Watchmen (2009) Sinhala Subtitle

Published September 8th, 2017 by

ආයුබෝවන් Subzlk හැමදෙනෙක්ටම. අද ෆිල්ම් එක Watchmen (2009) මේක Dc කොමික්ස්ලගෙ එකක්.මේක ඇත්තටම මධූෂ නම් සොහොයුරෙක් මගෙන් කමෙන්ට් එකක් මගින් ඉල්ලපු එකක්. 2009 නිකුත් වුණ එකක් නිසා වෙනත් අඩවියකින් සබ් දීලද බලද්දි එක අඩවියක චිත්‍රපටය ගැන ලිපියක් පමණකුත් අනිත් අඩවියෙන් ඩවුන්ලෝඩ් කිරීමේ නොහැකියාවකුත් ආවා. මම සාමාන්‍යයෙන් බැට්මෑන් ඇරුණහම DC කොමික්ස්වල ලොකු රසිකයෙක් නෙමෙයි, ඒවුණත් මේක බැලුවහම මට මේකට සබ් කරන්න ආසාවක් ආවා. අපේ ඇඩ්මින් මණ්ඩලයෙත් ඉන්නවා ” කැපුවත් DC ” ඝනයේ සාමාජිකයෙක්, මමත් දැනගත්තෙ මේ ලඟදි නම කියන්න දෙයක් නෑ හැමෝම දන්නවා. (එයානම් මේක බලල ඇති අනිවාර්යයෙන්ම) කොහොමවුණත්  ඒ දෙන්නම වෙනුවෙනුයි මේ ෆිල්ම් එක. දැන් යමු නේද චිත්‍රපටය පැත්තට.  හෝව් ඊට කලින් කියන්න ඕනෙ ඔයාල ඩවුන්ලෝඩ් කරද්දි මං දීල තියන පිටපතම ගන්න, වෙනත් පිටපතක් ගන්නවනම් අනිවාර්යයෙන්ම Directors cut කියල සඳහන් වෙලා තියන බ්ලූරේ පිටපතක්ම ගන්න . අනිත් ඒවට ගැලපෙන එකක් නෑ සබ් එක.

මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ 1986දී ඇලන් මූර්ගේ රචනයෙන් සහ ඩේව් ගිබ්සන්ගේ චිත්‍රවලින් හැඩවුණු මෙම නමින්ම වූ ජනප්‍රිය කොමික් පොතක්.  එය පාදක කරගෙන සිනමාවට නැගුන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ සැක් ස්නයිඩර් (Zack Snyder).   ඇක්ෂන් , ඩ්‍රාමා, මිස්ට්‍රි ඝනයට අයත්වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය තුනකුත් විනාඩි හයක්.  Imdb අඩවියෙන් 7.6ක අගයකුත් Rotten Tomatos අඩවියෙන් 65%ක අගයකුත් ගූගල් පරිශීලකයින් 87%කගේ කැමැත්තත් ලබාගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියනව.සම්මාන පැත්තෙන් ගත්තොත් 22කට නිර්දේශවෙලා සම්මාන 11ක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙනවා. චිත්‍රපටයේ කතාව පැත්තට යමු දැන්…

මේකෙ තියෙන්නෙ 1985 වසරෙ සිදුවන සිදුවීම්පෙලක්, ඒ කියන්නෙ පැරණි සුපිරිවීරයින් සිටින කාලය. මේ කාලය වනවිට ඇමරිකානු ජනපති රිචඩ් නික්සන් ( 1969 -1974 ) විසින් සුපිරිවීර ක්‍රියාකාරකම් තහනම් කරලයි තියෙන්නෙ , ඒ කීන් පනත නම් පනතක් මගින්. ඒ නිසා සුපිරිවීරයින් තමන්ගේ විශ්‍රාම දිවිය ගතකරමිනුයි ඉන්නෙ. මේ කාලයේදී සෝවියට් දේශය සහ ඇමරිකාව අතර සීතල යුද්ධය බොහොම උණුසුම්. සෝවියට්වරු ඇමරිකාවට පහරදීමේ අනතුරකුත් ඇමරිකාව අභිමුව තියනවා.හැබැයි ඇමරිකාව මේකට බය නෑ ඒ ඔවුන් සතුව සුපිරි ආයුධයක් තිබෙන නිසයි. මේ අතරෙදි  වොච්මෙන් (මුරකරුවන්) නම් සුපිරිවීර කණ්ඩායමේ සාමාජිකයෙක්ව අභිරහස් ලෙස ඝාතනය කෙරෙනවා. ඒ ගැන විමර්ශණය කිරීමට ඒ කණ්ඩායමේම සාමාජිකයෙකු වන  රොෂැක් ඉදිරියට එනවා. එහිදී ඔහුට දැනගන්න ලැබෙනවා තම කණ්ඩායම පසුපස එන අනතුරක්, ඔහු තීරණය කරනවා කණ්ඩායමේ අනිත් අයත් එක් කරගෙන මේ සම්බන්ධව සොයා බලන්න, හැබැයි ඒක ඔහු හිතන තරමට ලේසි කාර්යයක් වෙන්නේ නෑ.  කතාව ඒ ඇතිනේ ඉතිරිය ඕගොල්ලන්ට බාරයි

මතක ඇතුව ඕපනින් ක්‍රෙඩිට් දර්ශන හොඳ අවධානයෙන් බලන්න එතකොට කතාව ගලපගන්න ලේසියි, මටනම් දෙපාරක්ම බලන්න වුනා කතාව තේරුම්ගන්න, ඒ මට DC  නුහුරු නිසා වෙන්න ඇති. ඒ වුණාට DC රසිකයින්ට මේක අමාරු වෙන එකක් නෑ.  කෝකටත් සැබෑ සහ අන්වර්ථනාමත් එක්කම චරිත ටික හඳුන්වල දෙන්නම්. මං මේ කට්ටියට සිංහල නම් දැම්ම කමක් නෑනෙ?

< පැරණි මිනිට්මන් කණ්ඩායම >

————————————

*හොලිස් මේසන්  නොහොත් සැඳෑ බස්සා (NiteOwl) –

මේ වනවිට රථවාහන අලුත්වැඩියාපලක් පවත්වාගෙන යයි. සුපිරිවීරයින් සම්බන්ධව

පොතක්ද පළකර ඇත. තම අනන්‍යතාවය තහවුරු කර ඇත.

*හිසවසාගත් නීතිකරුවා (Hooded Justice )

අනන්‍යතාවය තහවුරු කර නැත.

*සෙවණැලි ජායාව (Silhouette)

1946දී මරාදමනු ලැබීය . ඕපනින් ක්‍රෙඩිට් දර්ශනතුල මේ සිද්ධිය ඇතුලත්.

*නෝට්ටුවා ( Doller Bill  1917 -1947)

*සලබ මිනිසා ( Moth Man )

මේ වනවිට මේන් නගරයේ උන්මත්තකාගාරයක වෙසෙයි.

*නගර කපිතාන් ( Captain Metropolis 1920-1974 )

*විකටයා ( The Comedian 1924 – 1985 ඔක්තෝබර් 11)

සැබෑ නම එඩ්වඩ් බ්ලේක්.

*සේද අවතාරය (1) ( Silk Specture )

සැබෑ නම සැලී ජුපිටර්.

<    වොච්මන් කණ්ඩායම >

—————————

*(නව) සැඳෑ බස්සා (Nite Owl)

සැබෑ නම ඩැනියෙල් ඩ්‍රයිබර්ග්, ඩෑන් යනුවෙන් කෙටිකර දක්වයි.

*ඔසිමැන්ඩියස් ( Ozymandias )

සැබෑ නම ඒඩ්‍රියන් වයිඩ්. තම අනන්‍යතාවය තහවුරු කර ඇත.

(ඔසිමැන්ඩියස් කියන්නෙ ඊජිප්තුවේ දෙවන රැම්සෙස් රජුගෙ ග්‍රීක නාමය)

මෙයාගෙ සුරතලා බුබාටිස් නම් ජානවෙනස්කමකට භාජනය කල ලිනක්ස් දිවිදෙනක්.

*(නව) සේද අවතාරය (Silk Specture )

සැබෑ නම ලෝරි. සැලී ජුපිටර්ගේ දියණිය.

*රොෂැක් ( Rorschach )

සැබෑ නම චිත්‍රපටය අතරතුර ලැබේවි.

*විකටයා ( The Comedian )

මිනිට්මන් කණ්ඩායමේ කෙනාම තමයි.

*ආචාර්ය මෑන්හැටන් ( Dr. Manhatten )

සැබෑ නම ජොනතන් ඔස්ටර්මන්, එය ජොන් යනුවෙන් කෙටිකර භාවිතා වේ. අතීතය සහ       අනාගතය  එකවර දැකීමේ හැකියාවක් ඇත.

ඕපනින් ක්‍රෙඩිට්වල ඇති විශේෂ දේවල් :-

*   ඕපනින් ක්‍රෙඩිට්වල ඇති නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගොඩබසින දර්ශනයේදී ඔහු කියනවා “සුභ පැතුම්, ගෝර්කි මහත්මය” කියල. ඒක නීල් ආම්ස්ට්‍රෝංගෙ ළමා කාලය හා බැඳුන එකක්ලු . කුඩා කාලයේ ඔහු බේස්බෝල් ක්‍රීඩාකරමින් සිටියදී ඔහුගේ බේස්බෝලය අල්ලපු වත්තට ගිහින්. ඔහු  ඒක හොයන්න යනවිට  ඒ නිවසේ වෙසෙන ගෝර්කි යුවල වාදයක පැටලිලා ඉඳල තියෙන්නෙ. ගෝර්කි මහතා දෙයක් (මෙතන ලියන්න බෑ )ඉල්ලුවාම එම මහත්මිය තම මිදුලේ ඇවිදින කුඩා නීල් ආම්ස්ට්‍රෝන්ව පෙන්නල කේන්තියෙන්  ” ඒක දෙන්නං  , අර කොල්ල හඳට ගියාම”  කියල.  ඒකලු ඔහු මෙතනදි ගෝර්කි මහතාට සුභ පතන්නෙ.

* තව බලන්න කවුද ජෝන් එෆ් කෙනඩිට වෙඩි තියන්නෙ කියලත්.

* තුවක්කු බැරලය තුල මලක් රැඳවීමේ දර්ශනය

ඇමරිකාව වියට්නාමයට එරෙහිව යුධවැදීමට එරෙහිව  පෙන්ටගනය ඉදිරිපිටදී 1967දී පැවැත්වුණ උද්ඝෝෂණයකදී

බර්නි බොස්ටන් නම් ජායාරූප ශිල්පියා විසින් ගනු ලැබූ “Flower Power ” නම් සම්මානලාභී ජායාරූපය සිහිගැන්වීමකි. එහිදී කිසිදු වෙඩි තැබීමක් නොකෙරුණ නමුත් චිත්‍රපටයේදී එය වෙනස් කර ඇත. මෙන්න ඒ ජායාරූපය

තව රසවත් විස්තර ගොඩක් තිබ්බත් කියන්න විදියක් නෑ එකක් කාලය හරස් වෙලා (දැන් වෙලාව උදෑසන 4:00) අනික මේ ලිපිය දැනටත් දිග වැඩිද කොහෙද, පොඩ්ඩක් Imdb අඩවිය පැත්තෙ රවුමක් ගැහුවාම ඒ ටික හොයාගන්න පුළුවන්. එහෙනම් මම ගියා ආයිත් දවසක හමුවෙමු. ආ..කියන්න අමතක වුණා ,මතක ඇතුව වැඩිහිටි අය පමණක් නරඹන්න , හොඳේ . ලිපියේ සියලු විස්තර ගත්තෙ Imdb සහ Wikia.com අඩවිවලින්.

Bluray , BR, BD පිටපත් සදහා ගැලපේ.

Spoiler Warning : In an alternate 1985 America, costumed superheroes are part of everyday life. When one of his former comrades is murdered, masked vigilante Rorschach (Jackie Earle Haley) uncovers a plot to kill and discredit all past and present superheroes. As he reconnects with his retired associates, only one of which has true powers, Rorschach glimpses a far-reaching conspiracy involving their shared past and catastrophic consequences for the world’s future…

US
Download

Watchmen (2009) Sinhala Subtitle

Download: 12345

File size : 68.66 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.6
65%
56%

Comments: 35

  • සමීර ඉඳුනිල්

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
    ලිපියත් අනර්ඝයි!

    2017-09-09 at 12:56 am
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, සමීර ..:-)

      2017-09-10 at 12:25 am
    • hasitha

      බොහොම ස්තූතියි, සමීර 🙂

      2017-09-10 at 12:27 am
  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝ?
    ඔබට ජය✌️?

    2017-09-09 at 1:25 am
    Reply
  • Sithum

    උපසිරැසියට තුති සහෝ

    2017-09-09 at 5:28 am
    Reply
  • Madusha

    නියමයි.පට්ටම සතුටක් ඇතිඋනේ මේකට සබ් දීලා දැක්කම.බොහොම ස්තූතියි
    අවන්කවම අගය කරනවා සහෝ මේ කරන සේවය.ඉල්ලීම ඉටු කලාට ගොඩක් පින්
    ජයම වේවා!

    2017-09-09 at 10:04 am
    Reply
  • ලහිරු සඳරුවන්

    එකෙන්ම තෑන්ක්ස් සහෝ.
    සුපිරි වැඩක්.

    2017-09-09 at 10:14 am
    Reply
  • Kantha

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-09-09 at 2:25 pm
    Reply
  • charly

    supiri wedak bro… balanna asawen idapu film ekak… thanks

    2017-09-09 at 3:08 pm
    Reply
  • msp

    thanks bro sub ekata. Throne Of Elves (2016) Animation ekatath sub eka dennako bro. supiri film ekak ekai

    2017-09-09 at 9:47 pm
    Reply
  • dinu

    supiri wedak bro
    Rememory (2017) ekata sub denna

    2017-09-10 at 6:22 am
    Reply
  • Mithun

    Into.the.Inferno.2016.WEBRip.x264-FGT.mp4
    Puluwanda me film ekata sb danna hoda move ekak tma kohawat sb na

    2017-09-10 at 9:46 am
    Reply
    • hasitha

      ඩොකියුමන්ටරි එකක් නේද, මිතුන්? බලමු සබ් දෙන්නම් කොහොමහරි.

      2017-09-10 at 4:00 pm
  • දමිත් ප්‍රියංකර

    කැපුවත් dc කවුද එතින් කවිෂ තමයි …..හේ හේ ….

    2017-09-10 at 11:49 am
    Reply
    • hasitha

      🙂 නැතුව නැතුව වෙන කවුද ඉතින්..

      2017-09-10 at 4:02 pm
    • සමීර ඉඳුනිල්

      වැඩක් නැහැ මාවල් බෝයි, සපයිඩි කරේ නැහැනේ 🙂
      ඒක හසිතට භාර දුන්නනේ :/

      2017-09-10 at 7:23 pm
  • Oshada

    Tnx broo….obata jaya……

    2017-09-10 at 1:38 pm
    Reply
  • tharindu

    හසිත ප්‍රසාද් thanks …

    2017-09-10 at 4:26 pm
    Reply
  • KAVINDA GAMAGE

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි.

    2017-09-10 at 5:13 pm
    Reply
  • Kavisha Methruwan

    ඇත්තටම මං මේ ෆිලුම බලලා ගොඩක් කල් ඉතින් ? ආය හසිත සහෝගෙ සබ් එක්ක බලනවා…දැන් ෆිලුමත් මට අමතකයි…මාවල් අයට නම් හුගක් රිදෙයි දැන් ???☝️

    2017-09-10 at 7:48 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, කවීෂ..! ඔය කිව්වට මාත් මාවල් ඈ…

      2017-09-15 at 11:33 pm
  • viraj

    sub ekatai lipiyatai thanks. jaya wewa!!

    2017-09-12 at 1:38 am
    Reply
  • ushan

    bushwick 2017 kiyala action movie eke sub denawada

    2017-09-14 at 11:14 am
    Reply
  • දමිත්

    නියමයි සහෝ.
    හොඳ ගුණාත්මකභාවයෙන් යුක්ත උපසිරැසියක්.
    ලයින් ගොඩක් තියෙන මේ වගේ උපසිරැසියකට ගැලපෙනම සිංහල තේරුම එක්ක
    ගුණාත්මකභාවයේ සබ් එකක් දෙනවයි කියන එක ගොඩක් දෙනෙක්ට කරන්න බැරි දෙයත්.
    ජයෙන් ජය….

    2017-09-15 at 7:42 am
    Reply
    • hasitha

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, දමිත් 🙂 ඔව් මේකෙදි ටිකක් මහන්සි වෙන්න වුණා බලන කෙනාට තේරෙන විදියට දෙබස් පරිවර්තනය කරගන්න. සබ්ටයිටල් සොෆ්ට්වෙයා එකෙන් මූලික ටික හදාගෙන ඊලඟට ප්ලේයර් එකෙන් බල බල නෝට්පෑඩ්එකෙන් කීපවතාවක්ම කපල කොටලයි ඔය ගාණට හදාගත්තෙ.

      2017-09-15 at 11:44 pm
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!

    2017-09-15 at 9:12 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, සජිත් 🙂

      2017-09-15 at 11:45 pm
  • Gayan

    Unlimite cut එකට සබ් එක හදලා දෙන්න පුලුවන්ද bro?

    2017-12-24 at 6:40 pm
    Reply
  • ashan lankanath

    Thanks ………..good luck ………….

    2018-02-11 at 1:27 pm
    Reply
  • Praveen

    උපසිරැසියට තුති සහෝ? ඔබට ජය ✌️ ?

    2018-11-01 at 1:49 pm
    Reply
  • Optimus

    Great work

    2019-06-11 at 6:55 am
    Reply
    • sachee

      බොහොම ස්තූතියි උපසිරැසි වලට

      2019-07-25 at 4:17 pm
  • denis

    Thanks bro sub ekata
    watchmen ultimate version ekata sub diyanko bn
    oya thiyenne director’s cut eka oke 3h 3min thiyenne
    ultimate version eke 3h 36min thiyenawa bn
    puluwan nan diyanko

    2019-10-13 at 12:49 pm
    Reply
  • kelum

    thax sub ekata..

    2019-12-14 at 9:28 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata bohoma sthuthiyi saho

    2020-04-11 at 7:56 pm
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip