The Skin I Live In (2011) Sinhala Subtitle
වැඩිහිටියන් පමණක් නරඹන්න.
උපසිරැසිය BLURAY පිටපත් සඳහා වන නමුත් LIMITED ලෙස සඳහන් BLURAY පිටපත් සඳහා නොගැලපෙන බව කරුණාවෙන් සලකන්න.
ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. කාලෙකට පස්සෙ ස්පාඤ්ඤ චිත්‍රපටයක්‍ය උපසිරැසි ගේන්නයි මේ සූදානම. අපේ හෂාන් සහෝදරයාගෙ ඉල්ලීමකට අනුව කල උපසිරැසි කල මේ චිත්‍රපටය තමයි The Skin I Live In (2011). මමත් මේ චිත්‍රපටය බලන්න පෙලඹුනේ ඔහුගේ ඉල්ලීම නිසා. ස්තූතිය ඔහුටයි මුලින්ම. මෙය ප්‍රංශ ජාතික ලේඛක Thierry Jonquet ගේ Mygale (1984) නම් නවකතාව ඇසුරින් තමයි නිර්මාණය වෙන්නෙ. එයම 2003 වසරේදී ඉංග්‍රීසියෙනුත් පලවී තිබෙනවා Tarantula නමින්.
සයිකොලොජිකල් ත්‍රිලර් ඝනයට අයත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Pedro Almodóvar විසින්. ලබා ඇති IMDB අගය 7.6ක් වන අතර, Rotten Tomatoes අගය 81%ක්. මෙය ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් සමගින් සම්මාන 28ක් ලබාගත් නිර්මාණයක්ද වෙනවා. රංගනයෙන් දායකවෙන්නෙ ඇන්තෝනියෝ බැන්ඩෙරාස් ( රොබට් ලෙගර්ඩ්), එලේනා අනායා (වේරා), මරීසා පරේදස් ( මරීලියා), හාන් කෝර්නෙට් ( වින්සන්ට්), රොබර්තෝ අලාමෝ ( සේකා), එඩුවඩ් ෆර්නැන්ඩස් ( ෆුලෙන්සියෝ), බ්ලන්කා සුආරෙස් ( නෝර්මා), බාබරා ලෙනී ( ක්‍රිස්ටීනා) වැනි පිරිසක්. අධ්‍යක්ෂවරයාම වරක් පවසා ඇති ආකාරයට මෙය කැගැසීම්වලින් තොර හොරර් චිත්‍රපටයක්. ඒක ඇත්තක් මමත් දැක්ක විදියට. දැන් අපි යමු කතාව පැත්තට…
මෝටර් රථ අනතුරකින්වූ පිලිස්සුම් තුවාලවලින් මියගිය තම ආදර බිරිඳට ගෞරවයක් ලෙස, විද්‍යාඥයෙක් හා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් වන රොබට් ලෙගඩ් විසින් පිලිස්සුම් කැපුම් ආදිය සඳහා ඔරොත්තු දිය හැකි නව සමක් නිර්මාණය කිරීමේ පර්යේෂණවල නියැලෙනවා. විවිධ බාධා මැද වසර 12කට පමණ පසු ඔහු තමන්ගේ සිතේ තිබෙන ආකාරයේ සමක් නිර්මාණය කරගත්තත් එය ස්පර්ශයන්ට ඉතා සංවේදියි. ඔහුගේ නිවහන වන සිගරල් මැදුරේ ( සිගරල් ලෙස පොදුවේ හැඳින්වෙන්නේ ස්පාඤ්ඤයේ ටොලීඩෝහි ටාගුස් නදියේ දකුණු කෙලවරේ ඇති මැදුරු) පෞද්ගලික ශල්‍යාගාරයක මීට අදාල පර්යේෂණවල නිරතවන ඔහු ඒ සඳහා භාවිතා කරන්නේ නිවසේ බලෙන් රඳවාගෙන සිටින තැනැත්තියක්. හැබැයි අපි පිටින් දකින කතාවට වඩා කතාවකුත් තිබෙනවා එතන… ඒ සියල්ල නරඹන ඔබට බාරයි, මම ගිහින් එන්නම්. හමුවෙමු Jo Jo Rabbit (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය සමගින්.
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. subzlk site එකේ මගෙ ඉල්ලීමකට සබ් කරපු දෙවනි අවස්ථාව.. පලවෙනි අවස්ථාව තමෝද් ගොඩකන්ද මල්ලි Nekromantik 2 එකට සබ් දුන්න එක දෙවනි අවස්ථාව මේක හසිත සහෝදරයා The Skin I Live in එකට සබ් දුන්න එක.. ආයෙමත් බොහොම ස්තුතියි කියනව දෙන්නටම 😊🙏🙏.. ජය වේවා.! 👊👊
අවස්ථාවක් තියෙනව නම් Mr. Nobody (2009) Bluray EXTENDED එකට සබ් කරන්න බ්‍රෝ 😊
බොහොම ස්තූතියි සබ් එකට
sub ekata isthuthi !!!!
මුකුත් නොකිය ඉන්නම් නේ හසිත සහෝ…
ඉහෙ කෙස් ගානට මුවී බලල තියෙනවා මෙවගෙ කතාවක් තියෙන මුවී එකක් සෙට් උනාමයි . පට්ට story එකක් හැබැයි ආ . මෙවගෙ පරන උනත් මෙවගෙ කතවලට සිංහල උපසිරස දනවට Thanks සහෝ..
ස්තූතියි සහෝදරයා.ඇත්තටම spanish fims වලට මාරම විදියට ඇබ්බැහි උන කෙනෙක් මම.මේකෙ තියන spanish films ඔක්කොම බැලුවා.පුළුවන් නම් තව spanish movie රසිකයන් වෙනුවෙන් අලුත් spanish ෆිල්ම් ටිකකට සබ් දෙන්නකෝ.ඔබට ජය
sub ekata tnx bro
thak:blush:s bro
ගොඩක් ස්තූති සබ් එකට
Film download karaganne kohomada..
Register wenne kohomada kiyala kiyanna.🙏
Thanks Brother…🔥