Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E06] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E06] Sinhala Subtitle
  • Genres
  • Action
  • Sonic the Hedgehog (2020) Sinhala…

Sonic the Hedgehog (2020) Sinhala Subtitle

March 07, 2020 Junior Admin

 

[ උපසිරැසි ගොණුව තුල උපසිරැසි දෙකක් අන්තර්ගත අතර එයින් New Web-dl + Bluray ලෙස නම්කර ඇති උපසිරැසිය (කොරියානු නොවන) Web පිටපත් හා නවතම Bluray පිටපත් සඳහා ගැලපේ. Korean Web-dl ලෙස නම් කර ඇති උපසිරැසිය ඉන් පෙර නිකුත්වූ කොරියානු ‍Web පිටපත් සඳහාය. එය HC-HDRip සඳහා නොගැලපෙන බවද කරුණාවෙන් සලකන්න.  කරුණාකර එම උපසිරැසි දෙකෙන් ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න]

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ලයිව් ඇක්ෂන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මෙය අපේ ඇඩ්මින් මඩුල්ලේ ඉල්ලීමක් අනුවයි උපසිරැසි සකසා ඔබ වෙත රැගෙන එන්නෙ. මුලින්ම ස්තූතිය ඔවුන්ට. මේ තමයි Sonic the Hedgehog කතාපෙල සහ විවිධවූ සොනික් වීඩියෝ ක්‍රීඩා ( මේවාට අදාල Easter Eggs රැසක් තියනවා චිත්‍රපටයේ ) ඇසුරින් නිර්මාණය වුණ Sonic: the Hedgehog (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. පැට් කේසි සහ ජොෂ් මිලර්ගේ රචනයෙන් ජෙෆ් ෆව්ලර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටය මේ වනවිට ලබා ඇති IMDB අගය 6.8ක් වන අතර, Rotten Tomatoes අගය 68%ක් වද්දී, මෙටාක්‍රිටික් අගය 47%ක්. ඇත්තටම ඔබට මතකනම් මෙහි පෝස්ටරය නිකුත්වූ වහාම එයට සොනික් චරිතයේ මුල් නිර්මාණකරුවන නෝටෝ ඔෂීමා සහ හිටපු සොනික් කණ්ඩායම් ප්‍රධානී යූජි නාකා යන දෙදෙනාගේ දැඩි අකමැත්ත ප්‍රකාශ වුණා එහි සොනික්ගේ පෙනුම නිසා. ඉන් පසුව නිකුත්වූ මුල්ම ප්‍රචාරක පටයෙන් එය රසික විරෝධයක් බවට හැරුණා පෙරකී කාරණයම මුල් කරගෙන. පසුව අධ්‍යක්ෂක ජෙෆ් ෆවුලර්ට නිවේදනය කරන්නට සිදුවුණා තමන් හැකි උපරිම සොනික් චරිතයේ පෙනුම වෙනස් කරන්නට කටයුතු කරන බවට. ඒ වෙනස්කම්වලින් අනතුරුව 2019 නොවැම්බර් මසදී නිකුත්වූ නව පූර්ව ප්‍රචාරක පටය සහ පෝස්ටරයට රසිකයන් බහුතරයකගේ ප්‍රශංසා හිමිවුණා. ඒ විදියට බාධක මැද්දෙ තිරගතවූ මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ ජිම් කැරේ ( රොබෝටික්කා), බෙන් ෂ්වාට්ස් ( සොනික්/හඬ), ජේම්ස් මාස්ඩන් ( ටොම් වකෝව්ස්කි), ඇඩම් පැලී ( වේඩ්), ටීකා සම්ප්ස්ටර් ( මැඩී), නතාෂා රොත්වෙල් ( රේචල්),ලී මහ්ඩබ් ( ස්ටෝන්), නීල් මැක්ඩනෝ( මේජර් බෙනිංටන්), ෆ්‍රෑන්ක් සී ටර්නර් ( කාල් ), මෙලඩි නීමන් (ජෝජෝ) ඇතුළු පිරිසක්. කොහොමහරි අපේ හිතේ ඇඳුන සොනික්ට ලොකු සාධාරණයක් කරල තිබුණත්, කතාව පැත්තෙන් මමනම් ඒතරම් ලොකු දෙයක් දැක්කෙ නෑ, සමහරවිට මෙය දෙවෙනි නිර්මාණයකටත් ඉඩ තබා අවසන් වෙන නිසා වෙන්නටත් ඇති, මොකද අපිට හුරු කතාව මම හිතන්නෙ ඒකෙදි තමයි දකින්නට ලැබෙනව ඇත්තෙ. ජිම් කැරේ රංගන ශිල්පියානම් රොබෝටික්කා චරිතයට උපරිම සාධාරණයක් කර තිබෙනවා, ඔහුගේ අනිකුත් නිර්මාණවලදී අපි දැක ඇති ආකාරයටම. ඔහු හා ටොම් වකොව්ස්කි චරිතයට පණ පොවන ජේම්ස් මාස්ඩෙන් හැරෙන්නට අනිත් කිසිවෙක්ගෙන් චිත්‍රපටයට හිත ඇදගන්න රංගනයක් දැක්කෙ නැති බවත් කණගාටුවෙන් වුණත් සඳහන් කරන්නට වෙනවා. ඔබට මෙය වැටහෙයි චිත්‍රපටය නැරඹූ විට. සොනික් අපිට හොඳින්ම හුරු පුරුදු චරිතයක් නිසා මම හිතන්නෙ කතාවට ආරම්භයක් දීම අනවශ්‍යයි, එය ඔබටම ඉතිරි කරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

විශේෂ:-

Native American Shadow Wolves

මේ නේටිව් ඇමරිකන් ෂැඩෝ වෝල්ව්ස් කියන්නෙ ඇත්තටම ඇමරිකා එක්සත් ජනපද සංක්‍රමණික හා රේගු අපරාධ මර්ධන ඒකකය (ICE ලෙස කෙටියෙන් හැඳින්වේ)හා සම්බන්ධ මං සලකුණු සෙවුම් මුර සංචාර නිලධාරීන් කොටසක්. රොබෝටික්කා එක් තැනක මෙය සඳහන් කරනවා. මෙය නේටිව් ඇමරිකන් ලෙස නම වැටෙන්නට හේතුව එයට රතු ඉන්දියානු සම්බන්ධයක් තිබීමයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ Tohono Oʼodham Nation ලෙස හැඳින්වෙන Tohono Oʼodham ගෝත්‍ර පාලන ප්‍රදේශයේයි එහි මූලස්ථානය පිහිටා ඇත්තේ. ඔවුන්ගේ ප්‍රධානතම රාජකාරිය දේශසීමාව හරහා කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන්ගේ අඩි සලකුණු හා මං සලකුණු ඔස්සේ නීතියේ රැහැනට කොටුකරගැනීමට සහය වීමයි.

Cruise Control (කෲස් කන්ට්‍රෝල් )

මම මේක ලියන්න කල්පනා කලේ චිත්‍රපටයේ මේ වචනය අසන්නට ලැබෙන තැනදි ඔබට ඒ අවස්ථාවේ ඊට හේතුව වටහාගැනීමට පහසුවක් වීමටයි මේ වචනය නුපුරුදු කෙනෙක්නම්. කෲස් කන්ට්‍රෝල් යනු නූතන දියුණු රථවාහනවල බොහෝවිට දකින්නට ඇති රථයේ ගමන්කරන්නන්ගේ ආරක්ෂාව අරමුණු කරගෙන නිමැවූ විශේෂාංගයක්. සරලවම කිව්වොත් කෲස් කන්ට්‍රෝල් ක්‍රියාත්මක කිරීමෙන් ඔබ වාහනයට ඉදිරියෙන් ගමන්ගන්නා වාහනය හා ඔබේ වාහනය අතර ඇති පරතරය එක් නිශ්චිත දුර ප්‍රමාණයක තබාගැනීමට හැකියාව තිබෙනවා. රියදුරාට එම දුර ප්‍රමාණය සහ රථයේ වේගය සුක්කානම් කොලමයේ ඇති ස්විචයක් මාර්ගයෙන් තම අභිමතය පරිදි සැකසිය හැකි අතර, රියදුරා එම පරතරය ඉක්මවා යන්නේනම් රථයේ ඉලෙක්ට්‍රොනික පාලන ඒකකය (ECU) මගින් සංවේදක හරහා එය ග්‍රහණය කරගෙන ස්වයංක්‍රීයවම රථයේ වේගය එම පරතරය ඉක්මවන්නට නොදී බාල කරගන්නවා. කෙටියෙන්ම කිව්වොත් එම පරතරය තබාගැනීමට රියදුරාට ඇති වගකීම රථය බාරයට ගැනීමක් තමයි මෙහි කාර්යය. මේ වීඩියෝවෙන් පැහැදිලිව වටහාගන්නට පුළුවන් එය.

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
32084 Downloads
Download Links
720P
TOR
1080P
TOR
480P
DIR
Available Torrents
720p bluray 908.03 MB
GET
1080p bluray 1.82 GB
GET
2160p bluray 5.05 GB
GET
720p web 911.23 MB
GET
1080p web 1.65 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (24)
← Older
  • Senura Unregistered
    Android 9 Chrome 83
    2020-07-12

    ස්තුතියි උපසිරැසියට දිගටම කරගෙන යන්න

    Reply
  • Lahiru lakshan Unregistered
    Windows 10 Chrome 84
    2020-09-04

    Thanks sub ekata.Issarahatath me wage supiri film tikakata sub aniwa ona:pray::pray::ok_hand:

    Reply
  • Mr. B Unregistered
    Windows 8.1 Chrome 107
    2022-11-07

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip
Update
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated: BRRip
Update
Silent Night (2023) Sinhala Subtitle
Updated: BRRip
Update
Deewaanapan (2001) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 118
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
War Machine (2026) Sinhala Subtitle
Apr 23, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved