Grimm [S02 : E01] Sinhala Subtitle
ඔන්න එහෙනම් ග්‍රිම් කතා මාලාවේ 2වන කතා සමයට උපසිරැසි දෙන්න අපි අද ඉඳලා පටන් ගන්නවා.අද පළමු කොටස තමයි අරන් ඇවිත් තියෙන්නේ.2වන කතා සමයට කොටස් 22ක් ඇතුලත් වෙනවා.2012 අගෝස්තු 13 තමයි පලවෙනි එපිය විකාශය වෙලා තියෙන්නේ.ඒ වගේම 7.8ක IMDB අගයක් ගන්න මේ කතා සමය සමත් වෙලා තියෙනවා. අද ඉඳලා පුළුවන් තරම් ඉක්මනට ඉතුරු කොටස් වලට උපසිරැසි සපයන්න අපි කටයුතු කරනවා.ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ කතා මාලාව රසවිඳින්න කියලා…
අද කොටස ගැන කියන්න කලින් පොඩි හැඳින්වීම් ටිකක් කරොත් හොඳයි කියලා හිතුනා. නැත්තම් කතාව තේරෙන්නේ නැති ගතියක් ඔයාලට දැනෙන්න ඉඩ තියෙනවා. ඇත්තම කිව්වොත් 2වෙනි කතා සමය බලන්න ගත්තම මගේ උනන්දුවත් වැඩි වුනා කතාවේ තියෙන සමහර කරුණු ගැන හොයන්න.ඒත් ඒවා දැන්මම ඉදිරිපත් කරන්න විදිහක් නැහැ මොකද ඉස්සරහට එන කතා සමයන් වලදි තමයි ඒ කරුණු එලියට එන්නේ.ඉතින් දැන්ම කිව්වොත් කතාවේ රසය අඩුවෙන නිසා අවශ්‍යම දේවල් ටිකක් පහතින් ලියන්නම්.
කතා මාලාවේ ඉන්න සියලුම අර්ධ සත්ව-මිනිසුන් වෙසන් (Wesen) කියන නමින් තමයි පොදුවේ හඳුන්වන්නේ.මේ වෙසන්වරුන්ට තර්ජනයක් විදිහට සත් රාජකීය වංශයන්ගේ (Seven Royal Families) අණ යටතේ ක්‍රියාකරන පිරිසක් ඉන්නවා.මේ රාජකීය වංශයන් කියන්නේ ධනය, බලය අතින් ඉහලින් ඉන්න ඉතාම කෘර පිරිසක්.ඒත් මේ අයට වෙසන්වරුන්ට වගේ විශේෂ බලයක් හිමිවෙලා නැහැ, ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු.වෙරාට් (Verrat) විදිහට හඳුන්වන්නේ 1945 වසරේදී ආරම්භ කරපු බලගතු වෙසන්වරුන්ගෙන් සමන්විත සංවිධානයක්. මොවුන්ගේ ප්‍රධානම අරමුණ වෙන්නේ වෙසන් සමාජයේ ස්ථාවරත්වය ආරක්ෂා කරන එක.නමුත් වෙරාට් එක ආරම්භ කරලා තියෙන්නේ රාජකීය වංශයන් විසින් එයාලගේ අත්මාරක්ශාව වෙනුවෙන් කියලයි සඳහන් වෙන්නේ.ඊට වඩා වැඩි තොරතුරක් නම් සඳහන් වෙන්නේ නෑ.වෙරාට් සංවිධානයේ අණ බලාත්මක කරන මූලික කොට්ඨාශය වෙන්නේ හුන්ඩ්ජැගර් (Hundjäger-අර්ධ මිනිස් දඩයම් සුනඛයන්) කියන වෙසන් කොට්ඨාශය.මොවුන් පළමු කතා සමයේ 18 වෙනි කොටසේදී ඔයාලට හම්බෙන්න ඇති…
තවත් වැදගත් කොට්ඨාශයක් විදිහට රීපර්ස්වරුන් (Reapers)ව හඳුන්වන්න පුළුවන්.රීපර්ස්වරු කියන්නේ වෙරාට් එකට අනුබද්ධව බිහිකරපු පිරිසක්.මෙයාලගේ කාර්යය වෙන්නේ ඉහලින් ලැබෙන උපදෙස් අනුව ග්‍රිම්වරුන්ව යම්කිසි පාලනයක් යටතේ තියාගන්න එක. කතාවේ වර්තමාන තත්වය අනුව ග්‍රිම්වරු සහ වෙරාට් එක අතර සම්බන්ධය ගැන පැහැදිලි කරන්න අමාරුයි.මොකද පැහැදිලිව ඒ ගැන සඳහනක් දාලා නැහැ.නමුත් අතීතයේ නම් වෙරාට් එක සහ ග්‍රිම්වරු යම් ප්‍රමාණයකට අනුව එකට වැඩ කරලා තියෙන බවක් තමයි කියන්නේ.අනිත් එක තමයි රෙසිස්ටන්ස්(Resistance) කියන සංවිධානය.මේ සංවිධානය වෙරාට් එක සහ රාජකීය වංශයන්ගේ අණට විරුද්ධව ක්‍රියාකරන පිරිසකගෙන් සමන්විතයි.ඒ පිරිස පහතින් බලාගන්න පුළුවන්.
Hexenbiest/හෙක්සන්බීස්ට් – මායාකාරියන් වැනි අධිස්වාභාවික මිනිසුන්
Hässlich – දැවැන්තයින් වැනි අධිස්වාභාවික මිනිසුන්(රීපර්ස්ලා බොහෝ දෙනෙක් මේ කොට්ඨාශයට අයත්)
Fuchsbau/ෆුක්ස්බව් – හිවලුන් වැනි අධිස්වාභාවික මිනිසුන්(රොසලී කියන්නේ ෆුක්ස්බව් කෙනෙක්)
Löwen – සිංහයින් වැනි අධිස්වාභාවික මිනිසුන්(පළමු කතා සමයේ 12වෙනි කොටසේදී මුලින්ම හමුවෙනවා)
Blutbad/බ්ලුට්බාඩ් – වෘකයින් වැනි අධිස්වාභාවික මිනිසුන්(මොන්රෝ කියන්නේ බ්ලුට්බාඩ් කෙනෙක්)
Steinadler -උකුස්සන් වැනි අධිස්වාභාවික මිනිසුන්
දැනට මේ විස්තරය ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා.ඉස්සරහටත් මේ වගේ පොඩි හැඳින්වීම් කිහිපයක් අවශ්‍ය තැන් වලදි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.එහෙනම් අද කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්.පළමු කතා සමයේ අවසාන වෙන්නේ නික් සහ කිමුරා අතර ඇති වෙන රණ්ඩුවකින්.ඒ රණ්ඩුවේදී කිමුරාව ගෑනු කෙනෙක් මෙල්ල කරනවා.විශ්වාස කරන්න අමාරු වුනත් ඒ ගෑනු කෙනා තමයි නික්ගේ අම්මා කෙලී බර්ක්හාඩ්.මොකද පළමු කතා සමය පුරාවට කියවෙන්නේ නික්ගේ දෙමව්පියන්ව ඝාතනය වුනා කියලා.නමුත් එදා වෙච්ච සිදුවීම නික්ට එයාගේ අම්මා පැහැදිලි කරලා දෙනවා.ඒ කියන්නේ දැන් කතාවට ග්‍රිම්වරු දෙන්නෙක් සම්බන්ධ වෙනවා, නික් සහ එයාගේ අම්මා.ජුලියට්ගේ තත්වය කිව්වොත් එයාගේ කෝමා තත්වය සනීප කරන්න මොන්රෝ සහ රොසලී එකතු වෙලා ලොකු උත්සහයක් දරනවා.ඒ වගේම තවත් අළුත් චරිතයක් ඔයාලට මේ කොටසෙන් දකින්න ලැබෙයි.ඒ කෙනා ගැන විස්තරයක් ඉදිරි කොටස් වලින් කියන්නම් මොකද මේ කොටසේ එයා ගැන ලොකුවට ඉස්මතු කරන්නේ නැති නිසා.කතාව ආරම්භයේදී අළුත් අධිස්වාභාවික සත්වයෙක්ව දකින්න ලැබෙයි.Mauvais Dentes (මොවේ ඩෙන්ට්ස්-ව්‍යාඝ්‍රයන් වැනි අධිස්වාභාවික මිනිසුන්) විදිහට තමයි හඳුන්වන්නේ.නික්ට මේ කෙනා එක්ක ගණුදෙනු කරන්න වෙන විදිහ මේ කොටසින් බලාගන්න ලැබෙයි…
ඒ වගේ තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ.මේ කතා මාලාවට ජර්මානු ප්‍රංශ වගේ ගොඩක් භාෂා වලින් වචන එකතු කරලා තියෙනවා.ඒ නිසා සමහර වචන වල සිංහල අදහසක් හරියටම දාන්න අමාරුයි.ගැලපෙන විදිහට තමයි ඒ අදහස් දාලා තියෙන්නේ. :-; ඉතින් ඒ ගැන ඔයාලගේ අදහස් යෝජනා වගේ දේවල් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලන ගමන් අද කොටස රසවිඳින්න කියලා ආරාධනා කරනවා, හැමෝටම ජය.!!! 😀
Spoiler Warning : Nick tries to come to grips with the return of his mother; Monroe intends to awaken Juliette from her mysterious coma; Hank struggles with the shocking truths he has recently learned…
thank you.
bro download went rar file eka vedio folder ekata add Kalama sub wada da
sub eka wada bro…no errors..
උපසිරසියට ස්තුතියි සහෝදරයා……
elm sahoo.tnx sub ekt.ptt ubnm
කෝ බන් 3 වෙනි සීසන් එකේ ඉඳන් නෑනේ:sleepy::unamused:. පුලුවන්නම් දාපන් ඒ ටිකත් 3 ඉඳල