Rellik (2017) [S01 : E02] Sinhala Subtitle
ඔන්න යාලුවනේ Rellik කෙටි රූපවාහිනී කතා මාලාවෙ දෙවෙනි කොටසට උපසිරසිය අරන් ආවා. පලවෙනි කොටස නම් කරල තිබුනෙ “Go Back” නමින්. මේ කොටස නම් කරල තියෙන්නෙ “Scared” නමින්. පලවෙනි කොටස වගේම මේ කොටසත් අධ්‍යක්ෂනය කරන්නෙ Sam Miller විසින්. මේ කොටසෙ imdb අගය 7.0 ක්.
ඉතින් පලවෙනි කොටසෙදි මං කිව්ව වගේම, පලවෙනි කොටස බැලුවනම් දකින්න ඇති කතාව යන්නෙ ආපස්සට කියලා. කතාව පටන් ගත්තෙ දාම මිනීමරුවව පොලීසිය අතින් ඝාතනය වීමේ සිද්දියත් එක්ක. ඔහුගේ බිරිඳ මාර්ගයෙන් තමා ඔහුව හොයාගන්නෙ. ඒත් මැරුනෙ හරි කෙනාමද කියල ප්‍රශ්නාර්ථයකුත් ඇති වුනා.. එතැන් සිට පසුපසට තමා කතාව ගියේ. ඒ වගේම නාදුනන අයෙක් ගුවන් ගත වීම, එතකොට මනෝ චිකිත්සකයෙක් සම්බන්ධ සිද්දි වගේ ඇතුලු තවත් දේවල් දකින්නත් ලැබුනා. ඒ වගේම කතාව පසුපසට ඇවිත් නතර වුනේ ඝාතකයා සිදුකරන එක් ඝාතනයක් පටිගත වෙන අතරතුර. ඒත් ඝාතකයා ලග යම් අයෙක් ඔහුව මෙහෙයවමින් හිටිය කියල පෙනුනත් ඒ කවුද කියලනම් පෙනුනෙ නෑ. ඉතින් මේ සිදුවීම් වලින් ආපස්සට තමා දෙවෙනි කොටස ගලාගෙන යන්නෙ. එහෙනම් යාලුවනේ ඊලඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
බුදු සරනයි!
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.