ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මම කල්පනා කලා ප්‍රංශ සජීවීකරණ චිත්‍රපටයක සිංහල උපසිරැසිය ඔබ වෙත රැගෙන එන්නට. 2012 වසරේදී ඔස්කා සම්මානයකටද නිර්දේශ වූ මෙහි ප්‍රංශ නාමය වන්නේ Une vie de chat (2010) වන අතර ඉංග්‍රීසියෙන්නම් A Cat In Paris ලෙසයි හැඳින්වෙන්නේ. ඇලෙන් ගැග්නෝගේ රචනයෙන් ඔහුගේත් ජීන්-ලූප් ෆෙලිෂියොලිගේ අධ්‍යක්ෂණයෙනුත් නිර්මාණය වන මේ අපූරු චිත්‍රපටය IMDb වෙතින් 6.9 ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 83%ක අගයක්ද, ගූගල් පරිශීලක ප්‍රසාදය 88%ක්ද වශයෙන් ලබාගෙන තිබෙනවා. චිත්‍රපටය ගැන කියනවනම් මෙය ප්‍රංශ නිර්මාණයක් නිසාම අප හැමදෙනා හොඳින් හඳුනන ටින් ටින් නිර්මාණයේ යම් ලක්ෂණද, ඊටත් වඩා ඔබ අප හොඳින් හඳුනන, පසුගිය වසරේ අප අතරින් සමුගත්,අපේ ලමාකාලය හැඩ කල, සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ශිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මියගේ චිත්‍රවලට සම් සමානකමක්ද මේ තුලින් දැකගන්නට පුළුවන් යම් අවස්ථාවල. දැන් අපි යමු කතාව දෙසට…
සෝයි යනු කුඩා දැරිවියක්, පොලිස් නිලධාරිනියක් වන ඇගේ මව හා ජීවත්වන ඇයට සිටිනවා සුරතලෙක්, ඒ තමයි ඩීනෝ. හැබැයි දවාලට සුරතලාගේ චරිතය රඟපාන මේ ඩීනෝ රාත්‍රියට තවත් රාජකාරියක් කරනවා, ඒ නිකෝ නම් ගෙවල් බිඳින්නෙකුගේ හවුල්කරුවා විදියට. එක් දිනෙක ඩීනෝ පසුපස යන සෝයි විශාල කරදරයක පැටලෙනවා. එතනින් එහාට නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.
ලබාදී ඇති උපසිරැසිය ඉංග්‍රීසි බසින් හඬකැවූ Blu-ray පිටපත් සඳහා වේ.
Download Links:
Download Direct පිටපත Download Torrent පිටපතHasitha Prasad
Comments: 2
Leave a Reply to Madusha Cancel reply
Search
Login
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Madusha
බොහොම ස්තූතියි සහෝ