
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද ඔබ වෙත රැගෙන එන්නේ ප්‍රංශ භාෂා චිත්‍රපටයක්. මෙහි ප්‍රංශ නාමය BAC Nord(2020), ඉංග්‍රීසි නාමය The Stronghold (මෙහි BAC යන්නේ තේරුම Brigade anti-criminalité නොහොත් ප්‍රංශ පොලිස් සේවා අපරාධ නාශක බ්‍රිගේඩය). ක්‍රියාදාම, අපරාධ හා ත්‍රාසජනක යන තුන් වර්ගයට අයත්, හෝරාවකුත් මිනිත්තු 45ක ධාවන කාලයකින් යුත්, ප්‍රංශයේ අපරාධ බහුලම ප්‍රදේශයක සත්‍ය සිදුවීම් අනුසාරයෙන් නිර්මාණය කර ඇති මෙහි රචනය ඔඩ්‍රෙ දිවාන් හා සෙඩ්රික් ඉමනෙස්ගෙන් වන අතර අධ්‍යක්ෂණයත් සෙඩ්රික් දිවාන්ගෙන්මයි. රංගනයෙන් දායක වන්නේ ජිල්ස් ලෙලූෂ් (ග්‍රේග් සර්වා), කරීම් ලෙක්ලූ (යාස්), ප්‍රංශුවා සිවිල් (ඇන්ටොයින්), ඇඩෙල් එක්සැර්කපලස්( නෝරා), කෙන්සා ෆොටාස් (ඇමෙල්), සිරිල් ලෙෂොම් ( ජෙරොම්) ඇතුළු පිරිසක්. මෙහි එන සැබෑ සිදුවීම් 2012 වසරේ සිදුවූවක් වන අතර එයට නම් සම්බන්ධ වූ අදාල බ්‍රිගේඩ නිලධාරීන් ගණන 18ක් බවයි කියවෙන්නේ. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු ලිපියේ සඳහන් කිරීම රස වින්දනයට බාධාවක් විය හැකි නිසා මම එසේ කරන්නේ නෑ, චිත්‍රපටය තුලින්ම එය දැනගැනීමට ඉඩ තබමින්. මෙය මේ වනවිට 7.0ක IMDb අගයක්ද 91%ක ගූගල් පරිශීලක ප්‍රසාදයක්ද ලබා තිබෙනවා.
ප්‍රංශයේ උතුරුදිග මාසෙයිහි අපරාධ බහුල පෙදෙසකයි මෙම කතාව දිවෙන්නේ. එහි අපරාධ ප්‍රතිශතය සමස්ත ප්‍රංශයේම අපරාධ ප්‍රතිශතයට වඩා බෙහෙවින් ඉහල අගයක් ගන්නා බවයි කියවෙන්නේ. එහි අපරාධ මැඩලීමට සටන් වදින BAC බ්‍රිගේඩ නිලධාරීන් පිරිසක් හා ඔවුන් තම රාජකාරිය ඉටු කිරීමට භාවිතා කරන යම් අනීතික ක්‍රම නිසා ඔවුන්ම නීතිය ඉදිරියේ පත්වන අවධානමයි අපට චිත්‍රපටය පුරාවට දකින්නට ලැබෙන්නේ මෙහි එන ප්‍රධාන චරිත තුන වන ග්‍රේග්, යාස්, ඇන්ටොයින් යන නිලධාරීන් දෙදෙනා හරහා. එහෙනම් ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.
ලබාදී ඇති උපසිරැසිය NF(Netflix)WEB හා සියලු WEB,WEBRip, WEB-DL පිටපත් සඳහා ගැලපේ.
මෙහි ඉංග්‍රීසි භාෂා හඬකැවූ පිටපත්ද (DUBBED)අන්තර්ජාලයේ ඇති අතර, උපසිරැසිය සකසා ඇත්තේ එම පිටපත්වලට නොව ප්‍රංශ භාෂා පිටපත්වලට බව සලකන්න. ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා ද්විත්වයම සහිත පිටපත් (DUAL AUDIO/ ENG- FRE) සතු අය ඔබ භාවිත කරන වීඩියෝ ධාවක මෘදුකාංගය මගින් ප්‍රංශ භාෂාවට මාරුකරගන්න.
Download Links:
Download Direct WEB-DL පිටපත Download Direct WEB-DL පිටපත Download Torrent WEB-DL පිටපත
Hasitha Prasad
Comments: 7
Leave a Reply
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට හසිත සහෝ එකම භාෂාවකට කොටුවෙලා නැතුව විවිධ භාෂාවල ෆිල්ම්වලට සබ් දෙන එක නම් අගය කරන්නම ඕන ❤ ඔයා සබ් දෙන ෆිල්ම් සුපිරි
Hasitha Prasad
බොහොම ස්තූතියි, සුපුන්. විවිධ භාෂාවල චිත්‍රපටවලට වැඩි අවධානයක් දෙන්න බලන්නම් ඉදිරියට.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Kantha_DLA
font
eka loku karanna puluwanda…
font bold karanna epa……..
malathiweb font eka hondai..
thanks…
Hasitha Prasad
font එක බෝල්ඩ් කලේනං නෑ, Kantha ,මතක විදියට. ෆොන්ට් සයිස් එක ලොකු කරල දැන්ම ආයිත් අප්ලෝඩ් කරන්නං මම. බොහොම ස්තූතියි.
Hasitha Prasad
අප්ඩේට් කලා, Kantha :slight_smile:. දැන් බලන්න සයිස් එක ඇතිද කියල.
කවිදු ජයවර්ධන
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජය…