The Lost Room (2006) [S01 : E01] Sinhala Subtitle
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ අරගෙන එන්නෙ අර්ධ වශයෙන් නිම කරල මගෙ පරිගණකයේ පැත්තක තිබූ කොටස් තුනකින් සමන්විත කෙටි කතාමාලාවක සිංහල උපසිරැසිය, හිතුණා වෙලාවක් ලැබුණ අවස්ථාවේ මෙය සම්පූර්ණ කර ඔබ වෙත ගෙන ඒමට. මෙය මුලදී නිකුත් වූවේ අඩ හෝරාව බැගින්වූ කොටස් 6ක් ලෙස වුවත් පසුව අන්තර්ජාලය හරහා විකාශය වුණා හෝරාවකුත් මිනිත්තු 30ක් වශයෙන් කොටස් තුනක් ලෙස. මේ ලබාදී ඇති උපසිරැසි ගැලපෙන්නේ එම පිටපත්වලට පමණක් බව මුලින්ම මතක් කරන්නට කැමතියි.
_________________________________________________
මේ නිර්මාණයෙ නම තමයි The Lost Room (2006). Imdb වෙතින් 8.2ක අගයක් ලබාගෙන ප්‍රයිම් ටයිම් එමී සම්මාන ද්විත්වයකටද ඇතුළුව සම්මාන 13කට නිර්දේශ වූ එකක් මෙය. ක්‍රියාදාම, ෆැන්ටසි,අභිරහස් යන තුන් ෂානරයන්ට අයත් මෙයට රංගනයෙන් දායක වන්නේ පීටර් ක්‍රවුස් (ජෝ මිලර්),ජුලියානා මාගුයිස් (ජෙනිෆර් බ්ලූම්),පීටර් ජේකොබ්සන් (වොලී ජබ්‍රොව්ස්කි), ඩෙනිස් ක්‍රිස්ටෝෆර් (මාටින් රූබර්),එලේ ෆැනින් (ඇනා මිලර්),කෙවින් පොලැක් ( කාල් ක්‍රට්ස්ෆෙල්ඩ්),බෙන්ජමින් පෙට්‍රි (අයිසැක් ක්‍රට්ස්ෆෙල්ඩ්),ක්‍රිස් බවර් (ලූ ඩෙස්ටෆානෝ), මාග්‍රට් චෝ (සුසී කැන්ග්), ඈන් කුසැක් (හෙලන් රූබර්),ජේසන් ඩග්ලස් (ඇන්තනි), රොජර් බාට් (හවඩ් ‘වීසල්’ මොන්ටේගු) ඇතුළු පිරිසක්. කතාව පැත්තෙන් ගත්තොත් ඉතා සින්ගන්නාසුළු, සියුම් හාස්‍යයෙන්ද පිරි වෙනස්ම ඝනයේ කතාවක්. මෙහෙම ආරම්භයක් අරගෙන දෙන්නම් මම.
ජෝ මිලර් කියන්නෙ පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහු ජීවත්වන්නේ තමන්ගේ කුඩා දියණියත් සමග. දිනෙක මනුෂ්‍ය ඝාතන දෙකක විමර්ශනයට සම්බන්ධ වන ඔහු අතට පත්වෙනවා අපූරු මොටෙල් (මොටෙල් යනු කාමරවලට පිටතින් වෙන වෙනම පිවිසිය හැකි ලෙස සැකසූ නවාතැන්පලවල්) කාමරයක යතුරක්. මේ යතුරේ තිබෙනවා වෙනස්ම ආකාරයක හැකියාවක්. මේ හැකියාව උරගා බලන්නට යාමේදී විශාල අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවෙනවා ජෝට. ඔහු එයින් ගැලවීමට හා මේ මොටෙල් කාමර අභිරහස විසඳීමට ගන්නා වෑයමයි අපිට මේ කතාව පුරාවට දකින්නට ලැබෙන්නේ. ෆැන්ටසි කතා නැරඹීමට ප්‍රිය කරන ඔබට මෙය වෙනස්ම අත්දැකීමක් වෙනු ඇති. මෙය මෙහි මුල් කොටස, නම් වෙන්නෙ The Key and the Clock ( යතුර සහ ඔරලෝසුව) නමින්. මේ කොටස ලබා ඇති IMDb අගය 8.4ක්. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.
ලබාදී ඇති උපසිරැසි කොටස් තුනකින් සමන්විත WEB පිටපත් සඳහා වේ.
දවසක එන්නම ඕන හසිතගේ කොම්පුටර් බලන්නම ..එකේ සැහෙන්න ෆිල්ම් ,කතා එහෙම ඇති නේ …:smiley::heart_eyes::heart_eyes::rofl::rofl::rofl:
දැන්නං බලන්න දෙයක් නෑ, දමිත්. එක එක ඩිලීට් කරගෙන යන ගමන් මේ 😀 (ඉඩ මදි). ඒ හින්ද බාගෙට ටයිප් කරල මග දාලා තියන ඒවා කම්ප්ලීට් කරල අප්ලෝඩ් කරල දාන්නයි බැලුවෙ. කාටහරි වැඩක් වෙයිනෙ. ෆිල්ම්/සීරිස් එකතු කිරිල්ල එපා වුණා අර කාලෙකට කලින් ransomware එක වැදුණයින් පස්සෙ.
ransomware මතක් කරන්න එපා ..මම එකට අහුවුනේ අපේ email එකට යද්දී word පයිල් එකක් තිබ්බේ ..අනේ එතින් open කරා සේරම නැති වුනා …ransomware ආපුම කාලේ google එකේ වත් තිබ්බේ නැහැ ඒ ගැන විස්තරයක් …අන්තිමේදී මොනවා කරන්නද සේරම ෆොර්මැට් කළා
ඇත්ත තමයි. මගෙ එකනං කොහොම ආවද හරියටම දන්නෑ, සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ්වලදි මම හරි පරිස්සං ඇන්ටිවයිරස් එකක්වත් දාගෙන නැති හින්ද. කොහෙන්හරි ආවා ඒ වුණාට. ෆෝමට් කරල ආපහු සිස්ටම් දැම්මා අන්තිමේ.
තෑන්ක්ස් සහෝ මේක නම් බලපු සුපිරි සීරිස් එකක්