Subz LK රසික රසිකාවියනි, එහෙනම් ගොඩක් කාලෙකට පස්සේ Riverdale කතා මාලාවේ තුන්වෙනි කතාංගයට සිංහල උපසිරැසි අරන් අවේ. මේ උපසිරැසිය පරක්කු වුනාට සමාවෙන්න ඕන. ඉතුරු එපි ටිකත් සටසට ගාලා දෙන්නම් හොදේ.
IMDB 7.6 ක අගයක් ලැබුන, කුණුතක්කාලි මීටරේ 88 කට කරකවපු සුපිරි කතාමලාවක් මේක. අපෝ මේක ලව් ස්ටෝරි එකක් කියලා නොබලන අයට කියන්නෙ එක එපියක් නිකමට බලන්න කියලා. පට්ට පතුරුයි. ආදරේ, කුතුහලය, ත්‍රාසය, භීතිය ඔක්කොම පිරිච්චි සුපිරි කතාමලාවක් නොබලපු අයට බලන්න ආරාධනා කරන ගමන්, අපි ඉක්මනට කතාව පැත්තට හැරෙමුනේ.
අද කතාමලාවේ අපිට ආචිගේ සුපිරි වැඩකිඩ ටිකක් බලාගන්න පුළුවන්. කොටින්ම කියනවනම් ආචිට මල පැනලා මිනීමරුවා අල්ලන්න එයාගේ නායකත්වයෙන් “රතු කවය” කියලා කණ්ඩායමක් හදා ගන්නවා. ඒ වගේම තාමත් අපිට තේරෙන්නේ නැති හිරාම් ලොජ්ගේ හොරගල් ඇහිලිල්ල ගැන පොඩි දෙයක් කතාව අවසානයේ බලාගන්න පුළුවන්. ඒ වගේම ජින්ගල්-ජැන්ගල් කියලා මත්ද්‍රව්‍ය පිරිණු මැරකල්ලි රජකරන සවුත් සයිඩ් උසස් පාසලට මාරුකරලා යැව්ව ජග්හෙඩ්ටත් එහේදී මාර සිද්ධියකට මුහුණදෙන්න වෙනවා. ඒ වගේම මිනීමරුවා මුළු නගරෙම බියපත් කරමින් “බ්ලැක් හුඩ්” කියලා නමකින් තමන් රිවර්ඩෙල් වලට දඩුවම් කරන බව කියමින්, බෙටීලගේ ගෙදරට ආචිගේ තාත්තගේ පර්ස් එකයි, තව දේවල් වගයකුයි එවනවා. ඒ වගේම මේ දේවල් ඒක්ක තිබ්බ ලියුම දැකලා කට්ටයටම දෙලොව රත් වෙනවා. ඒ වගේම කෙවින්ගෙයි, බෙටීගෙයි යාලුකමට තිතක් එනවා වගේ පේනවා. හරි ඉතින් ඔය කිව්වා ඇතිනේ. ඉක්මනට ඊලඟ එපි ටික ගේනවා කියන පොරොන්දුව එක්ක මම සමුගන්නම්.
Rasara Heshan
Comments: 6
Leave a Reply to Malshan Hasaranga Cancel reply
Search
Login
lakmal
tanks sho digatama denna jayawewa
Malshan Hasaranga
thanks bro ithuru epi tikatath ikmanta sub demu
Lahiru Rasadun
ජයවේවා කොල්ලෝ මේකට දිගටම sub දෙන්න සුභ පතනවා ජයවේවා 🙏
prasa
hammo enakal balan hitiye.thanks
Captan America
sub ekata thankss digatama diyan… atha arinna epa
Anupa Shanidu
video link weda krnne neththe ai?