙවිකරුවෙක්. ඔහු තම රාජකාරි නිමවෙලා තමන්ගේම වාහනය පදවාගෙන නිවසට යන්නේ තමන්ගේ දියණියගේ
උපන්දින උත්සවයට සහභාගි වීමේ අරමුණත් ඇතුව. ඔහු නිවෙස බලායන මාර්ගයේ උමං මාර්ගයක් තිබෙනවා. තමන් සැමදාමත් මේ මාර්ගයේ ගමන් කලත් මේ දවස ඒ අනිත් දවස් වගේ වෙන්නෙ නෑ.
ඔහු ගමන්කරන අතරතුර උමග කඩාවැටී ඔහු උමග තුල සිරකාරයෙක් බවට පත් වෙනවා.
ඔහුව මුදා ගැනීමේ කණ්ඩායමේ ප්‍රධානියා කිම් ඩේ නම් දක්ෂ කරුණාවන්ත අයෙක්.
එහෙනම් වැඩේ ලේසියිනේ, නේද? …නැහැ එහෙම වෙන්නේ නෑ ඔහු දක්ෂයෙක් වුනත් අනෙත්
පාර්ශවයන්ගෙන් ඔහුට සිතූතරම් සහයක් ලැබෙන්නේ නැහැ. කිම් ඩේට ලී ජියොන් සූව බේරාගැනීමට හැකිවෙයිද කියල නරඹලම බලන්න.
කතාව කොරියානු එකක් වුනත් වැඩ රාජකාරි කෙරෙන ආකාරය මාධ්‍යවල ක්‍රියාකලාප
දේශපාලනඥ හැසිරීම් වගේ ඒවා මෙහේ වගේම තමයි. අවසානය වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක් බව බය නැතුව කියන්න පුළුවන් ඒ වගේම පොඩි අය එක්ක වුනත් බය නැතුව බලන්න පුළුවන් බව වගකීමෙන් කියන්න පුළුවන්.
වීඩියෝ පිටපත 480p TV hd rip එකක් වුනත් කොලිටි එක හොඳටම හොඳයි, බය නැතුව බාගන්න.
Hasitha Prasad
Comments: 10
Leave a Reply to kasun Cancel reply
Search
Login
kasun
ela wadak sahoo
kasun
Hawaii.Five/Last Resort me series dekatath sub dennako.mama sub dena anit web site walatat kiwaa.namut prathipalayak une na.oyalatwath puluwan nm bohoma pin
Sadaam_SL
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Iphone
නියමයි මචෝ.
ෆිලුම බැලුවා… පට්ට කතාව.
බොහෝම ස්තුතියි සබ් දුන්නට.
දිගටම වැඩේ කරමු.
ජයෙන් ජය.
Pushpakantha Sadaruwan
ela bro mamath suba gaththa…………thank bro
mithun
මම මෙ සයිඩ් එක ගැන දැනම් උන්නෙ නෑ මිට කලින් අහම්බෙන් වගෙ ඇහැ ගැටුනෙ බොහොම සතුටුයි මෙ වගෙ වටින දෙවල් කරනවට මෙ ටිම් එකටත් මම මෙ චිත්‍රපට ගන්නව මට මෙක බලන්න ඔන කියල හිතුන නිස බොහොම ස්තුතියි කොමෙන්ට් එකක් නොදා යන්න බෑනෙ හොද දෙවල් වලට
mithun
Retreat 2011 horror /thriller මෙකටත් සබ් දාන්න පුලුවන් නම්
vidu
patta bro thanks
Nuwan
සුපිරිම ….👈💪👌😘😘
Hasindu Dilmina
thanks bro