#Alive (2020) Sinhala Subtitle

September 18, 2020 Expert Subtitler

 #Alive
#살아있다
 (#Saraitda)

 පණපිටින්
2020

කොහොමද ඉතින් ඔන්න මං තව ෆිල්ම් එකකට සබ් අරන් ආවා. මේකත් සොම්බි කතාවක්. කලින් ෆිල්ම් එක වගේම. Peninsula (2020) ෆිල්ම් එක බලපු අය දන්නවා ඇති ඒ train to busan එකේ දෙවැනි ෆිල්ම් එක.එකේ තිබුනේ සොම්බි පැතිරිලා අවුරුදු 4 කට පසු මේක සොම්බි පැතිරෙන්න පටන් ගත් අවස්තාවක අපාර්ට්මන්ට් එකක හිර වෙලා ඉන්න. ඒ වටා ගෙතුණු කතාවක්.
මං මේකට සබ් දෙන්න තීරණය කලේ. කතාව බලපු මොහොතේම කතාව බලන්න පටන් ගන්න කොටම කතාවේ මුලින්ම පෙන්නන ජුන් වූට අම්මා තියලා යන චිට් එකින් මට මතක් වුනා වෙබ් ටුන් කතාවක් මං කියව කියව හිටිය. sweet home කියලා. සොම්බි එකක් . ඒ කතාවේ සිදුවීම් ගොඩක් මේ ෆිල්ම් එකේ තිබ්බා නම , ගේම් play කරන එල ,අපාර්ට්මන්ට් එකේ ඉන්න එක , අනිත් බිල්ඩිමේ girl ඉන්න එක , ජුන් වූ ගේ පවුලේ අය, සොම්බි ලගේ ඒ වයිරසය පැතිරුනාම ගති ලක්ෂණ වගේ ගොඩක් දේවල් ඒ වෙබ් ටුන් එක වගේමයි අරන් තියෙන්නේ මට හිතුනේනම් .  නමුත් සර්ව සම්පුර්ණ ව නෙමේ. මේ ෆිල්ම් එකට අරන් තියෙන්නේ මං කියවපු වෙබ්ටුන් එකේ මුල් ටික විතරයි. කතාව පටන් ගන්න මුල් ටික විතරයි. ෆිල්ම් එකේ ඒ ටිකෙන් කතාව cover කරලා තිබුනේ. ඒ වගේම තව dead days කියලා වෙබ්ටුන් එකක් තියෙනවා. එක sweet home එකට කලින් ආව එකක් ඒකේ තියෙන යම් යම් දේවල් එකතු වෙලා තිබ්බා ෆිල්ම් එකට. කියලා මං දකිනවා . ඒ මගේ අදහස නමුත් මේ කතාව අරන් තියනවා කියලා කියන්නේ නම් තවම නිකුත් වෙලා නැති Alone කියන English ෆිල්ම් එකෙන් කියලා තමයි කියන්නේ.

ඔයාලා මේ දෙය දන්නවද කොරියන් වෙබ්ටුන් එකකින් drama එකක් කරන්න ගන්නවනම් එයාලා මුලින් ඒ කතාවේ ෆිල්ම් එකක් release කරලා තමයි drama එක release කරන්නේ. ඉතින් මං දකින විදියට මේ කතාව sweet home වෙබ් ටුන් එක අනුසාරයෙන් සකසපු එකක්. කියලා මං දැක්මේකේ.. වෙබ් ටුන් එකට drama එකක් release වෙන්න තියෙනවා. එකනම් මං හිතනවා සර්ව සම්පුර්ණ වෙබ් ටුන් එකම අරන් ඇති. කියලා.

ගේම් පිස්සෝ ගැන දන්නවද ? online වලින් ගේම් play කරනවා. එකට ඇබ්බැහි වුනු අය. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතයත් එහෙම කෙනෙක්. ඔයාලා social media පාවිච්චි කරනවා නේද ? අපේ සමාජ ජාලා වලට වඩා වෙනස් එකක් තියෙනවා. ඔන්ලයින් වලින් අපිට කැමති දෙයක් කරන්න පුළුවන්. හරියට යු ටියුබ් වගේ නමුත් වෙනසකට තියෙන්නේ ඒ දේවල් බලන fans ලා ඒවාට කැමති වුනොත් balloon කියලා තියෙනවා. සල්ලි ඒ බැලූන් කියන්නේ. fans ලට පුලුවන් ඒ artist ලට සල්ලි දෙන්න  ඔන්ලයින් වලින් . මේ සිදු වීම හොදටම පෙන්නන කතාවක් තියෙනවා මං සබ් දුන්නු. (love alarm එක බලපු අය ඉන්නවනම් එකේ bad girl හිටිය කෙනා school එකෙන් out වෙලා කරන්න පටන් ගන්න එක ඒක. බලපු අය දැක්කනම් දන්නවා ඇති.මං මොකක්ද කියන්නේ කියලා.)
නිකන්ම මට කියන්න ඕන කියලා හිතුනා.

කොහොම හරි ජුන් වූ ත් ඒ වගේ මොරි සාදු කියලා නමින් account එකක් open කරලා. එයාගේ යාළුවො එක්ක ඔන්ලිනේ play කරනවා. ඉතින් මේ ගේම් බලන fans ලා ත් ඉන්නවා.
ඔහොම හැමදාම වගේම නැගිට්ට ගමන් ගේම් එක ප්ලේ කරන්න ගිහින් නිව්ස් වල මොනවද අමුතු දෙයක් යනවා කියලා. කතාවෙනවා. මෙතනින් තමයි මේ සොම්බි සිද්දිය පටන් ගන්නේ.
ජුන් වූ ජිවත් වෙන්නේ අපාර්ට්මන්ට් එකක අම්මා තාත්තා අක්කා එක්ක. නමුත් මේ සොම්බි සිද්දිය පැතිරෙන කොට ගෙදර ඉන්නේ මෙයා විතරයි පවුලේ අය ගමනක් ගිහින්. ..මෙයාගේ පවුලේ අයට කුමක් වෙයිද බේරෙන්න පුළුවන් වෙයිද මේ සොම්බි වයිරසයෙන් ඒක නම් ඔයලා කතාව බලලම හොයා ගන්න කෝ.

මෙයා ජනේලයෙන් එලිය දිහා බලනකොට මුළු ලෝකයම උඩු යටිකුරු වෙලා වගේ. පෙන්න ඇත්තේ. .. සොම්බිලා මිනිස්සු පස්සේ එලවනවා. මිනිස්සු සොම්බි වෙනවා. ඔය වගේ දේවල් ඔයා වගේ ඒ වගේ මොහොතක එකපාරට දැක්කම මොනවා වෙයිද ?

අපිට කෙසේ වෙතත් මේ ජුන් වූ ට වෙන දේ ඔයාලම බලන්නකෝ. මේ කතාවත් මං සබ් දුන්නු exit ෆිල්ම් එක තියෙන්නේ ඒක වගේ බලන්න පටන් ගත්තම එක දිගට බලාගෙන යන්න පුළුවන්. එක හුස්මට. (නමුත් මගේ හැගිම නම් exit එකේ දැනුනු ඒ feeling එක තරම් නම් නැහැ. මගේ පුද්ගලික අදහස. )
ඉතින් ඔයාලා කතාව බලලා තීරණය කරන්න කෝ කොයි වගේ ද කියලා.
මේ ෆිල්ම් එක මුලින් බලන කෙනෙක් ට නම් හොදටම හොද වෙයි මං වෙබ්ටුන් එක කියෙව්ව නිසා. මට කතාවේ මදි වගේ දැනුනා. මොකද මඊට වඩා ලොකු දේවල් ටිකක් ඒකේ තිබ්බ නිසා. ඒ අඩුපාඩුව ගොඩක් ලොකුවට දැනුනා. ..
නමුත් කතාව හොදට රස වින්දා… ඔයාලාත් බලන්නකෝ… එහෙමද කියලා..

කතාවේ දේවල් කියනවාද නැද්ද කියලා බැලුවේ ඔයාලට කතාව හොදට රසවිදින්න ඕන නිසා. මං කතාව කෙටියෙන් වත් කියන්නේ නැහැ. මේකේ ගෑනු ළමයා කොහොමද කතාවට එකතු වෙන්නේ කියලා වත්.. ඒක බලන්නකෝ. මං කතාවේ දැක්ක ශක්තිමත්ම චරිතයක් තියෙන කෙනෙක්. ඒ girl..

කතාව අනිතිම හරියේ හරියට ගහෙන් වැටුණු මනුස්සයට ගොනා ඇන්න කතාව් අහලා තියෙනවා නේද අන්න ඒ වගේ කියලා හිතුනා මං මේ මොකක්ද කියන්නේ … ඒක බලන්නත් කතාව බලන්නකෝ…
කතාව කියුවේ නැති වුනාට වෙනදා වගේම මං දෙබස් ටිකක් දෙන්නම්.
අපාර්ට්මන්ට් එකේ ජුන් වූ එයාලගේ ගෙදර හැංගිලා ඉන්න කාලයේ sns වලින් කියන දේවල් ටිකක්..



(දවස් දෙකකට පසු )
අද වෙනකන්
අපේ ගෙදර හිර වෙලා ඉන්නේ දෙවැනි දවස .
“ජිවත් වෙලා ඉන්න ඕන.”
“ජිවත් වෙලා ඉන්න ඕන.”
මේක අපේ තාත්තා මට අන්තිමට එව්ව මැසේජ් එක.
කොහොමද ජිවත් වෙලා ඉන්න ඕන කියලා මං ඇත්තටම දන්නේ නැහැ.
දැන් මේක ජිවත් වෙලා රෙකෝඩ් කරන එකත් මට නම් පුදුමයක්.
ඔහ්හ්හ්. .


(දවස් හතකට පසු )
සමාව දෙන්න තාත්තේ.


 (දවස් 10 කට පසු)
මං ඔහ් ජුන් වූ.
ඔහ් ජුන් වූ.
දැන් වතුරයි කෑමයි ඔක්කොම ඉවර වෙලා තියෙන්නේ.
ඒ වුනත් ගෙදරින් එළියට කොහොමටවත් යන්නේ නැහැ.
උන් ට අහුවෙලා එයාලා වගේම වෙනවට වඩා
ඊටවඩා හොදයි බඩගින්නේ මැරෙනවා.
ටීවී එකේ හැමදාම එකම දේ පෙන්නනවා.
ගෙදර ඉදන් එනකන් බලන් ඉන්න කියලා කියනවා.
මොනවා මොකක් වෙනවද කියලා ..
අපේ අම්මා ටීවී එක වැඩිය බැලුවේ නැහැ.
ගෙදර වැඩ කරනකොටත් රේඩියෝ එක අහන්න කැමැතියි.
එහෙම ඉදලා රේඩියෝ එකට මැසේජ් එකක් පාවා යවනවා.


 (දවස් 20 කට පසු)
අනයෝහසයෝ! (කොහොමද ? )
අන්යෝන්. (බායි.)

                                                                         

මේ සමුදිමෙන් කුමක් සිදු වෙයිද ?

ජිවත් වෙන්න ඕන කියන හැගීම් විතරද ඕන වෙන්නේ ජිවත් වෙලා ඉන්න. නැත්නම් වාසනාව කියන දේත් ඕන වෙයිද ? අපේ විදියටනම් ජිවත් වෙන්න පින කියන දේ . මේකට උත්තරේ නම් කතාව බලලා කියන්නකෝ..



කතාව ගැන තොරතුරු ටිකක්..
නම : #Alive / #살아있다 ( # සාරා ඉත්තා) /# ජිවත් වෙනවා නැත්නම් පණපිටින්
ප්‍රධාන නළුවා : Yoo Ah-in (යු අහ් ඉන් )
ප්‍රධාන නිළිය :Park Shin-hye (පාර්ක් ෂින් හේ)
අධ්‍යක්ෂණය : Cho Il-hyung (චො ඉල් හ්යෝන්)
නිෂ්පාදනය : Eugene Lee
Saemi Kim
Saerom Kim
නිෂ්පාදන ආයතනය :ZIP Cinema Perspective Pictures
බෙදා හරින ලද්දේ : Lotte Entertainment
මුදා හරිය දිනය : දකුණු කොරියාවේ – 2020/ 06/ 24
Netflix හි – 2020/09/08
දුවන කාලය : 99 මිනිත්තු

කතාවේ කිම් යු බින් කියන girl ඔහ් ජුන් වූ ට කියන දෙයක්…

“ජිවත් වෙන්න ඕන නිසා”
“ජිවත් වෙන්න ඕන නිසා දැන් ජිවත් වෙලා ඉන්නේ”


ඉතින් හැමෝටම බුදුසරණයි වගේම .ඔබට ස්තුතියි..

 

 

Available Torrents
720p bluray 900.37 MB
1080p bluray 1.81 GB
720p web 901.21 MB
1080p web 1.63 GB
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (2)
  • Hansani Rupasingha Moderator
    Windows 10 Chrome 85

    Sub ekata thank you!!!

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85

      comment ekata thanx dear.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search