Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: French Movies

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. වැඩිහිටියන් වගේම පොඩිහිටියනුත් එකසේ කැමතියිනෙ සජීවීකරණ චිත්‍රපටවලට. අද මේ එන්නෙ එවන් නිර්මාණයකට උපසිරැසි අරගෙනයි. අද අපේ රූපවාහිනී නාලිකාවල ‘ දරුවන් වෙනුවෙන්’ යැයි පවසමින් විකාශය වන වැඩිහිටියන්ටවත් නුසුදුසු සමහර බාල කාටුන් දැක්කම මේ නිර්මාණය කොතරම් සුන්දර හාස්‍යජනක එකක්දැයි නරඹන ඔබට සිතට දැනෙනවාට කිසිම සැකයක් නෑ. ඇත්තෙන්ම මෙය ප්‍රංශ බෙල්ජියානු සම නිෂ්පාදනයක් ලෙස එලිදැක්වුණු සජීවීකරණ චිත්‍රපටයක් ( මම මේ උපසිරැසි අරගෙන එන්නෙ මෙහි ඉංග්‍රීසි හඬකැවූ පිටපතට බවත් මතක තබාගන්න) . මෙහි නියම නම Le grand méchant renard et autres contes… (2017) වන අතර ඉංග්‍රීසි නාමය The Big Bad Fox And Other Tales (2017). ජනප්‍රිය ප්‍රංශ කාටූන ශිල්පියෙකුවන …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ Kantha සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල යුධ සබ්මැරීන වටා ගෙතුණ පාදක කරගත් ප්‍රංශ චිත්‍රපටයක උපසිරැසි අරගෙනයි. ඒ නිසා මෙහි ස්තූතිය ඔහුට. මේ චිත්‍රපටයෙ ප්‍රංශ නාමය Le chant du loup, ඉංග්‍රිසියෙන්නම් The Wolf’s Call (2019). මුලින්ම කියන්න ඕනෙ මේ Wolf’s call කියන්නෙ මොකද්ද කියල. දළ වශයෙන් පරිවර්තනය කලොත් වෘක උඩුබිරුම කියල තමයි මේකෙ අර්ථය එන්නෙ. නමුත් සබ්මැරීන භටයන් මෙම වචනය පාවිච්චි කරන්නෙ සතුරු මුහුදු සීමාවකදී තම සබ්මැරීනය ඇති ස්ථානය සොයාගත් සතුරු සබ්මැරීනයක් එය ඔවුන්ගේ මිතුරු හමුදා නෞකාවලට සහ සබ්මැරීනවලට දන්වා යවන පණිවිඩය. ඒ වගේම කියන්න ඕනෙ අපි පහුගිය කාලවල ගොඩක් සබ්මැරීන කතා පාදක …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. කාලෙකින් විදේශ භාෂා චිත්‍රපටයකට උපසිරැසි කලෙත් නැති නිසා මම කල්පනා කලා මම පහුගිය දවසක නරඹපු වගේම අවසානය තෙක් නරඹන්නා කුතුහලයෙන් චිත්‍රපටයට ඇද තබාගන්න සමත් ඉතාලි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්න. ගොඩක් අය කැමතියිනෙ අපරාධ, අභිරහස් වර්ගයන්ට අයත් චිත්‍රපට බලන්න. මේ චිත්‍රපටයත් අපරාධ, අභිරහස්, ත්‍රාසජනක යන තෙවර්ගයට අයත් එකක්. මෙහි ඉතාලි නාමය La ragazza nella nebbia වන අතර ඉංග්‍රීසි බසින් The Girl in the Fog (2017) නමින් තමයි නම් කරල තියෙන්නෙ. මෙය ඉතාලි ජාතික නවකතාකරු සහ තිරපිටපත් රචක ඩොනාටෝ කැරිචිගේ මේ නමින්ම යුත් නවකතාවක් ඇසුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාත් ඔහු වන අතර මේ …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අවුරුදු එහෙම සමරල ඉන්නෙ අපේ කට්ටියට ඔන්න මේ වතාවෙ අරගෙන ආවා විකාශය වෙලා වසර ගණනාවක් ගතවෙලත් අදටත් අපි හැමෝගෙම මතකයෙ නොමැකි රැඳී තියෙන කොමික් සහ කාටුන් කතාමාලාවක නවතම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක්. මේ තමයි The Adventures of Asterix නොහොත් සූරපප්පාහි නවතම චිත්‍රපටය Asterix: The Secret of the Magic Potion (2018) හි සිංහල උපසිරැසිය. ඉතින් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ අපේ ඇඩ්මින්වරයෙක් වන පසිඳු සහෝදරයට. ඔහු තමයි මේ චිත්‍රපටයට උපසිරැසි කරමුයි කියල කිව්වෙ. මම අර කලින් කිව්වත් වගේ මෙහි කාටුන් කතාමාලාව අපි බොහෝදෙනෙක්ට අදටත් මතකයි. සිංහල හඬකැවීම් කලාවේ නියමුවාවූ ටයිටස් තොටවත්තයන්ගේ පිස්සු පූසා, දොස්තර හොඳහිත වැනි සිංහල …

ඉතිරිය කියවන්න »

   ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ සූදානම් වෙන්නෙ අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි. මේ තමයි TAXI 5 චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. නම් කිව්වගමන් හැමෝම දන්නවා මේක පිළිවෙලින් 1998, 2000, 2003 සහ 2007 වසරවල නිකුත්වුණ චිත්‍රපට මාලාවක පස්වැනි චිත්‍රපටය බව. ඒ වගේම සිව්වැනි චිත්‍රපටයෙන් වසර 11කට පසුවයි පස්වැන්න නිකුත්වෙන්නෙ. Luc Besson,Franck Gastambide, Stéphane  Kazandjian තිදෙනාගේ තිර රචනයෙන් Franck Gastambideගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නෙත් ඔහුමයි. කෙසේවෙතත් මුල් නිර්මාණ හතර තරම් සාර්ථකත්වයක් අත්කරගන්නනම් මෙය සමත් වෙලා නෑ. Imdb අගය 4.9ක් තමයි දැනට තියෙන්නෙ. ගූගල් පරිශීලක ප්‍රසාදයනම් 82%ක් ලබා තිබෙනවා මේ වනවිට.රංගනයෙන් දායක වෙන්නෙ Franck Gastambide (සිල්වේන් මැරොට්) ,Malik …

ඉතිරිය කියවන්න »

  ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ අපේ අපේ සුමින්ද සහෝදරය තෝරල දුන්න තවත් චිත්‍රපටයකට. මේ චිත්‍රපටයත් ඇතුළුව ඉතාම වටින චිත්‍රපට ලැයිස්තුවක් තෝරල දුන්නට සුමින්ද සහෝදරයට බොහොමත්ම ස්තූතියි. ගැටුම්…ලෝකයේ නිතරම ගැටුම් ඇතිවෙනවනෙ. ඒක හැම ජීවියෙක්ටම පොදුයි. හැබැයි මනසින් අන් සියලු ජීවීන්ට වඩා දියුණුයැයි කියවෙන මනුෂ්‍යයන් අතර තරම් ගැටුම් නැතුව ඇති වෙන කිසිම ජීවි විශේෂයක් අතර. අපි විවිධ හේතු මුල්කරගෙන ගැටුම් ඇති කරගන්නවා, සමහරවිට ඒව සාධාරණ හේතු මත ඇතිවෙන ඒව, සමහරවිට  කිසිසේත්ම තේරුමක් නැති හේතු මත. ආගම්, ජාති, කුල-මල, පක්ෂ-පාට වගේ නොයෙක් විකාර හේතු ප්‍රධානයි ඒ අතරින්.මේ ගැටුම් දුරදිග ගියාම අපි මනුෂ්‍යයන් බවත් අපිටම අමතක වෙනවා බොහෝවිට. ඒ …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් අදත් අපේ හිතවතුන් හැමදෙනෙක්ටම.පසුගිය කාලය පුරාවට වැඩිපුරම උපසිරැසි කලේ ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි චිත්‍රපටවලට නිසා වෙනසකටත් එක්ක මේ වතාවෙ ප්‍රංශ චිත්‍රපටයකට උපසිරැසි ගේන්න හිතුවා. මේක මම මීට මාස කීපෙකට කලින් කරන්න අත තියපු එකක්, ලයින් බොහෝ ප්‍රමාණයක් කරල පැත්තක තිබුණෙ (මම පටන්ගන්න ගොඩක් වැඩ එහෙම තමයි ). ඉතින් මේ වගේ ලස්සණ චිත්‍රපටයකට එහෙම කරන එක අසාධාරණ නිසා මම තීරණය කලා උපසිරැසිය සම්පූර්ණ කරල ඕගොල්ලන්ට දෙන්න. එක එක ඒව කිය කිය හිටියට මම තාම චිත්‍රපටයෙ නම කිව්වෙ නෑනෙ,මේ තමයි ප්‍රංශ ජාතික අධ්‍යක්ෂක François Ozonගේ අධ්‍යක්ෂණයෙන් හැඩවී 2016 වසරේ තිරගතවුණ Frantz චිත්‍රපටය. Imdb අඩවියෙන් 7.5ක අගයක් සහ Rotten Tomatosවෙතින් 90% තරම් ඉහල …

ඉතිරිය කියවන්න »

ඔන්න මම සටන් කලා පැත්තට කැමති අයට බලන්න හොඳ චිත්‍රපටයක් ගෙනාව.රනින් මාෂල් ආට්, කුන්ග් ෆූ, නින්ජා , කෙන්ඩෝ, මුයිතායි සහ කික් බොක්සිං  වගේ සටන්  බලන්න කැමති අයට නම් කම්මැලිකමක් නැතිව එක දිගට බලාගෙන යන්න පුළුවන් වෙයි මේක.පොඩි ආදර කතාවකුත් ඒ අස්සෙ යනව හොඳේ.. කතාව ගැන කියනව නම්, මේකෙ මාෆියා කල්ලියක් වටා ගෙතුනු කතාවක් යන්නෙ.ඒ අස්සෙ දුප්පත් ළමයින්ට තමන්ගෙ ක්‍රීඩාව උගන්නන්න ජිම් එකක් දාන්න ඕන කරන රනින් මාෂල් ආට්(දුවන සටන් කලාව) කරන කොල්ලො සෙට් එකකුත් ඉන්නව.මේ සෙට් එකට සාමාජිකයන් තෝර ගන්නෙ පට්ටම වැඩ කිඩ දාන තරඟයක් තියල. මෙහෙම තේරුනු සෙට් එක මාෆියා කල්ලිය ඉන්න ප්‍රදේශයේ තමා දන්නෙ නැතුව අලුත් ජිම් එක …

ඉතිරිය කියවන්න »

ඔන්න ඉතින් අද අරගෙන ආවා Movie එකක්.මේක 18+ Movie එකක්.ඒත් චිත්‍රපටයට අනුව නම් විශේෂයෙන් තරුණ ගැහැණු ළමයින්ට උපදේශයක් ලබා දෙන චිත්‍රපටයක්.ඒත් මට ඉතින් නිර්දේශ නම් කරන්න බැහැ.උපසිරසිය කරන්න අරගෙන ගොඩක් කල් උනත් අද තමා ඉවර උනේ.උපසිරැසිය ගැන අනිවාර්යෙන් දෙයක් කියන්න ඕන.මේක French Movie එකක්.ඒ ගැන මං පහලින් කියන්නම්.ඉතින් මේක French Movie එකක් නිසා මේකට ආපු English Subtitle වල එක එක වෙනස් කම් තිබුණා.ඉතින් මං ඒ අතරින් තරමක් දුරට හොද English Subtitle තුනක් තෝරාගෙන අවශ්‍ය තැන නිවැරදි කරමින් හා අවශ්‍ය තැන් ගලපමින් මට හැකි විදිහට මං මේ චිට්‍රපටයට සදරනයක් ඉෂ්ට කළා.ඔයාලා චිත්‍රපටය බලද්දී වැරදි තිබ්බොත් ඉතින් සමාවෙන්න… මේ චිතරපටයේ 2013 වසරේ …

ඉතිරිය කියවන්න »

Up Dates

See More

Achievements

Last Month Top 10