Wolfwalkers (2020) Sinhala Subtitle

Published February 2nd, 2021 by

හිත හොඳ නගරකාරිය

ආයුබෝවන් Subz.lk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ AppleTV+ වෙතින් නිකුත්වූ Wolfwalkers (2020) සජීවීකරණ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. PG ( එනම් දෙමාපිය මගපෙන්වීම යටතේ ඕනෑම වයස් කාණ්ඩයකට සුදුසු) ලෙස ඇමරිකාව තුල වර්ගීකරණය කර ඇති මෙය මේ වනවිට (2021: පෙබ:2) IMDb අඩවියෙන් 8.1ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 99%ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 98%ක් ලබා තිබෙන අතර සම්මාන 36කට නිර්දේශව එයින් 11ක් ජයගන්නටද සමත්ව තිබෙනවා. බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයට හසුවූ අයර්ලන්තය තුල දිවෙන කතාවක් ඇති මේ චිත්‍රපටය ටොම් මූර් හා රොස් ස්ටුවර්ට්ගේ අධ්‍යක්ෂණයක්, මෙය ටොම් මූර් විසින් අයර්ලන්ත ජනකතා අලලා සකසන ලද චිත්‍රපට පෙලක තුන්වැන්න සහ අවසාන චිත්‍රපටයද වෙනවා, මුල් චිත්‍රපට වන්නේ The Secret of Kells (2009) සහ Song of the Sea (2014) යන චිත්‍රපට ද්විත්වයයි. එසේම Apple TV+ වෙතින් නිකුත්වූ මුල්ම සජීවීකරණ චිත්‍රපටයද මෙයයි.

චරිත හඬ දායකත්වය දායක වන්නේ: හොනර් නීසි (රොබින් ගුඩ්ෆෙලෝ), ඊවා විටේකර් (මේව් ඔග් මැක්ටියර්),ෂෝන් බීන් (බිල් ගුඩ්ෆෙලෝ),සයිමන් මැක්බර්නි (දේවාරක්ෂක), ටොමී ටියනන් (ෂෝන් ඔග්), මරියා ඩොයිල් කෙනඩි ( මේව්ගේ මව) ඇතුළු පිරිසක්.

දැන් අපි යමු කතාව දෙසට…

කතාව ඇරඹෙන්නේ 1650 වසරෙන්, එනම් බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී පාලනයට අයර්ලන්තය නතුව තිබූ කාලයක. මෙය දැඩිව අද්භූත දෑ හා මායාවන් පිලිබඳ විශ්වාස කල කාලයක්. මේ සමයේ අයර්ලන්තයේ කිල්කනි නගරයේ පදිංචියට පැමිණෙනවා එංගලන්ත ජාතික දඩයක්කරුවෙක් වන බිල් ගුඩ්ෆෙලෝ හා ඔහුගේ දියණිය රොබින් ගුඩ්ෆෙලෝ, ඒ ජනපදකරණයට බාධා පමුණුවන වෘක රැලක් මරාදැමීම සඳහා. එහෙත් ඒ සියල්ල වෙනස් වෙනවා රොබින්ට අද්භූත මිතුරියක් හමුවීමත් සමග…

උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම APTV(Appletv+)WEB-DL, WEB-DL,WEBRip පිටපත් සඳහා ගැලපේ.

US

Download Links:

Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Torrent පිටපත Download Torrent පිටපත
Download

Wolfwalkers (2020) Sinhala Subtitle

Download: 243

File size : 28.56 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.1
99%
87%

Comments: 7

  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    2021-02-02 at 7:29 pm
    Reply
  • Supun Kaushalya

    සහෝ පුලුවන් නම් srt ෆයිල් එකත් දෙන්නකො සබ් දෙද්දි

    2021-02-02 at 7:39 pm
    Reply
  • Inuka Wijerathna

    උපසිරැසියට ස්තූතියි හසිත.
    මුල් චිත්‍රපට 2ට මේක සම්බන්දද?

    2021-02-02 at 10:44 pm
    Reply
    • Hasitha Prasad

      නෑ, ඉනුක.

      2021-02-02 at 11:35 pm
    • Anonymous

      scam 1992 series එකට සබ් දෙන්න පුළුවන් ද

      2021-02-25 at 8:04 am
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-02-03 at 7:08 am
    Reply
  • Hashan

    බොහොම ස්තූතියි හසිත සබ් එකට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    2021-02-03 at 10:30 am
    Reply

Leave a Reply to Supun Kaushalya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip