The Letter for the King (2020) [S01 : E01] Sinhala Subtitle

April 12, 2020 Moderator

Ep 01: storm Clouds Gather – කුණාටු වලාකුළු එකතු වීම.

 

සුභ දවසක් ඔක්කොටම, ඔන්න ඉතින් ගෙවල් වලට ආරක්ෂිතව ඉන්න හැමෝටම කම්මැලි කමත් නැති වෙලා යන්නම අලුත් කතා මාලාවකට උපසිරසි අරං ආවා. ඒ වගේම the good doctor එකටත් සබ් එක දෙනව. ඒකකාරි බවෙන් මිදෙන්න ඕන නිසා අලුත් එකක් කරන්න හිතුවෙ. The Letter for the King (රජු වෙනුවෙන් යැවූ පණිවිඩය) වන මේ කතාව 2020 මාර්තු 20 වෙනිදා Netflix ලා විසින් මේක මුදා හැරුණා. පලවෙනි කතා සමයේ තියෙන්නේ episode 6 යි. ඉතින් ඔයාලා මේක ආසාවෙන් රස විඳි කියලා හිතනවා. එහෙනම් අපි යමු මුලින්ම මේ කතාවේ පසු බිම පැත්තට පොඩ්ඩක්.

හොඳයි මේ coming-of-age (පැරණි/ඉතිහාස) ක්‍රියාදාම කතාවක්. ඉතින් මේක හදන්න පාදක වෙච්ච කතාව තමයි සම්භාව්‍ය ඕලන්ද නව කතාවක් වෙන De brief voor de Koning කියන නවකතාව. ඒ වගේම ඒක රචනා කරලා තියෙන්නේ Tonke Dragt විසින්. ඉතින් මේක තිර පිටපත හදලා තියෙන්නේ Will Davies වන අතර අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alex Holmes සහ Felix Thompson විසින් ය. ඉතින් මේක පසු බිම් සංගීතය ඉතාමත් ලස්සන සහ අලංකාරයෙන් යුක්ත වෙනවා කියලා මේක බලපු කට්ටිය දාලා තිබෙනවා. ඉතින් මේ ලස්සන සංගීතය නිර්මාණය කරන්න දායකත්වය දක්වලා තියෙන්නේ Brandon Campbell තමයි. ඒ වගේම මේක නිෂ්පාදකයන් විදිහට Will Davies, Paul Trijbits, Chris Clark යන අයව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ රූගත කිරීම් කරලා තියෙන්නේ ඔයාලා හැමෝම දන්න Lord of The Rings සහ Hobbit කතා මාලාවන් රූ ගත කරපු ඒ ලස්සන නවසීලන්තයේ. ඉතින් ආපහු ඒ වින්දනය පොඩිවට හෝ ඔයාලට මේ කතාවේදී දැක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේකේ ප්‍රධාන නිෂ්පාදිත ආයතනය විදිහට Filmwave ආයතනය දැක ගන්න පුළුවන්. මේ වෙනකොට මේ කතාව imdb හී 5.9 වගේ අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම google පරිශීලකයන්ගෙන් 82% ප්‍රසාදයකුත් කුණු තක්කාලි දර්ශකයේ 56% අගයකුත් ලබා ගන්න මේ කතාව සමත් වෙලා තියනවා.

Action, Adventure, Family, Fantasy යන කාණ්ඩ වලට අයත් වන මේ කතාව ටිකක් දුරට මර්ලින් කතාව වගේ කියලා කියන්නත් පුළුවන්. ඒත් ඒ තරම් ලොකු කුහලයකින් පිරිලා නම් නැහැ. බලපු ගොඩක් කට්ටිය කියනවා ආරම්භය හොඳ වුනාට ටිකක් මැදින් කැඩිලා තියනවා කියලා. නමුත් අවසානයේදී එය හිතා ගන්නවත් බැරි තරම් සුපිරි අවසානයක් කරා යනවා කියලත් එයාලම කියලා තිබ්බා. ඉතින් බලන්න කතාවක් නැත්නම් පොඩ්ඩක් ට්‍රේලර් එක එහෙම බලලා කතාවට කැමති නම් මේක බලන්න. මේ කතාව රාජධානි අතර සිද්ද වෙන සිදුවීම් වලින් නිර්මාණය වුණු කතාවක්. ඉතින් සමහර සිද්දීන් ගැන කියා වෙන ස්ථාන, ප්‍රදේශ වලට ආදාල වෙච්ච සිතියමක් මම පහලින් දානවා. පොඩ්ඩක් බලන්න.


එහෙනම් අපි යමු කතාවේ ඇතුල් පැත්තට. ටියුරි කියලා එක කොල්ලෙක් ඉන්නවා. මෙයා ඉන්නේ ඩඇග්නොට් කියන රාජධානියේ කුඩා ප්‍රදේශයක. ඉතින් මෙයාගේ පියා නැහැ. ඉන්නේ හදා ගත්තු පියා. එයා තමයි සර් ටියුරි. ඉතින් මේ තරුණ ටියුරි සහ මෙයාගේ අම්මා එව්ලින් ව සටනකින් බේර ගන්නවා මේ සර් ටියුරින් කියන කෙනා. පස්සේ එයා මේ එව්ලින් කියන කාන්තාව බැඳලා මේ තරුණ කොල්ලට තමන්ගේ නම දීලා එයාවත් හදා ගන්න ගන්නවා. ඒත් මේ සර් ටියුරිට හිතට වද දෙන කාරණයක් තියනවා මොකක්ද මේ කොල්ලට හරියට සටන් කරන්න බැරි හීන් දෑරි කොල්ලෙක් වීම ගැන. එයා කියනවා තමන්ගේ පුතා උනන්දුයි, ඒ වගේම දක්ෂයි බුද්ධිමත් කියලා, නමුත් අර කාරණය නිසා ඔහු තමන්ගේ පුටහා ගැන කලකිරිලා තමයි ඉන්නේ. ඒ වගේම මේ තරුණ ටියුරිට ඒක එක කට හඬවල් පවා ඇහෙනවා. ඒ මොනවද කියලා දැන ගන්න ඕනේ නම් ඔයාලා හැමෝටම කතාව බලන්න වෙනවා. ඉතින් මේ තරුණ ටියුරි යනවා නොවිස් නයිට්වරුන්ගේ තරඟයකට මුහුණ දෙන්න. ඔන්න ඔතනින් තමයි අපේ කතාව හොඳටම පටන් ගන්නේ.

වැඩිය කියන්න කැමති නැහැ. මොකද කුතුහලයක් ඉතුරු කරන්නම එපැයි. මේ තරම් දිග ලිපියක් ලියන්න අපේ සහන් මල්ලි තමයි උදවු කරේ.. හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න.
ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු…!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (11)
  • kasun Unregistered
    MacOS Catalina Chrome 80

    ammo thanks machan.. oka balannamai unne. digatama sub eka denna..

    • Mihira Madushanka Moderator
      Android 9 Chrome 74

      අනිවාර්යයෙන් …
      බොහොම ස්තුති සහො..

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 80

    sub එකට ගොඩක් ස්තුතියි සහෝදරයා.

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  • මයිකි Unregistered
    Android 9 Chrome 80

    අඩො කතාව සුප්පා වගේ බං. එල ආ නිකමට පලවෙනි කොටස බලමු කියලා බා ගත්තේ. පට්ට. දිගටම දියන් දැන් සබ . එලම

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    හොද කතාවක් වගේ…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Chrome 80

    thanx sub ekata.

  • adeesha Unregistered
    Windows 10 Chrome 80

    thanx mchan subata..igatama enna

  • chandima Unregistered
    Windows 8.1 Chrome 80

    uba dena sub kohomath balanna deyak ne supiri.digatama diyan

  • Viraj kavinda Unregistered
    Android 9 Chrome 80

    Online balanna barida

  • Kalana iduwara Unregistered
    Android 9 Chrome 74

    Thanks sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search