කතාවෙ දෙවනි එපියත් අරගෙන ආවා යාලුවනෙ. පළවෙනි කතාවෙන් කතාවෙ වටපිටාව හා කතාවෙ ස්වරූපය අඳුනගන්න ඇති කියලා මම හිතනවා.දැක්කනෙ පොලීසියෙ අය ඉන්නෙ කොහොමද කියලා. කැවල්රියේ අය පොලීසියෙ අයව අඳුරගනී කියන බය නිසා ඔවුන් වෙස් මූනු පැළඳගෙන ඉන්නෙ. ඇන්ජෙලා තමා මෙම කතාවෙ ප්රධාන චරිතය හැටියට අපිට දැනට පෙන්නන්නෙ. පොලිස් නිළධාරියෙකුට වෙඩි වැදුන නිසා පොලිසියේ ලොක්කා වන ජඩ් ආයුධ නිදහස් කරන්න අවසර දෙනවා ගිය එපියෙන් බලාගන්න පුලුවන් උනානෙ.. ඒ වගේම ටුල්සා යන නගරයේ දැනට තත්වයත් බලාගන්න පුලුවන් උනානෙ. තවමත් ඒ නගරයේ සුදු කලු බේදය ටික ටික පවතිනවා වගේ. කොහොමහරි අන්තිමේට ඇන්ජෙලාට කෝල් එකක් එනවා ගහක් ළඟට එන්න කියලා. එතනට යනකොට පොලීසියෙ ලොක්කා ජඩ් ව ගහක එල්ලලා ඉන්නවා. එතනම රෝද පුටුවක ඉන්නවා අර ටුල්සා 1921 සිද්දිය වෙලේ පෙන්නපු පොඩි කොල්ලා.ඔහු දැන් වයසක මනුස්සයෙක්. ඔහු කියනවා ඔහු තමයි ජඩ් ව මැරුවේ කියලා. නමුත් ඔහු ඉන්නෙ රෝද පුටුවක.. ඇත්තටම ඔහුද ජඩ් ව මැරුවෙ..ඒ වගේම ඒ වයසක පුද්ගලයාගේ ඇන්ජෙලාට තියන සම්බන්ධය මේ කොටසින් බලාගන්න පුලුවන්… එහෙනම් යාලුවනේ… ඊළඟ කොටසින් හම්බවෙමු.
හිරාන් වර්ණසූරිය
Comments: 11
Leave a Reply to සචී Cancel reply
Search
Login
සහන් සුලක්ඛණ
sub එකට තැන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
සහන් සහෝ legacies s02 සිංහල උපසිරැසි දෙන එක නැවැත්තුවාද?
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Lakshan
තෑන්ක්ස් සහෝ…..ඊලග ටිකටත් ඉක්මනින්ම දෙන්න…….all the best!!!
සහන් සුලක්ඛණ
සුබ නත්තලක් වේවා සහෝදරයා!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට 😊👍..
ජය වේවා.!
Rajitha
Thanks jayawewa…..!
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සචී
Thank you for the subtitles
Shelby
Thanks Machan <3
තරිදු සාගර
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!