City Hunter (1993) Sinhala Subtitle November 23, 2020 Rasika Samanjith | Admin IMDB RATING 6.5 GENRES ActionChinese MoviesComedyCrimeGenresMovies CAST Jackie Chan,Richard Norton,Joey Wang,Kumiko Goto Subz.lk වෙත ගොඩ වදින ඔයාලා හැමෝටම ආයුබෝවන් කියනවා. මේ මගේ 25 වෙනි උපසිරැසිය. ඉතින් යාලුවනේ මේ වෙලාවෙ මන් හිතුවා ඔයාලට පොඩි ආරාධනාවක් කරන්න. යම් කිසි භාෂා දැනුමක් තියේ නම්, පුංචි වේලාවක් තියේනම් උපසිරැසි කරුවෙක් විදිහට අපිත් සමඟ අත්වැල් බැඳගන්න එන්න. ලෝකයේ විවිධ රටවල, විවිධ භාෂාවල, විවිධාකාරයේ සිනමා නිර්මාණ සිංහල පාඨකයන් වෙත ගෙන එන මේ සත් කාර්යයට දායක වෙන්න කියන ආරාධනයයි ඒ. දැන් සිංහල උපසිරැසි ලබාදෙන වෙබ් අඩවි රාශියක් තියෙනවා. ඔබටත් උපසිරැසි සෑදිම ගැන උනන්දුවක් තිබේ නම් ඒවා අතුරින් ඔබ Subz.lk තෝරාගත යුත්තේ ඇයි. මේක සම්පූර්ණයෙන්ම කියවන්න. නොදන්න ගොඩක් දේවල් තියෙන්න පුලුවන්. 01. තෝරාගැනීමේ නිදහස. උපසිරැසි සඳහා චිත්‍රපට තෝරාගැනීමේදී ඇතැම් වෙබ් අඩවිවල නිර්ණායක තියෙන බව මට මතකයි. අලුත්, ජනප්‍රිය චිත්‍රපට බාරදෙන්න නම් මෙහෙම මෙහෙම වෙන්න ඕනෙ වගේ. Subz.lk එහෙම කිසිම වෙනස්කමක් නෑ. අලුත්ම අලුත් ෆිල්ම් එකක්, ඔබගේ මුල්ම සබ් එක හැටියට වුනත් කරන්න පුලුවන්. නිදහස 100% යි. 02. වෙන්කර ගැනීමේ පහසුව. උපසිරැසි සෑදීමට චිත්‍රපටයක් වෙන්කරගැනීම සඳහා ඊමේල් එකක් යවලා, පිලිතුරු ඊමේල් එකක් එනකන් වරු ගනන්, දවස් ගනන් බලන් ඉන්න ඕනෙ නෑ. තප්පර 10 ක් ඇති. ඊට අදාල තැනක් “Subtitle Order” කියලා සයිට් එකේම තියෙනවා. ෆිල්ම් එකේ IMDb අංකය (ඒක www.imdb.com වෙබ් අඩවියෙන් ගන්න පුලුවන්) ටයිප් කරලා add කරන්න විතරයි තියෙන්නෙ. උපසිරැසිය ඔබේ. 03. ස්වයං අප්ලෝඩ් කිරීමේ පහසුකම. කට්ට කාලා සබ් එකක් හදලා ඊමේල් කරලා, ඒක පළවෙනකන් දවස් ගණන් ඇඟිලි ගැන ගැන බලන් ඉන්න ඕනෙ නෑ. ගමේ භාෂාවෙන් කියනවනම් මහන්සිවෙලා සබ් එකක් හදලා කාගෙවත් ආඩම්බර බලන්න ඕනෙ නෑ. මොකද මේක තමයි උපසිරැසි ආඩම්බරකාරයින්ගේ වෙබ් අඩවිය. සයිට් එකේම තැනක් තියෙනවා “Upload Your Subtitle” කියලා. එතෙන්ට ගිහින් ඔයාල කැමති දවසෙ, කැමති වෙලාවෙ, කැමති විනාඩියේ සබ් එක ඔයාලටම පළකරන්න පුලුවන්. (හැබැයි ඒකට විතරක් යම් සබ් සංඛ්‍යාවක් කරන්න ඕනෙ). උදාහරණයක් විදිහට විශේෂ දිනයක් වෙනුවෙන්, නැත්නම් උපන් දිනයක් වගේ කියල හිතමු. ඔයාට සිහිවටනයක් විදිහට එදාටම පළ කරන්න පුලුවන්. 04. සබ් එකේ අයිතිය ඔබටම දීම. ඒ කියන්නෙ මොකක්ද? මෙහෙමයි, දවස් ගානක් කට්ට කාලා, නිදි මරාගෙන, ඇස් ගෙඩි දනකන් මොනිටර් එක දිහා බලාගෙන, අත් උරහිස් රිදෙද්දිත් ටයිප් කරලා උපසිරැසියක් හදලා වෙබ් අඩවියකට යැව්වා කියල හිතමු. එච්චර මහන්සියෙන් හදපු සබ් එක තව දුරටත් ඔයාගෙ නෙමේ. අයිතිකරු කියලා ඔයාගෙ නම තියෙනවා. ඒත් ඔයාගෙ නෙමේ. වෙබ් අඩවියයි පාවිච්චි කරන්නෙ. ඔයාට තියෙන්නෙ බලන් ඉන්න එක විතරයි. ඒත් Subz.lk එක ඒක ඔයාටම දෙනවා. ඒ කොහොමද? ඊළඟ අංකය බලන්න. 05. ඔබේ පෝස්ට් එක ඔබේම වීම. ඔයාලා හිතයි කොහොමද එහෙම වෙන්නෙ කියලා. ඒක තමයි මේ කතාවෙ ආකර්ශනීයම කොටස. අපේ ඇඩ්මින් දමිත් කොල්ලගෙ වැඩ තමයි. ඔයාලගෙ සබ් එක ඔයාලටම පළකරන්න පුලුවන් කියලා කලින් කිව්වනෙ. පළවුනාට පස්සෙත් ඒ පෝස්ට් එකේ සම්පූර්ණ අයිතිය සහ නඩත්තුව බාරදෙන්නෙත් ඔයාටම තමයි. ඔයාට ඕන දවසක, පෝස්ට් එකේ ෆිල්ම් ඉමේජ් එක, ට්‍රේලර් එක, ලිපිය වෙනස් කරන්න පුලුවන්. ලිපියට ඉමේජ් ඇඩ් කරන්න, අලුත් අප්ඩේට් එකක් එකතු කරන්න, අකුරු පාට කරලා, ඇද කරලා, ලොකු කරලා ලස්සන කරන්න පුලුවන්. ෆිල්ම් එකේ වීඩියෝ පිටපත අප්ඩේට් කරන්න පුලුවන්. වීඩියෝ පිටපත් වල ලින්ක් කාලයක් යනකොට වැඩ කරන්නෙ නැතුව යනවා.( ඒ බව දන්වන්න අවස්ථාවක් පාඨකයකුට සයිට් එකේම තියෙනවා.) එවිට අලුත් ලින්ක් ඇතුලත් කරලා ඔයාගෙ පෝස්ට් දිගටම සජීවීව තියාගන්න ඔබටම පුලුවන්. (වෙබ් අඩවි වල ගොඩක් පරණ පෝස්ට් ලින්ක් වැඩ නෑ. විශාල සංඛ්‍යාවක් පෝස්ට් තියෙන නිසා ඒ ඔක්කොටම අවධානය යොමු කරන්න අමාරුයි.) වැදගත්ම දේ තමයි ඔයාගෙ සබ් එකත් ඔයාට අප්ඩේට් කරන්න පුලුවන්. උදාහරණයක් විදිහට ඔයාට යම් තැනක වැරැද්දක් පස්සෙ දැක්කොත් ඒක නිවැරදි කරන්න පුලුවන්. මගේ “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” සබ් එකේ මුලින් මම අත ඇරලා දාපු සිංදුවක් මන් පස්සෙ හදලා නැවත අප්ඩේට් කලා. අපේ පෝස්ට් සම්බන්ධ කිසිම දේකට ඇඩ්මින් මඩුල්ල අත ගහන්නෙ නෑ. එක කාරණයකදී හැර. ඒක විශේෂයෙන්ම කියන්න ඕනෙ. ඒ තමයි කොලිටිය. ” අනුන්ගේ සබ් වලට තමන්ගෙ නම දාලා එවන්න එපා. ගූගල් ට්‍රාන්ස්ලේට් සබ් එවන්න එපා.” එච්චරයි. ඉතින් පෝස්ට් එක ඔයාගෙ නෙමෙයිද? 06. උපසිරැසිකරු අගය කිරීම. ඒ කොහොමද? ආකර්ශනීය නම්බු නාමයි, ලකුණුයි, පදක්කමුයි දීලා උපසිරැසිකරුවන් ගොනාට අන්දන බොරු සංදර්ශන නෙමේ. මොකද උපසිරැසිකරුවන් නැත්නම් මේ වෙබ් අඩවි බිංදුවයි. ඔයාල දන්නවද මේකත් දැන් මාෆියාවක් වෙලා. උපසිරැසිකරුවන්ගේ සබ් හොරකම් කරලා එයාලගෙ නම, සයිට් එකේ නම වෙනස් කරලා තමන්ගෙ වගේ එයාලගෙ වෙබ් අඩවිවල පල කරනවා. ඇයි ඒ. සිංහල පාඨකයන්ට තියෙන ආදරේටද? නෑ සල්ලි වලට. ඒක තමයි තිත්ත ඇත්ත. ඔයාලා දන්නවද නොමිලේ, නොමිලේ කිය කියා ඒ වෙබ් අඩවි, උපසිරැසිකරුවන්ගේ සබ් වල සහ ඒ සබ් එක නිසා ඩිමාන්ඩ් වෙන චිත්‍රපට වල වීඩියෝ පිටපත් වල ඩවුන්ලෝඩින් හරහා මුදල් උපයන බව. ඒත් ඒ සතේක ආදායමක්, වෙබ් අඩවිය ගන්නේ නැතුව, කෙලින්ම උපසිරැසිකරුවාටම ලබාදෙන ලංකාවේ එකම සිංහල උපසිරැසි වෙබ් අඩවිය තමයි Subz.lk. මේ හැම දේකම ගෞරවය යන්න ඕනෙ අපේ ඇඩ්මින් දමිත් සහෝදරයට. අනෙක් වෙබ් අඩවි ආදායම් හොයද්දි, ඒ ආදායම වෙබ් අඩවිය ඇදගෙන යන උපසිරැසිකරුවන්ටම දෙන්න කෙනෙකුට නිර්ලෝභී පිරිසිදු හදවතක් තියෙන්න ඕනෙ. අවශ්‍ය හැමවිටම අපට නොපැකිල උදව් කරනවා. මටත් නොදන්න ගොඩක් දේවල් කියා දුන්නෙ දමිත් සහෝ. සයිට් එක ටිකක් වැටිලා තිබුනු කාලෙක subz.lk එකට සබ් කරන එකෙන් මම අයින් වෙන්නත් හැදුවා. ඒත් අද මන් එහෙම නොවුනු එක ගැන සතුටු වෙනවා. ඉතින් ඔයාලත් පුලුවන් අය අපේ පවුලට එකතුවෙන්න. අපේ සහෝදරයෙක්, සහෝදරියක් වෙන්න. ඔයාලට මඟ පෙන්නන්න අපි ඕන කෙනෙක් ලෑස්තියි. අපිව අමතන්න. මේ වගේ පහසුකම් දෙන තවත් වෙබ් අඩවියක් හම්බුනොත් “අටපට්ටමට කියන්ට ඕනෙ,හොඳේ.” ලිපිය ටිකක් දික් වුනා. අපි එහෙනම් චිත්‍රපටියට යන්. ජැකී චෑන් කිව්වොත් ආයෙ අහන්න දෙයක් නෑනෙ. ඉතින් ජැකීගෙ තවත් සුපිරි භාණ්ඩයක් තමයි මේ පාර අරගෙන ආවෙ. ජැකීගෙ සටන් හැකියාවෙන් ඔප මට්ටම් වුනු පට්ටම පට්ට කොමඩියක්. ඒ තමයි 1993 ජනවාරි 16 දින හොංකොංහීදී හා පුරා කියා තිරගත වීම ආරම්භ කල City Hunter. මේක Hongkong සිනමා පටයක්. Action, Comedy, Crime ලෙස වර්ගීකරණය වෙනවා. ධාවන කාලය විනාඩි 105. IMDb අගය 6.5/10 ක්ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත 91% ක්ද ලබාගෙන තියෙනවා. හොංකොංහී ප්‍රදර්ශනයෙන් හොංකොං ඩොලර් 30,843,062 වාර්තාගත ආදායමක් උපයාගනිමින් 1993 වසරේ හොංකොංහි ඉහලම ආදායම් ලද චිත්‍රපට අතර හතරවන ස්ථානයට පත්වීමට “සිටි හන්ටර්” සමත්වුනා. තායිවාන් හීදී එම වසරේ ඉහලම ආදායම් අතර නම වෙනි ස්ථානයට පත් වූ අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ. ඩො. 1,824,328 ක් විය. ජපානයේදී උපයාගත් ජපන් යෙන් මිලියන 561 (ඇ.ඩො. මිලියන 5.05) ක ආදායම සහ දකුණු කොරියාවෙන් ලද ඇ.ඩො. මිලියන 3.72 ක ආදායමද සමගින් නැගෙනහිර ආසියාව තුලදී ඇ.ඩො.14,581, 280 ක ආදායමක් උපයා ගැනීමට සමත්වුනා. Jackie Chan සමඟ කෞරී ලෙස Joey Wong, කියෝකෝ ලෙස Kumiko Goto, සායිජී ලෙස Chingmy Yau, මැක්ඩොනල්ඩ් ලෙස ජනප්‍රිය සටන් නලුවෙක් වන Richard Nortan (China O’Brien [1988], China O’Brien II [1990], Rage and Honor [1992], Lady Dragon [1992]) සහ කිම් (මැක්ඩොනල්ඩ්ගේ සගයා) ලෙස සටන් නලු Gary Daniels ( Fist of the North Star [1994], Rage [1995] , Bloodmoon [1997] රංගනයෙන් දායක වෙනවා. චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් “සිටි හන්ටර්” ප්‍රදර්ශනය කිරීමට නිෂ්පාදකයින් අදහස් කරගෙන සිට ඇති අතර ඒ සඳහා චිත්‍රපටයේ අවසන් වැඩ ලහි ලහියේ සිදුකර ඇත. අවසන් රූපගත කිරීම් වූ ජැකීගෙ සහ නෝර්ටන් ගේ සටන සඳහා ජැකී චෑන්ව ඩබල් කර ඇත. ඒ කියන්නෙ ජැකී සමගම ස්ටන්ට්වරයෙකුත් යොදාගෙන ඇත. ඒ රූපගත කිරීම ඉක්මන් කිරීම සඳහාය. චිත්‍රපටය නිෂ්පාදනය කරන අතරතුර ඔහුගේ උරහිසක් පැනීමට ලක්වූ බව, ජැකී විසින් ලියන ලද “I Am Jackie Chan: My Life in Action” කෘතියෙහි සඳහන් කර තියෙනවා. සිටි හන්ටර් කියන්නෙ පුද්ගලික රහස් පරීක්ෂකයෙක්. අවංකයි. සටනෙහි අති දක්ෂයි. හැබැයි මනමාලයෙක්. නොම්බර එකේ අනංගයෙක්. ඔහු සෙම හලන්නෙ නැත්තෙ ඔහුගේ සහායිකාව වන කෞරීට විතරයි. ඒකට හේතු හතරක් කියන්න පුලුවන්. මියගිය ඔහුගේ යාලුවාගෙ සහෝදරිය වීම. තම යාලුවාට උනු පොරොන්දුව. යාලුවාගෙ මරණයෙන් පසු ඔහු විසින් ඇයව හදා වඩා ගැනීම සහ මේ ලෝකයේ ඔහුට සිටින එකම පවුල ඇය වීම එම කරුණුයි. ධනවත් ව්‍යාපාරිකයෙකුගේ තරුණ දුව වන කියෝකෝ, පියා සමඟ තරහවී නිවසින් පැනලා යනවා. ඇයව සොයාගෙන ආපසු රැගෙන ඒම ව්‍යාපාරිකයා විසින් සිටි හන්ටර්ට බාරදෙනවා. මේ අතර කෞරී, හන්ටර් සමඟ තරහ වී යාම නිසා, හන්ටර් ඇයව සොයාගෙන මගී නැවකට ගොඩවෙනවා. මේ නෞකාව ඉතා සුඛෝපභෝගි එකක්. ඉතා ධනවත් මිනිසුන් රාශියක් මේ නැවේ ඉන්නවා. මැක්ඩොනල්ඩ් කියලා ත්‍රස්තවාදියෙකුත් තම කල්ලිය සමඟ ආයුධ සන්නද්ධව මේ නැවේ ගමන් කරනවා. ඔවුන් ඇවිත් තියෙන්නෙ මේ නැව කොල්ලකන්න. කෝටිපතියන්ගේ සල්ලි අරගන්න. මේ ගැන යම් තොරතුරක් ලැබීම නිසා ඒ ගැන සොයා බලන්න ආපු ආරක්ෂක අංශයේ තරුණියක් වන සායිජීත් මේ නැවේ ඉන්නවා. හන්ටර් හොයමින් ඉන්න කියෝකෝත් ඉන්නෙ මේ නැවේ. ත්‍රස්තවාදී කල්ලිය නැවේ ආරක්ෂකයින් මරලා දාලා නැව අල්ලගන්නවා. මගීන්ව ප්‍රාණ ඇපයට අරගෙන ඔවුන්ගේ හැම දේම ගන්නවා. ඔවුන්ගේ වැඩේ සම්පූර්ණ කරගෙන මගීන්ව මරලා මුහුදට දාන්න තමයි එයාලගෙ සැලසුම. කීප දෙනෙක්ව මරනවත් එක්ක. නමුත් ප්‍රාණ ඇපකරුවන්ව නොව, ත්‍රස්තවාදීන්ගේ සැලසුම් මුහුදට විසිකරන්න පුලුවන් එක මිනිහෙක් ඒ නැවේ ඉන්නවා. ඒ තමා අපේ මෝඩ තකතීරුවා, සිටි හන්ටර්. මන් එහෙම කිව්වෙ ඇයි කියලා ඔයාලට ෆිල්ම් එක බලනකොට තේරුම් යයි. ඒ වගේම ඔහුට හොඳ සහයක් දෙනවා සායිජී සහ තව මැට්ටො මැට්ටියො කීප දෙනෙකුත්. කෞරී සහ කියෝකෝත් ඇතුලුව. ඉතුරු ටික බලන්න නම් ගොඩ ඉඳලා බෑ. නැවට නගින්නම වෙනවා. මේ ෆිලුම මුල ඉඳන් අග වෙනකන්ම නන්ස්ටොප් එකේ හිනාවෙවී බලන්න පුලුවන් රස සාගරයක්. ඇඟේ ලේ ටිකක් පිරිසිදු කර ගැනීමට ලද මේ මහඟු අවස්ථාව අපතේ නොහරීවී කියන බලාපොරොත්තුවෙන් නවතිමි. ජය වේවා! BRRip / 720p / 1080p
ගොඩක් ස්තූති සබ් එකට
සබ් දෙනකම් බලන් හිතියේ මේ ෆිල්ම් එකට
මේ වගේ පරන ෆිල්ම් වලට සබ් දෙන්න
Thanx saho.
niyamai sahoo:heart_eyes:
Thanx.
බොහොම ස්තූතියි සබ් එකට බෙුා් :slight_smile::punch:.. 25වෙනි සබ් එකටත් සුබ පැතුම් :confetti_ball:️:tada:️:balloon:..
ජය වේවා.!
ගොඩක් ස්තූතියි.
මම මුලින්ම බැලුවා මොකද උපසිරැසි 25ත් සමරලා තියෙන්නේ කියලා. පස්සේ බලනකොට මේ රසික සහෝනේ. අනික් අය බලයිනේ ඇයි රසික සහෝට විතරක් විශේෂයක් කියලා. ඔව් ඒ විශේෂය ලැබිය යුතුමයි. මොකද උපසිරැසි 25ම ෆිල්ම් වල උපසිරැසි. ෆිල්ම් එකක උපසිරැසියක තියෙන ලයින් ගාණත් එක්ක බැලුවම මේක ලොකු ජයග්‍රහණයක්. ඇත්තට කතා මාලා කොටස් 100කට සමානයි.
ඊළඟ කතාව සහෝගේ ලිපිය. මටත් ඔය වගේම කතාවක් කියන්න උවමනා තිබ්බත් අවසනාවකට වගේ මම ලිපි ලියන්න දක්ෂයෙක් නෙමේ. සයිට් එක ගැන ගින්දර වගේ ලිපියෙන් දීලා තියෙනවා. අනිවාර්‍යෙන්ම උපසිරැසිකරුවෙක්ට මීට වඩා නම් හොඳ සයිට් එකක් හම්බෙන්නේ නෑ.
ඉතින් සහෝ ඉදිරි වැඩ වලට සුභ පතනවා. තව කඩයිම් එන්න තියෙනවා. සයිට් එක වෙනුවෙනුත් ලොකු වැඩක් කරනවා. ජය….
තෑන්ක්ස් සහෝ. දිග කමෙන්ට් එකක්. ස්තූතියි. රිප්ලයි පරක්කු වුනාට සොරි. මගෙ රිප්ලයි වැඩ කලේ නෑ. සයිට් එක නග්ගල ගමු…ජය වේවා.
Thanks jayawewa……!
25 වන උපසිරැස ගැන්වීමට සුභ පැතුම්! තව තවත් උපසිරැස ගැන්වීම් කරන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා:)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
ජැකී ගේ ෆිල්ම්, ජෙට් ලී ගේ ෆිල්ම්, වෑන් ඩෑම් ගේ ෆිල්ම්, සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ ෆිල්ම්, ආර්නොල්ඩ් ගේ ෆිල්ම් දිගටම දෙන්න.
අම්මෝ මන් ගැන හොදක් කෙනෙක් කිව්වාමයි ..ගෙදර අයවත් හොදක් කියන්නේ නැහැ :rofl::rofl:..
අනිවාර්යෙන් උපසිරැසි කරන අයට අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම උදව් දෙනවා …25 වෙනි උපසිරැස ට මගෙන් උණුසුම් සුබ පැතුම් !!! (කොමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට සමා වෙන්න )