කොහොමද යාළුවනේ. “W- Two Worlds” කථාවේ 16 වන කොටසටත්(අවසාන කොටස) උපසිරැසිත් එක්ක තමයි මම ආවේ…දීර්ඝ කාලීන උත්සාහයකින් පස්සේ
අද අවසාන කොටසටත් ඇවිල්ලා තියෙනවා.මං මගේ පළවෙනි සබ් එක දෙන්න හිතුවේ කොරියානු කථාමාලාවකට.ඉතින් කොහොමින් කොහොමහරි අද වෙන කොට ඒකෙ
අවසානයට අද ඇවිල්ලා තියෙනවා.හිතේ පුංචි දුකකුයි,ලොකු සතුටකුයි මේ වෙලාවේ මට දැනෙනවා.පුංචි දුකක් දැනෙන්නේ මේ කථාව ඉවර වුනු නිසා.ඒත් එක්කම
මගේ හිතට ලොකු තෘප්තියක් දැනෙනවා..මං හදපු සබ් එකක් කවුරුහරි බලනවා දැක්කම.සබ් එක දාන්න පටන් ගත්ත දවසේ ඉදලම ගොඩක් දෙනා අඛන්ඩව මාව දිරිමත් කළා.
Fb එකට මැසේජ් කරපු හැමෝටමත් ,ගොඩක් ආදරෙන් මතක් කරනවා.සබ් දෙන්න පරක්කු වුනු අවස්ථා වලදී කිසිකෙනෙක්ගෙන් බැනුමක් නම් ඇහුවේ නෑ.
ඒ වෙලාවේ හැමෝම දිරිමත් කළා.ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හැමෝටම ගොඩක් ආදරෙයි.බොහෝම ස්තූතියි.මාත් එක්ක එක දිගට රැදී සිටියට.
මම Subz Lk වෙත ඉදිරිපත් කරන “දහතුන්වන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ අවසාන කොටස.
කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.
” W- Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය) “
*** 16 වැනි කොටස ( The End ) ***
(පෙර කොටසින්…)
Oh Yeon-Joo ට නැවත පණ එනවා. ඇය ඇස් අරිනවත් එක්කම අතුරුදහන් වෙලා ඇත්ත ලෝකෙට යනවා.
Oh Yeon-Joo ආපහු Kang Chul ගේ ලෝකෙට එන්නේ ගොඩක් කාලෙකට පස්සේ.ඒ කාලය අතරතුර
Kang Chul ගේ ජීවිතය බොහෝ ලෙස වෙනස් වෙලා.එතකොට මිස්ටර් ඔහ් ත් Kang Chul ගේ ලෝකයට ඇදිලා එනවා.
මේ අතරතුරේදී තමයි ඔය තුන් දෙනාටම එකපාරටම පේන්න ගන්නවා ” W කාටූනයේ අවසාන පරිච්ඡේදය ” කියලා.
හැබැයි එක දෙයක් මේ අවසාන පරිච්ඡේදයෙන් පස්සේ එක්කෙනෙක් සතුටු අවසානයක් තිබුනොත්,අනිත් කෙනාට දුක්ඛ අවසානයක් තමයි ඉතුරු වෙන්නේ.
කියලා හැමෝම දැනගන්නවා.ඒ වගේම හැන් චොල් හෝත් දැනගන්නවා ඇත්ත ගැන.ඩූ යූන් ගෙන්…
(අද කොටසින්…)
Kang Chul යනවා හැන් චොල් හෝ ව මුණගැසෙන්න.ඩූ යූන්ව බේරගන්න ඕනි නිසා.
ඒ වෙලාවේදී Kang Chul ට, හැන් චොල් හෝ වෙඩි තියනවා.කොහොම හරි Kang Chul එතනින් පැනලා යනවා.
හැබැයි වැඩි දුරක් නම් එහෙම යන්න වෙන්නේ නෑ.කාර් එකේ තෙල් ඉවර වෙනවා.
Kang Chul කෝල් එකක් ගන්නවා Oh Yeon-Joo ට…Oh Yeon-Joo , Kang Chul ඉන්න තැනට කොහොම හරි එනවා.
හැබැයි ඒ වෙලාවේ W කථාව අවසාන වෙනවා.W ඉවර වෙන්න නම් දුෂ්ඨයා හෝ ප්‍රධාන චරිතය මිය යන්නම වෙනවා.
අපි බලමු Oh Yeon-Joo ගේ තාත්තා ද? Kang Chul ද? මිය යන්නේ කියලා.
අවසානයේ Oh Yeon-Joo ට ඉතිරි වන්නේ මේ දෙන්නාගෙන් එක්කෙනෙක් විතරයි.
පුංචි කාලයේ ඉදන් තමන්ව ආදරෙන් හදාගත්ත තමන්ගේ තාත්තාව මිය ගියොත්, Oh Yeon-Joo ට දැනෙන වේදනාව
මහමෙරක් තරම් වේවි.
ඒ වගේම Kang Chul මියගියොත් ඇයට ඇයගේ හදවත අහිමි වූවක් මෙන් වේවි.
අපි බලමු කාටද සතුටු ,කාටද දුක්ඛ අවසානයක් ලැබෙන්නේ කියලා.
Kang Chul ටයි Oh Yeon-Joo ටයි මීළගට වෙන්න යන දේ මොකක්ද? Kang Chul ද? Oh Yeon-Joo ගේ තාත්තා ද මියයන්නේ.
Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…
අවසාන කොටසේ කුමක් වේවිද?
මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුළුවන්.
කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
♥♥♥ඔහ් යොන් ජෝගෙයි, කන්ග් වුල්ගෙයි ලෝක දෙකක,හදවත් දෙකක ඇති වුනු මේ ආදර කථාව
අවසානයේ තනි හදක් වුනා!!!
W කථාව අවසන් වුනත්,
ඔවුන්ගේ සදාකාලික ආදර කථාව මෙලෙසින් ආරම්භ වේවි…
මාස ගණනක් පුරාවටම කොමෙන්ට්,මැසේජස් දාපු ,
මාත් එක්ක අඛන්ඩව සිටි ඔයාලා හැමෝටම,
හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ පළමුවැනි කොරියානු
ආදර කථාව මෙතැනින් අවසන් කරනවා.♥♥♥
***පුංචි ආදරණීය සටහනක් රසික ඔබ වෙනුවෙන්ම…***
♥♥♥ඔයාලගේ ජීවිතේටත් ගොඩක් අය මුණගැසිලා ඇති.
ඒත් එයාලා හරි ඉක්මනින් ඇවිල්ලා,
ඉක්මනින්ම යාවී..
හරියට නිකම් අහස් කූරක් වගේ…
ඒත් කවදාහරි ඔයාගේ ජීවිත කාලය පුරාවටම …
පහනක් වගේ එළිය දෙන්න…
කෙනෙක් ඒවි…
එයා එනකම් ජීවිතේ හැමදෙයකටම සතුටින් මුහුණ දෙන්න.♥♥♥♥♥♥ අවසානයේ ඔයාලා දෙන්නට පුළුවන් වේවි..
මුළු ලෝකයටම එළිය දෙන්න හරියට සූර්යයා වගේ…
ඔයාලගේ ජීවිතේට ලැබෙන්න ඕනි කෙනා…
මොන ලෝකෙන් හරි ඔයාව හොයා ගෙන ඒවි…
හරියට ඔහ් යොන් ජෝට, කන්ග් වුල් හමුවුනා වගේ..
ඒත් ඔයාගේ ජීවිතෙන් යන්න ඕනි කෙනා…
ඔයා ළග මොනවා තිබුනත්,
ඔයාගෙන් වෙන් වෙලා යාවී..♥♥♥
මම ♥♥♥♫ සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න ♥♥♥♫
Subz Lk වෙනුවෙන්!!!
පුළුවන් තරම් කොරියන් ඩ්‍රාමා වලට සබ් දෙන්න අපි වගේ කොරියානු කතා පිස්සෝ වෙනුවන් ඔයාට ජය
THANKS FOR SUB
16 epi eke sub aka hoya ganna bane? eka danna puluwanda?