Beyond [S01 : E04] Sinhala Subtitle
ඔන්න අද Beyond TV Series එකේ හතරවෙනි කොටස ගෙනාව.ඇත්තටම ගොඩක් පරක්කු උනා.වැඩ ගොඩක් යෙදිලා තියෙද්දී කොහොම හරි කාලය හොයාගෙන ගෙනාවා.මට එක්කෙනෙක් බැනලා තියෙනවත් දැක්කා.උපසිරැසියට ස්තුතියි කියන්න කමෙන්ට් එකක් දාන්නේ නැති අය පරක්කු උනාම බැනලා නම් කමෙන්ට් කරනවා.ඕකයි ඉතින් මිනිස්සුන්ගේ හැටි.මෙච්චර කැප කරලා මේවා කරලා ඔහොම දේවල් තමා අහන්න වෙන්නේ.ඒකට කමක් නැහැ…
අද කොටස නම් කරලා තියෙන්නේ The Man in the Yellow Jacket කියලා.දන්නවනේ මේ කියන්නේ අර මෝඩ මිනිහා ගැන කියලා.ඒ වගේම අද කොටසේදී ඔයාලට කෙවීන්ට මොකද උනේ කියලා දැනගන්න ලැබෙයි.තව කතාව එන්න එන්නම කුතුහලය වැඩි කරනවා.ඉතින් අනිත් කොටසත් ඉක්මනටම ගේන්නම්.ඉතින් උපසිරැසිය අරං නිකන්ම යන්න එපා කියලා ඉල්ලීමක් කරනවා.මොකද ඔයාලගේ කමෙන්ට් අනුව තමා අපිට උපසිරැසි කරන්න ශක්තිය ලැබෙන්නේ.ශක්තිය වැඩි වෙන්නේ වැඩි වෙන්න අපගේ උපසිරැසි වේගයද වැඩි වෙනවා.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබට ජය!!!
Spoiler Warning : Holden uncovers a vital clue when he attempts to learn more about the mysterious man who pursues him; the Matthews become unnerved when Jeff continues to show up in their lives; Willa tries to help another comatose patient…
මොකද්ද මේ දිස්නා කියන හාදයා කරන ජෝක් එක?සාමාන්‍යයෙන් කමෙන්ට් එකෙන් කරන්නේ දිරිගැන්වීමක්…මේ උපසිරැසිය කරන කෙනාගේ කාල වේලාව අඩු නිසා වෙන අතපසු වීමක් වෙන්න පුලුවන්…
කරුණාකරලා උපසිරැසි පරක්කු උනා කියලා බයින එක නවත්තන…ඕක හරි පවු වැඩක්.මේ අය තමන්ගේ දෙයක් කරන්න තියෙන කාලය කැප කරගෙන මේවා කරන්නේ ඔහොම බැනුම් අහන්න නෙමේ.මනුස්සයෙක් විදිහට හිතන්න!
niyamai….Thanks….Jaya wewa!!!
උපසිරසියට බොහෝම ස්තුතියි.. 🙂
මේ disna කියන කෙනාට කියන්නේ,sub එකක් කරනවා කියන්නේ හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි,පට්ටම් අමාරු දෙයක්.ඔයා බලන නිසා නෙමේ කවීශ සහෝ මේකට sub කරන්නේ.එයාට ආසාවෙන් හොඳ comment දාපු හොඳ සහෝදරයින්ට.ඉතින් කවීශ සහෝ මේ නොවැදගත් මිනිස්සුන්ව ඕනේ නැහැ කියලා හලලා දාලා ඔයාගේ උපසිරසි ජීවිතය සාර්ථක වේවා කියලා පතනවා.ඒ වගේම sub එකට thanks සහෝ.