Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S08 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle
  • Genres
  • Comedy
  • Marriage Story (2019) Sinhala Subtitle

Marriage Story (2019) Sinhala Subtitle

December 25, 2019 Junior Admin

මුලින්ම සුභම සුභ ප්‍රීතිමත් නත්තලක් වේවා සබ්ස් එල් කේ වෙත පැමිණෙන මෙන්ම ලක්වාසී සියලු දෙනාට. අපේ ඇඩ්මින් මඩුල්ලේ ඉල්ලීමක් මත මේ අරගෙන එන්නෙ Netflix වෙතින් මේ වසර තුල නිකුත්වූ තවත් වෙනස්ම ආරක චිත්‍රපටයක සිංහල උපසිරැසි ඔබවෙත අරගෙනයි. ආදරය දෙස දික්කසාදය නම් කාචයෙන් බැලීමක් වන මේ වෙනස්ම චිත්‍රපටය තමයි Marriage Story (2019). මුලින්ම ස්තූතිය ඇඩ්මින් මඩුල්ලට මේ චිත්‍රපටය ලබාදීම වෙනුවෙන්. නෝආ බෞම්බොක්ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍රපටය මේ වනවිට IMDB වෙතින් 8.2ක අගයකුත්,Rotten Tomatoes වෙතින් 95%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 93%ක අගයකුත්, ගූගල් පරිශීලක ප්‍රසාදය 91ක් වශයෙනුත් ලබා ඇති අතර IMDB හොඳම සිනමාපට 250 ලැයිස්තුවේ 150 වන ස්ථානයද ලබා ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 6කටත් තවත් සම්මාන 132කටත් නිර්දේශව, සම්මාන 71ක් තමන් සතුකරගෙන තිබෙනවා. කෙසේ හෝ සැබෑ ජීවිතයේදීද තම බිරිඳගෙන් වෙන්වීමේ අත්දැකීම ලබා ඇති අධ්‍යක්ෂ නෝආ බෞම්බොක් පවසා සිටින්නේ මේ චිත්‍රපටයේ චාලි චරිතය බොහෝ දුරට තමන්ගේ ප්‍රතිබිම්බයක් බවයි. ඇමරිකානු නිළි ජෙනිෆර් ජේසන් ලී සමග ගතකල වසර 8ක විවාහ දිවියෙන් පසුව ඇය සහ නෝආ වෙන්වෙනවා 2013 වසරේදී. එසේම ඔහු මෙහි ප්‍රධාන චරිත ද්විත්වයට ඇඩම් ඩ්‍රයිවර් (චාලි) සහ ස්කාලට් නොහැන්සන් ( නිකොල්) දෙදෙනා තෝරාගෙන ඇත්තේ මෙහි තිරපිටපත ලියන්නටත් පෙර නිසා ඔවුන්ගේ දෘෂ්ටි කෝණත් චිත්‍රපටයට ඇතුලත් කියලයි කියවෙන්නේ, ඒ ඔවුන්ද මේ හා සමාන අත්දැකීම් තම පෞද්ගලික ජීවිතය තුල ලබා ඇති අය නිසා. ස්කාලට් ජොහැන්සන් දෙවරක් දික්කසාදයට මුහුණදුන් අයෙක් වන අතරේ ඇඩම් ඩ්‍රයිවර්ගේ දෙමාපියන්ද ඔහු තරුණ වියේදීම වෙන්ව තිබෙනවා. එසේම මෙහිදී නිකෝල්ගේ නීතිඥවරියට පණපොවන ලෝරා ඩර්න් රංගන ශිල්පිනියත් දික්කසාද වූ අයෙක්. ඒ සියල්ලම එකතුවෙලා වෙන්නට ඕනෙ මේ චිත්‍රපටයට මේතරම් ජීවයක් ලැබිල තියෙන්නෙ. විශේෂයෙන් ඇඩම් ඩ්‍රයිවර්ගේ රංගනයනම් පැසසිය යුතුමයි. ඒ වගේම කියන්න ඕනෙ මේ මුළු කතාවම දිවෙන්නෙ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ ඇයගේ නිළි බිරිඳත් කුඩා පුත්‍රයාත් වටා. ඒ නිසාම මුළු චිත්‍රපටයම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය වටා තමයි දිවෙන්නෙ. ඒ වගේම යම් දර්ශන රූගත කර තිබෙන්නේ එය සිහිගැන්වෙන විදියට. රංගනයෙන් දායක වෙන පිරිස ගත්තොත් ඇඩම් ඩ්‍රයිවර් සහ ස්කාලට් ජොහැන්සන්ට අමතරව, ඇසී රොබට්සන් (හෙන්රි), වොලස් ෂෝන් (ෆ්‍රෑන්ක්), බෲක්ලින් බ්ලූම් (මේරි ඈන්),රොස්ලින් රෆ් (ඩොනා), රොබට් ස්මීගල් (මැදිහත්කරු), ජූලි හැගර්ටි (සැන්ඩ්‍රා), ලෝරා ඩර්න් (නෝරා), මෙරිට් වීවර් (කැසී), රේ ලියොටා ( ජේ මැරෝටා), කයිල් බ්‍රොන්හයිමර් ( ටෙඩ්), ඇලන් ඇල්ඩා (බර්ට්) වැනි පිරිසක්. විවාහ වන්නට සිටින, විවාහක, තම දරුවන්ද දේපලද බෙදාගෙන විවාහයෙන් වෙන්වන්නට සැලසුම් කරන, විවාහයෙන් වෙන්ව පසුතැවෙන , යන සියලු දෙනාම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස අවිවාදයෙන් සඳහන් කල හැකි මෙහි කතාව ලිපියේ සඳහන් කිරීමට වඩා නරඹන ඔබටම එය බාරකිරීම සුදුසුයැයි දකින නිසා මම චිත්‍රපටයේදී ඔබට දකින්නට අසන්නට ලැබෙන විශේෂ දේ සම්බන්ධව කරුණු ටිකක් සඳහන් කරන්නම්, එය ඔබට මේ චිත්‍රපටයට අමතරව වෙන යම් නිර්මාණයක් නැරඹීමේදීද ප්‍රයෝජනවත් විය හැකි නිසාත්.

• චිත්‍රපටය ආරම්භයේදී දකින්නට ලැබෙන Electra නාට්‍යය
සොෆොක්ලීස්

ග්‍රීක නාට්‍ය රචක සොෆොක්ලීස් (ක්‍රි. පූ. 496 – 406) විසින් ලියන ලද ඛේදාන්තයක් වන මෙය ඔහු විසින් ලියා ඇතැයි කියන නාට්‍ය 130 ගණනින් ඉතිරිව ඇති ශෝකාන්ත නාට්‍ය හතෙන් එකක්. ග්‍රීක නාට්‍ය කලාව ගැන වැඩිදුර විස්තර රැසක් චාමික හත්ලහවත්ත මහතාගේ මේ ලිපිය කියවීමෙන් ලබාගන්න පුළුවන්. මාත් බොහෝ දේ ඉගෙනගත්තා එයින්.

• බ්‍රෝඩ්වේ

මේ නමින් හැඳින්වෙන්නේ ඇමරිකාවේ නිව්යෝක් සිටිහි රඟහල් දිස්ත්‍රික්කයේ සිට ලින්කන් සෙන්ටර් දක්වා බ්‍රෝඩ්වේ වීදිය ඔස්සේ පිහිටි වෘතීයමය වේදිකා නාට්‍ය රඟහල් 41ක ප්‍රමාණයක්, ඒ සියල්ලක්ම ආසන 500 හෝ ඊට වැඩි විශාල රඟහල්. මේවායේ තම වේදිකා නිර්මාණයක් ඉදිරිපත්කිරීමට ලැබීම ඉතා විශේෂ අවස්ථාවක් ලෙසයි අධ්‍යක්ෂවරුන් සහ රංගන ශිල්පීන් සලකන්නේ.

මේ බ්‍රෝඩ්වේ වීදියේ ජෝන් ගෝල්ඩන් රඟහල, බර්නාඩ් බී ජේකොබ්ස් රඟහල,

ජෙරල්ඩ් ෂොහන්ෆඩ් රඟහල සහ බූත් රඟහල පිහිටා ඇති ආකාරය.

• ටෝනි සම්මානය

Antoinette Perry Award for Excellence in Broadway Theatre එනම් බ්‍රෝඩ්වේ විශිෂ්ඨ ඉදිරිපත්කිරීම් සඳහාවන ඇන්ටොයිනේ පෙරී සම්මානය ” ටෝනි සම්මානය” ලෙස කෙටියෙන් හැඳින්වේ. ඉහල සඳහන් බ්‍රෝඩ්වේ රඟහල් ජාලයට අනුබද්ධව පිරිනැමෙන මේ සම්මානය අධ්‍යක්ෂ, රංගන ශිල්පි ශිල්පිනීන් යන දෙපාර්ශවයටම ලැබෙනවා.

• ඊලියා කසෑන් (1909- 2003)

ග්‍රීක- ඇමරිකානු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයකු, රචකයකු මෙන්ම නළුවෙකුද වූ ඔහු වරෙක ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් බ්‍රෝඩ්වේ සහ හොලිවුඩ් ඉතිහාසය තුල වඩාත්ම ගෞරවාදරයට පත් අධ්‍යක්ෂවරුන්ගෙන් අයෙක් ලෙස නම් කරනු ලැබුවා.

• මාලීන් ඩිට්‍රිච් (1901-1992)

ඇය ජර්මානු- ඇමරිකානු සම්භයක් සහිත රංගන සහ ගායන ශිල්පිනියක්. 1910 වසරේ සිට 1980 පමණ දක්වා දීර්ඝ රංගන ඉතිහාසයක් ඇති තැනැත්තියක් වූ ඇය Morocco (1930), Shanghai Express (1932) වැනි හොලිවුඩ් චිත්‍රපටවලද රංගනයෙන් දායකවී තිබෙනවා.

• මයික් නිකල්ස් (1931-2014)
null

සම්මානලාභී ඇමරිකානු චිත්‍රපට, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයෙකු, නළුවකු මෙන්ද හාස්‍ය ශිල්පියෙක්ද වනවා.

• තෝමස් අර්ල් පෙටී නොහොත් ටොම් පෙටී (1950-2017)
2012 වසරේදී ඉදිරිපත්කිරීමක් අතරතුර ගත් ඔහුගේ ඡායාරූපයක්

ඇමරිකානු ගායකයෙක්, ගීත රචකයෙක් වූ ඔහු ඔහුගේම ටොම් පෙටී ඇන්ඩ් ද හාට්බ්‍රේකර්ස් රොක් සංගිත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියාද වුණා. ඔහු ගැනත් ඔහුගේ 1981 වසරේ නිකුත්වූ Hard Promises ඇල්බමයේ The Waiting is the Hardest Part ගීතය ගැනත් චිත්‍රපටය තුල සඳහන් වෙනවා. අවශ්‍ය අයට මෙන්න ඒ ගීතය.

• ජෝජ් හැරිසන් (1943-2001)
ඔහු 1991 වසරේදී

බටහිර ගීත කලාවේ සුවිශේෂ ස්ථානයක් උසුලන අයෙක් ජෝජ් හැරිසන්. ඒ සුප්‍රකට බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර වාදන ශිල්පියා වූයේ ඔහු නිසා. චිත්‍රපටය තුල ඔහුගේ ජීවිතය ඇසුරින් නිර්මාණය වුණ වාර්තා වැඩසටහනක් ගැන කියවෙනවා, ඒ තමයි George Harrison: Living in the Material World (2011).

• මැකාතර් මූල්‍ය ත්‍යාගය නොහොත් ජීනියස් ග්‍රාන්ට්

ජෝන් ඩී. සහ කැතරින් ටී. මැකාතර් පදනම විසින් වාර්ෂිකව ඕනෑම ක්ෂේත්‍රයක සේවය කරන “තම නිර්මාණශීලී අරමුණු වෙත අතිශය අව්‍යාජබවක් කැපවීමක් පෙන්නුම් කරන” පිරිස වෙනුවෙන් ලබාදෙන විශාල මූල්‍යමය ත්‍යාගයක්.මෙය කෙටියෙන් “ජීනියස් ග්‍රාන්ට්” ලෙසද ලබන්නන් “ජීනියස්”වරු ලෙසද හඳුන්වනවා. ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මෙය ” අතීතයේ ලබාගත් ජයග්‍රහණවලට කරන්නාවූ ඇගයීමක් නොව පුද්ගලයෙකුගේ අව්‍යාජබව, දැක්ම, සහ හැකියාව වෙනුවෙන් කරන්නාවූ අනාගත ආයෝජනයකි” ලෙසයි. මෙහි වර්තමාන ත්‍යාග මුදල ඩොලර් හයලක්ෂ විසිපන්දහසක් වන අතර ගෙවනු ලබන්නේ වසර පහක් දක්වා වාරික පහක් ලෙසයි. මෙය ලැබීම ඉතාම ගෞරවයක් ලෙස සලකන අතර ” සැබැවින්ම ‘ අමතර කොන්දේසි රහිත’ සුවිශේෂතම සම්මානයන්ගෙන් එකක්” ලෙසයි දැක්වෙන්නේ. කෙසේ වෙතත් මෙම ත්‍යාගය යම්කිසි ආකාරයක ශාපයක් ලෙසත් සමහරුන් සලකනවා.

• E.B වයිට් (1899-1985)

ඊ.බී වයිට් මහතා තම සුරතලා මැනී සමග

මතකද පසුව සිනමාවටද නැගුනු සුප්‍රකට ස්ටුවර්ට් ලිට්ල් (1945 වසරේදී පළකල) ලමා කතා පොත ? ඊ.බී වයිට් මහතා තමයි එහි රචකයා. ඊට අමතරව Charlotte’s Web (1952), The Trumpet of the Swan (1970) ඔහු ලියූ තවත් ජනප්‍රිය ලමා කතා පොත් දෙකක්. ස්ටුවර්ට් ලිට්ල්හි දෙබස් කීපයක් ඇතුලත් චිත්‍රපටය තුල.

• ඩේවිඩ් බොවී (1947-2016) සහ ස්ටේෂන් ටු ස්ටේෂන්

බටහිර ගීත රසිකයන් හොඳින්ම අඳුනන කෙනෙක් ඩේවිඩ් බොවී කියන්නෙ. ඔහු බ්‍රිතාන්‍ය ජාතික ගායකයෙක් ගීතරචකයෙක් මෙන්ම රංගන ශිල්පියෙක්. චාලි විසින් නිකොල්ගෙ ඇඳුම ගැන කමෙන්ට් එකක් දෙනවා ඩේවිඩ් බොවී තම ස්ටේෂන් ටු ස්ටේෂන් ප්‍රසංගයේදී ඇඳ සිටි ඇඳුමකට එය සමාන කරමින්. එතනදී නිකොල්ගෙ ප්‍රතිචාරය වෙන්නෙ “නෑ, ලෙට්ස් ඩාන්ස්” කියල. පහත ඡායාරූපය බැලුවම ඔබට තේරෙයි නිකොල්ගේ පිළිතුරට හේතුව.
ලෙට්ස් ඩාන්ස් ප්‍රසංගයකදී ඔහු හැඳි ඇඳුම

• සයිඩ් බාර්

ඔබ යම් කරුණකට අධිකරණ ශාලාවක සිට ඇත්නම් දැක ඇති විනිසුරුවරුන් හා නඩුවක දෙපාර්ශවයේ නීතීඥයන් යම් අවස්ථාවල ශාලාවට නොඇසෙන ලෙස සමීපව කතාබහ කරනවා . ඇමරිකානු අධිකරණ පද්ධතිය තුල මෙය හැඳින්වෙන්නේ සයිඩ්බාර් ලෙසයි.

• රෝමයට යන්නට සිටි කාන්තාව හා කොණ්ඩා සැකසුම් ශිල්පියාගේ කතාව

චිත්‍රපටයේ එක් තැනක චාලිගේ නීතීඥයා කතාවක් කියනවා චාලිට, ඒත් එයට මගදී බාධා කෙරෙන නිසා කතාවෙ ඉතිරිය අසන්නට වෙන්නෙ නෑ. ඒක වැදගත්ම හින්ද මෙන්න එහි ඉතිරිය.

කාන්තාව : ” අපි ( ඇය සහ සැමියා)වතිකානුවට යනවා. පාප් වහන්සේත් බැහැදකින්නත් බලාපොරොත්තු වෙනවා”

කොණ්ඩා සැකසුම්කරු : (සිනහසෙමින්) ” එතුමා බලන්න මිලියන ගාණක් එනවා. පාප්වහන්සේව පෙනෙයි කූඹියෙක් ගාණටනං. ගමනට දෙයියන්ගෙ පිහිටයි ඉතිං. කොහොමත් ඕනෙ වෙයි ඒක.”

මසකට පසු කාන්තාව නැවතත් තම කොණ්ඩය සකසාගැනීමට පැමිණෙන අතර කොණ්ඩා සැකසුම්කරු ඇයගෙම රෝම සංචාරය පිළිබඳව අසයි.

කාන්තාව : ” ඒක නියමයි. අපි ගියේ අලිතාලියා ගුවන්සේවෙ අලුත්ම යානෙක, ඒත් අපි ගිය ක්ලාස් එකේ බුකින් වැඩිවෙලා අපිව ෆස්ට් ක්ලාස් එකේ වාඩිකලා. කෑම වයින් නියමයි, තරුණ වේටර් කෙනෙකුත් හිටිය මම ඉල්ලන දේවල් දෙන්නම. හැස්ලර් හෝටලෙත් නියමයි! මිලියන ගාණක් වියදම් කරල හදල දැන් ටවුමෙ හොඳම හෝටලේ ඒක. ඒකෙන් බුකින් වැඩිවෙලා ඒගොල්ලො අපිට තියන හොඳම කාමරේ දුන්නා සාමාන්‍ය කාමරේක ගාණටම.

කොණ්ඩා සැකසුම් ශිල්පියා : “හ්ම්හ්. ඒක හරි කියමුකො, හැබැයි මම දන්නව ඔයගොල්ලන්ට පාප්වහන්සේවනං මුණගැහුණෙ නෑ කියල.”

කාන්තාව : ” ඇත්තටම අපි හරි ලකී, මොකද වතිකානුවෙ යනකොට, ස්විස් ගාඩ් කෙනෙක් මට කිව්වා පාප්වහන්සේ ඇවිත් ඉන්න අයගෙන් කීපදෙනෙක් හම්බවෙන්න කැමැත්තෙන් ඉන්නවය, මට තරහ නැතුව එතුමගෙ හමුවීම් කාමරේට එන්න පුළුවන්නං, එතුමාම මාව පිළිගනීවිය කියලත්. කිව්වා වගේම, විනාඩි පහකට පස්සෙ එතුමා ඇවිත් අතට අත දීල වචන දෙක තුනක් මාත් එක්ක කතාත් කලා.

කොණ්ඩා සැකසුම් ශිල්පී : ” හැබෑට? මොනවද උන්වහන්සේ කිව්වෙ?”

කාන්තාව : ” එතුමා ඇහුවා : ‘කවුද මේ කැත කොණ්ඩ මෝස්තරේ දැම්මෙ? ‘කියල.”

• Company සංගීතමය-හාස්‍ය වේදිකා නාට්‍යය සහ චිත්‍රපටයේ අවසාන ගීතය ” Being Alive”

එහි බ්‍රෝඩ්වේ පෝස්ටරය එහෙමත් නැත්නම් Playbill එක

ස්ටීෆන් සොන්ඩහයිම්ගේ සංගීතයෙන් සහ පදමාලාවන්ගෙන් සමන්විත වූ මෙම නිර්මාණය වාර්තාගත ටෝනි සම්මාන 14කට නිර්දේශව එයින් හයක් දිනාගත් එකක්. මෙහි එන ගීතමය ඉදිරිපත් කිරීම් දෙකක් චිත්‍රපටයට ඇතුලත්. එහි කතාව දිවෙන්නෙ රොබට් නම් තම විවාහය තබා, සාමාන්‍ය සම්බන්ධතාවකටවත් හදවතින් කැපවීමට නොහැකි තනිකඩයෙකුත් ඔහුගේ හොඳම මිතුරන්වන විවාහක යුවල පහකුත්, පෙම්වතියන් තිදෙනාත් රොබට්ගේ 35වන උපන්දිනය සැමරීමට පැමිණ සිදුව කතාබහක් ආකාරයෙන්.

• මොනෝපොලි ක්‍රීඩාව
මෙය සරලවම දාදුකැට දෙකකින් කරන පුවරු ක්‍රීඩාවක්. දාදු කැට දැමීමෙන් ලැබෙන ලකුණු අනුව දේපළ මිලදීගනිමින්, වෙලඳාම් කරමින්, හෝටල් සහ නිවාස සාදමින් දේපළ වටිනාකම වැඩිකරමින් යාම තමයි ක්‍රීඩාව තුල කෙරෙන්නෙ. ක්‍රීඩාවේ ඉලක්කය තම ප්‍රතිවාදියාව බංකොලොත් කරවීමයි. මේ වීඩියොවෙන් අදහසක් ගන්න පුළුවන් ක්‍රීඩාකරන ආකාරය ගැන.

එහෙනම් ඒ ඇතිනෙ, මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම .

සියලු තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි.

ලබාදී ඇති පිටපත්වලට අමතරව අන්තර්ජාලයේ ඇති සියලුම WEB-DL සහ WEBrip පිටපත්වලට උපසිරැසිය ගැලපේ.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
6657 වාරයක්
Download Links
720P
DIR
1080P
DIR
720P
TOR
1080P
TOR
Available Torrents
720p bluray 1.23 GB
GET
1080p bluray 2.53 GB
GET
720p web 1.18 GB
GET
1080p web 2.14 GB
GET
2160p web 6.09 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (26)
← Older
  • Dilum Unregistered
    Windows 10 Chrome 79
    2019-12-31

    niymai shooo

    Reply
  • Dilum Unregistered
    Windows 10 Chrome 79
    2019-12-31

    niymai shooo
    suba aluth awruddak wewea

    Reply
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 79
    2020-01-10

    sub ekata thanks saho. suba aluth awuruddk wewa!

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
දමිත් ප්‍රියංකර 180
#4
Rasika Samanjith 176
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved