War Room (2015) Sinhala Subtitle

Published October 30th, 2019 by

ආයුබෝවන් අදත් Subz LK හිතුවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් මත නිර්මාණය කල උපසිරැසියක් අරගෙනයි. මුලින්ම ඔහුට ස්තූති කරල ඉන්න ගමන්ම, අපි යමු චිත්‍රපටය පැත්තට. මේ තමයි 2015 වසරේ නිකුත්වූ War Room චිත්‍රපටය. මෙහි රචනය Flywheel (2003), Fireproof (2008), Courageous (2011) වැනි චිත්‍රපට නිර්මාණය කල ඇලෙක්ස් කෙන්ඩ්‍රික්ස්, ස්ටීෆන් කෙන්ඩ්‍රික්ස් නොහොත් කෙන්ඩ්‍රික්ස් සහෝදරයන් විසින්. අධ්‍යක්ෂණය ඇලෙක්ස් කෙන්ඩ්‍රික්ස්ගෙන්. Imdb අගය 6.4ක් සහ Rotten tomatoes වෙතින් 33% ක් ලෙස අගයක් ලබාගෙන ඇති ආගමික තේමාවකින් යුක්ත මෙය සම්මාන දෙකක්ද හිමි කරගත් එකක්. කෙසේ වෙතත් නාට්‍යමය ඝනයට අයත් මෙම චිත්‍රපටය ගැන මගේ මතයනම් කතාව පැත්තෙන් සහ රංගනය පැත්තෙන් මදිපාඩුකම් මෙන්ම යථාර්ථයෙන් බොහෝ දුර ඈත ඇති එකක් බවයි .නමුත් මෙයින් ජීවිතයට ගත යුතු ආදර්ශ බොහොමයකුත් තිබෙනවා ඒ අතරෙ, අනිත් පැත්තෙන් මේ වගේ චිත්‍රපට අද වනවිට හොයාගන්නත් නැති තරම්, මම එහෙම කියන්න හේතුව මෙහි අවම වශයෙන් අසභ්‍ය මට්ටමේ වචනවත් ඇත්තෙම නැති තරම් වීම, එක තැනක ඇති “B*utt kick වචනය ඇරෙන්න. බොහෝදුරට ඒ මෙහි ඇති ආගමික තේමාව නිසා වෙන්නට ඇති. මේ වගේම එයට හානියක් නොවෙන්න යම් තැන්වල සියුම්ව හාස්‍ය රසය එක්කරන්නත් නිර්මාණකරුවන් වගබලාගෙන තියනව.

මෙයට රංගනයෙන් දායක වෙන්නෙ කැරන් ඇබක්‍රොම්බි (ක්ලාරා විලියම්ස්), ප්‍රිසිලා ෂිරර් (එලිසබෙත් ජෝඩන්), ටී.සී. ස්ටොලින්ග්ස් (ටෝනි ජෝඩන්), ඇලිනා පිට්ස් (ඩැනියෙල් ජෝඩන්), මයිකල් ජූනියර් (මයිකල් ඇලෙක්සැන්ඩර්), ඇලෙක්ස් කෙන්ඩ්‍රික්ස් (කෝල්මන් යන්ග්), ඩේව් බ්ලේමි (ටොම් බ්ලේමි) වගේ පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට…

ටෝනි ජෝඩන් සහ එලිසබෙත් ජෝඩන් අප්‍රිකානු- ඇමරිකානු යුවලක්. ටෝනි ජෝඩන් වෘතියෙන් ඖෂධ සමාගමක වෙලඳ නියෝජිතයෙකු වන අතර, එහි අති දක්ෂයෙකුද වන නිසා ඉතා ඉහළ ආදායමක් ලබන්නෙක්. එලිසබෙත් ජෝඩන් දේපළ වෙළඳාම් ආයතනයක නියොජිතවරියක්. ආදායම් අතින් සාර්ථක නිසාම ඉහල මට්ටමේ ජීවිතයක් ගෙවන ඔවුන් දෙදෙනාට සිටිනවා එකම එක දියණියක්. ඇය නමින් ඩැනියෙල් ජෝඩන්. කොහොමනමුත් මේ පවුල තුල සාමය කියනදේනම් දකින්නම නෑ.නිතරම අඬදබරවලින් පිරි මේ නිවසේ ඒ හේතුව නිසාම සතුට කියන දේ හොයාගන්නවත් නෑ.ඔය අතරේ දිනයක වියට්නාම යුද්ධයේදී මියගිය හමුදා කපිතාන්වරයෙකුගේ නිවසක් විකිණීමක් පිලිබඳ කතාබහ කරගන්නට එලිසබෙත්ට ඒ නිවසට යාමට සිදුවෙනවා.. එතනදී ඇයට හමුවෙනවා තමන්ගේ ජීවිතය වෙනස් කරන්නට දෙවියන්ගෙන් ලද ත්‍යාගයක්… එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ. නරඹන ඔබට බාරයි එය. මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

” Raise up a generation, Lord,

that will take light into this world “

උපසිරැසිය BluRay පිටපත් හා ගැලපේ

US
Download

War Room (2015) Sinhala Subtitle

Download: 439

File size : 47.29 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
6.4
34%
26%

Comments: 7

  • Kavisha Methruwan

    උපසිරැසියට බොහොම ස්තුතියි. ඔබට ජය!

    2019-10-31 at 12:10 am
    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata.. 🙂
    Jaya wewa.! 🙂

    2019-10-31 at 5:59 am
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-10-31 at 11:15 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    2019-11-02 at 2:45 pm
    Reply
  • ලක්ෂාන් සමීර

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ඔබට ජය👌👌

    2019-11-06 at 7:18 am
    Reply
  • Rayan Thisara

    බොහොම ස්තූතියි

    2019-11-09 at 7:23 am
    Reply
  • Ranil

    Thank you very much!

    2020-02-23 at 12:51 am
    Reply

Leave a Reply to Kavisha Methruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip