Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Norwegian Movies

  ඔන්න එහෙනම් The Wave (2015) චිත්‍රපටයත් එක්කම එහි දෙවැන්න වන The Quake (Skjelvet) (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබවෙත ගෙන එන්නයි මේ සූදානම. මෙහිත් සම්පූර්ණ ස්තුතිය යන්න ඕනෙ කවීෂ සහෝදරයටයි. ඔහු නොහිටින්න මට මේ චිත්‍රපට ද්විත්වය ඇහැනොගැටෙන්න ඉඩ තිබුණ. හරි අපි දැන් යමු චිත්‍රපටය පැත්තට.. ඔබ The Wave (2015) නරඹා නැත්නම් එය නරඹල ඉන්න කියලත් කියන්න කැමතියි, මොකද මේ කතාව (විශේෂයෙන්ම ක්‍රිස්ටියන් චරිතය) තේරුම්ගන්නනම් මුල් චිත්‍රපටය නැරඹීම අවශ්‍යමයි. Imdb අඩවියෙන් 6.4ක අගයක්ද, Rotten tomatoes වෙතින් 71%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 63%ක අගයක්ද ලබා ඇති මෙහි අධ්‍යක්ෂණය John Andreas Andersen ගෙන්. රංගන තරු විදියට පෙර චිත්‍රපටයෙන් ඔබට හමුවුණ Kristoffer Joner ( ක්‍රිස්ටියන් …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ නෝර්වීජියානු චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මීට දවස් කීපෙකට කලින් අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරය මට බාරදුන්නා The Quake (Skjelvet) නම් මේ වසරේ නිකුත්වූ චිත්‍රපටයක්. කොහොමහරි චිත්‍රපටය බලන්න පටන්අරගෙන ටික වේලාවකින් මට තේරුණා මේ චිත්‍රපටයේ මින් පෙර නිකුත්වූ තවත් චිත්‍රපටයක් තියෙන්න ඕනෙ බව. අන්තර්ජාලයේ සොයාබලද්දී දකින්න ලැබුණා මෙය 2015 වසරේ තිරගතවූ The Wave (Bølgen) නම් චිත්‍රපටයේ දෙවැන්න බව. ඒ නිසා මම තීරණය කලා දෙකටම එකවර උපසිරැසි දෙන්න. ඒ නිසාම මේ වටිනා චිත්‍රපට දෙකම මට මුණගැස්වීමේ ගෞරවය යන්න ඕනෙ අපේ කවීෂ සහෝදරයටයි, මොකද මම මේ චිත්‍රපට දෙක ගැන අහලවත් නොතිබුණ නිසා. හරි, ඔන්න එහෙනම් මේ …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ටික දවසකට පස්සෙ අද මේ එන්නෙ චිත්‍රපටයක උපසිරැසියක් අරගෙනයි. මේ චිත්‍රපටය නමින් The Nile Hilton Incident (2017) (නයිල් හිල්ටන් හෝටලයේ සිදුවීම) . ඇත්තටම කිව්වොත් මේක අපේ සුමින්ද සහෝදරයගේ ඉල්ලීමක්, ඉතින් ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මුලින්ම. ඉල්ලීමක් කිව්වට තව ඉල්ලීම් කීපයක්ම තියනවා ඔහුගේ. ඒවටත් ඉදිරියෙදි උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා. ස්වීඩනයේ නිෂ්පාදනයක් ලෙසින් අරාබි භාෂාවෙන් නිර්මාණය වුණ මේ චිත්‍රපටය ලබා ඇති Imdb අගය6.9ක්. Rotten tomatos වෙතිනුත් 81%ක තරම් ඉහළ අගයක් ලබාගත් මේ චිත්‍රපටය සම්මාන 7කට නිර්දේශවී එයින් සම්මාන 5ක්ම දිනාගන්නත් සමත්වුණ චිත්‍රපටයක්. එයට Sundance සිනමා උළෙලෙන් ලද සම්මානයක්ද ඇතුලත්. මෙහි අධ්‍යක්ෂණ කාර්ය දායකත්වය Tarik Saleh ගෙන්, …

ඉතිරිය කියවන්න »

☺️ඔන්න එහෙනම් Subz LK රසික රසිකාවියෝ වෙනුවෙන් තවත් උපසිරැසියකට අත ගැහුවා.මේකනම් ටිකක් විතර පරණ ෆිලුමක්.ඒත් කතාව පට්ටම..ඊටකලින් කියන්න ඕනේ ලැබුවා වූ 2018 අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..😉 එහෙනම් දැන් යමු කතාව පැත්තට..😃 😊 මේකත් ඇවිල්ලා NORWEGIAN ෆිල්ම් එකක්.IMDB අගයත් 7.5 ක් හම්බෙලා තියෙනවා.ලේසි නෑනේ.ROTTEN TOMATOES 🍅 වෙබ් අඩවියත් 93% ක අගයක් දීලා තියෙනවා.😄ඒවගේම ගූගල් පරිශීලකයන්ගෙනුත් 92% ක කැමැත්තක් හිමිවෙලා තියෙනවා.😊එහෙනම් තේරෙනවා ඇතිනේ ෆිල්ම් එකනම් පට්ට කියලා..😁 නළු නිළියෝ ගැන වෙන්න විස්තරේ පහතින් සදහන් කරන්නම්කෝ.☺️ Stellan Skarsgård – Bestyreren Benjamin Helstad – Erling Trond Nilssen – Olav Kristoffer Joner – Brathen Ellen Dorrit …

ඉතිරිය කියවන්න »

මේ සිනමාපටයේ දිගහැරෙන්නේ වර්ෂ 1990 දී ජෝර්ජියාවේ ඇප්කසෙටි (Apkhazeti) ප්‍රදේශයේ ඇතිවූ යුධමය කාලවකවානුව අතරතුරදී වූ සිදුවීමක් ලෙසටයි. යුද්ධයට හේතුව වන්නේ දේශීය ඇප්කසෙටි ජනයා ජෝර්ජියානු පාලනයෙන් මිදී වෙනම පාලනයක් ලබාගැනීමට කලාවූ උත්සාහයයි.මේ ප්‍රදේශයට මැදිවූ නිම්නයක ජනශුන්‍ය එස්තෝනියානු ගම්මානයක් පිහිටා ඇති අතර එහි වැසියන් සියල්ලන්ම පාහේ යුධමය වාතාවරණය හේතුවෙන් තමන්ගේ නෑදෑ හිතවතුන්ගේ රටවල් බලා ගොසිනි.නමුත් ජමනාරං වගාවක් පවත්වාගෙන යන අයිවෝ නම් මහළු මිනිසෙක් සහ ඔහුගේ මිතුරෙක්වන මාගුස් යන දෙදෙනා තමන්ගේ අස්වැන්න නෙලාගැනීමෙන් අනතුරුවම රටෙන් පිටවීමට අදහස් කරගෙන සිටී. ඒ අතරතුරේදී ඔවුන්ගේ වගාබිම අසලදී යුධ වදින දෙපාර්ශවයේ කණ්ඩායම් දෙකක් අතර සුළු ගැටුමක් ඇතිවන අතර දෙපාර්ශවයේ දෙදෙනෙකුගේ පමණක් දිවි ගැලවේ. අයිවෝ සහ මාගුස් දෙදෙනා …

ඉතිරිය කියවන්න »

Hasitha Prasad 4 years ago Drama, War


Up Dates

See More

Achievements

Last Month Top 10