Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Drama
  3. Replicas (2018) Sinhala Subtitle

Replicas (2018) Sinhala Subtitle

March 19, 2021 Inuka Wijerathna | New Subtitler
IMDB RATING 5.5
GENRES
DramaEnglish MoviesGenresMoviesSci-FiThriller
CAST

Keanu Reeves,Alice Eve,Thomas Middleditch,John Ortiz

අමරණීයත්වය...

 

ආයුබෝවන්!

මුලින්ම මට ලොකු සහයක් ලබාදුන්න හසිත ප්‍රසාද් සහෝදරයව මතක් කරන්න ඕනි. හසිතගෙ ඒ උදව් නොතිබෙන්න මං මේ වැඩේ මුලදිම අතැහැරලා. මුල ඉඳලම, ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ මාර්තු මාසෙ වගේ ඉදන්ම උපසිරැසි නිර්මාණය සම්බන්ධයෙනුත්, සමහර පරිවර්තනයන් කරගැනීමටත් මට උපදෙස්/උදව් ලබාදුන්නෙ හසිත. වෙන වැඩකට යොමු කරන්න තිබ්බ කාලය, මගේ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදීමට වෙන් කිරීම(වචන 200-300 රචනාවලිනුත් පිලිතුරු එවලා තිබුණා) ගැනත්, නෑ බෑ නොකියා උදව් කිරීමෙන්, මට මේ උපසිරැසිය නිර්මාණය කිරීමට තිබුණු උනන්දුව වැඩි කලාටත් හසිත සහෝදරයට බොහොම ස්තූතියි!

 

දැන් චිත්‍රපටය ගැන බලමු…

ජෙෆ්රි නක්මෙනොෆ්ගෙ අධ්‍යක්ෂණයෙන්, 2018දී නිකුත් වුනු මෙම චිත්‍රපටයට කියානු රීව්ස් (The Matrix, John Wick), ඇලිස් ඊව් (Before We Go), තෝමස් මිඩ්ල්ඩිච්, ජෝන් ඔර්ටීස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී තිබෙනවා. ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම චිත්‍රපට විචාරකයන්ගේද අප්‍රසාදයට ලක්වුණු මේ චිත්‍රපටයට, IMDB දර්ශකයේ 5.5ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 11%ක අගයකුත්, මෙටාක්‍රිටික්හි 19%ක අගයකුත් සහ ගූගල් පරීශීලක ප්‍රසාදය 79%කුත් තමයි ලැබී තිබෙන්නෙ.

මොනා වුණත් මට නම් හිතෙන්නෙ, මේක දැනටත් යම්තාක් දුරකට පරීක්ෂණ සිදුකරන විද්‍යාත්මක සංකල්පයක් ඔස්සේ ගොඩනැගුණු  සුපිරි චිත්‍රපටයක් කියලයි. මේ චිත්‍රපටයේ අසාර්ථකවීමට හේතුවත් බොහෝදුරට එම් විද්‍යාත්මක සංකල්පය පිලිබඳ බොහෝදෙනාගේ නොදැනුවත්කම වෙන්නට ඇති කියලත් මට හිතෙනවා. ඒ නිසා මං හිතුවා උපසිරැසියත් එක්කම චිත්‍රපටය නැරඹීමේදී දැනසිටිය යුතු කරුණු කීපයක් මේ ලිපියෙන් පැහැදිලි කරන්න.(හසිත ප්‍රසාද් සහෝදරයා එයාගෙ උපසිරැසිත් එක්ක ලබාදෙන ලිපිවලින් තමයි මං මේකට අදහස ගත්තෙ)

කතාව ගැන කෙටියෙන්…

විලියම් ෆොස්ටර් (කියානු රීව්ස්) කියන්නෙ මියයන මිනිසුන්ගේ මනස යාන්ත්‍රික ශරීරයකට හුවමාරු කර මනුෂ්‍යයින්ගේ ජීවිත දික් කිරීමට උත්සහ කෙරෙන වෛද්‍යමය ව්‍යාපෘතියක් වෙනුවෙන්ම, තම බිරිඳත් (ඇලිස් ඊව්) දරුවන් තිදෙනාත් සමඟ පුවෙටො-රිකෝවේ පදිංචියට පැමිණි දක්ෂ ස්නායු-විද්‍යාඥයෙක් (Neuroscientist). දිගින් දිගටම ව්‍යාපෘතියේ අසාර්ථකවීම් ගණනාවකට මුහුණදුන් විලියම්, සතිඅන්තයේදී තම පවුලත් සමඟ විනෝදගමනක් යන අතරතුරදී එක්තරා අවාසනාවන්ත සිද්ධියකට මුහුණපානවා… ඒ සිද්ධිය මොකක්ද? විලියම් මොනා කරයිද? අර ව්‍යාපෘතියට මොනා වෙයිද? චිත්‍රපටය නරඹලම දැනගන්න.

 

තේරුම්ගැනීමේ පහසුව සඳහා චිත්‍රපටය නැරඹීමේදි මේ කරුණු ටික මතක තියාගන්න

• විඥානය– විඥානය ගැන ආගමික, දාර්ශනික වශයෙන්(ආත්මය වැනි අදහස්) හා විද්‍යාත්මක වශයෙන්ද විවිධාකාර මත රාශියක් ඇතත්, මේ කොටසින් පැහැදිලි කෙරෙන්නේ චිත්‍රපටයේ විද්‍යාත්මක පසුබිමට අදාළවන “විඥානය” පිලිබඳ මතය ගැන පමණයි.

සමහර විද්‍යාඥයන්ගේ මතයට අනුව (Consciousness) “විඥානය” හෙවත් “සිත” එහෙමත් නැත්නම් “මනස” කියලා කියන්නෙ මොළයේ ක්‍රියාකාරීත්වයේම කොටසකි. තේරුම්ගන්න පහසුවෙන්න මම ඒක මේ විදිහට පැහැදිලි කරන්නම්, විඥානය පරිගණකයක තියෙන මෘදුකාංගයක් (Software) වගේ කියල හිතන්නකො. ඉහත කී විද්‍යාඥයන්ගේ මතයට අනුව, මෘදුකාංගයක් පරිගණකයේ අංග උපාංග ක්‍රියාත්මක කරවමින්, ආදාන මෙවලම් (Input Devices) හරහා බාහිරින් ලබාගන්නා දත්ත සකසා(Process) කළමනාකරණය කරගනිමින්, අවශ්‍ය දත්ත මතකයේ තබා ගනිමින්(Save), යම් කිසි කර්තවයක්(මෘදුකාංගය නිර්මාණය කර ඇති කාර්යය) සිදු කරනවා වගේ විඥානය කියන්නෙත්, ශරීරයේ අවයවයන්, ඉන්ද්‍රියයන් හසුරුවමින්, පංචේන්ද්‍රියියන් මඟින් බාහිර පරිසරය පිලිබඳව ලබාගන්නා දත්ත සකසා කළමනාකරණය කරගනිමින්, අවශ්‍ය දත්ත මතකයේ තබාගනිමින්, යම් කිසි කර්තවයක්(මේකෙදි කර්තවය මනුෂ්‍යයාගේ පැවැත්ම) සිද්ධකරන මොළයේ එක්තරා විද්‍යුත්-රසායන ක්‍රියාවලියක් පමණයි.

[Self/Less (2015), Chappie (2015), Transcendence (2014) වගේ චිත්‍රපටි ගොඩනැගෙන්නෙත් මේ මතය ඔස්සේ නිසා, ඒ චිත්‍රපට තේරුම්ගන්න අමාරු වුනු අයට දැන් ආයෙ පාරක් බලන්න පුලුවන්]

• Replicas– මේක Replica කියන වචනයේ බහුවචනයයි. Replica එකක් කියල කියන්නෙ කිසියම් දෙයක සර්වසම පිටපතක් හෝ ආකෘතියකටයි. ඉතින් Replicas කියන්නෙ කිසියම් දෙයක සර්වසම පිටපත් හෝ ආකෘතීන්.

• මස්තිෂ්ක බාහිකය– මොළයේ ප්‍රධාන කොටස් 3න්, විශාලම කොටස වන මස්තිෂ්කයෙහි බාහිර පෘෂ්ඨය ආශ්‍රිත කොටස වේ. මෙය “විඥානය”ත් ඇතුළුව මොළයෙන් කෙරෙන විශේෂ ක්‍රියාවලි රාශියකට මූලිකත්වය ගන්න බවට විශ්වාස කෙරේ. මස්තිෂ්ක බාහිකය හා තවත් චිත්‍රපටයේදී සඳහන් කෙරෙන මොළයේ කොටස් කීපයක් පහත රූපයේ දක්වා ඇත .

• ඇල්සයිමර් රෝගය/ ඇලසයිමර්’ගේ රෝගය– “අමතකවීම” ප්‍රධාන ලක්ෂණය වන මෙම රෝගයේදි ක්‍රමක්‍රමයෙන් මොළයේ කොටස් ක්ෂය වීම සිදු වේ. තවමත් මෙම රෝගය ඇතිවීමට නිශ්චිත හේතුවක් හෝ රෝගය සුව කිරීමට නිශ්චිත ප්‍රතිකාරයක් හෝ සොයාගෙන නැත.

• බීටා ඇමලොයිඩ් ප්‍රෝටීන හා නියුරෝෆිබලරි බන්ධන(බන්ධන හෝ ගැට)– මේවා ඇල්සයිමර් රෝගීන්ගේ මොළයෙන් සොයාගන්නා ලද සංඝටකයන්ය. ඇල්සයිමර් රෝගීන්ගේ අමතකවීමට මේ සංඝටක හේතු වන්නට ඇතැයි සැළකේ.

• මිනිස් ක්ලෝණීකරනය සම්බන්ධයෙන් ඇති තහනම – ශාක හා සත්ත්ව, ක්ලෝනීකරණය ආශ්‍රිත ක්‍රියාවන් සදහා නීතියෙන් තහනමක් නැතත්, ඇමරිකාව විසින් ගෙන එන ලද Human Cloning Prohibition Act of 2009 පනත යටතේ මිනිස් ක්ලෝනීකරණයට අදාළ ඕනෑම ක්‍රියාවක නිරතවීම සම්පූර්ණයෙන් තහනම් කරලයි තියෙන්නෙ. ක්ලෝනීකරණය වූ මනුෂ්‍යයන් මානසිකව ගැටලුවලට ලක්විය හැකිවීම, ජාන විකෘතිතා හේතුවෙන් සෞඛ්‍ය අවදානම් සහිත මනුෂ්‍යයන් බිහිවිය හැකිවීම ඇතුළු සදාචාරාත්මක(Ethical) ගැටලු රාශියක් මෙම තහනමට හේතු වී ඇත.

• ඇමයිනෝ අම්ල, පෘක්ටෝස්– ජීවි සෛල නිර්මාණය වී ඇති මූලික රසායනික සංයෝගයන්ගෙන් කීපයකි.

• අනිච්ඡානුග ක්‍රියා– හෘද ස්පන්දනය, ශ්වසනය, ආහාර ජීර්ණය වැනි අපි නොදැනුවත්ම නිරන්තරයෙන් මොළය මගින් සිදුකෙරෙන ක්‍රියාවන් එහෙමත් නැත්නම්, අප සිතීමකින් තොරව කරන ක්‍රියාවන් වේ.

• සායනික මිනුම්/ලක්ෂණ (Vitals)– ශරීරයේ මූලික ක්‍රියාවලියන්වල ලක්ෂණයන් වේ. බොහෝ වෛද්‍යමය කටයුතුවලදී ශරීරයේ තත්වය ගැන තක්සේරුවක් ලබාගැනීමට මේවා මනිනු ලබයි. ශරීර උෂ්ණත්වය, හෘද ස්පන්ධනය, ශ්වසනය, රුධිර පීඩනය වැනි ලක්ෂණ මෙම ලක්ෂණ/මිනුම් වලට අයත් වේ.

• Walking Pneumonia– බැක්ටීරියා හෝ වෛරසයක් හේතුවෙන් ඇතිවන, දරුණු නොවන නියුමෝනියාවකි. මෙය නිසා රෝහල්ගතවීමට හෝ විවේක ගැනීමට අවශ්‍ය නොවන අතර එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගැනීමට පුළුවන් තරම් දරුණු නොවන්නක් නිසා, මෙම රෝගය එදිනෙදා කථාබහේදී ඇවිදින නියුමෝනියාව (Walking Pneumonia) ලෙස හැඳින්වේ.(මෙය වෛද්‍යමය නොවන වදනකි)

• ඇල්ගොරිදම– යම් කිසි පරිගණකමය ක්‍රමලේඛනයක් (Programme) මෙලෙස හැඳින්වේ.

• Bunk Bed– එකක් උඩින් තවත් එකක් ලෙස, දෙදෙනෙකුට නිදාගැනීමට හැකිවන සේ සෑදූ ඇඳක්.

 

එහෙනම් ඉතින් චිත්‍රපටය රසවිඳින්න. පුළුවන් තරම් වැරදිම් අඩුවෙන් කරන්න උත්සහ කළත්, මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු ඇති. ඒවා පිළිබඳ මාව කමෙන්ට් එකකින් දැනුවත් කරන්න. ඒ වගේම Subz.lk වෙබ් අඩවියට ස්තූතියි මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාවක් ලබාදුන්නට!

අමතක වෙමින් පවතින තවත් හොඳ චිත්‍රපටයක් සමඟ නැවත මුණගැසීමේ බලාපොරොත්තුව සමඟ සමුගන්නම්.

ජය වේවා!!

Inuka Wijerathna
Inuka Wijerathna Translator
4 Movies
0 TV Series
4 Total
SubzLK වෙනුවෙන් Inuka Wijerathna කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
6160 වාරයක්
Download Links
720P
920 MB TOR
1080P
2.06 GB TOR
1080P
1.70 GB TOR
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p bluray 918.48 MB
GET
1080p bluray 1.72 GB
GET
720p web 878.84 MB
GET
1080p web 1.65 GB
GET
Discussion (14)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81
    2021-03-19

    තෑන්ක්ස් සහෝ ඩවුන්ලෝඩ් බට්න් එක පෙන්නන්නේ නෑනෙ මගෙ බ්‍රවුසර් එකේ අවුලක්වත්ද

    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 89
      2021-03-19

      පොඩි තාක්ෂණික දෝෂයක් …හදලා තියෙන්නේ !!!

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 89
    2021-03-19

    අපි ගොඩාක් දුරට replicas කියන වචනයට පුරුදු වුනේ ..ස්මාර්ට් පොන් පාවිච්චියත් එක්ක ..හැම එක්කම ඒ හා සමාන මිලෙන් අඩු එකක් ආවා ..මේවාට ගොඩාක් වග කියන්න ඕන ..චීනය තමා එතින් …විශේෂයෙන් මතක් කරන්න ඕන ලිපිය ගැන , අති විශේෂ ලිපියක් …පලවෙනි සබ් එකෙන්ම මේ වාගේ විශේෂ ලිපියක් ලියපු කෙනා ඔයා …best of luck bro…

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 89
      2021-03-19

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට, ලිපිය ලියන්න අදහස් ගත්තෙත් මේ සයිට් එකේ පලවෙන ලිපිවලින්ම තමයි. අනික ඔය ලිපියෙ තියෙන,උපසිරැසිය හදද්දි මටත් නොතේරුනු වචන කීපයක්ම හසිත ප්‍රසාද් සහෝදරයා තමයි පැහැදිලි කරල දුන්නෙ.

  • K.A Raveen Expert Subtitler
    Windows 10 Chrome 89
    2021-03-19

    පළවෙනි උපසිරැසියෙන්ම සුපිරියක් බස්සලා තියෙනවා වගේ. හොඳ රසාස්වාදයක් තියෙන සහෝදරයෙක් අපිට හම්බෙලා වගේ.දිගටම අපි එක්ක රැඳිලා ඉන්න. ෆැන්ටසි මානසිකත්ව හිර වෙලා ඉන්න මිනිස්සුන්ව චුට්ට චුට්ට හරි වෙනස් කරමු සහෝ.. සබට ජය. අපි එක්කම දිගටම රැඳිලා ඉන්න.

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 89
      2021-03-19

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට සහෝදරයා.

  • Shamal Manojan User
    Android 7 Chrome 89
    2021-03-20

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවනි නම් මේ ෆිල්ම් ටිකට උපසිරැසි දෙන්න.

    Manhunter – 1986
    Red Dragon – 2002
    Hannibal – 2007
    Hannibal Rising – 2007

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 89
      2021-03-20

      ස්තූතියි කමෙන්ට් එකට.
      මේ දවස්වලනං කාර්‍යබහුලයි.බලමුකො.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 89
    2021-03-20

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 89
      2021-03-20

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට.

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 89
    2021-03-24

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරයා

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 89
      2021-03-24

      බොහොම ස්තූතියි

  • tv malli Unregistered
    Windows 10 Chrome 90
    2021-04-30

    සබ් එකට ස්තුතියි…දිගටම කරන්න:heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes:

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 90
      2021-05-02

      බොහොම ස්තූති‍යි කමෙන්ට් එකට.

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 520
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved