
මෙහෙමත් ට්‍රිප් එකක්.
ඉතින් සියලුම Subz.lk හිතවතුන්ට ආයුබෝවන් කියමින් ඔයාලගෙන් අවසර ඉල්ලනවා පොඩි සටහනක් එකතු කරන්නට. ඊයෙ අපිට විශේෂ දවසක්. අපේ සයිට් එකේ උපසිරැසිකරුවන් අතර පෙරගමන්කරු මෙන්ම, සමස්ත සිංහල උපසිරැසි ලෝකයේ පුරාවෘත්තයක් වන අපේ සහෝදර හසිත ප්‍රසාද් සහෝදරයාගෙ 500 වෙනි උපසිරැසිය ඊයෙ Haloween Kills [2021] චිත්‍රපටයෙන් සම්පූර්ණ කලා. අවුරුදු 5 ක් වැනි කාලයකින් සබ් 500 ක්. හිතාගන්නවත් බෑ. මේ මගේ 75 වෙනි සබ් එක. ඒ ටික කරන්නත් කොච්චර නිදි මරල තියෙනවද? ඇතැම්විට පාන්දර වෙනකම්. උරහිස් කකියනකොට ටයිප් කරපුවා. වෙලාවකට එපාත් වෙනවා. මට එහෙමනම් 500 දිග් විජය කල හසිතට. ඔයාලට ගුණාත්මක සබ් එකක් අරන් එන්න කොහොම කට්ටක් කන්න ඇත්ද? සබ් කරන්න හීනෙකින්වත් නොහිතපු කාලෙක මාත් නිතරම අරන් බැලුවේ හසිතගෙ සබ්. ඒවා ඒ තරම් කොලිටි. ඒ විතරක් නෙමේ සාමාන්‍යයෙන් හින්දි, දෙමළ, ඉංග්‍රීසි වගේ ෆිල්ම් බලන්න විතරක් පුරුදු වෙලා හිටපු අපිට ප්‍රංශද, ස්පාඤ්ඤද, ස්වීඩන්ද, නෝර්වේජියන්ද, ජර්මන්ද, ඩෙන්මාර්ක්ද, හැම ජාතියකම වගේ ෆිල්ම් වලට සබ් දීලා, අපිව ලෝක සිනමාවේ වෙනස්ම ඉසව්වකට අරන් ගිය කෙනෙක් තමයි හසිත කියන්නෙ. තරගය නිසා සහ රැල්ලක් වෙලා තියෙන නිසා දැන් උපසිරැසි කලාවත් බල්ලට ගිහින් තියෙන්නෙ. හැමෝටම ඕනෙ ඉස්සෙල්ලාම තමන්ගෙ සයිට් එකේ පළ කරගන්න. ඉතින් ගූගල් ට්‍රාන්ස්ලේට් එකක්, ඒක නොපෙනෙන්න පොඩ්ඩක් පොලිෂ් කරල උණු උණුවේ කියල දානවා. සමහර වෙලාවට ඒකට වඩා ඉංග්‍රීසි සබ් එක තේරෙනවා. එයාල නොහිතන දෙයක් තියෙනවා. පාඨකයන්ට තරගයක් ඕනෙ නෑ. ෆිල්ම් එකක් බලන්න දවස් 6-7 ක් ගියා කියල ලොකු අමාරුවක් නෑ. අපේ සිංහල පාඨකයා උගත්, බුද්ධිමත්. එයාලට ඕනෙ බලන්න පුලුවන්, තේරෙන සබ් එකක්. මන් මේ කතා කරන්නෙ එයාල වෙනුවෙන්. මන් කියන කාරණය එයාලට තේරෙනවා. එයාලත් ඒකට එකඟ වෙයි. ඒ වගේම කියන්න ඕනෙ කැපවෙලා කරන හොඳ අයත් ඒ අතරෙ ඉන්නවා. ලහිරු උදයංග (zoom), අශේන් කවිඳු (zoom) සහ තරිඳු රුක්ෂාන් පෙරේරා ඒ අතර ඉහලින්ම ඉන්න, මම දන්න කීප දෙනෙක්. එයාල කරන අමිල කැපවීමත් අගය කරන්න මන් මේක අවස්ථාවක් කර ගන්නවා. ඉතින් උපසිරැසි තරගයට ගිහිල්ලා තමන්ගෙ ගුණාත්මක අනන්‍යතාව නැති කර නොගත්ත උපසිරැසිකරුවෙක් තමා හසිත කියන්නෙ. අලුත් ෆිල්ම් එකකට එයා සබ් එකක් දානකොට බොහෝ වෙලාවට අනිත් හැම සයිට් එකකම දාලා දවස් කීපයක් ගිහින්. එයාට හදිස්සියක් නෑ. කොලිටියයි වැදගත්. එයාගෙ සබ් බලාගෙන කොටසක් ඉන්න බව එයා දන්නවා. මාත් ඉන් එක්කෙනෙක්. එයා ගෙ තේමා පාඨයත්, Quality Takes Time කියන එකයි. ඉතින් හසිත, ඔයා අපේ සයිට් එකේ ඉන්න එක අපිට ලොකු ආඩම්බරයක්. ඔයාගෙ සබ් රස විඳින සියලුම පාඨකයන් වෙනුවෙන් 500 ට උණුසුම් සුබ පැතුම් සහෝදරයා. 
ඉතින් දැන් අපේ ෆිල්ම් එක බලමු. මේක නෝර්වීජියානු පට්ට ත්‍රිලර් කොමඩියක්. නම I onde dager. මේකෙ ඉංග්‍රීසි පිටපත තමයි The Trip. මුලින්ම තිරගත වුනේ 2021 ජුලි 30 නෝර්වේහීදී. Action, Comedy, Horror, Thriller යන වර්ගයන්ට අයත් වෙනවා. මිනිත්තු 113 ක ධාවන කාලයකින් යුතු වන අතර 7/10 ක IMDb අගයක්ද, Google පරිශීලකයන්ගේ මනාපය 87% ක්ද ලබාගෙන තියෙනවා. ප්‍රධාන නිළි චරිතයට පෙනී ඉන්නේ Noomi Rapace. ඇයව ඔයාලට මතක ඇති The Girl with the Dragon Tattoo [2009] සහ Close [2019] යන නිර්මාණ වලින් මතක හිටින රංගනයන් ඉදිරිපත් කලා. ඇය මෙහි ලීසාගෙ චරිතය පණපොවන අතර අනෙක් චරිත වලට Aksel Hennie (ලාර්ස්), Atle Antonsen (පෙටර්), Christian Rubeck (ඩේව්), André Eriksen (රෝයි) සහ Stig Frode Henriksen (වික්ටර්) එකතු වෙනවා.
කතාව දෙසට හැරුනොත් මුල ඉඳන් අග වෙනකල්ම ඇක්ෂන්, කුතුහලය වගේම කොමඩිත් පිරිච්ච එක හුස්මට බලන්න පුලුවන් ෆිලුමක්. කොමඩි කිව්වට මේකෙ ත්‍රිලර් පැත්ත කොමඩි වලින් විකාරයක් කරල නෑ. ත්‍රාසයට භීතියට හානියක් නොවෙන විදිහට චිත්‍රපටය පුරාම සිනහව තවරන්න නිර්මාපකයන් සමත්වෙලා තියෙනවා. කොමඩි කිව්වට මේක Black Comedy. ලොකු අසභ්‍ය, නිරුවත් දර්ශන නම් නෑ. නමුත් අසභ්‍ය වචන තමයි තියෙන්නෙ. මම නම් සබ් එකේ ඒ වචනම භාවිතා කරල නෑ. සාමාන්‍ය භාවිතයේ තියෙන විදිහට සැර අඩු කරල දාල තියෙන්නෙ. සමහර අනවශ්‍යම ඒවා අතහැරියා. ඒත් ළමයිට නම් නිර්දේශ කරන්න බෑ. හරියට බැලුවොත් ටීවී එකේ යන ඒවලත් ඊට වඩා තියෙනවා. ඒක ඔයාල තීරණය කරන්න. කොහොම වුනත් විවාහක ජෝඩු වලට නම් මේකෙ හොඳ පණිවිඩයක් තියෙනවා. ලාර්ස් රූපවාහිනි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක්. එතරම් සාර්ථකත්වයක් නෑ. වියදම් අධික, වගකීමක් නැති ජීවිතයක් ගෙවන්නෙ. අහස උසට ණය. ළඟදීම වාහන, ගෙවල් පවා අහිමි වෙන්නයි යන්නෙ. එයාගෙ නෝනා, ලීසා නිළියක්. තාම කරන්නෙ වෙළෙඳ දැන්වීම් සහ සුලු චරිත. එයාගෙ නාට්‍ය පන්තියේ හාදයෙක් එක්ක තියෙන සම්බන්ධයකුත් ලාර්ස් දැනගන්නවා. ඉතින් මේ දෙන්නා ලෝකෙට පේන්න හොඳට හිටියට ඇතුලෙ ගිනි ගොඩක්. හරියට ගිනි කන්දක් වගේ. දවසක් සති අන්තෙක මෙයාලා ට්‍රිප් එකක් යනවා. ඈත පිටිසර වැවක් අයිනෙ තියෙන, ලාර්ස්ගෙ තාත්තා හදපු සමර්හවුස් එකකට. ඒත් මේ දෙන්නගෙම හිතේ තියෙන්නෙ වෙන දෙයක්. ඒ අනිත් කෙනාව මරන්න කරන්න. එයාල ඒකට අවශ්‍ය දේවල් අරගෙන ෆුල් ප්ලෑන් පිට යන්නෙ. ලාර්ස්ගෙ හවුල්කාරයෙක් වන වික්ටරුත් සීන් එකට එන්න නියමිතයි. ඒ අතරේ හිරෙන් පැනල යන මිනීමරු අපරාධකරුවන් වන පෙටර්, ඩේව් සහ රෝයි යන තුන් දෙනත් මේ සමර්හවුස් එකට කඩා වැදීමත් සමග මේක පට්ට කැඳ හැලියක් බවට පත් වෙනවා.
විශේෂ
මේ ඩවුන්ලෝඩ් ලින්ක් වල නෝර්වීජියන් ඔරිජිනල් කොපියයි ඩබ් කරපු ඉංග්‍රීසි කොපියයි දෙකම තියෙනවා. අන්තර්ජාලෙ ගොඩක් තියෙන්නෙ ඉංග්‍රීසි පිටපත. මන් ඔයාලට නෝර්වීජියන් කොපියකුත් දීලා තියෙනවා. සබ් එක ඒ දෙකටම ගැලපෙනවා. නමුත්, මම නම් නිර්දේශ කරන්නෙ නෝර්වීජියන් පිටපත. දීලා තියෙන ඩිරෙක්ට් ලින්ක් ( ටොරන්ට් නෙමෙයි) වල 3 වෙනි එක තමයි නෝර්වීජියන් එක.
ජය වේවා.
QUALITY
480p // 320 MB
720p // 797 MB // 1.1 GB
1080p // 1.9 GB
SUB FORMAT // SRT & IDX TV
♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣
Download Links:
Download Torrent WEBRip 720P පිටපත 1.1 GB Download Torrent WEBRip 1080P පිටපත 1.9 GB Download Direct WEBRip 480P පිටපත 320 MB Download Direct WEBRip 720P පිටපත 797 MB uptobox Download Direct WEBRip 720P පිටපත 1.1 GB uptobox Download Direct WEBRip 720P පිටපත 1.1 GB uptobox
Rasika Samanjith
TV EPISODES :
0
MOVIES :
100
7
0%
0%
Comments: 8
Leave a Reply
Search
Login
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Inuka Wijerathna
උපසිරසියට ස්තූතියි සහෝ!
උඩ කියල තියෙන දේට මාත් සම්පූර්ණයෙන්ම එකඟයි.
මාත් තාම හසිතගෙ සබ් එකක් එනව කියල දැක්කොත්, ඒ ෆිල්ම් එක තියාගන්නවා හසිතගෙ සබ් එකත් එක්ක පස්සෙ බලන්න.
Rasika Samanjith
මාත් එහෙමම තමයි, ඉනුක. සමහර ෆිල්ම් හසිතගෙ සබ නැත්නම් වැඩක් නෑ.
Free guy, Tenet වගේ ඒවා.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.
Request:
Titane (2021)
Rasika Samanjith
ගොඩක් ස්තුතියි, සහෝ.
Lakmal chathuranga
ගොඩක්ම ස්තූතියි.!
Rasika Samanjith
ඔයාටත් ගොඩක් ස්තුතියි, සහෝ.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ… අනිවාරෙන් හසිත කියන්නේ සුපිරිම උපසිරසිකරුවෙක් ඒකෙ කතා දෙකක් නෑ ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ එක උපසිරසි සයිට් එකක කෙනෙක් වෙන සයිට් එකක උපසිරසිකරුවන්වත් අගය කරපු පලවෙනි අවස්ථාවද කොහෙද මේ නැත්තං අපි හැමදාම දකින්නෙ අනිත් සයිට්වල උපසිරසිකරුවන්ට බනින ලිපි… සුපිරිම සහෝ තරඟයට වඩා සහයෝගයයි වටින්නෙ
Rasika Samanjith
මේකනෙ සුපුන්, අපි හැමෝම මේක කරන්නෙ ඔයාල වෙනුවෙන්. ෆිල්ම් එකටත් හානියක් නොකර, පාඨකයන්වත් ගොනාට අන්දන්නෙ නැතුව ගුණාත්මක සබ් කරන අය මොන සයිට් එකේ හිටියත් අගය කරන්න ඕනෙ. ගූගල් ට්‍රාන්ස්ලේට්
ගහන අය නම් මට අවංකවම අප්පිරියයි. මොකද එයාල හෑල්ලු කරන්නෙ ඔයාලව.