සිංහල උපසිරසක් හදන හැටි

ඔන්න ඉතින් Subz LK වෙතින් ඔබටත් අවස්ථාවක්…අපත් සමග එක්වෙන්න කැමති අය ඉන්නවනම් ඔන්න ඉතින් අවස්ථාව.

උපසිරසියක් කරන්න අවශ්‍ය වෙන්නේ…

  1. හොද ඉංග්‍රීසි දැනුමක් තිබීම
  2. පරිගණයකයක් තිබීම

උපසිරසි බාවිතය මගින් අපි ඔයාලට උපසිරසි ගැන විශාල දැනුමක් දුන්නනේ.ඉතින් දැන් බලමු උපසිරසියක් හදන්නේ කොහොමද කියලා…මුලින්ම ඔයාලා මොකක් හරි උපසිරසියක් හදන්න කැමැත්තෙන් ඉන්නවනම් සතියකට කලින් අපිව ඒගැන දැනුවත් කරලා ඔයාලගේ ඉඩ වෙන්කරගන්න…ඔයාල මුලින්ම අවශ්‍ය ටීවී සීරියස් එකේ හෝ චිත්‍රපටියේ ඉංග්‍රීසි උපසිරසියක් ලබාගන්න.ටොරන්ට් පිළිබදවද ටිකක් දැනුවත් වෙන්න…ඔයාලා උපසිරැසිය සිංහලට හැරවිය යුත්තේ Video (Movies එක හෝ TV Series එකේ Episode එක) බලාගෙනය.මොකද එවිට උපසිරැසිය සාර්ථක වේ.නිර්මාණය කරන ඔබටද කිසිදු ප්‍රශ්නයක් මතු නොවේ.වාක්‍යක් වුවද ලේසියෙන් තේරුම් ගැනීමට හැකි වෙයි.English වාක්‍යන් ලබා දෙන අදහස එවිට ඔබට නිසියාකාරව තේරුම් ගැනීමට හැකි වේ.එම නිසා අනිවාර්යෙන්ම Video එක බලාගෙන ඔබ උපසිරැසිය නිර්මාණය කරන්න…

Computer එකෙන් සිංහල උපසිරැසි නිර්මාණය කරන්න ආකාර දෙකක් තියෙනවා.මෙතනින් ඔයාලා කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්.පලවෙනි ක්‍රමය Subtitle Edit Software එක.මේක 4MB වගේ පුංචි Software එකක්.මෙතනින් ගිහින් Software එක Download කර ගන්න.මේකේ විශේෂත්වය මේකෙන් උපසිරැසි නිර්මාණය කිරීමේදී Video එක වෙනත් Player එකකින් Open කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.මේ Software එකේම පැත්තකින් බලාගත්ත හැකි පරිදි මේ Software එක සකසලා තියෙනවා.මුලින්ම English Subtitle එක Download කරගෙන Subtitle Edit Software එක හරහා Open කරගන.ඊට පස්සේ පහත පරිදි දිස් වෙයි.ඔයාලට තියෙන්නේ English වාක්‍ය සිංහලට හරවලා Save කරගන්න.පහලින් Screen Shot එකක් දාන්නම්…

මෙන්න Notepad එකෙන් උපසිරැසි නිර්මාණය කරන විදිහ.මුලින්ම ඔයාලා SRT Subtitle එක Download කරගන්න.ඊට පස්සේ ඔයාල ගත්ත ඉංග්‍රීසි උපසිරැසිය Notepad එකක් ආකාරයට Open කරගන්න.එතකොට මෙහෙම දිස්වෙයි…

දැන් ඔයාලාට තියෙන්නේ ඔයා ඉංග්‍රීසි වාක්‍ය ටික සිංහලට හරවන එක.හැබැයි ඔය තියෙන අංක හෙවත් දාවන කාලයන් වෙනස් කරන්න එපා.එතකොට මුළු වැඩේම අවුල් දැන් ඔයාල සිංහලට හරව්වට පස්සේ ඔයාට මෙහෙම දිස්වෙයි…

 

දැන් ඉතින් Save කරගන්න තියෙන්නේ.මේකෙදි පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න ඕනේ.ඔයාලා සිංහලට පරිවර්තනය කරගත් Notepad එක Save කරද්දී Encoding එක UTF-8 විදිහට දීලා Save කරන්න .පහත පින්තුරෙන් ඔයාලට මේක තවදුරටත් පැහැදිලි වෙයි…

ඔයාල අපිට උපසිරසි එවන්න ඕනේ Notepad එකක් විදිහට.නැත්තම් අපිට සැකසුම් වෙනස් කරන්න අමාරුයි…

ඔබ Mobile Phone (Android) එකෙන් උපසිරසි නිර්මාණය කරනවා නම් Subbr Free යන Android APP එක බාවිතා කරද උපසිරැසි නිර්මාණය කල හැක.Subbr Free Android APP එක Play Store හරහා ඔබට ලබා ගත හැක.එහෙත් මම පරිගණකයෙන් උපසිරසි නිර්මාණය කරීම වඩාත් සුදුසු බව නිර්දේශ කරනවා.පරිගනකයක් නැත්නම් Mobile එකෙන් උපසිරැසි නිර්මාණය කලාට ප්‍රශ්නයක් නැත.පහලින් Subbr Free App දිස් වෙන ආකාරයේ Screen Shot  එකක් දැක්වේ…

ඔබගේ Android දුරකථනයෙන් සිංහල උපසිරැසි නිර්මාණයට පහත Tutorial Video එක උදව්වක් කරගන්න. [සැ.යු. – මෙම වීඩියෝව අප අවවියේ සහෝදරයෙකු විසින් කරන ලද එකක් වන අතර සම්පුර්ණ කතෘ හිමිකම ඔහු සතු වේ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *