River Runs Red (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. මේ අරගෙන එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව උපසිරැසි කල චිත්‍රපටයක්. චිත්‍රපටය තමයි River Runs Red (2018). මෙහි රචනය සහ අධ්‍යක්ෂණය වෙස් මිලර්ගෙන්. ලබා ඇති IMDB අගය 5.4ක්. ඊට අමතරව Rotten Tomatoes වෙතින් 22%ක් සහ මෙටාක්‍රිටික් වෙතින් 26%ක් වශයෙන්. හැබැයි අවංකවම කියනවනං මටනම් මේ චිත්‍රපටය ඒතරම් නොවටින බවත්, මේ චිත්‍රපටයෙ කතා කරන මාතෘකාව කතාකලයුතු මාතෘකාවක් වුණත්, රචනයෙන්, අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් දායක වුණ කිසිම කෙනෙක් තම උපරිමය මේ චිත්‍රපටයට ලබා දී නැති බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. කොහොමහරි කැමති අය නරඹන්න. මටනං හොඳයි කියල කියන්න අමාරුයි. හරි, අපි දැන් යමු චිත්‍රපටයෙ කතාව පැතතට…
චාල්ස් කෝල්මන්. ජ්‍යේෂ්ඨ, ඔහු නීතීඥයෙක්… කළුජාතික නීතිඥයෙක්, ඉතාම පොඩි තැනක ඉඳන් විනිසුරු පදවිය දක්වා පැමිණ සිටින ඔහු එක්දරු පියෙක්. ඔහුගේ පුතා තමයි චාල්ස් කෝල්මන්. කණිෂ්ඨ. ඔහුට මේ දෙමාපියන් ආදරේට කියන්නෙ සී.ජේ කියල. සී.ජේ පොලිස් නිලධාරියෙක් වෙන්න තමයි බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ. ඒත් කෝල්මන් විනිසුරුතුමාගෙත් බිරිඳගෙත් සීජේගෙත් බලාපොරොත්තු එක ක්ෂණයකින් විනාශ කරන්නට සමත්වෙනවා පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. තම එකම පුත්‍රයා මරාදැමූ මේ නිලධාරීන්ට විරුද්ධව නීතියෙන් දඬුවමක් බලාපොරොත්තුවන කෝල්මන් විනිසුරුතුමාට ටික කාලයකින් තේරෙනව තමන් මේ දුවන්නෙ මිරිඟුවක් පසුපස බව. එතනින් එහාට නරඹන ඔබට බාරයි. මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්!
A vengeful judge takes the law into his own hands when two cops kill his young son during a routine traffic stop.
Sub ekata sthuthi sahooo…..!
Thanks macho. Merry xmas !!
tnq sub ekata .puluwannam seal team tv series ekata sub dennako plzzz.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks you for sabtitel 😊
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Thnxxxxxxxxxxxxxx
First Man (2018) 720p WEB-DL 1.1GB Posted on December 13, 2018 by MAQ තවත් සුපිරි ෆිල්ම් එකක් ආව brother
නීල් ආම්ස්ට්‍රෝන්ගෙ කතාව ,නේද? බලමු මාත් ඕක බලන්න ඉන්නෙ, මිතුන්. බලල සබ් දෙන්නම්.
ela saho thanks