Trending

Annabelle Comes Home (2019) Sinhala Subtitle

39 Views

 

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.අදත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් ආවා.හැබැයි කියන්න ඕන මේකේ සබ් එක ආවා පරක්කු වැඩියි කියලා.ඉතින් මේ ටිකේ සබ් කරන්න ෆිල්ම් එකක් හොයාගන්න තිබ්බෙ නැති හින්දා මේකට සබ් එක පරක්කු වුණත් කමක් නෑ කියලා දෙන්න හිතුවා.ඒවගේම මේ වගේ චිත්‍රපටයකට සබ් නොදි ඉන්න එක අපේ සයිට් එකේ අඩුපාඩුවක් වෙන්නත් පුළුවන් හින්දා මේකට සබ් එක අරන් ආවා.ඉතින් පොඩ්ඩක් එහෙනම් කතාව පැත්තට යමු.

Gary Dauberman විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය 2019 ජුනි 26 වන දින ප්‍රථම වරට ඇමරිකාවේ නිකුත් විය.ඒවගේම Mckenna Grace(ජුඩී), Madison Iseman(මේරි එලන්), Katie Sarife(වොරන් මහත්මිය), Patrick Wilson(වොරන් මහත්මයා), Vera Farmiga(ඩැනියෙලා) වැනි අය රංගනයෙන් දායක වී ඇත.එසේම Box Office හි මිලියන 322ක අදායමක් මෙම චිත්‍රපටිය විසින් උපයා ඇති බව සඳහන් වෙලා තියෙනවා.විනාඩි 206ක් පුරාවට දිවයන මෙම චිත්‍රපටයේ බෙදාහැරීමේ ආයතනය Warner Bros. Pictures ආයතනය විසිනි.චිත්‍රපටයට ලැබී තියෙන මනාප ගැන කතා කළොත් IMDb අගය 6.1 ලෙසද Rotten Tomatoes වල 66% අගයක්ද Empire හි 2/5 අගයක්ද දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත් වෙල තියෙනවා.ඒවගේම ගූගල් පරිශීලකයින් 81%ක් පමණ මේ චිත්‍රපටයට මනාපය දක්වා තියෙනවා.ඉතින් දැන් පොඩ්ඩක් කතාව ගැන කියන්නම්.

ඔයාලා හැමෝම ඇනබෙල් කතා බලලා ඇති.මුලින්ම 2014 වර්ෂයේ ඇන්බෙල් ප්‍රථම කතාව නිකුත් වුණා.ඊටපසු අවුරුදු 3කින් එනම් 2017 දී ඇනබෙල් දෙවන කතාව වන Annabelle Creation චිත්‍රපටය නිකුත් වුණා.ඉතින් මේ සියලුම කතා නිර්මාණය වෙලා තියෙන්නේ එක බෝනික්කෙක්ගෙන්.ඉතින් අද චිත්‍රපටය ආරම්භය තියෙන්නේ වොරන් මහතා සහ මහත්මිය විසින් මේ බෝනික්කව වෙන නිවසක තිබිලා අරගෙන යනෝ.මොකද ඒ බෝනික්කා හුඟාක් භයානක කෙනෙක් නිසා.වොරන් මහතා සහ මහත්මිය කවුද කියන එක චිත්‍රපටිය බැලුවම තේරෙවි.ඉතින් වොරන් පවුල ඉන්න නිවසේ වෙනම කාමරයක් තියෙනෝ ඔය යක්ෂ දේවල් හිර කරලා තියන්න.ඉතින් ඒ කාමරයේ තමා මේ ඇනබෙල් කියන බෝනික්කව සිර කරන්නේ.ඒවගේම ජුඩී කියන්නෙ වොරන් මහතාගේ සහ මහත්මියගේ දරුවා.ඉතින් වොරන් මහතාටයි මහත්මියටයි රාජකාරි වැඩ කටයුත්තකට යන්න වෙන නිසා ජුඩීව ගෙදර තනි කරන්න බැරි නිසා එයාව බලාගන්න ජුඩී හුඟාක් ආස කරන මේරි එලන්ව ගෙදරට එවනවා.ඉතින් මේරි එලන්ගෙ යාලුවා තමා ඩැනියෙලා.එයා ටිකක් වදකාරියෙක්.මේරි එලන්ගෙ යාලුවා කිව්වට මේරි එලන් එහෙම එයාට එච්චරම කැමතිත් නෑ.ඉතින් ඔහොම යද්දී ජුඩීගේ උපන්දිනේ කිට්ටු නිසා ජුඩීයි මේරියි කේක් හදන්න ගන්නෝ ඔය අස්සේ ඩැනියෙලාත් ගෙදට්ට එනෝ.ඩැනියෙලා ජුඩීට ස්කේටින් සපත්තු දෙකක් උපන්දින තෑග්ග විදියට දුන්නේ.ඉතින් ජුඩී මේරී එක්ක ස්කේටින් කරන්න එලියට යනෝ කේක් එක අවන් එකට දාලා ඩැනියෙලාට කේක් එක බලාගන්න කියලා.ඉතින් ඔය අස්සේ ඩැනියෙලා අර ඇනබෙල්ව හිර කරලා තිබ්බ කාමරේ ඇතුළට යනවා.එයාට ඒ කාමරේ ඇතුළට යන්න හේතුවකුත් තියෙනෝ ඒක කතාව බලද්දි දැනගන්න පුළුවන්.ඉතින් දැන් මොනා වෙයිද.දැනගන්න කැමැත්තෙන් ඇති කියලා හිතෙනෝ.ඒත් මන් ඉතුරු ටික කියන්නේ නෑ.ඒක ඔයාලා බලලම දැනගන්න.ටයිප් කරලා අත රිදෙනො, ඉතින් මන් මෙතනින් නවත්තනෝ මගේ කතාව.

හැමෝටම සුභ දවසක්!ඊළඟ උපසිරැසියෙන් නැවත මුණගැසෙමු!

(ඔය යන ගමන් මේ YT channel එක Subscribe කරං යන්න, https://www.youtube.com/channel/UCVsxKte-459u70_XyOZODog මගේ යාලුවෙක්ගේ channel එකක් පොඩි සප් එකක් එහෙම දෙන්න.)

Thamod Godakanda
Thamod Godakanda Translator
40 Movies
49 TV Series
89 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Direct download
Direct
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
5 FILES
720p bluray 942.86 MB x264
▲19 · ▼1
Magnet GET
1080p bluray 1.66 GB x264
▲70 · ▼7
Magnet GET
720p web 942.16 MB x264
▲5 · ▼3
Magnet GET
1080p web 1.66 GB x264
2160p web 4.73 GB x265
▲22 · ▼3
Magnet GET
Discussion (8)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 76

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • Lukshan Widanapathirana Unregistered
    Windows 10 Chrome 76

    The Riot Club (2014) හැකිනම් මෙම චිත්‍රපටයට උපසිරැසි ලබා දෙන්න..
    මෙ කරන සේවයට බොහොම ස්තූතියි…

    • Gayan Unregistered
      Android 9 UC Browser 12.13

      Thanks bro

  • ලක්ෂාන් සමීර Expert Subtitler
    Android 9 Chrome 74

    බොහොම ස්තුතියි සහෝදරයා උපසිරසියට….
    ජය!!!

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👊👍
    BR ආවම අප්ඩේට් එකක් දෙන්න සබ් එකට 😊
    ජය වේවා.!

    • Hashan M. Priyadarshana Unregistered
      Android 9 Chrome 76

      Godak sthuthi broo 🤩🤩🤩

  • Hiran D Ruwanpathirana User
    Android 9 Chrome 77

    බොහෝම ස්තුතිය, සහෝ
    දිගටම සබ් දෙන්න
    ඔබට ජය

  • Sachintha Unregistered
    Android 8.1 Chrome 73

    Miss Bala 2019 මෙම චිත්‍රපටියේ උපසිරැසි කරුණාකර ලබාදෙන්න ස්තුතියි.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search