Your Move (2017) Sinhala Subtitle

/
තිත්තයගෙ වාරෙ

                      ආදරණීය සැමියෙකුට, සෙනෙහෙවත් පියෙකුට ඒ ආදරය වෙනුවෙන් කොච්චර දුරක් යන්න පුලුවන්ද? ඒ ගැන කියවෙන කතාවක් රැගත් ඇමරිකන් සිනමා නිර්මාණයක් තමයි මේ පාර අරගෙන ආවෙ. 2017 වසරේ නිකුත් වුනු මේ චිත්‍රපටය තමයි Your Move. පැහැර ගැනීමක් සම්බන්ධ කතාවක්. ධාවන කාලය විනාඩි 100 යි. Crime, Mystery, Thriller, Drama, Revenge යන කාණ්ඩ වලට අයත් වෙනවා. මේක Luke Goss ගෙ චිත්‍රපටයක්. මොකද එහෙම කිව්වේ, මේකෙ ප්‍රධාන චරිතය වගේම නිෂ්පාදනය සහ අධ්‍යයක්ෂනයත් ඔහුගෙ. ලූක් ගෝස්ව මතක ඇතිනෙ Death Race 2 සහ 3 රඟපෑ නලුවා. Luke Goss (ඩේවිඩ්) සමග රංගනයෙන් දායක වෙනවා Robert Davi (රොමේරෝ), Patricia De Leon (ඉසබෙල්) සහ Alain Mora (ගේබ්‍රියෙල්). 
ඩේවිඩ් මිලර්, ඔහුගේ බිරිඳ ඉසබෙල් සහ අවුරුදු 10 ක් පමණ වයසැති දියණිය සවානා සමග නිව්යෝක් වල ජීවත් වෙන්නෙ. ඉසබෙල්ගෙ දෙමාපියන් බලන්න, ඉසබෙල් සහ සවානා මෙක්සිකෝවට යනවා. එයාල, එයාලගෙ අපාර්ට්මන්ට් එකේ ඉඳන් ඩේවිඩ්ට වීඩියෝ කෝල් එකක් ගන්නවා. ඒ වෙලාවෙ එක පාරටම පුද්ගලයෙක් කාමරයට ඇවිත් ඔවුන්ට හිරිහැර කරනවා. ඉසබෙල්ට පහර දෙනවා. අසරණ ඩේවිඩ් මේ ඔක්කොම බලාගෙන. ඒ පුද්ගලයා “ඒ උඹේ වාරෙ” කියල ඩේවිඩ්ට කියල කෝල් එක කට් කරනවා. ඊට පස්සෙ ඒ දෙන්න ගැන කිසිම ආරංචියක් නෑ. කිසිම හෝඩුවාවක් නෑ. පැහැරගෙන ගියා නම් ඒ අයගෙන් කෝල් එකක්වත් නෑ. අපාර්ට්මන්ට් එකේ කිසිම හොරකමක් වෙලත් නෑ. පට්ට අභිරහසක්. ඩේවිඩ් වහාම මෙක්සිකෝවට එනවා. ඔහු පොලීසියට දෙන ප්‍රකාශයේදී මෙහෙම කියනවා.

“ඔහු මා දිහා බලපු විදිහ.”
“ඒ තරම් වෛරයකින්.”

“ඔහු මාව දන්නවා, ඔහු මගේ නම දන්නවා.”

“ඒක ගොඩක් පුද්ගලික බවක් දැනුනෙ.”

“ඒක හරියට ඔහු යම් විකාර ක්‍රීඩාවක් රස විඳිනවා වගේ…”

“හරියට අභියෝගයක් වගේ.”

                      ඩේවිඩ් කවදාවත් ඒ පුද්ගලයව දැකල නෑ. තම පවුල ජීවතුන් අතරද නැද්ද කියල දන්නෙත් නෑ. ඔහුට මේ අභිරහස විසඳගන්න පුලුවන් වෙයිද? ඒ  වෙනුවෙන් ඔහුට කොච්චර දුරක් යන්න පුලුවන් වෙයිද? ඔහු තම බිරිඳට සහ දුවට ගොඩක් ආදරෙයි. ඒ ගැන කියවෙන ඔහුගේ සංවේදී වදන් කීපයකින් ලිපිය අවසන් කරන්නම්.

“මට මතකයි, මම ඇයව දැකපු පළමු අවස්ථාව.”
“මට ඒක ගොඩක් පැහැදිලිව මතකයි.”
“ඒක වැඩ මුළුවක්. අශ්ව සංදර්ශනක්.”
“ඇය තමයි ආරාධිත අමුත්තා වුනේ.”
“මම අශ්වයන් ගැන මොකුත් දැනන් උන්නෙ නෑ.”
“ඇය මේ බලවත්, විශ්මය ජනක සත්වයා පැදවූ ආකාරය.”
“සිනහවක් විතරයි, විශ්වාසයෙන්.”
“ඇය බැබලුනා.”
“දවස පුරාම මම ඇයව මුණගැහෙන්න උත්සාහ කලා.”
“මම ඇගේ අතට අත දුන්නා.”
“අපි දෙන්නා දැනගෙන හිටියා.”
“අපි විවාහ වුණා.”
“ඇය මට දුන්නා ලස්සන… ලස්සන දුවෙක්.”

              අද විශේෂ දවසක්. අද දින ජීවන ගමනේ 13 වෙනි සැතපුම් කණුව පසුකරන ෂෙහානි ශ්‍යාමින්දි අප දියණියට සුබම සුබ උපන් දිනයක් වේවා.

ජය වේවා.

QUALITY // 720P // 914 MB

SUB FORMAT // SRT & IDX

♣♣  BRRip / 720p  ♣♣

3.8
IMDB

Year : 2017

Actors : Robert Davi,Luke Goss,Patricia De Leon

Your Move: Directed by Luke Goss. With Robert Davi, Luke Goss, Patricia De Leon, Jack Carlisle. A man must go to extreme lengths to discover what happened to his kidnapped wife and daughter.

2023-03-19 05:51 pm
Admin

Movies

127

Tv Episodes

0

  • Download : 204
  • File Size : 2.693MB
  • Supun Kaushalya Unregister User
    Android 11Chrome 94

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-10-01 at 12:30 am
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 93

      Thanx, Brother.

      2021-10-01 at 11:12 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 94

    I wish happy birthday to daughter…….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-10-01 at 8:46 am
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 93

      Thanx u very much, kantha.

      2021-10-01 at 11:11 am
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10Chrome 94

    අනේ සොරි දැන් තමයි …පොස්ට් එක දැක්කේ ..සුබ උපන්දිනයක් වේවා දුවේ !!

    2021-10-04 at 6:27 am
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 94

      Thanx, Damith.

      2021-10-04 at 7:02 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *