It Stains the Sands Red (2017) Sinhala Subtitle
සුභ දවසක් වේවා subz.lk රසික රසිකාවියනි. මුලින්ම කියන්න ඕනෙ මේක මගේ පළමු උපසිරැසිය වන බැවින් අඩුපාඩු ඇත්නම් මාගේ කණගාටුව ප්‍රකාශ කරනවා.
මේක ගොඩක් අය ආස කරන category එකක් වන සෝම්බි වලට අයත් ෆිල්ම් එකක්. මේක නිකුත් වෙලා තියෙන්නෙ October 8, 2016 වන දින Horror/Thriller කියන වර්ගීකරණයට. 5.5/10 IMDB එකෙනුත් කුණු තක්කාලි වලින් 67% ක හොඳ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.
නළු නිළියන් ගැන කියනව නම් මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ The Boys tv seires එකේ Popclaw කියන චරිතයට පණ පොවන නිළි Brittany Allen විසින්. ඊට අමතරව මේකෙ Juan Riedinger, Merwin Mondesir, Kristopher Higgins වැනි රංගන ශිල්පීන් දායක වෙන මෙහි අවම පිරිසක් තමයි චරිත තියෙන්නෙ.
කතාව දෙසට හැරුනොත් කපල් එකක් කාන්තාරයක් මැද්දෙන් යන කොට හමුවෙන සෝම්බියෙක් නිසා වෙන අකරතැබ්බියක් ගැන තමා කතාව ගලාගෙන යන්නෙ. එහි ප්‍රධාන කතා නායිකාව හට තම පෙන්වතා මිය යෑමෙන් අනුතුරුව ඇය හට තමන්ගෙ ගමනාන්තට යා ගත හැකි වෙයි ද? ඇයට මුහුණපාන්න වෙන අනතුරු මොනවා ද? ඇය අවසානය තෙක් සටන් කරන්නෙ කෙසේද යන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
එහෙනම් දැනට සමුගන්නවා. සියළු දෙනාටම සුභ දවසක්! ජය වේවා…!!
නියමයි සහෝ. දිගටම උපසිරැසි කරමු!
ජය වේවා!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පුලුවන් නම් 80, 90 දශක වල Horror movies ටිකක් දෙන්න.
Omen 1, 2, 3, 4
Poltergeist 1, 2, 3
Amityville Collection
Exorcist Collection
Hellraiser Collection
වගේ ෆිල්ම් ටිකක් දෙන්නකෝ.
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks jayawewa….!