ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. වෙනසකටත් එක්ක අද අරගෙන එන්නෙ ජපාන ඇනිමේ සිනමා නිර්මාණයක්. මෙය ජපාන නමින් Joze to tora to sakanatachi වන අතර ඉංග්‍රීසියෙන් නම් කර ඇත්තේ Josee, the Tiger and the Fish ලෙසට. 2020 වසරේ ජපානයේදි එලිදැක්වූ මෙය සජීවීකරණ, නාට්‍යමය, ප්‍රේමණීය යන තුන් ඝනයට අයත් එකක් වන අතර IMDb වෙතින් 8.0ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 97%ක්ද ලබා තිබෙනවා මේ වනවිට (2021:9:9). සෙයිකෝ තනාබේගේ කෙටි කතාවක් ඇසුරින් සයාකා කුවමුරාගේ තිර රචනයෙන් සහ කොතාරෝ තකමුරාගේ අධ්‍යක්ෂණයෙන් තමයි මෙය අප හමුවට එන්නේ. මා උපසිරැසිය සකසා තිබෙන්නේ ජපන් භාෂා පිටපත්වලට වන නිසා ජපන් භාෂා පිටපතේ චරිත සඳහා හඬ දායකත්වය දැක්වූ අය පමණක් සඳහන් කරන්නම් මේ විදියට ; කායා කියොහරා (ජොසේ), තයිෂි නකගාවා (සුනේයෝ සුසුකාවා), මත්සුඒරා චියෙමි (චිසූ යමමුරා), කෙන්ගෝ කවානිෂි (යුකිචි),ලින් (කානා), යුමි මියමොටෝ(මායි නිනොමියා), කසුයුකි ඔකිත්සු (හයාතෝ මත්සුරා) ඇතුළු පිරිසක්. කතාවට ඇරඹුමක් දෙන්නම් මම මෙහෙම...
සුනේයෝ කියන්නෙ ජීව විද්‍යාව හදාරන විශ්ව විද්‍යාල සිසුවෙක්, ඔහු ඉතාම පෙම් කරනවා සාගරයට, යම්කිසි අරමුණක් සඳහා විදේශගතව අධ්‍යාපනය ලැබීමට පෙරුම් පුරන ඔහු ඒ නිසාම රැකියාවන් කීපයක් කරමින් මුදල් උපයනවා, එයින් එකක් කිමිදුම් සේවා සපයන ආයතනයක. දිනක් අහම්බෙන් ඔහුට මුණගැසෙනවා යම් ආබාධයකින් පෙලෙන තරුණියක්. ඔවුන් දෙදෙනා අතර නුරුස්නාකමකින් ඇරඹෙන හිතවත්කම නිසා දෙදෙනාගේම ජීවිත වෙනත් මගක යන්නට පටන්ගන්නවා... එතනින් එහාට නරඹන ඔබට බාරයි. හමුවෙමු තවත් උපසිරැසියකින්.
ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම ජපන් භාෂා ("JAPANESE / JPN") පිටපත් සඳහා ගැලපේ. ඉංග්‍රීසි බසින් හඬකැවූ ("ENGLISH/ENG") පිටපත් සඳහා උපසිරැසිය නොගැලපීමට බොහෝ දුරට ඉඩ ඇත.
ක්‍රෙඩිට් දර්ශනයක් ඇති බැවින් අවසානය තෙක් නරඹන්න.




Android 11Chrome 93
තෑන්ක්ස් සබ් එකට සහෝ
Android 6UC Browser 12.12
One in a Hundred Thousand japan movi ekata sub eka denda puluwanda.anim ekata godak sthuthyi.
Windows 10Opera 78
බොහොම ස්තූතියි සහෝ
Windows 10Chrome 93
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!