Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • Tenet (2020) Sinhala Subtitle

Tenet (2020) Sinhala Subtitle

January 13, 2021 Junior Admin
TENET (2020)

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. පසුගිය දිනෙක අපේ සහෘදයෙක් කල ඉල්ලීමකට අනුව මම තීරණය කලා බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණ හොලිවුඩ් සිනමාවේ ප්‍රේක්ෂක මනස වෙනම මානයන්ට යොමු කිරීමට නම් දරා ඇති ක්‍රිස්ටෝෆර් නෝලන් අධ්‍යක්ෂවරයාගේ Tenet (2020) චිත්‍රපටයට මෙවර උපසිරැසි අරගෙන එන්නට. ඔහුගේ Intestellar (2014), Inception (2010), 2017 වසරේ තිරගතවූ Dunkirk චිත්‍රපටය පවා අපට වෙනස්ම ආකාරයේ අත්දැකීම් එක්කල සම්ප්‍රදායෙන් බැහැර චිත්‍රපට. ඒ වගේම ඔහුගේ ඇති විශේෂත්වය මම දකින විදියටනම් භෞතික විද්‍යාවේ යම් සංකීර්ණ නියමයන් තම සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයාට ලබාදීමට ඔහු ගන්නා උත්සාහය. මෙවරත් එය එසේම තමයි අපවර්ත එන්ට්‍රොපිය (Inverse entropy), කාල තරණය (time travel), ෆෙන්මන් වීලර් උපකල්පනය(Feynman-Wheeler hypothesis) යන සියල්ලේ එකතුවක් මේ චිත්‍රපටය. Intestellar (2014) තුලින් කළු කුහර (Black holes) ගැන රූපමය අදහසක් සාමාන්‍ය ප්‍රේක්ෂයකයාට ලබාදුන් ඔහු – පෙර සඳහන් කල පරිදිම- මෙවර සාම්ප්‍රදායික කාල තරණ සිනමාවෙන් පිට පැන පියවරක් ඉදිරියට තබා තිබෙනවා. මෙහි භෞතික විද්‍යා පසුබිම හා මනස වියවුල් වියහැකි යම් වදන් මට හැකි අයුරින් (අන්තර්ජාලයේ පිහිටෙන්) ඔබ වෙත ගෙන එන්නම් මම ලිපියේ පහලින්. මුලින්ම අපි චිත්‍රපටයේ වතගොත බලලම කතාව පැත්තට ප්‍රවේශ වෙමු.

IMDB වෙතින් 7.5ක අගයක්ද,Rotten Tomatoes වෙතින් 70%ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 69%ක අගයක්ද, ගූගල් පරිශීලක ප්‍රසාදය 87%ක්ද මේ වනවිට (2021:ජන:13) දිනාගෙන ඇති මේ චිත්‍රපටය සම්මාන 45කට නිර්දේශව එයින් 10ක් ජයගන්නටද සමත්ව තිබෙනවා. රචනය සහ අධ්‍යක්ෂණය යන ද්විත්වයම ක්‍රිස්ටෝෆර් නෝලන් මහතාගෙන් වන අතර රංගනයෙන් දායක වන්නේ ; ජෝන් ඩේවිඩ් වොෂින්ටන් (ප්‍රධාන චරිතය), රොබට් පැටින්සන් (නීල්), ඉන්දීය නිලි ඩිම්පල් කපාඩියා(ප්‍රියා), මයිකල් කේන් (ක්‍රොස්බි),එලිසබෙත් ඩෙබිකි (කැතරින් බාටන්), ලෝරි ෂෙපර්ඩ් (මැක්ස්), හිමේෂ් පටෙල් (මහීර්), කෙනත් බ්‍රැනා ( සේටර්), ඒරොන් ටේලර්-ජොන්සන් ( අයිව්ස්),ෆියෝනා ඩොරිෆ් (වීලර්) ඇතුළු පිරිසක්.

එසේම මෙය විද්‍යාත්මකව නිවැරදි නොවූවත්, ක්‍රිස්ටෝෆර් නොලන් භෞතික විද්‍යාඥ කොප් තෝන්ගේ උපදෙස් ලබාගෙන තිබෙනවා චිත්‍රපටයේ පිටපත සැකසීමේදී, ඔහු Intestellar (2014) චිත්‍රපටයේ කටයුතුවලටද සම්බන්ධවූ අයෙක්. එසේම පිටපත කවුරුන්හෝ අතින් ලීක්වේයැයි යන බියෙන් නළු නිළියන්ට චිත්‍රපට පිටපත කියවීමට ඉඩ ලබාදී තිබෙන්නේ වෝනර් බ්‍රදර්ස් ස්ටුඩියෝවේ ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ කාර්යාලයේ සිටයි. ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ පෙර චිත්‍රපටවලටද දායක වූ මයිකල් කේන්හට ඔහු අඩුම තරමින් පිටපත කියවන්නට පවා ඉඩ ලබාදී නෑ, රූගත කිරීම් වලට අදාල සුළු කොටස් හැරුනුවිට. එසේම කෙනත් බ්‍රැනා පවසා තිබුනා ඔහු ජීවිතයේ කිසිම දවසක මේතරම් වාර ගණනක් චිත්‍රපට තිර පිටපතක් කියවා නැති බව, ප්‍රධාන චරිතය රඟන ජෝන් ඩේවිඩ් වොෂින්ටන්ට ඒ සඳහා පැය පහක් ගතවී තිබෙන බවයි කියවෙන්නේ.

දෘශ්‍ය ප්‍රයෝග භාවිතයට දැඩි අකමැත්තක් දක්වන ක්‍රිස්ටෝෆර් නෝලන් මේ චිත්‍රපටයේදීද තමන්ගේ එම ප්‍රතිපත්තිය වෙනස් කොට නෑ. චිත්‍රපටය පුරාවටම විශේෂ ප්‍රයෝග දර්ශන තිබෙන්නේ 280ක් පමණක් බවයි කියවෙන්නේ, නූතන සාමාන්‍ය හාස්‍යමය ප්‍රේමාන්විත චිත්‍රපට බොහොමයකත් ඊට වඩා විශේෂ ප්‍රයෝග දර්ශන දක්නට ලැබෙන බවත් කියවෙනවා.විශේෂයෙන්ම මෙහි එන බෝයිං 737 ගුවන් යානය ඔහු එම අදාල දර්ශනය වෙනුවෙන්ම මිලදී ගත්තක් බවත්, මෙහි එන ඔපෙරා රඟහලද භාවිතයෙන් ඉවත්කර තිබූ ගොඩනැගිල්ලක් යම් අලුත්වැඩියා කිරීමකින් පසුව අදාල දර්ශනයට සකසා ගත් එකක් බවත් කියවෙනවා.

චිත්‍රපටයේ සම්පූර්ණ නිෂ්පාදන අයවැය ඇමරිකානු ඩොලර් මිලියන 205ක් වන අතර, ඒ අනුව මෙය ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් නිමැවූ වියදම් අතින් ඉහලම නව්‍ය (පෙර කිසිදු චිත්‍රපටයකින් ආභාෂය ලබා නැති) චිත්‍රපටයද වනවා, සිනමා ඉතිහාසයේදි එවැනි ඉහලම වියදමක් දැරූ චිත්‍රපටවලින් එකක් බවටද මෙය පත්වනවා.

ශබ්ද සංකලනය ගැන බැලුවොත්, චිත්‍රපටය බොහෝ දෙනාගේ විවේචනයට ලක්වුනා සිතාමතාම දෙබස් අපැහැදිලි වන ආකාරයට චිත්‍රපටයේ ශබ්ද සංකලනය සිදුකර ඇති බවට, එය ඇත්තක් බව ඔබට වැටහෙයි චිත්‍රපටය නරඹද්දි. ඔබ Dunkirk (2017) නැරඹුවානම්, ඔබට මතක ඇති එහි ශබ්ද සංකලනයත් එසේමයි.

සංගීත සංයෝජනය දෙසට හැරුණොත්, 2006 වසරේ තිරගවූ The Prestige චිත්‍රපටයෙන් පසුව සුප්‍රසිද්ධ ජර්මානු චිත්‍රපට සංගීත සංයෝජක හාන්ස් සිමර්ගේ සංගීතයෙන් හැඩනොවන ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ප්‍රථම චිත්‍රපටය බවට පත්වෙනවා මෙය. හාන්ස් සිමර්ට එම කාර්යය බාරකරනු ලැබූවත් ඔහු එය ප්‍රතික්ෂේප කරනවා Dune (2021) චිත්‍රපටයේ සංගීත සංයෝජන කාර්යය බාරගෙන තිබීම නිසා. ඒ අනුව සංගීත සංයෝජන කාර්යය බාරවන්නේ ස්වීඩන ජාතික සංගීත සංයෝජක ලුඩ්විග් යොරන්සන් හටයි.

දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

අන්තර්ජාතික කුමන්ත්‍රණ පිරි “මද අඳුරු(අවසානය අත ලඟ ඇති) ලෝකයක”, ප්‍රධාන චරිතය (The Protagonist) ලෙස දන්නා නිර්නාමික CIA බුද්ධි අංශ නිලධාරියෙක්ව Tenet (දහම) නම් අභිරහස් සංවිධානයක් විසින් බඳවාගන්නවා යථාර්ථ කාලයෙන් එපිටට දිවෙන ගෝලීය රාජකාරියකට හවුල් වීමට. ඔහුට බාරවන මෙහෙයුම වන්නේ අනාගතයට කතාකිරීමේ හැකියාව ඇති සතුරෙක් තුන්වන ලෝක යුද්ධය ඇරඹීමට දරන තැතක් ව්‍යර්ථ කිරීමයි. අනාගතයෙන් එන මේ තර්ජණයට මුහුණ දීම සඳහා ඔහුට සිදුවනවා කාලයෙන් පසුපසට යාමේ හැකියාව ප්‍රගුණ කරන්නට… එතනින් එහාට නරඹන ඔබට බාරයි. චිත්‍රපටයේ එන භෞතික විද්‍යා නියමයන් කෙටියෙන් පැහැදිලි කරන්නම් මම පහලින්. කෙසේ වෙතත් ඔබ චිත්‍රපටය තුලින්ම එය දැකගැනීමට කැමතිනම්, මින් ඉදිරියට ලිපිය කියවීම ඔබේ රසවින්දනයට යම් බාධාවක් විය හැකි නමුත් කියවන්නේනම් එය චිත්‍රපටය වටහා ගැනීමටද එහි යොදා ඇති යම් වදන්වල අරුත තේරුම්ගැනීමටද යම් රුකුලක් වනු ඇති.

ක්‍රිස්ටෝෆර් නෝලන් මෙම චිත්‍රපටයට ආභාෂය ලබාගෙන තිබෙන්නේ පුරාණ ලතින් පැලින්ඩ්‍රෝමයකින්, එනම් අග සිටම මුලටද මුල සිට අගටද එකසේ කියවෙන පද එකතුවකින්, එය හැඳින්වෙන්නේ සේටර් චතුරස්‍රය (Sator Square) නමින්. පහතින් දිස්වන්නේ එහි රූපයක්.

SATOR, AREPO, TENET, OPERA සහ ROTAS

චිත්‍රපටය නැරඹූ පසු ඔබට වැටහෙයි එහි ප්‍රධාන නම් කීපයක්ම මෙම පුරාණ චතුරස්‍රයේ ඇති බව. TENET පදයත් තිබෙනවා දකින්නට හැකියි. එසේම මෙය කොයි අතට කියවූවත් මෙහි ඇති වචන පහ එක ලෙසින්ම කියවෙන බවට පෙනෙනවා . යුරෝපය දස අතින් හමුවී ඇතැයි කියන මේවායේ දින වකවානු දෙවන ශතවර්ෂයේ සිට 14වන ශතවර්ෂය දක්වා දුරකට විහිදෙනවා.මෙහි අර්ථය වචනාර්ථයෙන්ම පරිවර්තනය කිරීමේදි ඇරේපෝ නම් ගොවියෙක් සහ ඔහුගේ නගුල පිලිබඳ යම් පණිවිඩයක් අන්තර්ගත බව කියවෙන නමුත්, මෙම චතුරස්‍රය ක්‍රිස්තියානි පල්ලි හා දෙව්මැදුරු අතර යම් සම්බන්ධයක් තිබෙන නිසා යම් උගතුන් මෙය ක්‍රිස්තියානි සම්භවයක් ඇති එකක්යැයිද සලකනු ලබනවා.එයට සරල හේතුවක් තිබෙනවා ;

මේ ආකාරයට කුරුසයක හැඩයට අකුරු නැවත පෙලගැස්වූ කල Paternoster ලෙස කියවෙනවා.  එහි පරිවර්තිත අර්ථය වන්නේ “අපගේ පියාණන්” යන්නයි. එසේම ඉතිරි තනිකොටුවල ඇති A සහ O අක්ෂර Alpha සහ Omega යැයි සලකනු ලබනවා, ග්‍රීක හෝඩියේ මුල් අකුරු වන ඒවා ක්‍රිස්තියානි භක්තිකයන් දෙවියන්වහන්සේ හඳුන්වන්නට භාවිතා කර තිබෙනවා.

• එන්ට්‍රොපිය (Entropy)
මෙය තාපගතික විද්‍යාවට අයත් වදනක්. සරලවම පවසන්නේනම් අපිලිවෙල මනින මිනුම් දණ්ඩ ලෙස හැඳින්විය හැකියි. අංශූන් අපිලිවෙල වන්නට වන්නට, ඒවායේ එන්ට්‍රොපිය ඉහලයි. තවත් පැහැදිලි කලොත් ඝන ද්‍රව්‍යයන්ගේ එන්ට්‍රොපියට වඩා ද්‍රවයන්ගේ එන්ට්‍රොපිය ඉහලයි, ද්‍රවයන්ට වඩා වායූන්ගේ එන්ට්‍රොපිය ඉහලයි. මේ න්‍යාය අනුව ගත්කල කාලය ගෙවීයාමත් සමග විශ්වය වියවුල් සහගත තත්වයට පත්වීමද ඉහල යනවා. ගණිතඥ ජේම්ස් ආර්. නිව්මන් මෙය හැඳින්වූයේ ” මරණය හා වියවුල දෙසට විශ්වයේ ඇති නැඹුරුව” ලෙස වන අතර, භෞතිකවේදී ආතර් එඩින්ටන් මෙයට වඩා සරල නමක් ලබාදුන්නා ” කාල ඊතලය” ලෙසට.

උදාහරණයක් විදියට, හිතන්න බිත්තරයක් බිමට අත්හැරියා කියල. කාලය ඉදිරියට (ඊතලයක් ලෙස) ගමන් කරනා තාක් බිත්තරය පොඩිවී යන්නට ඉඩ තිබුණත් (එනම් එහි අංශූන් තව තවත් අපිලිවෙල වීම), නමුත් බිත්තරය නැවතත් නොබිඳුනු සම්පූර්ණ බිත්තරය බවට පත්වන්නට (අපිලිවෙල ගතිය අඩුවීමට) ඉඩක් නෑ . එය එසේ සිදුවීම වැළැක්වීමට හැකි එකම දෙය වන්නේ එන්ට්‍රොපියේ ගලායාම පමණයි, භෞතික විද්‍යාවේ අනෙකුත් අදාල නියමයන් සියල්ලම සමමිතික නිසා : එනම් ඉදිරි දිශාවට සිදුවිය හැකි සියල්ලක්ම පසුපස දිශාවටද සිදුවිය හැකි බව.

සරලව කිව්වොත් භෞතික විද්‍යාවට අනුව බිත්තරය ඉබේම නොබිඳුනු තත්වයට පත්වීමට පුළුවන්. ඒ සඳහා බිත්තරය මුලදී බිම වැටී බිඳෙද්දී එහි ශබ්ද හා තාප ශක්තිය ගමන්කල වායු හා බිම් අංශුන්වල සංචලනය පසුපස අතට සිදුවිය යුතුයි. නමුත් එසේ සිදුවීමේ ක්‍රම ඉතාම අල්ප නිසයි බිඳුනු බිත්තරයක් නැවත එකලස්වනවා අප නොදකින්නේ, අනතුරකට ලක්වූ මෝටර් රථයක් නැවත ප්‍රකෘති තත්වයට පත්වනවා අප නොදකින්නේ. ඒත් එය සිදුකල හැකියැයි අපි අනුමාන කලොත්? මේ චිත්‍රපටය සරලවම කිව්වොත් දිවයන්නෙ අන්න ඒ මත. නෝලන් මහතාම පවසා තිබුණා තම චිත්‍රපටය ගොඩනැගෙන්නේ ” යම් වස්තුවක එන්ට්‍රොපිය අනිත් අතට ගමන් කරවිය හැකිනම්, ඒ වස්තුවට අදාල කාල ගලායාම පසුපසට ගමන් කරවිය හැකිය” යන අදහස මත බව.

චිත්‍රපටය තුලදී මෙය හැඳින්වෙන්නේ අපවර්තිත එන්ට්‍රොපිය (Inverse entropy) ලෙසයි. එමනිසා මෙය හුදු කාල තරණ චිත්‍රපටයක් ලෙස සලකන්නට බෑ මම හිතන විදියට. මොකද සාමාන්‍ය කාල තරණ කතාවකදී අපි දකින්නේ යමෙක් අතීතයේ හෝ අනාගතයේ යම් නිශ්චිත ස්ථානයකට එක්වරම ගොස් එහි සිට තමන්ගෙට බාර කාර්යය කරමින් කාල-අවකාශය හරහා ඉදිරියට ඒම. හැබැයි ඉහත කී එන්ට්‍රොපිය පසුපසට යැවීම කියන තර්කය අනුව මේ චිත්‍රපටයෙ වෙන්නෙ කාලය ඊතලය පසුපසට ගමන් කරවීමක්. උදාහරණයක් ලෙස 2020 වසරේ සිටින ඔබට 2010 වසරට යාමට වුවමනානම් ඔබට ක්ෂණිකව 2010 වසරට යාමට හැකියාවක් නෑ, ඒ වෙනුවට ඔබට සිදුවනවා කාලයේ පසුපසට ගමන් කරමින් වසර දහයක්ම ජීවත්වන්නට 2010 වසරට යනතෙක්. පැහැදිලි කිරීම ප්‍රමාණවත් යැයි මම සිතන නිසා, එන්ට්‍රොපිය ගැන මින් ඉදිරියට කියන්නේ නෑ මම. ඔබට චිත්‍රපටය තුලින් ප්‍රමාණවත් පැහැදිලි කිරීමකුත් ලැබෙනවා අවසානයට ලඟාවනවිට. කෙසේ හෝ කාල ගලනය පසුපසට යැවීම අත්දැකිය හැක්කේ මෙහි එන ටර්න්ස්ටයිල් නම් අපවර්තක යන්ත්‍රය හරහා ගිය පුද්ගලයන්ට හා වස්තූන්ට බව මතක තබාගන්න.

චිත්‍රපටය නැරඹීමේදී තවත් අවශ්‍ය විය හැකි කරුණු…

• ටෙනෙට් (Tenet) යන වචනයේ අරුත දහම, පිලිවෙත, ඇදහීම යන්නයි. මෙය චිත්‍රපටයේ නාමය සඳහා Ten යන්න පිලිවෙලින් නිවැරදිව හා ආපස්සට එන ලෙස සකසා ඇතැයි සිතිය හැකි වුවත්, චිත්‍රපටය තුලදීම නම කීපතැනක යෙදෙන ආකාරය බැලූකල මුල් අරුත නිවැරදි බව මගේ හැඟීමයි. එසේම චිත්‍රපටය තුලදී Tenet ලෙස හැඳින්වෙන්නේ යම් රහස් සංවිධානයක්.

• “අපි ජීවත්වෙන්නෙ මද අඳුරු (අවසානය අත ලඟ ඇති) ලෝකෙක. “

“රෑ කළුවරේ හිතවත්තු නෑ.”

චිත්‍රපටය තුල මෙය කේත වචනයක් නොහොත් කෝඩ්වර්ඩ් එකක්, ඒ දෑත් භාවිතයෙන් කරන අභිනයක්ද සමග.

• තැඹිලි පැහැ පටියක් සහිත කී චේන් එක.

චිත්‍රපටය පැටලෙන්නෙ නෑ ඔබ චිත්‍රපටය ආරම්භයේම පෙන්වන ඔපෙරා රඟහල් වැටලීමේදී දකින අභිරහස් සෙබලාගේ බෑගයෙන් පිටතට එල්ලා වැටෙන මෙම කී චේන් එක හොඳින් මතක තියාගත්තොත්.

• . ඇල්ගොරිදමය (Algorithm)

ඇල්ගොරිදම් කිව්වම අපි දන්නෙ පරිගණක ගණිත ක්‍රමයක් ලෙසට. නමුත් චිත්‍රපටයෙදි මේ වචනය භාවිතා වෙන්නෙ එක්තරා වස්තුවක් හඳුන්වන්නයි.

• මෑන්හැටන් ප්‍රොජෙක්ට් සහ ඔපන්හයිමර්

මෑන්හැටන් ප්‍රොජෙක්ට් නොහොත් මෑන්හැටන් ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන්නේ දෙවන ලෝක යුධ සමයේදී මුල්ම න්‍යෂ්ටික ආයුධ සෑදූ ව්‍යාපෘතිය. එයට නායකත්වය ලබාදුන්නේ ඇමරිකාව විසින් වන අතර ඊට එක්සත් රාජධානියේ හා කැනඩාවේ සහයද හිමිවුණා. 1942 වසරේ සිට 1946 වසර දක්වා මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කෙරුණේ එක්සත් ජනපද ඉංජිනේරු භට ඒකකයේ මේජර් ජෙනරාල් කෙස්කි ග්‍රෝව්ස් යටතේ. මෙම ව්‍යාපෘතියේ පර්යේෂණ දත්ත මත සැබෑ න්‍යෂ්ටික බෝම්බ සාදනු ලැබූ ලොස් ඇලමොස් රසායනාගාරයේ අධ්‍යක්ෂ තනතුර දැරුවේ න්‍යෂ්ටික භෞතික විද්‍යාඥ රොබට් ඔපන්හයිමර්.

රොබට් ඔපන්හයිමර්

මෙම ව්‍යාපෘතිය සැබැවින්ම ඔපන්හයිමර්ගේ අදහසක්, එයට හේතුව නාසි ජර්මානුවන් මිත්‍ර පාර්ශව වෙත හෙලීම සඳහා න්‍යෂ්ටික බෝම්බ සෑදීමේ ව්‍යාපෘතියක් කරගෙන යන බවට සැකයක් ඔහු තුල තිබීම. ඔහු එය එවක ඇමරිකා එක්සත් ජනපද ජනපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්ට දන්වා අවසර ඉල්ලා සිටිනවා එයට එරෙහිව ඇමරිකාවද න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය ඇරඹිය යුතු බවට. සැබැවින්ම ජර්මනිය ඇමරිකාවට ප්‍රථමයෙන් න්‍යෂ්ටික හා පරමාණු බෝම්බයක් සැකසීමට යොමුව සිටියත් එය හුදෙක් අසාර්ථක එකක් පබවට පත්වෙනවා අවසානයේ.

ජපානය යටත් කරගැනීම සඳහා දෙවෙනි ලෝක යුධ සමයේ හිරෝෂිමා හා නාගසාකි නගර වෙත හෙලූ ලිට්ල් බෝයි හා ෆැට් මෑන් යන පරමාණු බෝම්බ සැකසීමටද හවුල් වන්නේ මේ ව්‍යාපෘතියේ එකලස් තාක්ෂණ ශිල්පීන්. සත්‍ය වශයෙන්ම මෙයට තමන්ගෙන් ලැබුණු දායකත්වය සම්බන්ධව ඔපන්හයිමර් පසුකලෙක පශ්චාත්තාප වුනා “‘Now I am become death, the destroyer of worlds” ලෙස පවසමින්.මේ එම වීඩියෝව.

• Pincer Movement නොහොත් ද්වි-දිශා සතුරු වැටලීම්

නිල් පැහැයෙන් ප්‍රහාරක භට ඒකකයද රතු පැහැයෙන් සතුරාද දැක්වේ.

මෙය සරලවම වම් සහ දකුණු යන දිශාවන්ගෙන් එකවිට ප්‍රහාර එල්ල කර සතුරා අන්දමන්ද කිරීමේ හමුදා උපායමාර්ගික ආක්‍රමණ ක්‍රමයක් ලෙස දැක්විය හැකියි (ඉහත රූපයේ ඇති ලෙසට). කෙසේ වෙතත් චිත්‍රපටයේදී මෙය යම් තරමකින් වෙනස්කොට කාල ද්වි-දිශා වැටලීම (Temporal Pincer Movement) ලෙස හඳුන්වනු ලබනවා. එය එකවිට කාලයෙන් ඉදිරියට හා කාලයේ අවසානයේ සිට ආපස්සට එමින් ප්‍රහාර එල්ලකිරීමක් ලෙස දැක්විය හැකියි, ඒද එම ප්‍රහාරක කණ්ඩායම් ද්විත්වයේ බුද්ධි තොරතුරු හා අත්දැකීම් ඔවුනොවුන් අතර හුවමාරු කරගන්නා ගමන්මයි.වැඩිදුර වැටහීමක් ලැබෙයි චිත්‍රපටය නරඹද්දී.

මං හිතනවා මේ කල පැහැදිලි කිරීම් ප්‍රමාණවත් කියල. පරිවර්තනයේදිත් මට හැකි පමණ මම උත්සාහ කලා ඔබට මේ අධිවේගී චිත්‍රපටය ඔබට වැටහෙන පරිදි පරිවර්තනය කරන්නට. ඒ වෑයමේ සාර්ථක අසාර්ථකභාවය නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

ස්තූතිය උපසිරැසි ඉල්ලීම කල ශාන් වික්‍රමතිලක සහෝදරයාට.

ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වන අතර ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වලින් ඔබට අවශ්‍ය පිටපතක් අවශ්‍ය ආකාරයකට ලබා ගත හැක. එහීදී Bonus disc ලෙස නම්කර ඇති පිටපත් ලබාගැනීමෙන් වැලකීමට සැලකිලිමත් වන්න. ඊට හේතුව එම පිටපත් චිත්‍රපටයේ extra, behind the scenes එක්කර තැනූ එකක් නිසා. ඒ හැරෙන්නට අන්තර්ජාලයේ ඇති ඕනෑම Blu-ray, IMAX Blu-ray පිටපතකටම උපසිරැසිය ගැලපේ. එසේම WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත් වෙනුවෙන් සැකසූ උපසිරැසියක්ද ගොණුව තුල අන්තර්ගතය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසි යොදාගෙන නරඹන්න .

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
5758 වාරයක්
Download Links
DIR
DIR
DIR
TOR
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (7)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 87
    2021-01-14

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Redemption Day (2021)
    Horizon Line (2020)
    Synchronic (2019)
    Fatale (2020)

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2021-01-16

      Synchronic ලඟදීම.

  • K.A Raveen Expert Subtitler
    iOS 14.3 Chrome 83
    2021-01-14

    ayye godak thanks.
    kotinma mehma kiynnm. mekata dan godak aya sub dunna.
    math e sub aran baluwa.
    eth ayyage sub ekath ekka aaye blnwa.
    mainma reason eka ayyge lipiya.
    hoda karunu thiyena lipiyak.
    mekata kohoma unath physics knowledge ekk one.
    mekata sub karapu aya entropy thiya physics wla palaweni padamawath dannawada kiyana ekath prashnayak.
    nolan sinhala danan sinhala sub krpu ayage sub dakkoth walak kapan walalenawa.
    lapai sipai okkoma ewun sub dunnane okata.
    paw ithn e sub walin kathawa blpu undala.
    mekenuth aaye paarak blnna kttyma.
    highly recommended…..

    “me wage ekk translate krnna english dngththta madi. physics danagannath ona.”

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2021-01-14

      බොහොම ස්තූතියි, රවීන්. කොහොමත් ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ මයින්ඩ් බෙන්ඩින් ෆිල්ම්ස් ගොඩක් ඒවා කීපවතාවක් බලන්න ඕනෙ හරි ට්‍රැක් එකට වැටෙන්න. දැනට මම TENET විතරක් හතර වතාවක් බැලුවා, සබ් එක දෙවතාවක් එඩිට් කලා සමහර වචන හා වාක්‍ය. මේ වගේ ෆිල්ම් කොහොමත් පොඩි අධ්‍යයනයක් කරලම නරඹන්න, උපසිරැසි හදන්න පටන්ගන්න ඕනේ ඒවා. හදිස්සි වෙනවට වඩා ප්‍රමාද වෙලා හරි පුළුවන් තරම් නිවැරදි පරිවර්තනයක් දෙන්න උත්සාහ කිරීමයි හොඳම දේ.

  • Hashan Unregistered
    Android 9 Chrome 80
    2021-01-14

    බොහොම ස්තූතියි හසිත සබ් එකට :slight_smile: Tenet නම් ආපු දවස්වලම බැලුවා ඒත් ආයෙ බලන්න හිතුනා ලිපිය කියවද්දි පැහැදිලි කිරීම් ටික එහෙම සුපිරියට ලියලා තියනව ❤

    Reply
  • ශාන් වික්‍රමතිලක User
    Windows 10 Chrome 87
    2021-01-15

    බොහොම ස්තූතියි මගේ ඉල්ලිමට මේ තරම් ඉක්මනට මේක ලබාදුන්නට.
    ජය වේවා!
    (කලින් කමෙන්ට් එකක් දාන්න අමතක වුණා:upside_down:)

    Reply
  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 87
    2021-01-25

    උපසිරැසියට ස්තූතියි.
    චිත්‍රපටය බලලා නොතේරුනු අය මේ සබ් එකත් එක්ක ආයෙත් පාරක් බලන්න.
    Highly Recommended!

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved