Captain Marvel (2019) Sinhala Subtitle

/

 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මාවල් රසිකයන් පුල පුලා බලා සිටි තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසිය. අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ මේ තමයි කැප්ටන් මාවල් සිනමා ආගමනය නොහොත් Captain Marvel (2019). මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ අපේ හෙඩ් ඇඩ්මින් දමිත් ප්‍රියංකර සහෝදරයට. එහෙනම් දැන් අපි යමු චිත්‍රපටයෙ ආගිය කතා පැත්තට..


තිරගතවීම ආරම්භවෙන්නත් කලින් රසිකයන් අතර දැඩි කැලඹීමක් ඇති කරන්න මේ චිත්‍රපටය සමත්වුණා කියල ඔබට මතක ඇති. ඒකට හේතුව වුණේ කැප්ටන් මාවල් චරිතයට පණපොවන බ්‍රී ලාසන් චිත්‍රපටයේ විචාර ගැන අහද්දි කියපු කතාවක් නිසා. ඇය කිව්වෙ ” අවුරුදු 40 සුදු ජාතික පිරිමි කියන දේවල් තමන්ට වැඩක් නෑ” කියලයි. බොහෝ පිරිසකට මේක පුරුෂ විරෝධී අදහස් දැක්වීමක් ලෙස පෙනීගිය නිසා , ප්‍රේක්ෂකයන් අතර ලොකු කතාවක් ගියා මේ චිත්‍රපටයට වර්ජනය කර මේ හා සමගාමීව තිරගතවූ Alita: Battle Angel(2019) චිත්‍රපටය නරඹන්නට. හරියට බැලුවොත් බ්‍රී ලාසන්ගෙ මේ කතාවට ප්‍රේක්ෂකයන් (ප්‍රේක්ෂිකාවන් නොවේ) බහුතරයකට කේන්තියාමේ යම් සාධාරණ පැත්තකුත් තියනවා, මාවල් සිනමා විශ්වය මේ තාක් දුරට ඔසවා තැබීමේ වැඩි ගෞරවය යන්න ඕනෙ ප්‍රේක්ෂක පාර්ශවයට නිසා. තත්වය එහෙම තියෙද්දි ඊලඟට නික් ෆියුරිට පණ පොවන සැමුවෙල් එල් ජැක්සන් වත්මන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව වහලුන්ගෙන් වැඩගන්නා ඉඩම් හිමියෙකුට සමාන කරමින් කල අදහස් පළකිරීමක් නිසා තත්වය තවත් නරක අතට හැරුණා. මෙතනින් ලොකුම ප්‍රශ්ණෙ වුණේ බ්‍රී ලාසන්ගෙ අදහස් දැක්වීම, ඊට හේතුව ඇය Avengers : End Game ඇතුළු ඉදිරි චිත්‍රපට හයක් සඳහා ඒ වනවිටත් ගිවිසුම් අත්සන් කර තිබීම සහ මේ කතාව නිසා මාවල් සිනමා විශ්වයේ ඉදිරි ගමන යම් අවිනිශ්චිත තත්වයකට ( ප්‍රධාන වශයෙන් ආදායම් අතින්) පත්වේද යන සැකය. කොහොමහරි චිත්‍රපටය තිරගත වෙලා අවසන් වුණාම තමයි තත්වය හරියටම බලන්න තියෙන්නෙ. විචාරයන් පවා බොහෝවිට ලියවෙලා තියෙන්නෙ චිත්‍රපටයට එරෙහිවයි ,එසේම සෘණාත්මක රේටින් ලබාදීම් පවා සිදුවෙලා තිබෙනවා චිත්‍රපටය තිරගතවන්නටත් ප්‍රථම. මේ නිසාම Rotten tomatoes අඩවිය තම අඩවිය වෙනස්කම්වලටද ලක්කලා, චිත්‍රපටයක් තිරගත වන්නට ප්‍රථම රේටින් සහ රිවීව්ස් පළකල නොහැකි ලෙස. හරි ඒ තමයි ආගිය කතා දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..

හරි, Avengers: Infinity War (2018) බලපු අය දැක්කනෙ තානෝස් ලෝක ජනගහණයෙන් හරි අඩක්ම තමන්ගෙ එක ස්නැප් එකකින් නැතිකරල දාපු ආකාරය.

ඒකෙම පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයෙදි ඔබ දැක්කා තානෝස්ගෙ ස්නැප් එකට ගොදුරුව අතුරුදන් වෙලා යන්න ටිකකට කලින් නික් ෆියුරි පේජර් එකකින් (මෙහි අතීත කතාවත් මෙම චිත්‍රපටයට ඇතුලත්) යමෙකුට පණිවිඩයක් යවනවා.

පේජර් පණිවිඩය යවමින් සිටියදී නික් ෆියුරි දුහුවිලිව යන අවස්ථාව

ඒ යවන්නෙ කාටද කියල සඳහන් නොවුණත්, අපි දැක්කා ඒකෙ දර්ශනය වුනේ කැප්ටන් මාවල් සලකුණ. වීඩියෝ එකම බලනවනම් මෙන්න ඒක

පේජරයේ සටහන්ව තිබූ කැප්ටන් මාවල් සලකුණ

ඒ යවන්නෙ අනිවාර්යයෙන්ම ඇයගෙ උදව් ඉල්ලල කියල පැහැදිලිනෙ. මාවල් ස්ටුඩියෝස්හි සභාපති කෙවින් ෆීජ් පවසන විදියට මාවල් සිනමා විශ්වයේ බලවත්ම චරිතය විදියට ගැනෙන කැරොල් ඩෙන්වර්ස් නොහොත් මේ කැප්ටන් මාවල් තමයි දැනට තානෝස් කල විනාශය ආපසු හැරවිය හැකි තරම් බලයක් ඇති එකම චරිතය. ඒ පණිවිඩය යැවුනෙ ඇයටයි..

නික් ෆියුරි පේජර් පණිවිඩය යවන්න කලින්ම තානෝස්ගෙ ස්නැප් එකට අහුවෙලා දූවිලි වෙලා ගියා අපි දැක්කට, අපි මෙච්චර කාලෙකට මේ කැරොල් ඩෙන්වර්ස් නොහොත් කැප්ටන් මාවල් කියන්නෙ කවුද, ඇය ඒතරම් බලවත් චරිතයක් වෙන්නෙ කොහොමද, නික් ෆියුරි ඇය හඳුනන්නෙ කොහොමද වගේ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ. ඉතින් අන්න ඒ සියල්ල තමයි ප්‍රේක්ෂක ඔබට මේ Captain Marvel (2019) චිත්‍රපටයෙන් බලාගන්න තියෙන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ මෙහි කාලරාමුව 1990 දශකයේ මැද භාගය, ඒ කියන්නෙ Captain America: The First Avenger හැරුණවිට මාවල් සිනමා විශ්වයේ අන් සියලුම චිත්‍රපට වැටෙන්නෙ මීට පිටිපස්සට. ඒ නිසාම මේකෙදි අපි දකින්නෙ වඩා තරුණ නික් ෆියුරි කෙනෙක් වගේම සුපිරි වීරයන් ගැන දැනුමකුත් නෑ. 90 දශකයේ දිවෙන නිසාම ඒ සමයේ යම් යම් දේවල් චිත්‍රපටයට එම දශකයේ ගීත ඛණ්ඩත් ඇතුළුව. මේ එයින් කීපයක්ද ඇතුළු චිත්‍රපටය නැරඹීමේදිද වැදගත් වියහැකි කරුණු කීපයක්…

• බ්ලොක් බස්ටර් වීඩියෝ සෙන්ටර් ( Blockbuster Video )

90 දශකයේදී VHS පටවලින් ඇරඹී 2000 දශකයේ DVD ආගමනය දක්වා චිත්‍රපට ආදිය කුලියට ලබාදීමේ හිණිපෙත්තේ සිටි මේ වීඩියෝ මධ්‍යස්ථාන ජාලය කාලයාගේ ඈවැමෙන් සහ චිත්‍රපට නැරඹීමේ වඩා පහසු සහ නව තාක්ෂණයන් ඉදිරියේ හිස නමනවා. නමුත් චිත්‍රපටයේදී ඔබට දකින්න ලැබේවි එම කාලයේ ඔවුන් සිටි තත්වය (අපිත් හැඳුනුම්පත හෝ මුදල් ඇපයට තබා චිත්‍රපට නරඹපු අයනෙ ඉතිං, ඒකට අද )

• ALTAVISTA සෙවුම් යන්ත්‍රය

ගූගල් සමාගම අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර කලාව උඩු යටිකුරු කරන්නට පෙර අන්තර්ජාල පරිශීලකයන්ට සේවය සැලසූ මේ සේවය පසුව Yahoo සමාගම විසින් මිලට ගන්නවා (ඔව්, ඔව්, Google සුළු මුදලකට මිලදීගන්නට තිබූ අවස්ථාවට පයින් ගැසූ Yahooම තමයි)

• The Avengers: Kree–Skrull War ( 1971 ජූනි- 1972 මාර්තු)

මෙහි කතාව පාදක වෙන්නෙ රෝයි තෝමස් විසින් රචිත “Kree–Skrull War” ඇසුරින්. එහි ආරම්භයේදීනම් හැබැයි කැරොල් ඩෙන්වර්ස්ට තිබෙන්නේ සුළු චරිතයක්. ඒ වනවිට ඇයට සුපිරි බලයන් පවා ලැබී නෑ.

• අධ්‍යක්ෂණය
මේ චිත්‍රපටයේදී තමයි රූසෝ සහෝදරයන්ට පසුව තවත් අධ්‍යක්ෂ දෙපළක් දෙවන වරට මාවල් සිනමා විශ්වයට දායක වෙන්නෙ ඒ ඇනා බෝඩන් සහ සහය අධ්‍යක්ෂ රයන් ෆ්ලෙක් . ඇනා බෝඩන් තමයි මාවල් සිනමා විශ්වයේ ප්‍රථම කාන්තා අධ්‍යක්ෂවරිය.

• ස්ටෑන් ලී සුළු චරිත රංගනය
සුපුරුදු පරිදි මේ චිත්‍රපටයටත් ඔහුගේ සුළු චරිත රංගනයක් ඇතුලත් වගේම ඔහුට ගරු කරමින්ම චිත්‍රපටය අරඹන්නත් මාවල් ස්ටුඩියෝස් කටයුතු කරල තියනව. චිත්‍රපටයෙදි ඔබට  දකින්න ලැබෙන්නෙ ස්ටෑන් ලී පොතක් කියවමින් ඉන්නව, ඇත්තටම ඒ පොතක් නෙමෙයි Mallrats (1995) චිත්‍රපටයේ පිටපත.ස්ටෑන් ලී ඒකෙත් ඉන්නවා මෙන්න මේ විදියට.

• රොනෑන් සහ ඇකියුසර් බළකාය

මම කිව්ව මතකනෙ මේකෙ කාලරාමුව 1990 දශකයේ මැද භාගය කියල. ඒ නිසාම Guardians of galaxy (2014) චිත්‍රපටයේදී මියයන රොනෑන්, මේ චිත්‍රපටයෙ කාලය තුල ජීවත්ව ඉන්නවා. ස්ටාලෝඩ් ඇතුළු පිරිස ඔහුව විනාශ කල අවස්ථාව.

එහෙනම් මීට වඩා මෙතන කියල නරඹන ඔබේ රසවින්දනයට බාධා කරන්න මගෙ අදහසක් නෑ.  Imdb අගය 7.2ක් ලබාගෙන, Rotten Tomatoes වෙතින් 78%ක අගයක්ද ලබාගෙන බ්‍රී ලාසන්, සැමුවෙල් එල් ජැක්සන්, බෙන් මෙන්ඩල්සන්, ජූඩ් ලෝ, ඇනට් බෙනින්, ලෂානා ලින්ච්, ක්ලාක් ග්‍රෙග්, ජෙමා චෑන්, ඩ්ජෙමන් හොන්සෝ, ලී පේස්, අකිරා අක්බර් ඇතුළු පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවන මේ චිත්‍රපටය නරඹන්නට ප්‍රේක්ෂක ඔබට ඉඩලබාදෙමින් මම නවතින්නම්. හමුවෙමු MULE (2018) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින්..

සියලු තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි 

BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇති අතර කැමරා පිටපතට නිකුත්කල මුල් උපසිරැසියේ තිබූ පරිවර්තන දෝෂ කිහිපයක්ද නිවැරදි කර ඇත. එසේම WEB-DL පිටපත් ඇති අයගේ පහසුව තකා WEB-DL සඳහා සකස්කල උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

විශේෂ :-
මේ වසරේ පෙබරවාරි මාසයේදී තමයි මෙම චිත්‍රපටයේ නිල වෙබ් අඩවිය එලිදැක්වුණේ. නිර්මාණකරුවන් එය 1990 දශකයේ වෙබ් අඩවියක් ලෙස තමයි සකසා තිබෙන්නේ. ගොඩවෙලා බලන්න මේ එම අඩවිය.

6.9
IMDB

Year : 2019

Actors : Brie Larson, Samuel L. Jackson, Ben Mendelsohn, Jude Law

Carol Danvers becomes one of the universe's most powerful heroes when Earth is caught in the middle of a galactic war between two alien races.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 33701
  • File Size : 80.508KB
  • Sub Update :2020-09-09
  • mikey Unregister User
    Windows 10Chrome 73

    direc link nedda. apita banna ba ne hemotama torrent na ne. direc link ekk danna

    2019-03-30 at 4:45 am
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      ඩිරෙක්ට් ලින්ක් එකක් මම දාන්නම් තව ටිකකින්, මයිකි 🙂

      2019-03-30 at 4:49 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      ඩිරෙක්ට් ලින්ක් එකක් දැම්මා.

      2019-03-30 at 5:19 pm
  • Luzifar47 Unregister User
    Android 8Chrome 73

    😭😭😭😭 torrent eka wd krnneth na

    2019-03-30 at 7:16 am
  • Luzifar47 Unregister User
    Android 8Chrome 73

    👌👌👌 hri giya

    2019-03-30 at 7:19 am
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      🙂 Thanks.

      2019-03-30 at 4:50 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 73

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2019-03-30 at 9:47 am
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      බොහොම ස්තූතියි, Kantha 🙂

      2019-03-30 at 5:19 pm
  • sanju dananjaya Unregister User
    Windows 8.1Chrome 73

    me diila thiyana copys HD.web,or blue-ray, rip nemi neda??..quality eka gana podi awlk tiyanawa..balapu kenek nadda..

    2019-03-30 at 10:41 am
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      ඒව එන්න තව කල් තියනවා, සන්ජු. මේක කැමරා පිටපතක්.
      ඒකයි ලිපියෙ උඩින්ම සඳහන් කරල තියෙන්නෙ කැමරා කියල.

      2019-03-30 at 4:48 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      ස්ක්‍රීන්ෂොට් ඕනෙනං ලිපියෙ අග තියන ලින්ක් එකෙන් බලලම පිටපත ගන්න.

      2019-03-30 at 5:13 pm
  • vihanga Unregister User
    Windows 7Chrome 73

    thanks bro

    2019-03-30 at 2:40 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 8.1Chrome 70

    thank hasitha sub ekata … විශේෂයෙන් කියන්න තියෙන්නේ නික් පියුරි ගැන ..අපි හිතන් හිටියේ එයා හෙන දර දඩු කෙනෙක් කියලා නේ ..ඒ වාගේම එයාගේ ඇස නැති වෙන හැටි :p ..මේක නම් බලන්නම ඕන ෆිල්ම් එකක්

    2019-03-30 at 10:51 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      ඔව්නෙ, මාත් හිතා හිටියෙ එහෙමයි කියල. අනිත් එක සැමුවෙල් එල් ජැක්සන්ගෙ අනිත් චරිතවලින් අපිට ඇවිල්ල තියෙන්නෙත් එහෙම හැඟීමක්නෙ, ඒක වෙන්න ඕනෙ හේතුව. මාවල් ෆිල්ම් සීරීස් එකේ එකක නික් ෆියුරි කියනව නේද,
      “The last time I trusted someone I lost an eye.” කියල? ඒකයි මේකයි ගාණට මැච් වෙනව.

      2019-03-31 at 12:05 am
    • Bhanuka Unregister User
      Android 5Chrome 77

      Thank you subz

      2019-11-08 at 6:54 pm
  • Mithun Unregister User
    Android 8Chrome 73

    මෙක දැම්ම නම් කියවන්න අදහසක් නැ. WEB එක එනකම්ම ඉදල ගන්න ඔනෙ. කලිම් ආව ෆිල්ම් එකත් ඔයාගෙ සබ් එක්කමයි බැලුවෙ එලටම කරල තිබ්බ වගේම ෆිල්ම් එකත් පට්ටම විදියට සෙට් උනා.කට්ටියව එක පාරට අලුවෙලා යන සින් එකෙන් චිත්‍රපටය ඉවර වෙනවනෙ.එතකොට මෙක එකට සම්බන්ධද සහෝ….
    බලම්මයි උන්නෙ ඉලග එක එනකල්…. wetting web-dl ……..😉

    2019-03-31 at 9:36 am
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      Infinity war නෙ? ඔව්, මිතුන්, මේ ෆිල්ම් එකත් ඒකට ස සම්බන්ධයි, හැබැයි ටයිම් ලයින් එක අනුව මේකෙ කතාව තියෙන්නෙ ඒ සිදුවීමට කාලෙකට කලින් , ඒ කියන්නෙ ඒ සිද්ධිය සිද්ධවෙලා නෑ මේ වෙනකොට. ‍Web-dl එකක් ආවම අප්ඩේට් එකක් දෙන්නම් අනිවාර්යයෙන්ම.

      2019-03-31 at 6:26 pm
  • Thamod Godakanda
    Windows 7Firefox 66

    sub ekata thanks saho justice league vs fatal five ekatath sub eka denna

    2019-03-31 at 9:51 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 73

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි ලිපිය….හොද කොපියක් ආව ගමන්ම update කරමු…

    2019-03-31 at 11:21 am
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      බොහොම ස්තූතියි, රසිඳු. අනිවාර්යයෙන්ම පිටපත් එන
      පිළිවෙලට අප්ඩේට් දෙන්න බලාපොරොත්තු වෙනවා 🙂

      2019-03-31 at 6:27 pm
  • උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝදරයා.ඒ වගේම ලිපියත් පට්ට.හොඳ පිටපතක් ආව ගමන් බලන්නම්.

    2019-03-31 at 6:05 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      බොහොම ස්තූතියි, සහන් 🙂 අනිවාර්යයෙන්ම
      අප්ඩේට් දෙනවා පිටපත් එන පිළිවෙලට.

      2019-03-31 at 6:27 pm
  • kavinda Unregister User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

    2019-04-01 at 12:41 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 73

    Request :
    At War (2018)
    Welcome to Marwen (2018)
    And Breathe Normally (2018)
    Werk ohne Autor AKA Never Look Away (2018)
    Mirage (2018)
    A Vigilante (2018)
    The Highwaymen (2019)

    2019-04-01 at 9:58 am
  • chaminda kumara User
    Android 6UC Browser 12.9

    NIce movie

    2019-04-01 at 3:06 pm
  • upul Unregister User
    Windows 7Chrome 73

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්..

    2019-04-02 at 1:58 am
  • Dasun Sandeepa Unregister User
    Android 8Chrome 72

    Meke HD kopiya kawadda dannae nae enne??

    2019-04-02 at 2:02 am
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      ඩිජිටල් රිලීස් ඩේට් එකක් තාම හරියට කියල නැති නිසා දවසක් හරියටම කියන්න අමාරුයි, දසුන්. කොරියන් HC-HDrip එකක් තමයි ඊලඟට එන්න තියෙන්නෙ. ආව ගමන් අප්ඩේට් එකක් දෙන්නම්.

      2019-04-02 at 4:30 am
  • percy Unregister User
    Android 5.1UC Browser 12.9

    Captain Marvel down wanna damma. Ikmanata hdts dunna eke hondai. Web & br Eddi parakui etakan Inna be. Thx bro ikmanata sinhala sub dunnata

    Five feet apart 2019
    Meke camera copy eke awith. Meketha sub dennako pls bro ane pls dennako
    Web enakan Inna epa, hdcam 1xbet 900mb 720p meketama Denna passe update Denna
    Meke Cole Sprouse innawa (riverdale jughead)bro pls ikmanta cam ekatama sinhala sub Denna. Mama eka down Kara ,audio video quality superb

    2019-04-02 at 5:42 pm
  • Vishwa Sandaru User
    Android 5.1UC Browser 12.9

    Captain Marvel down wanna damma. Ikmanata hdts dunna eke hondai. Web & br Eddi parakui etakan Inna be. Thx bro ikmanata sinhala sub dunnata

    Five feet apart 2019
    Meke camera copy eke awith. Meketha sub dennako pls bro ane pls dennako
    Web enakan Inna epa, hdcam 1xbet 900mb 720p meketama Denna passe update Denna
    Meke Cole Sprouse innawa (riverdale jughead)bro pls ikmanta cam ekatama sinhala sub Denna. Mama eka down Kara ,audio video quality superb
    Plzzzzzzzzzzz

    2019-04-02 at 5:44 pm
  • Luzifar47 Unregister User
    Android 8Chrome 73

    Subz eke Mail eka wda krnne nane bn

    2019-04-03 at 7:52 am
  • Gayan Chandana Admin
    Windows 7Firefox 66

    supiri….jaya wewa

    2019-04-04 at 5:45 pm
  • mayura Unregister User
    Windows 7Maxthon 5.2

    upa siresiyata sthuthi sho namuth mewage cem rip walata sub epa.

    2019-04-05 at 9:59 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      බොහොම ස්තූතියි, මයුර. කැම්රිප් සාමාන්‍යයෙන් මාත් බලන්නෑ. ඉල්ලීමක් නිසයි කලේ. ඔයා නොදන්නව ඇති කියලයි කියන්නෙ මෙහෙම සබ් හදල තියාගත්තම අපිට පොඩි පහසුවකුත් තියනවා, පස්සෙ කරන්න තියෙන්නෙ අප්ඩේ්‍ට් කරන්න විතරක් හින්ද. ඒ වගේම ඔයා මම නොබැලුවට කැම්රිප් බලන පිරිසකුත් ඉන්නවනෙ හදිස්සියට. මම මුලින් කිව්ව හේතු දෙකට නිසයි උපසිරැසිය කලේ. බලන නොබලන එක තම තමන්ට අයිති දෙයක් 🙂 ඒකෙ මට කිසිම අදාලත්වයක් නෑ. ඇඩ්මින්ල හෝ බෑ කියන්නම බැරි කෙනෙක් ඉල්ලුවොත් මම කැම්රිප්වලට සබ් කරනවා ඉදිරියටත්, බලන හෝ නොබල එක ඔබේ රාජකාරියක්. ( ඒ හදිසියට බලන අයත් (මේ මමත්) අනිවාර්යයෙන්ම හොඳ පිටපතක් ආවම බලනවා, සමහර අය HC-HDrip එක ආවමත් බලල, ආයිත් WEB-DL හෝ BLURAY ආවමත් බලනවා.)

      2019-04-05 at 10:58 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      PS :- WEB හෝ BLURAY එනකං චිත්‍රපට නරඹන්නෙ නැති අය නොමග යනවට තමයි ලිපියෙ
      ඉහලින් පැහැදිලිව සඳහන් කරල තියෙන්නෙ ” කැමරා පිටපතක්” කියල . ඔබ “කැමරා” කියල දැකපු ගමන් හැරිල ගිහින්, මේ දාපු කමෙන්ට් එක හොඳ පිටපතක් ඇවිල්ල අප්ඩේට් දුන්න දවසක දැම්මනම් අපි දෙන්නටම ලේසියි සහ හිතට සතුටක්, නේද?

      2019-04-05 at 11:03 pm
  • Rajitha Unregister User
    Android 9Chrome 72

    #Web dl enna කොච්චර kal yaida?

    2019-04-08 at 11:10 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      මම හිතන්නෑ, රාජිත, ලඟකදිනං එයි කියල. ඉන්ටනෙට් එකේ තියන විදියට ජූනි මාසෙ වගේ තමයිලු එනවා ඇත්තෙ ( How to train your dragon 3 වගේ කලින්ම Internal Source එකකින් ලීක් වුණොත් ඇරෙන්න ඉතිං ජූනි වෙනකං ඉන්න වෙනවා.)

      2019-04-08 at 11:39 pm
    • Rajitha Unregister User
      Android 9Chrome 72

      එහෙමද el el, hdts wage koi kale wage eida kiynna be neda

      2019-04-09 at 9:12 am
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      මේ සබ් දීල තියෙන්නෙ HDTS එකකට තමයි, රාජිත. HDTS කියන්නෙ HD කැමරා ටෙලි සින්ක් කියන එක. ටෙලි සින්ක් එකේ වෙනස සවුන්ඩ් රෙකෝඩ් කරන්නෙ සිනමා ශාලාවල නරඹන්නන්ට ලබාදී ඇති හෙඩ්ෆෝන් ජැක් එක හරහා වීම. ඒ කියන්නෙ සවුන්ඩ් පැහැදිලියි සාමාන්‍ය කැමරා පිටපතකට (HDCAM) වඩා.

      මම හිතන්නෙ ඔයා අහන්නෙ කොරියන් HC-HDRIP ගැන වෙන්න ඕනෙ. ඒකනං කොහොමත් WEB-DL වලට කලින් එනවා. හරියටම දවසක් කියන්න අමාරුයි.

      2019-04-09 at 11:22 am
  • Viraj Unregister User
    Windows 10Chrome 73

    Thnks machan…

    2019-04-17 at 12:11 pm
  • Sasa Unregister User
    Android 9Chrome 73

    Thanks for the sub

    2019-04-17 at 6:25 pm
  • yohan sameera Unregister User
    Windows 7Firefox 66

    thank you very much bro .really impressive.clear video copy my kid love to watch the video

    2019-04-19 at 12:25 pm
  • Himasha Kavinda User
    Windows 10Opera 58

    Captain marvel film eka ganne kohomada

    2019-04-22 at 11:53 am
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      දීල තියන ඩවුන්ලෝඩ් ලින්ක්ස්වලින් පුළුවන්. මම මඒ දැනුත් චෙක් කලා ලින්ක් සේරම වැඩ.

      2019-04-22 at 6:23 pm
    • Himasha Kavinda User
      Windows 10Opera 58

      OK mama film eka gaththa

      2019-04-27 at 12:54 pm
  • gihan Unregister User
    Windows 10Chrome 73

    ft saho

    2019-04-22 at 2:59 pm
  • Dineth rangika Unregister User
    Android 6Chrome 73

    තෑන්ක්ස් බ්‍රෝ…ඔයා මේකට ගොඩක් මහන්සි වෙලා තියනවා…පිලිවෙලට වැඩේ කරලා…good luck

    2019-04-24 at 2:36 am
  • Thushanka Unregister User
    Android 8Chrome 72

    Endgame eke cam copyakata sub denawada?

    2019-04-28 at 1:15 pm
  • කවින්ද Unregister User
    Android 9Chrome 74

    මචං ඇවෙන්ජර් ඉන්ඩ්ගේම් එකේ හොද HDCAM එකක් ඇවිල්ලා පොඩ්ඩක් බලහන් සබක් දියන් ඉක්මනට හැමදාම කොමෙන්ට් කරේ නතුවට උබේ සබ් එනකම් ඉන්නවා මේ වගේ ඒවට

    2019-04-29 at 12:35 am
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      එන්ඩ්ගේම් එක අපේ දමිත් සහෝදරයා කරමින් ඉන්නෙ මේ දවස්වල. ලඟදීම අඩවිය හරහා නිකුත් කරයි, කාවින්ද.

      2019-04-29 at 8:31 am
  • sasanka Unregister User
    Android 9Chrome 74

    Thanks for the sub

    2019-05-28 at 10:22 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 74

    … ගොඩක්ම ස්තූතියි. …

    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-05-28 at 1:11 pm
  • Mithun Unregister User
    Android 8Chrome 73

    මම පරක්කුයි …….යකඩෝ අප්ඩේටුත් දිලනෙ………😍😍😍😍😍😍😍😍😍 කියන්න හැදුව විතරයි
    ගොඩක් ස්තුතියි සහෝ…. සතුටු දවසක් බානගමන් ඉන්නෙ😍

    2019-05-28 at 5:10 pm
    • Hasitha Prasad Super Mod
      Windows 10Vivaldi 2.5

      මමත් මේක web ප්‍රින්ට් එකක් එනකං හිටියෙ. ඊයෙ රෑ Mkvcage එකට ආව ගමන්මයි ගත්තෙ. එවෙලෙ බලන ගමන්ම සබ් එක එජස්ට් කලා. උදේ පාන්දර සයිත් එකට අප්ඩේට් කලා 😉

      2019-05-28 at 9:30 pm
    • Mithun Unregister User
      Android 8Chrome 73

      හිතුව තරම් මුවි එක සාර්ථක නැහැ මට නම්.
      කතාව රසවත් මදිකමක් දැනුන
      කොහොමද උනත් අනිවා Marval රසිකයෙක් නම් බලන්න එපෑ.
      Avenge අලුත් එක තම ඉගවට …. එක ණම් පට්ට වෙන්න ඔන….

      2019-05-30 at 10:19 pm
    • Mithun Unregister User
      Android 8Chrome 73

      *Avengers Endgame

      2019-05-30 at 10:22 pm
  • Mithun Unregister User
    Android 8Chrome 73

    Bluray ekat awaa

    2019-05-29 at 11:47 am
    • Hasitha Prasad Super Mod
      Windows 10Vivaldi 2.5

      Updated 😉

      2019-05-29 at 11:07 pm
  • nipun Unregister User
    Windows 10Chrome 74

    thanks macho!!!!!

    2019-05-30 at 1:57 pm
  • Anusara User
    Windows 7Chrome 74

    Thanks brother….

    2019-05-31 at 11:04 am
  • Sukiriya Unregister User
    Android 8UC Browser 12.11

    Thanks mcn adarei

    2019-05-31 at 7:19 pm
  • W Sanjana Priyamantha Perera Unregister User
    Windows 10Chrome 74

    bluray 264da 265da match wenne?

    2019-06-02 at 7:57 am
    • Hasitha Prasad Super Mod
      Windows 10Vivaldi 2.5

      H 265 ද 264ද අදාල වෙන්නෙ නෑ. ප්‍රින්ට් එක Bluray නං හරි.

      2019-06-02 at 12:26 pm
  • induwara wish Unregister User
    Windows 10Chrome 75

    thanks brother thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss

    2019-07-13 at 12:30 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *