Trending

Sonic the Hedgehog (2020) Sinhala Subtitle

 

[ උපසිරැසි ගොණුව තුල උපසිරැසි දෙකක් අන්තර්ගත අතර එයින් New Web-dl + Bluray ලෙස නම්කර ඇති උපසිරැසිය (කොරියානු නොවන) Web පිටපත් හා නවතම Bluray පිටපත් සඳහා ගැලපේ. Korean Web-dl ලෙස නම් කර ඇති උපසිරැසිය ඉන් පෙර නිකුත්වූ කොරියානු ‍Web පිටපත් සඳහාය. එය HC-HDRip සඳහා නොගැලපෙන බවද කරුණාවෙන් සලකන්න.  කරුණාකර එම උපසිරැසි දෙකෙන් ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න]

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ලයිව් ඇක්ෂන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මෙය අපේ ඇඩ්මින් මඩුල්ලේ ඉල්ලීමක් අනුවයි උපසිරැසි සකසා ඔබ වෙත රැගෙන එන්නෙ. මුලින්ම ස්තූතිය ඔවුන්ට. මේ තමයි Sonic the Hedgehog කතාපෙල සහ විවිධවූ සොනික් වීඩියෝ ක්‍රීඩා ( මේවාට අදාල Easter Eggs රැසක් තියනවා චිත්‍රපටයේ ) ඇසුරින් නිර්මාණය වුණ Sonic: the Hedgehog (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. පැට් කේසි සහ ජොෂ් මිලර්ගේ රචනයෙන් ජෙෆ් ෆව්ලර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටය මේ වනවිට ලබා ඇති IMDB අගය 6.8ක් වන අතර, Rotten Tomatoes අගය 68%ක් වද්දී, මෙටාක්‍රිටික් අගය 47%ක්. ඇත්තටම ඔබට මතකනම් මෙහි පෝස්ටරය නිකුත්වූ වහාම එයට සොනික් චරිතයේ මුල් නිර්මාණකරුවන නෝටෝ ඔෂීමා සහ හිටපු සොනික් කණ්ඩායම් ප්‍රධානී යූජි නාකා යන දෙදෙනාගේ දැඩි අකමැත්ත ප්‍රකාශ වුණා එහි සොනික්ගේ පෙනුම නිසා. ඉන් පසුව නිකුත්වූ මුල්ම ප්‍රචාරක පටයෙන් එය රසික විරෝධයක් බවට හැරුණා පෙරකී කාරණයම මුල් කරගෙන. පසුව අධ්‍යක්ෂක ජෙෆ් ෆවුලර්ට නිවේදනය කරන්නට සිදුවුණා තමන් හැකි උපරිම සොනික් චරිතයේ පෙනුම වෙනස් කරන්නට කටයුතු කරන බවට. ඒ වෙනස්කම්වලින් අනතුරුව 2019 නොවැම්බර් මසදී නිකුත්වූ නව පූර්ව ප්‍රචාරක පටය සහ පෝස්ටරයට රසිකයන් බහුතරයකගේ ප්‍රශංසා හිමිවුණා. ඒ විදියට බාධක මැද්දෙ තිරගතවූ මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ ජිම් කැරේ ( රොබෝටික්කා), බෙන් ෂ්වාට්ස් ( සොනික්/හඬ), ජේම්ස් මාස්ඩන් ( ටොම් වකෝව්ස්කි), ඇඩම් පැලී ( වේඩ්), ටීකා සම්ප්ස්ටර් ( මැඩී), නතාෂා රොත්වෙල් ( රේචල්),ලී මහ්ඩබ් ( ස්ටෝන්), නීල් මැක්ඩනෝ( මේජර් බෙනිංටන්), ෆ්‍රෑන්ක් සී ටර්නර් ( කාල් ), මෙලඩි නීමන් (ජෝජෝ) ඇතුළු පිරිසක්. කොහොමහරි අපේ හිතේ ඇඳුන සොනික්ට ලොකු සාධාරණයක් කරල තිබුණත්, කතාව පැත්තෙන් මමනම් ඒතරම් ලොකු දෙයක් දැක්කෙ නෑ, සමහරවිට මෙය දෙවෙනි නිර්මාණයකටත් ඉඩ තබා අවසන් වෙන නිසා වෙන්නටත් ඇති, මොකද අපිට හුරු කතාව මම හිතන්නෙ ඒකෙදි තමයි දකින්නට ලැබෙනව ඇත්තෙ. ජිම් කැරේ රංගන ශිල්පියානම් රොබෝටික්කා චරිතයට උපරිම සාධාරණයක් කර තිබෙනවා, ඔහුගේ අනිකුත් නිර්මාණවලදී අපි දැක ඇති ආකාරයටම. ඔහු හා ටොම් වකොව්ස්කි චරිතයට පණ පොවන ජේම්ස් මාස්ඩෙන් හැරෙන්නට අනිත් කිසිවෙක්ගෙන් චිත්‍රපටයට හිත ඇදගන්න රංගනයක් දැක්කෙ නැති බවත් කණගාටුවෙන් වුණත් සඳහන් කරන්නට වෙනවා. ඔබට මෙය වැටහෙයි චිත්‍රපටය නැරඹූ විට. සොනික් අපිට හොඳින්ම හුරු පුරුදු චරිතයක් නිසා මම හිතන්නෙ කතාවට ආරම්භයක් දීම අනවශ්‍යයි, එය ඔබටම ඉතිරි කරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

විශේෂ:-

Native American Shadow Wolves

මේ නේටිව් ඇමරිකන් ෂැඩෝ වෝල්ව්ස් කියන්නෙ ඇත්තටම ඇමරිකා එක්සත් ජනපද සංක්‍රමණික හා රේගු අපරාධ මර්ධන ඒකකය (ICE ලෙස කෙටියෙන් හැඳින්වේ)හා සම්බන්ධ මං සලකුණු සෙවුම් මුර සංචාර නිලධාරීන් කොටසක්. රොබෝටික්කා එක් තැනක මෙය සඳහන් කරනවා. මෙය නේටිව් ඇමරිකන් ලෙස නම වැටෙන්නට හේතුව එයට රතු ඉන්දියානු සම්බන්ධයක් තිබීමයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ Tohono Oʼodham Nation ලෙස හැඳින්වෙන Tohono Oʼodham ගෝත්‍ර පාලන ප්‍රදේශයේයි එහි මූලස්ථානය පිහිටා ඇත්තේ. ඔවුන්ගේ ප්‍රධානතම රාජකාරිය දේශසීමාව හරහා කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන්ගේ අඩි සලකුණු හා මං සලකුණු ඔස්සේ නීතියේ රැහැනට කොටුකරගැනීමට සහය වීමයි.

Cruise Control (කෲස් කන්ට්‍රෝල් )

මම මේක ලියන්න කල්පනා කලේ චිත්‍රපටයේ මේ වචනය අසන්නට ලැබෙන තැනදි ඔබට ඒ අවස්ථාවේ ඊට හේතුව වටහාගැනීමට පහසුවක් වීමටයි මේ වචනය නුපුරුදු කෙනෙක්නම්. කෲස් කන්ට්‍රෝල් යනු නූතන දියුණු රථවාහනවල බොහෝවිට දකින්නට ඇති රථයේ ගමන්කරන්නන්ගේ ආරක්ෂාව අරමුණු කරගෙන නිමැවූ විශේෂාංගයක්. සරලවම කිව්වොත් කෲස් කන්ට්‍රෝල් ක්‍රියාත්මක කිරීමෙන් ඔබ වාහනයට ඉදිරියෙන් ගමන්ගන්නා වාහනය හා ඔබේ වාහනය අතර ඇති පරතරය එක් නිශ්චිත දුර ප්‍රමාණයක තබාගැනීමට හැකියාව තිබෙනවා. රියදුරාට එම දුර ප්‍රමාණය සහ රථයේ වේගය සුක්කානම් කොලමයේ ඇති ස්විචයක් මාර්ගයෙන් තම අභිමතය පරිදි සැකසිය හැකි අතර, රියදුරා එම පරතරය ඉක්මවා යන්නේනම් රථයේ ඉලෙක්ට්‍රොනික පාලන ඒකකය (ECU) මගින් සංවේදක හරහා එය ග්‍රහණය කරගෙන ස්වයංක්‍රීයවම රථයේ වේගය එම පරතරය ඉක්මවන්නට නොදී බාල කරගන්නවා. කෙටියෙන්ම කිව්වොත් එම පරතරය තබාගැනීමට රියදුරාට ඇති වගකීම රථය බාරයට ගැනීමක් තමයි මෙහි කාර්යය. මේ වීඩියෝවෙන් පැහැදිලිව වටහාගන්නට පුළුවන් එය.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total

Sonic the Hedgehog (2020) Sinhala Subtitle + Video

කිසිදු MP4 වීඩියෝවක් හමුනොවුනි.
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Torrent / magnet link
Torrent
1080P
Torrent / magnet link
Torrent
480P
Direct download
Direct
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
5 FILES
720p bluray 908.03 MB x264
1080p bluray 1.82 GB x264
▲100 · ▼17
Magnet GET
2160p bluray 5.05 GB x265
▲80 · ▼7
Magnet GET
720p web 911.23 MB x264
▲25 · ▼3
Magnet GET
1080p web 1.65 GB x264
▲100 · ▼10
Magnet GET
Discussion (24)
  • Senura Unregistered
    Android 9 Chrome 83

    ස්තුතියි උපසිරැසියට දිගටම කරගෙන යන්න

  • Lahiru lakshan Unregistered
    Windows 10 Chrome 84

    Thanks sub ekata.Issarahatath me wage supiri film tikakata sub aniwa ona:pray::pray::ok_hand:

  • Mr. B Unregistered
    Windows 8.1 Chrome 107

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search